මුලු විශ්වයම දුවන්නෙ Uncertainty එක මත. හැබැයි යම් සිදුවීමක් සිදුවීමට ඇති සම්භාවිතාව ඊට පෙර සිදුවී ඇති සිද්ධිය මත වෙනස් වෙන්න පුළුවන්.
conditional probability කියන්නෙ ඒක. ජෝතිෂය කියන විශයෙ බෙස් එක තියෙන්නෙ ඔන්න ඕක උඩ කියල තමා මගේ නන් අදහස. අවුරුදු දහස් ගණනක් තිස්සෙ සිදුවීම් නිරීක්ෂණය කරල කරල හැදිච්ච විෂයක්.
ඕනිම විෂයක මූලික දැනුම පද්ධතිය අතුරුදහන් උනාම. ඒ කියන්නෙ කොහොමද පටන් ගත්තෙ කියන එක වගේ කාරණා ඔය දැන් ජෝතිෂයට සිද්ධ වෙලා තියෙන දේ වෙන්න පුළුවන් ඒ කියන්නෙ ඒක නිකන් මැජික් එකක් වගේ කරන්න පටන් ගන්නව කාටවත් වැරදියි කියන්නත් බෑ හරි කියන්නත් බෑ සමහර අය ගණන් හදන්නෙ නැතුව නිකන් කියවගෙන යන්නෙ ඔය හදහනේ තිබ්බ කියල අන්න ඒ වගේ දේවල්.
මිනිස්සු විද්‍යත්මක ක්‍රමය කියන එක ගැන හිතන්නෙ නැතුව විද්‍යාව ගැන කතා කරද්දිත් ඔය වගේ දේවල් වෙනව ලගම උදාහරණය තමා රසදිය එන්ජිම, වතුරෙන් දුවන කාර් වගේ දේවල්. හැබැයි විද්‍යාතමක ක්‍රමය වගේ දේවල් අතුරුදහන් වෙලා නැති නිසා ඒ වගේ දේවල් වලට එච්චර ලොකු පැවැත්මක් නෑ.