ඔය බාර් එක ඇතුලෙ අනෙක් බාර් එක ප්ලේ එක නැතුව යවන වැඩේට විසඳුමක් තියනවා පොඩි කට්ටක් කන්න වෙනවා, මට ඔහොම පොඩි කෑල්ලක් ඕන වෙලා මම කරේ, ඒ සයිස්ම බොක්ස් බාර් එකක් අරගෙන හතරට පැලුවා මුලු හතර වෙන් වෙන විදියට (මේක තමයි වෙලාව යන වැඩේ, ග්රයින්ඩරෙන් හෙමීට කරන්න ඕන), ඊට පස්සෙ මැදින් තියෙන්න ඕන බාර් එක වටේට අර කෑලි හතර තියලා පොඩි පොඩි තහඩු කෑලි(බොක්ස් බාර් එකක්ම කපලා ගනිපු) කෑලි තියල අර කෑලි ටික එකට පෑස්සුවා, ආපහු බාර් එකක් වගේම වෙන්න, අර මුලු කෑලි හතර බාර් එක වටේට තියන්න කලින් මැදින් තියන බාර් එක වටේ තුනී තඹ කම්බියක් එතුවා, නැත්නං හොලවන්නවත් බැරි වෙන්න තදට පෑස්සන්නෙ, පස්සෙ මිටියෙන් එහෙම ගහල ගහලා මැද බාර් එක ගලවලා ගත්තට පස්සෙ තඹ කම්බිය ලිහලා දැම්මට පස්සෙ, බාර් එක උඩ පහල යවන්න පුලුවන් ප්ලේ එක්ක නැති තරම්.
උඩට පහලට කරන්න මිකැනිසම් එකක් හදන්න පුලුවන්, බාර් එක දිගේ බයිසිකල් චේන් එකක් තියලා ඒක කෙලින් තියලා බාර් එකට පාස්සන්න ඕන, පුරුකෙන් පුරුක, එතකොට බයිසිකල් එකේ අර පිටිපස්සෙ තියන දැති රෝදෙ කරකවන්න මිකැනිසම් එකක් හදාගත්තම ඒ වීල් එක කැරකෙද්දි මේසෙ උඩ පහල යන්න හදන්න පුලුවන්. ඒ වීල් එක චේන් එකට තදවෙලා කැරකුවම අර චේන් එකට පාස්සපු බාර් එක උඩ පහල යවන්න පුලුවන්.
මම ඔය ටික සේරටම කරා මගේ පොඩි වැඩකට මට ඕන උනේ අඟල් හතරක් වගේ උඩ පහල යන්න ප්ලේ එකක් නැතුව, ඕක සහ අර මේසෙයක් හදලා තියන ත්රෙඩ් එක දැක්කම මට හිතුනෙ මේසෙකටත් ඒකම හරි යනවා කියලා