ජවිපේ දෙකඩ වෙයි - පක්ෂ මුලස්ථානය වටලයි
බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට ආරක්ෂාව සපයා දෙන්නැයි එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් ඉල්ලීමක් කොට ඇති බව වාර්තා වේ. මේ වන විට ජවිපෙ මූලස්ථානය අසල ප්‍රදේශයේ කිසියම් ආකාරයක උණුසම් තත්වයක් වර්ධනය වෙමින් පවතින බවත් කොයි මොහොතේ හෝ එය ගැටුමක් දක්වා පරිවර්තනය විය හැකි බවත් පවසමින් පොලිස් අධිකාරී දේශබන්දු තෙන්කෝන් මහතාගෙන් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම කර තිබේ.
කෙසේ වෙතත් මෙයට පිලිතුරු ලෙස පොලිස් අධිකාරී වරයා පවසා ඇත්තේ ගැටුමක් ඇතිවුවහොත් මැදිහත් වීම පොලීසියේ රාජකාරියක් බැවින් එම මැදිහත්වීම තමන් විසින් සිදු කිරීමට සූදානම් වුවද පූර්ණකාලීන පොලිස් ආරක්ෂාවක් වෙනුවෙන් ආරක්ෂක ලේකම්වරයාගේ හෝ පොලිස්පතිවරයාගේ නියෝගයක් අවශ්‍ය බවයි.
දැනට ජවිපෙ මූලස්ථානය තුල ටිල්වින් පාර්ශ්වය වෙනුවෙන් කම්කරු සංගමය සහ කොළඹ දිස්ත්‍රික් ආරක්ෂක කණ්ඩායම් රැුඳී සිටින අතර මූලස්ථානය ආසන්නයේම මාර්ගය දෙපස කුමාර පාර්ශවයේ පිරිස් නොසන්සුන්කාරීව සිටිනු දැකිය හැකිය.
මේ අතර මෙම ස්ථානයේ ඇති විය හැකි ගැටුම් වැලැක්වීමේ අරමුණින් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් තලංගම පොලීසියේ ස්ථානගත කර ඇත.