ලිපියේ තිබ්බ විදියට එක සාදකයක් තමයි සීතලට ඔරොත්තු දෙන ඇදුම් ජර්මානුවන්ට නොතිබීම. හෙල්මටය කියන්නේ ලෝහ වලින් හැදිලා නම් තාප සන්නායකයක්. ඒ නිසා ඔලුවේ උෂ්ණත්වය තවත් අඩු වෙන්න පුළුවන්
-20,-30,-40 ගිහාම අද කලේ හුගක් දෙනෙක් සාමාන්‍ය සීතලට ඔරොත්තු දෙන ඇදුමක් අදිනවා. මොකද එළියේ ඉන්නේ ටික කාලයක් නිසා. වහනයක් තියෙනවනම්, බස් එකේ යනවනම් එළියේ ඉන්න වෙන්නේ ටික වෙලාවයි. මොස්කව් වගේ නගරවල පොලවයටින් දුම්රිය තියෙනවා.
එත් එළියේ ගොඩක් වෙලාවක් ඉන්න වෙනවනම් (යුද්දයකදී වගේ) , විශේෂ ඇදුම් ඕන වෙනවා. ඇදුම් කිහිපයක් එක උඩ අදින්න වෙනවා. අපි අදින හුගක් සීතලට ඔරොත්තු දෙන අත් වැසුම් පවා පැය බාගයක් වගේ එළියේ ඉන්නකොට ප්‍රමාණවත් නැහැ. සමහර ඒවා විනාඩි දහයයි. හොද තත්වයේ ඒවා පාවිච්චි කරන්න ඕන ඒ උෂ්ණත්වයට ඔරොත්තු දෙන.