ජ්‍යොතිෂය බොරු වෙයිද ??? ((කියවන්න වටිනා කතාව&

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    ජ්‍යොතිෂය බොරු වෙයිද ??? ((කියවන්න වටිනා කතාව&

    156404_220944698036599_2004459884_n.jpg




    ඉහත ජායාරුපය :- පෘතුවියට සාපේක්ෂව හිරුගේ පිහිටීම ග්‍රහ රාහියක් තුල දිස්වන අයුරු- Wikiයෙන් උපුටාගැනින.


    මෑතකදී මිනසෝටාහී ග්‍රහ වස්තු සමාජයේ පර්යේෂකයින් පිරිසක් ග්‍රහ රාශි චක්‍රය (Zodiac) නිර්ණය කරන ගණන් මිමි නැවත ගණනය කර බැලුවා. ආදී බැබිලෝනියානුවන් නිමවන ලද ග්‍රහ රාශි චක්‍රය අනුව, යමෙකුගේ ග්‍රහ රාශිය තීරණය කෙරෙන්නේ හිරු එම පුද්ගලයා ඉපදුන අවස්තාවේ සිටි ග්‍රහ රාශිය අනුවයි. එහෙත් කාලයත් සමඟ හඳේ ගුරුත්වාකර්ශන බලය නිසා පෘථිවියේ එහි අක්ෂයට සාපේක්ෂ පිහිටීම වෙනස් වී තිබෙනවා. මේ නිසා ග්‍රහ රාශි චක්‍රය එක් මසකින් ඉදිරියට පැන තිබෙනවා. ඒ අනුව ජ්‍යෙතිශඥයෙක් හිරු සිටින්නේ මීන රාශියේ යැයි කීවත් ඇත්තටම හිරු සිටින්නේ මීන රාශියේ නෙවෙයි.

    මේ අනුව බැබිලෝනියානු ග්‍රහ රාශි චක්‍රයෙන් ඉවත් කරන ලද රාශියක් වන ඔෆියුකස් (Ophiuchus) රාශිය නැවත ඇතුලත් කිරීමට ඉඩ ලැබෙනවා. බැබිලෝනියානුවන් මෙම රාශිය ඉවත් කලේ රාශි දොලහක් පමණක් ඔවුන්ට අවශ්‍ය නිසායි. එපමණක් නොව තුලා (Libra) රාශිය ග්‍රහ රාශි චක්‍රයට එකතුකරනු ලැබුවේ ජුලියස් සීසර්ගේ කාලයේදීයි.


    පහලින් පෙන්වන්නේ නව ග්‍රහ රාශි චක්‍රය අවුරුද්දක් තුල බෙදෙන ආකාරයයි. එහි රාශි 13 ක් තිබෙනවා. බැබිලෝනියානුවන් ඉවත් කල ඔෆියුකස් රාශිය නැවතත් ග්‍රහ රාශි චක්‍රයට ඇතුලත් කර තිබෙනවා.

    මේ අනුව නව ග්‍රහ රාශි වෙනස්වන ආකාරය

    මකර රාශිය: ජනවාරි 20 – පෙබරවාරි 16
    කුම්භ රාශිය: පෙබරවාරි 16 – මාර්තු 11
    මීන රාශිය: මාර්තු 11 – අප්‍රේල් 18
    මේෂ රාශිය: අප්‍රේල් 18 – මැයි 13
    වෘෂභ රාශිය: මැයි 13 – ජූනි 21
    මිථුන රාශිය: ජූනි 21 – ජූලි 20
    කටක රාශිය: ජූලි 20 – අගෝස්තු 10
    සිංහ රාශිය: අගෝස්තු 10 – සැප්තැම්බර් 16
    කන්‍යා රාශිය: සැප්තැම්බර් 16 – ඔක්තෝබර් 30
    තුලා රාශිය: ඔක්තෝබර් 30 – නොවැම්බර් 23
    වෘශ්චික රාශිය: නොවැම්බර් 23 – නොවැම්බර් 29
    **ඔෆියුකස් රාශිය: නොවැම්බර් 29 – දෙසැම්බර් 17
    ධනු රාශිය: දෙසැම්බර් 17 – ජනවාරි 20

    මින් නිගමනය වන්නේ මෙතෙක් කල් කියූ ජ්‍යොතිෂ පලාපල සියල්ල වෙනස්විය යුතු බවද?

    එසේත් නැත්නම් ජ්‍යොතිෂය යනු විධිමත් පදනමක් නැති අමූලික බොරුවක් බවද?



    චැට් රූම් එකෙන් ගත්තෙ
    රීපෝස්ට් නම් සොරි

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ජ්‍යොතිෂය යනු විධිමත් පදනමක් නැති අමූලික බොරුවක්
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේ ගැන නම් කිසිම අදහසක් නැහැ.........
    දන්නේ නැති නිසා මුකුත්ම කියන්න බැහැ....................
    පෞද්ගලිකව ගොඩක්ම විස්වාස නොකලත් මොනාම හරි ඇති.............
     

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    mama wishwasa karanne ne...''athishaya alookamath suraya weni dhrmaya thiyeddi...kanamediri eliya tharam jothishya kumatada''....?