ජීවිත රක්ෂන ගැන දන්න අය, help please

රක්ෂනයට හොද මොකද්ද?

  • Ceylinco life

    Votes: 1 7.1%
  • Softlogic life

    Votes: 5 35.7%
  • Union assurance life

    Votes: 1 7.1%
  • Sri lanka insurance life

    Votes: 7 50.0%

  • Total voters
    14

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මම ජීවිත රක්ෂනයක් දාන්න හිතුවා. මෙඩිකල් කවර් එක එහෙම වැදගත් නිසත්, පොඩි බබෙක් ඉන්න නිසත් තමයි මම මේක දාන්න හිතුවේ. හැබැයි තාම එක අරමුණක් නෑ. මේ ප්‍රශ්න ටික තියනවා.
    1) ඇත්තටම life insurance එකකින් වැඩක් තියනවද. මම දැනට යම් මුදලක් ඉතුරු කරලා තියනවා.
    2) life insurance එකක් දානව නම් රෙකමන්ඩ් කරන ආයතනය.
    3) life insurance තියන අය දැනට වාරිකය ගෙවන්නේ කීයක් වගේද?
    4) මේවට සල්ලි දාන එකේ රිස්ක් එකක් තියනවද?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කම්පැනි එකක් තියෙන නිසා වෙන එකක් නෑ. කොහොමත් දෙක තුන තිබිලා වැඩකුත් නෑ. එකකින් විතරයි කවර් වෙන්නෙ.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    1 ) ඔව්...
    2 ) හොස්පිටල් වලින් හොයලා බලන්න..insurance card එකට admit වෙන්න පුළුවන් ඒවා මොනවද කියලා..( ගොඩක් ඒවා පුළුවන් )
    3 ) ඔයාට ඕනි coverage අනුව ගාන වෙනස් වෙනවා
    4 ) නෑ ...ඔව්

    ජිවිත රක්ෂණයේ ප්‍රධාන රක්ෂණ 2 ක් එනවා ...ජිවිත රක්ෂණය සහ ආයෝජන රක්ෂණ විධිහට..

    ජිවිත රක්ෂණ වල coverage වැඩි...රක්ෂණ වාරිකය අඩුයි...හැබැයි කල් පිරුණම ලැබෙන්නේ පට්ට අඩු ගානක්...

    ආයෝජන රක්ෂණ වල වාරිකය වැඩි ...coverage වැඩි වෙනකොට වාරිකයත් වැඩි වෙනවා ....නියමිත කාලයේදී සාපේක්ෂව වැඩි මුදලක් නැවත ලබා ගන්න පුළුවන්.

    මේ පොදුවේ ලංකාවේ සමාගම් වල එන හැටි....මොන සමාගමෙන් ගත්තත් හරියට policy document එක කියවන්න...පොඩි පොඩි පොයින්ට් වලින් තමයි claim reject වෙන්නේ .....Eg : Bypass වලට සමහර අයගේ policy වල තියෙන්නේ නාල 2 ක් සැත්කම් කලොත් විතරයි ගෙවන්නේ..1 ක් කරාට ගෙවන්නේ නැහැ කියල...

    මම රක්ෂණ නියෝජිතයෙක් නෙවෙයි..... :)
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    g : Bypass වලට සමහර අයගේ policy වල තියෙන්නේ නාල 2 ක් සැත්කම් කලොත් විතරයි ගෙවන්නේ..1 ක් කරාට ගෙවන්නේ නැහැ කියල..
    :angry: un ewa kiyanne claim karanna giyama.
     
    • Sad
    Reactions: WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    කොටා බොක්ක කාලෙකින් දැක්කේ.

    1 ) ඔව්...
    2 ) හොස්පිටල් වලින් හොයලා බලන්න..insurance card එකට admit වෙන්න පුළුවන් ඒවා මොනවද කියලා..( ගොඩක් ඒවා පුළුවන් )
    3 ) ඔයාට ඕනි coverage අනුව ගාන වෙනස් වෙනවා
    4 ) නෑ ...ඔව්

    ජිවිත රක්ෂණයේ ප්‍රධාන රක්ෂණ 2 ක් එනවා ...ජිවිත රක්ෂණය සහ ආයෝජන රක්ෂණ විධිහට..

    ජිවිත රක්ෂණ වල coverage වැඩි...රක්ෂණ වාරිකය අඩුයි...හැබැයි කල් පිරුණම ලැබෙන්නේ පට්ට අඩු ගානක්...

    ආයෝජන රක්ෂණ වල වාරිකය වැඩි ...coverage වැඩි වෙනකොට වාරිකයත් වැඩි වෙනවා ....නියමිත කාලයේදී සාපේක්ෂව වැඩි මුදලක් නැවත ලබා ගන්න පුළුවන්.

    මේ පොදුවේ ලංකාවේ සමාගම් වල එන හැටි....මොන සමාගමෙන් ගත්තත් හරියට policy document එක කියවන්න...පොඩි පොඩි පොයින්ට් වලින් තමයි claim reject වෙන්නේ .....Eg : Bypass වලට සමහර අයගේ policy වල තියෙන්නේ නාල 2 ක් සැත්කම් කලොත් විතරයි ගෙවන්නේ..1 ක් කරාට ගෙවන්නේ නැහැ කියල...

    මම රක්ෂණ නියෝජිතයෙක් නෙවෙයි..... :)
    Thank you machan..
    ------ Post added on Nov 2, 2022 at 10:12 PM
     
    ගවර්මන්ට් එකක දාන එක හොදයි මම දන්න තරමින්.. මගේ එක්ස්පීරියන්ස් එකට අනුව නම් ඕවා වැඩක් නෑ. ඔය කියන කතා නෑ පස්සෙ සල්ලි ගන්න ගියාම. :(
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    mage nam claim gewwa admit una deparema. hand eken kiyakwat giye nehe.තමන් දාලා තියන ඉන්සුවරන්ස් එක අනුව අපිට ගෙවන්නෙ නොගෙවන්නෙ මොනවද කියලා අපි දැනුවත් වෙන්න ඔනෙ. එක අපිට දෙන පොතෙ සදහන් වෙනවා. ගෙවන්න පොරොන්දු වන වාරිකය වැඩිවන විට අපිට ලැබෙන ප්‍රතිලාබ වැඩියි. හැබැයි අපෙ නියොජිතයගෙන් හැම දෙයක්ම අහලා දැනගන්න වෙනවා. එයාලා කියන දේ විතරක් හරි කියලා හිතන්න එපා.

    මගෙ තියෙන්නෙ යුනියන් ඇසුවරන්ස් එකෙ දැනට අවුරුදු කිපෙකට උඩින් දාපු එකක්. මාසෙට 5200ක් වගේ ගෙවන්නෙ. අන්තිම වතාවෙ ඇඩ්මිඩ් වෙද්දි තිබුනෙ පහලින් දාන ප්‍රතිලාබ ටිකක්. තව තිබුනා මතක ටික දාන්නම්.

    1. අවුරුද්දකට බිල උපරිම ලක්ශ 5ක් (ඒක කොටස් 3කට කඩලා තියෙන්නෙ. මතක විදිහට doctor fee 30%, nursing care 30% , others 40% වගේ)

    2. දිනකට උපරිම රු. 15000 ක වගෙ කාමරයක් වෙන් කර ගන්න පුලුවන්. ඊට අඩු මුදලකට කාමරයක් හෝ වෝඩ් එකක් සෙට් උනොත් ඉතුරු මුදල දෙන්නෙ නැහැ. වැඩි ගනනක කාමරයක් සෙට් උනොත් ඩිස්චර්ඩ් වෙද්දි අතින් ගෙවන්න වෙනවා වැඩි උන මුදල.

    3. ඇඩ්මිඩ් උන දවසෙ ඉදන් ඩිස්චාජ් වෙන දවස වෙනකම් දිනකට රු. 3000 ගනනෙ බලලා ඒ ටික සතියක් 2ක් වගෙ ඇතුලත අපේ ගිණුමට දානවා. (අන්තිම වතාවේ දින 10කින් වගේ වැටුනෙ) මගෙ වාරිය වැඩි කරොත් මෙම මුදල වැඩි වෙනවා.

    4. ICU ඉන්න උනොත් ගෙවන සියලූම ගණන් දෙගුන වෙනවා.

    5. අපි ක්ලේම් එකක් අවුරුද්දක් තිස්සෙ ගත්තෙ නැති උනොත් සමහර ප්‍රතිලාබ වලට 25%ක් වැඩි කරනවා. නමුත් වාරිකය වැඩි වෙන්නෙ නැහැ.

    මම අවුරුදු 25කට දැම්මෙ. මෙඩිකල් කොච්චර මම ගත්තත් අවුරුදු 25 ඉවර වෙද්දි ලක්ශ 55ක් වගෙ මුදලක් අතට ලැබෙනවා කියලා තමයි තියෙන්නෙ. එ කාලෙ වෙද්දි ඒ මුදලින් හාල් කිලො 10ක් වගේ ගන්න පුලුවන් වෙයි ලියලා හිතෙනවා මේ දැන් රට යන විදිහට.
    අවුරුදු 25 ක් ඉවර වෙද්දි එයාලා පොරොන්දු උන මුදල දෙයි කියලා තමයි හිතන්නෙ.

    මතක ටික කිව්වෙ. මොන ආයතනයෙන් දැම්මත් හොදට හොයලා දාන්න. අනික තමයි ඔයාට තියන ලෙඩ එහෙම නියෝජිතයට කියලා සදහන් කරන්න. නැත්නම් ක්ලේම් ගෙවන්න ගියාම ලෙඩ හැන්ගුවා කියලා නොගෙවා ඉන්න පුලුවන්.

    මම කාලෙකට කලින් දාපු ඉන්සුවරන්ස් එකක් නිසා දැනට අලුතින් දාද්දි වාරිකය වෙනස් වෙලා ඇති සහ ලැබෙන ප්‍රතිලාභ වෙනස් ඇති. ඔයා ෆැමිලි කැටගරි එකත දැම්මොත් හැමෝටම වෙන වෙනම ප්‍රතිලාභ ලැබෙනවා.

    මම රක්ශන නියොජිතයෙක් නම් නෙවෙයි. මම හිතන්නෙ එලකිරියෙ අය තව තවත් ඔයාට උදවු කරයි.
     
    • Love
    Reactions: WhyNot1 and tha123

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    රුපියලට කෙල වෙන නිසා වයිෆ්ට දාල තිබ්බ එක අයින් කරගත්ත. වැඩක් නෑ කියන එකයි මගේ අදහස.

    දාන්නම හිතෙනවනම්;
    - අකුරක් නෑර අවබෝධයෙන් හොදටම කන්ට්‍රැක්ට් එක කියවන්න. පොඩි පොඩි පොයින්ට්ස් තියෙනව ක්ලේම් කරන්න ගියාම තමා නෝට් වෙන්නෙ. එහෙම නැත්තං නොගෙවා ඉන්නෙ නෑ.
    - ඉන්ශුවරන්ස් කරන එකාට ඇත්තටම ඉන්ශුවරන්ස් එකක් ඕනෙද කියල පොඩ්ඩක් හිතල බලන්න. සමහර එවුන් ඉන්නව මලාට ලෙඩ හැදෙන්නෙ නෑ, හොස්පිටල් එකක් පැත්තෙ යන්නෙ නෑ. ඒත් සමහරු ඉන්නව අවුරුද්දකට පාරක් හරි අතක් පයක් කඩා ගන්න. තව සමහර එවුන් කරන ජොබ් වල එහෙම රිස්ක් එකක් තියෙනව.
    - ආයෝජනයක් විදිහට දානවනම් මේ වෙලාවෙ ඊට වඩා වෙන දෙයක් කරන එක හොදයි. උදා: රත්තරන් වගේ දෙයක් ගන්න එක.
     
    • Like
    • Love
    Reactions: rox2030 and WhyNot1

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    Office eken dena eka thama thiyenne.. softlogic.. last month dengu hadila 5days hospital hitiya.. total bill eka claim kara.. wena nam claim karala naha spectacles hadanna ara..
     
    • Love
    Reactions: WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    mage nam claim gewwa admit una deparema. hand eken kiyakwat giye nehe.තමන් දාලා තියන ඉන්සුවරන්ස් එක අනුව අපිට ගෙවන්නෙ නොගෙවන්නෙ මොනවද කියලා අපි දැනුවත් වෙන්න ඔනෙ. එක අපිට දෙන පොතෙ සදහන් වෙනවා. ගෙවන්න පොරොන්දු වන වාරිකය වැඩිවන විට අපිට ලැබෙන ප්‍රතිලාබ වැඩියි. හැබැයි අපෙ නියොජිතයගෙන් හැම දෙයක්ම අහලා දැනගන්න වෙනවා. එයාලා කියන දේ විතරක් හරි කියලා හිතන්න එපා.

    මගෙ තියෙන්නෙ යුනියන් ඇසුවරන්ස් එකෙ දැනට අවුරුදු කිපෙකට උඩින් දාපු එකක්. මාසෙට 5200ක් වගේ ගෙවන්නෙ. අන්තිම වතාවෙ ඇඩ්මිඩ් වෙද්දි තිබුනෙ පහලින් දාන ප්‍රතිලාබ ටිකක්. තව තිබුනා මතක ටික දාන්නම්.

    1. අවුරුද්දකට බිල උපරිම ලක්ශ 5ක් (ඒක කොටස් 3කට කඩලා තියෙන්නෙ. මතක විදිහට doctor fee 30%, nursing care 30% , others 40% වගේ)

    2. දිනකට උපරිම රු. 15000 ක වගෙ කාමරයක් වෙන් කර ගන්න පුලුවන්. ඊට අඩු මුදලකට කාමරයක් හෝ වෝඩ් එකක් සෙට් උනොත් ඉතුරු මුදල දෙන්නෙ නැහැ. වැඩි ගනනක කාමරයක් සෙට් උනොත් ඩිස්චර්ඩ් වෙද්දි අතින් ගෙවන්න වෙනවා වැඩි උන මුදල.

    3. ඇඩ්මිඩ් උන දවසෙ ඉදන් ඩිස්චාජ් වෙන දවස වෙනකම් දිනකට රු. 3000 ගනනෙ බලලා ඒ ටික සතියක් 2ක් වගෙ ඇතුලත අපේ ගිණුමට දානවා. (අන්තිම වතාවේ දින 10කින් වගේ වැටුනෙ) මගෙ වාරිය වැඩි කරොත් මෙම මුදල වැඩි වෙනවා.

    4. ICU ඉන්න උනොත් ගෙවන සියලූම ගණන් දෙගුන වෙනවා.

    5. අපි ක්ලේම් එකක් අවුරුද්දක් තිස්සෙ ගත්තෙ නැති උනොත් සමහර ප්‍රතිලාබ වලට 25%ක් වැඩි කරනවා. නමුත් වාරිකය වැඩි වෙන්නෙ නැහැ.

    මම අවුරුදු 25කට දැම්මෙ. මෙඩිකල් කොච්චර මම ගත්තත් අවුරුදු 25 ඉවර වෙද්දි ලක්ශ 55ක් වගෙ මුදලක් අතට ලැබෙනවා කියලා තමයි තියෙන්නෙ. එ කාලෙ වෙද්දි ඒ මුදලින් හාල් කිලො 10ක් වගේ ගන්න පුලුවන් වෙයි ලියලා හිතෙනවා මේ දැන් රට යන විදිහට.
    අවුරුදු 25 ක් ඉවර වෙද්දි එයාලා පොරොන්දු උන මුදල දෙයි කියලා තමයි හිතන්නෙ.

    මතක ටික කිව්වෙ. මොන ආයතනයෙන් දැම්මත් හොදට හොයලා දාන්න. අනික තමයි ඔයාට තියන ලෙඩ එහෙම නියෝජිතයට කියලා සදහන් කරන්න. නැත්නම් ක්ලේම් ගෙවන්න ගියාම ලෙඩ හැන්ගුවා කියලා නොගෙවා ඉන්න පුලුවන්.

    මම කාලෙකට කලින් දාපු ඉන්සුවරන්ස් එකක් නිසා දැනට අලුතින් දාද්දි වාරිකය වෙනස් වෙලා ඇති සහ ලැබෙන ප්‍රතිලාභ වෙනස් ඇති. ඔයා ෆැමිලි කැටගරි එකත දැම්මොත් හැමෝටම වෙන වෙනම ප්‍රතිලාභ ලැබෙනවා.

    මම රක්ශන නියොජිතයෙක් නම් නෙවෙයි. මම හිතන්නෙ එලකිරියෙ අය තව තවත් ඔයාට උදවු කරයි.
    Thanks මචං. ලොකු විස්තරයක් කියපු එක ගොඩක් වටිනවා.
     
    • Like
    Reactions: rox2030

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,046
    27,705
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඕවට යට කරන සල්ලි වලින් ෆන් එකක් අරන් ඉන්නවා මම නම්.
    මැරෙන්න තියනව නම් කොහොම කරත් මැරෙනවා
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    උබ හෙලත් බෙනිෆිට් බලලා දානවනම් ඉන්සුරන්ස් වලින් ප්‍රයිවට් හොස්පිටල් වලට දෙන කාඩ් එකක් තියෙනවා. එන්න එක ගනින්.

    නිකන් එකේ ගවර්න්මන්ට් හොස්පිටල් හිටියොත් විතරයි ගෙවන්නේ. ප්‍රයිවට් හිටියොත් ගෙවන්නේ නැලු.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    උබ හෙලත් බෙනිෆිට් බලලා දානවනම් ඉන්සුරන්ස් වලින් ප්‍රයිවට් හොස්පිටල් වලට දෙන කාඩ් එකක් තියෙනවා. එන්න එක ගනින්.

    නිකන් එකේ ගවර්න්මන්ට් හොස්පිටල් හිටියොත් විතරයි ගෙවන්නේ. ප්‍රයිවට් හිටියොත් ගෙවන්නේ නැලු.
    Thanks මචං. මම බැලුවේ එහෙම තමයි.

    ඕවට යට කරන සල්ලි වලින් ෆන් එකක් අරන් ඉන්නවා මම නම්.
    මැරෙන්න තියනව නම් කොහොම කරත් මැරෙනවා
    මම නම් මලාට කමක් නෑ බං. ඒත් වයිෆ්, ළමයි ගැන හිතන්න එපැයි.
    ------ Post added on Nov 3, 2022 at 2:32 PM