මම මේ දවස් වල කොලබින් පිට ඉන්න නිසා ලැප්ටොප් එක කනෙක්ට් කරලා තියෙන්නේ මොබයිල් ෆෝන් එකේ හොට්ස් ස්පෝට් එකක් හරහා. මගේ පැකේජ් එකට මාසෙකට 1GB තියනවා. එයට අමතරව තව 15GB එකකුත් දාගෙන ඉන්නේ. මගේ පැකේජ් එකත් එක්ක අපු 1GB එක ඉවර උනා. නමුත් ගැටළුවක් නැහැ. මට තව 15GB ඉතිරි වෙලා තියනවා නේ. මම සාමාන්‍ය විදිහට ඉන්ටර්නෙට් පාවිච්චි කළා. YouTube බැලුවා. ඒත් ඩයලොග් ඇප් එකේ බැලුවම මගේ 15GB Data package එක පාවිච්චි වෙලාම නැහැ කියලා පෙන්නනවා. මම ඒ වෙනුවෙන් වැඩි අවදානයක් යොමු කලේ නැහැ. නමුත් දිනෙන් දින මට ලොකු බිල් එනවා. මම කෝල්ස් ගත්තෙත් නැහැ. ඊයෙත් මම රුපියල් 2000 ගෙවුවා. එතකොට බිල 0 උනා. මෙන්න අද උදේ බලනකොට 780 ක බිලක් ඇවිල්ලා. පහුගිය සති කිහිපයේදීත් මෙහෙම බිල් ඇවිල්ල මම සල්ලි ගෙවුවා. මම එච්චර ගණන් ගත්තේ නැහැ. මම හිතන්නේ ගිය සතියේ රුපියල් 7000 විතර ගෙවලා ඇති. ගත්ත කෝල් එකකුත් නැහැ. මම දැන් කස්ටමර් කෙයාර් කතා කළා.
එයාලා කියනවා සර්ගේ ඩේටා පැකේජ් එකෙන් චාර්ජ වෙන්නේ නැතුව ඩේටා නොර්මල් විදිහට ඩේටා සඳහා චාර්ජ් වෙලා කියලා. පස්ස ඩයලොග් කස්ටමර් කෙයාර් එකෙන් බිල්පත් අංශයට පැමිණිල්ලක් යොමු කරනවා කියලා කිවා.
මෙහෙම වෙන්න පුළුවන් ද බන් ? ඩයලොග් එකේ සිස්ටම්ස් මෙච්චර චාටර් ද ?

Last edited: