දරුවෝ දිග දීපු දෙමව්පියෝ කියන්නේ ටිකක් වයසක මිනිස්සු නේ බන්. ඒ අයත් පොඩි ට්‍රිප් එකක් එහෙම යන්න ආසයි. ඉතින් දරුවෝ විදියට ඒ අයත් ට්‍රිප් එකක් / වන්දනා ගමනක් එක්කන් ගිහින් එයාලත් සතුටින් තියන එක දරුවන්ගේ යුතුකමක්.
වයසක සුද්දෝ නන් ටුවර් යන්නේ ළමයි එක්ක නෙමෙයි. කපල් එක විතරයි. ලංකාවෙත් ගොඩක් දැකලා ඇති නේ ඇවිල්ල ඉන්නවා එහෙම වයසක ජෝඩු වයස 60-70-80 විතර . ඉතින් උන්ට රට රටවල තනියෙන් යන්න පුළුවන් නම් අපේ අම්මලා තාත්තලාට ලංකාව ඇතුලේ තනියම ටුවර් එකක් යන්න බැරි ඇයි? මම මේ කියන්නේ ඇවිදගන්න අමාරු වගේ අය ගැන නෙමෙයි.
