ටුවරිසම්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    #අසීමිතව #දුක්විදින #ටුවරිසම් #අපි..😥😥


    කියන්නට බොහෝ දේ තිබුනත් කෙටියෙන් සියල්ල කියන්නම්.
    මීට මාස 11ට පෙර සහරාන්ගෙ බෝම්බ ප්‍රහාරයෙන් ටුවරිසම් බින්දුවටම වැටුන මාස හතරක් විතර ගෙදරට වෙලා නොවිදිනා දුක් විදගෙන අපට තියන වගකීම් සහ ආර්තික ප්‍රශ්නත් එක්ක ජීවිතේ ගැටගසා ගන්න නොවිදිනා දුක් වින්ද..

    ලීසින් කම්පැනි වලින් කෝල් කර කර කෑ ගහනකොට ඔවුන්ගෙ කකුල් දෙක ලග ඇදවැටී අපේ තියන අසරණකම කිවුවෙ වෙන කරන්න විකල්පයක් නැති හින්ද එහෙම කිවුවත් අපට ලැබුනු පිලිසරණක් නෑ...
    මානසිකව සහ කායිකව වැටෙන්න තියන අන්තිම බිංදුවටම වැටුන. කාලය ටිකෙන් ටික ගතවුනා ටුවරිසම් ටිකක් හැදීගෙන ආව තිබුන ප්‍රශන ටිකක් විසදගෙන යාන්තමින් ඔලුව ඉස්සුව..

    අලුත් අවුරුද්දක් ලැබුව..අනිත් හැමෝම වගේ ටුවරිසම් කරන අපිත් අලුත් අවුරුද්දෙ සිහින බලාපොරොත්තු ගොන්නක් එක්ක ජීවිතේ අලුතින් පටන් ගත්ත මාසයක් වත් ගත වෙන්න කලින් අපේ සියලු බලාපොරොත්තු දිනෙන් දින කෑලි කෑලි වලට කැඩුන කිසිම දෙයක් හිතාගන්න බෑ හරියට හීනයක් වගේ...

    #කොරෝනා අපිට වැලදුනේ නැතත් කොරෝන නිසා දවසින් දවස අපේ ජීවත වක්ක්‍රා කාරව බිලි ගත්ත ..දිනෙන් දින යුරෝපා රටවල් වල සංචාර වලට තහනම් නියෝග වැටෙද්දි අපිට මතක් වුනේ හෙට ගැන, අපට තියන වගකීම් ගැන. අනේ දෙයියනේ අපි දැන් මොකද කරන්නෙ කොහොමද ලීසින් දාන්නෙ අපට තියන වගකීම් කොහොමද කරන්නෙ හිතාගන්න බැරුව අලුත් අවුරුද්දක ආයෙත් බ්ංදුවටම වැටුන.
    සියලු දෙනාගෙ ඉල්ලීම වුනේ මේ වසන්ගතෙන් බේරෙන්න සංචාරක තහනමක් දාන්න කියල.. හිතන්න ටුවරිසම් වලින් විතරක් ජීවිතේ ගැටගසා ගන්න කීදෙනෙක් ඉන්නවද ඒත් ඒ කවුරුත් ඔය පිටරට වල ඉදන් ආපු නූගත් මිනිසු වගේ කෑ ගැහැවුවද නෑ නේද ...
    මේ තත්වය කවද පහව යයිද කියල අපි දන්නෙ නැ නැවත සියලු දේ යතා තන්වයට පත්වෙනකොට අපේ ජීවිත කොතනක නතර වෙලා තියෙයිද අපිවත් දන්නෙ නෑ .....

    නමුත් අපිට ජීවත් වෙන්න රටක් අවශ්‍යයි..තව බොහෝ දේ කියන්න පුලුවන් අපේ ජීවිත ගැන ඔබ නොදන්න ටුවරිසම් කරන මිනිසා යනු සැපට දුක්විදින දුකහන්ගන් සතුට පෙන්වන කෙනෙකි...
    විදෙස් ගත සහෝදර වරුනි අවසාන වශයෙන් ඔබට කියන්න තියන්නෙ අපි විදින දුක් ඔයාල විදින්න හිතලවත් නෑ...


    #ගිහාන්...



    උපුටා ගැනිමක්


    :(:(:(
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔහොම තමා බං..මේ ප්‍රශ්ණ ලෝකෙ ගොඩක් රටවලට තියෙනවනේ දැන්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    හෝටල් වලට කොහොම ඇත්ද .
    තව මාස දෙකක් තුනක් මෙහෙම ගියොත් ඔක්කොම වැහෙයි
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,340
    113
    Lamai hadegena maintain karaganna beruwa kegahana unta nan mage kisima anukampawak ne.beri beri gathe hadana ekata hoda padam
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Lamai hadegena maintain karaganna beruwa kegahana unta nan mage kisima anukampawak ne.beri beri gathe hadana ekata hoda padam

    එහෙම කියන්න එපා බං. හැම සතෙක්ම හැදිල ඉන්නෙ වර්ගයා බෝකරන්න. ඒ ගැන මිනිස්සුත් ඇතුලුව කිසිම සතෙක්ට අපි හිතන තරම් පාලනයක් නෑ. කොච්චර බැරි වුනත් තමන්ගෙ වර්ගයේ කුඩා ජීවියෙක් දකින්න මිනිස්සු ආසයි
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,340
    113
    එහෙම කියන්න එපා බං. හැම සතෙක්ම හැදිල ඉන්නෙ වර්ගයා බෝකරන්න. ඒ ගැන මිනිස්සුත් ඇතුලුව කිසිම සතෙක්ට අපි හිතන තරම් පාලනයක් නෑ. කොච්චර බැරි වුනත් තමන්ගෙ වර්ගයේ කුඩා ජීවියෙක් දකින්න මිනිස්සු ආසයි

    Ekatane ban molayak dila tiyenne.anith sathu wage hesirenna newene.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ekatane ban molayak dila tiyenne.anith sathu wage hesirenna newene.

    මොලයක් හැම සතෙක්ටම වගේ තියෙනවනෙ බං. මොලේ හැදිල තියෙන්නෙම වර්ගයා බෝකරන්න ආස වෙන්න තමා බං.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,340
    113
    මොලයක් හැම සතෙක්ටම වගේ තියෙනවනෙ බං. මොලේ හැදිල තියෙන්නෙම වර්ගයා බෝකරන්න ආස වෙන්න තමා බං.

    Ne ban minisunta tiyenawane decision ganna molayak.anith satuta ehema nane.asawa tibba paliyata lamai hadala nahayen adanawa ita passe.