ටිකක්~හිනා~වෙමු
ලැජ්ජ නැද්ද
”උඹට ලැජ්ජ නැද්ද මිනිහෝ, එක එක්කෙනාගෙන් සල්ලි ඉල්ලන්න. ඇයි උඹ ඒ විදිහට සල්ලි ඉල්ලන්නෙ?” තමාගෙන් රුපියල් සියයක් ණයට ඉල්ලූ සයිමන්ගෙන් වික්ටර් කෝපයෙන් විමසීය.
”බොන්ඩ” සයිමන් කිසිදු පැකිලීමකින් තොරව කීවේය.
”මොන එහෙකටද බං ඔය තරම් බොන්නෙ?” හෙන්රි නැවතත් ඇසීය.
”සල්ලි ඉල්ලන්ඩ තියෙන ලැජ්ජාව නැති කරගන්ඩ” සයිමන් කීවේය.
දොස්තරවරු හතර දෙනා
ශල්‍ය වෛද්‍යවරු හතර දෙනෙක් දවසක් පාටියකදි සෙට් වෙලා. උන් ඉතින් තම තමන්ගේ විස්තර කතාබහ කරගෙන ඉන්නවලු. ඒ අස්සෙ එකෙක් අනිත් උන්ගෙන් අහලා "උඹල ඔපරේට් කරන්න කැමති මොන වගේ ලෙඩ්ඩුන්ද" කියල.
පලවෙනියා : මම නම් කැමති පුස්තකාලාධිපතිලා ඔපරේට් කරන්න. උන්ගෙ ඇඟ ඇතුලෙත් හැමදේම අකාරාදී පිලිවෙලට තමා තියෙන්නෙ
දෙවනියා : මම නම් කැමති ගණකාධිකාරීවරු ඔපරේට් කරන්න. උන්ගෙ ඇඟ ඇතුලෙත් හැම දෙයක්ම නොම්මර දාල පිලිවෙලට තියෙනවා
තුන්වෙනියා : මම නම් ආස විදුලි ඉංජිනේරුවොන්ව ඔපරේට් කරන්න. උන්ගෙ ඇඟ ඇතුලෙත් හැම දෙයක්ම කලර් කෝඩ්ස් දාල තියෙන්නෙ
දැන් මුන් තුන්දෙනාම බලන් ඉන්නවලු මේ ප්‍රශ්නෙ අහපු එකා උගේ කැමැත්ත කියනකම්.
බුවා : මම නම් ආස ඔය ලෝයර්ල වගේ එක වචනයක් නැති උන්ව ඔපරේට් කරන්න
දැන් අනිත් උන් තුන්දෙනාම බැලුවලු හිතාගන්නත් බැරුව මේ මොකද කියල.
බුවා : නෑ බං උන්ට හදවතක් නෑ, කොන්දකුත් නෑ, අනික කටයි පු*යි මාරු කරා කියල අවුලකුත් නෑ
භෝජන සංග්‍රහය
පූජකවරයෙක් වයසට ගිහින් එයාගෙ වසමෙන් අයින් වෙන්න තීරණය කරල මහලු වයස නිසා. ඒ පූජකතුමා වසමේ අවුරුදු 25 ක් අගනා සේවයක් කරපු නිසා ඒ වසමේ අය තීරණය කරලා පූජකතුමා වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් එක්ක පොඩි පාටීයක් දෙන්න.
ඒ වගේ ඒ පාටියෙදි පූජකතුමාට ස්තූති කරන්න කතාවක් පවත්ත්වන්න කියල භාර දීල තියෙන්නේ ඒ පලාතේ මන්ත්‍රීතුමාට. ඒත් ඉතිං පාටිය දවසෙ මන්ත්‍රීතුමා වෙලාවට ඇවිල්ල නෑ. ඒක නිසා පූජකතුමා පොඩි කතාවක් පවත්වලා මන්ත්‍රී තුමා එනකම් වෙලාව බැලන්ස් වෙන්න.
"මම මේ වසමට ආවම පාපෝච්චාරණය කරන්න ආව පලවෙනි මනුස්ස්සය කිවුව කතාවෙන් මට හිතුනෙ මේ වසම නම් ගන්නම දෙයක් නැතුව ඇති කියල. පලවෙනියට පාපොච්චාරණය කරපු කෙනා මංකොල්ලයක් කාල, පොලිසිය පස්සෙන් පන්නද්දි පොලිසියට වෙඩි තියලා තව පොඩ්ඩෙන් පොලිස් කාරයෙකුත් මරනව. මිනිහා එක එක්කෙනා බය කරල කප්පම් අරගෙන තියෙනවා. ඒ වගේම ස්ත්‍රී දූශණ බර ගනනකට සම්බධයි. ඒ වගේම කුඩු බිස්නස් කරනවා. ඉතිං මේ වසමට මම ආව පලවෙනි දවසෙම පලවෙනි පාපොච්චාරණය විදියට මිනිහ ඔය කතා කිවුවම මට බය හිතෙන එක අහන්නත් දෙයක්ද?
ඒත් ටික දවසක් යද්දි අනිත් අයත් පාපොච්චාරණය කරන්න ආවම මට තේරුනා හැමෝම එහෙම නෙමෙයි, මේ වසමෙ ගොඩක්ම ඉන්නෙ හොඳ මිනිස්සු කියල. ඒ වගේම කල් යද්දි මිනිස්සු එන්න එන්නම යහපත් උනා. ඒ ගැන මට සතුටුයි වගේම හරිම ආඩම්බරයි" ඔහොම කියල පූජකවරයා කතාව ඉවර කරාලු.
පූජක තුමා කතාව ඉවර කරනවත් එක්කමාර ස්තුති කතාව කරන්න තිබ්බ දේශපාලක තුමා ආවලු. ඇවිල්ල ටක් ගාල මිනිහ මැදට පැනල මයික් එක අරගෙන තමන්ගෙ කතාව පටන් ගත්තලු.
"පූජකතුමා ඇතුලු සියල්ලන්ගෙන් අවසරයි. සමාවෙන්න මගේ ප්‍රමාදයට. අලුත් පාරක් හදපු එකක් විවුර්ත කරන්න ගිය නිසයි මම එන්න පරක්කු උනේ. ඇත්තටම මේ පූජකතුමා අපේ වසමට පලවෙනියට ආව දවස මට අද වගේ මතකයි. කොටින්ම එතුමා ලඟට පලවෙනියටම පාපෝච්චාරණයට ගියෙත් මම තමයි."