හ්ම්
මේ , කුරානෙ තියනවනෙ ලෝකෙම මුස්ලිම් වෙනකන් යුද්ධ කරන්න, අල්ල පිලිගන්නෙ නැති උන් මරන්න කියලා.
යුදෙව් උන්ගෙත් අනිත් ආගම් , ජාතීන්ට අහිතකර බලපෑමක් වෙන දේවල් තියෙනවද
කුරානෙ ලෝකෙම මුස්ලිම් කරන්න කියල එක්ස්ප්ලිසිට් කියන පැසේජ් නෑ.
බයිබල් එකේ නන් බිලීවර්ස් ලා මර්දනය කල යුතුයි (විය යුතුයි) කියල ඉන්ටප්‍රිට් කරන්න පුලුවන් තැන් තියෙනව කීපයක්. ඊට අමතරව ජෙනරලි වයලන්ට් කොටස් (අද මිම්මෙන් බලද්දි) ඔය ලෙවිටිකස් වල වගේ තියෙනව.
පරණ තෙස්තමේන්තුවෙ දෙවියා කියන්නෙ ඔගස්ටීන් ඇක්වයිනාස් ලගෙ ක්‍රිස්තියානි දෙවියම නෙමේ. එයා තමන්ගෙ දරුවන්ට එක මොහොතක පන ඇරල ලව් කරන අනිත් මොහොතෙ උන්වම සමූල ඝාතනය කරන ඉන්ඩිෆරන්ට් දෙවියෙක්. ඒ විදිහෙ අයිසොලේටඩ් පැවැත්මක තමා යුදෙව් දෙවියා සූත්‍රගත වෙලා තියෙන්නෙ. සමහර කොටස් තියෙනව දෙවියොන්ටම යුදෙව්වො නොතේරෙන, උන්ගා බුන්ගා වෙන තැන් (ඒ තමා බයිබල් උත්ප්‍රාසය).
අනිත් කාරනේ යුදෙව්වො මේ දෙවියා එක්ක යම් ගිවිසුමක ඉන්නෙ තමන්ගෙ වටා ඉන්න සතුරු ජනතාවගෙන් තමන්ව ආරක්ෂා කරන බවට සනාත කරන. ඒ නිසා එක්සෝඩස් එකේ පටන්ම යුදෙව්වන්ට කෙනෙහෙලි කම් කරන අන්‍ය ජාතීන්ට දෙවියන් ප්‍රචන්ඩත්වය මුදා හරින කොටස් තියෙනව. ගිවිසුමෙ අනිත් පැත්ත දෙවියන්ගෙ අණ පනත් වලට එකඟ වීම, ඒවට එකඟ නොවුන යුදෙව්වනුත් සමූහ වශයෙන් ඔය විදිහටම දෙවියන්ගේ වෛරයට ලක්වෙන තැන් තියෙනව. ඔය මන් කිව්වෙ දෙවියගෙ ලව් සයිඩ් එකට අමතරව තියෙනව ඒව.
සෝෂියොලොජිකලි බලපන් අවුරුදු හාරදාහකට කලින් කාන්තාර ප්‍රදේශයක, දෙශපාලනිකව අස්ථාවර බවක, වෙන ජාතියක පීඩනයට පත් වෙලා හිටි ජනතාවකගෙන් මතු උන ලබ්ධියක ඔය වගේ ඒව නොතියෙයි ද කියල. ඕවයින් වර්තමානෙ එත්නිසිටි ගැන විනිශ්චය කරන්න බැහැ. අද කාලෙ ප්‍රැක්ටිස් එක දිහා බලන්න. මොනවද ඉන්ටෙරිම් කාලයෙ සිද්ධ උන ආගමික ප්‍රතිසංස්කරණ කියල බලන්න.