ඩ්‍රීම් ඩෙස්ක් එකක් හදාගන්න 🥴

Skr97

Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    මම නම් මචන් design එකක් නිකන් හිතලා ඇඳලා එක අරගෙන ගිහින් වෙල්ඩින් කරන තැනකට දුන්නා. කැමති නම් උන්ටම බඩු දාන්න කියන්න පුළුවන්. මම නම් වෙනම දුන්නා බඩු ටික. steel bar විකුණන තැනකට ගිහින් බාර් ටික අරගෙන ගිහින් දුන්නා. ටොප් ලිය නම් ලී බාස් කෙනෙක්ට දුන්නා සයිස් එකට.
    මතක ඇතුව බාර් වල thickness එක වැඩි එකක් ගන්න ඕනේ නැත්නම් වෙල්ඩින් කරනකොට පොඩ්ඩක් නැමෙනවා.
    මට බාර් + වැඩ කුලිය 7000 ක් විතර ගියා. බාර් අඩි 54 ක් ද කොහෙද ගියා. අඩි 18 ක් දිග බාර් එකක් 1500 - 1800 ක් වගේ උනේ. ටොප් ලිය නම් ගෙදර හැදුවේ තේක්ක ලි වලින් ගෙදර තිබ්බ
    photo ekk nedda
     
    • Like
    Reactions: TNHM

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    අපෝ ඔච්චර නටන්නෝන නෑ. උබට ප්‍රශ්නේ උස නම්, ඒකට adjustable stand තියනවා. අඩි 2ක් විතර උස වෙනස් කරන්න පුලුවන්. එහෙම එකක් ඩෙස්ක් එකේ තියලා ඒකෙ ලැප් එක තියන්න. හිටගෙනන් වැඩ කරද්දි අඩි 2ක් ඉස්සුවම ඇති නේ.
     
    • Like
    Reactions: NRTG and TNHM

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඕක හදන එකේ අවුල තියෙන්නේ එකකට එකක් බස්සන්න පුළුවන් බාර් හොයාගන්න එක. අගල් කාලෙන් කාලට බාර් තියෙන්නේ එතකොට ලොකු play එකක් හිටින නිසා unstable වෙන්න පුළුවන්.

    උබට lap එකක් නම් තියෙන්නේ. සයිස් දෙකෙන් මේස දෙකක් හදලා secondary monitor දෙකක් අරගෙන වෙන වෙනම setup දෙකක් හදගාන්න පුළුවන් 150k කට අඩුවෙන්

    ඔය බාර් එක ඇතුලෙ අනෙක් බාර් එක ප්ලේ එක නැතුව යවන වැඩේට විසඳුමක් තියනවා පොඩි කට්ටක් කන්න වෙනවා, මට ඔහොම පොඩි කෑල්ලක් ඕන වෙලා මම කරේ, ඒ සයිස්ම බොක්ස් බාර් එකක් අරගෙන හතරට පැලුවා මුලු හතර වෙන් වෙන විදියට (මේක තමයි වෙලාව යන වැඩේ, ග්‍රයින්ඩරෙන් හෙමීට කරන්න ඕන), ඊට පස්සෙ මැදින් තියෙන්න ඕන බාර් එක වටේට අර කෑලි හතර තියලා පොඩි පොඩි තහඩු කෑලි(බොක්ස් බාර් එකක්ම කපලා ගනිපු) කෑලි තියල අර කෑලි ටික එකට පෑස්සුවා, ආපහු බාර් එකක් වගේම වෙන්න, අර මුලු කෑලි හතර බාර් එක වටේට තියන්න කලින් මැදින් තියන බාර් එක වටේ තුනී තඹ කම්බියක් එතුවා, නැත්නං හොලවන්නවත් බැරි වෙන්න තදට පෑස්සන්නෙ, පස්සෙ මිටියෙන් එහෙම ගහල ගහලා මැද බාර් එක ගලවලා ගත්තට පස්සෙ තඹ කම්බිය ලිහලා දැම්මට පස්සෙ, බාර් එක උඩ පහල යවන්න පුලුවන් ප්ලේ එක්ක නැති තරම්.

    උඩට පහලට කරන්න මිකැනිසම් එකක් හදන්න පුලුවන්, බාර් එක දිගේ බයිසිකල් චේන් එකක් තියලා ඒක කෙලින් තියලා බාර් එකට පාස්සන්න ඕන, පුරුකෙන් පුරුක, එතකොට බයිසිකල් එකේ අර පිටිපස්සෙ තියන දැති රෝදෙ කරකවන්න මිකැනිසම් එකක් හදාගත්තම ඒ වීල් එක කැරකෙද්දි මේසෙ උඩ පහල යන්න හදන්න පුලුවන්. ඒ වීල් එක චේන් එකට තදවෙලා කැරකුවම අර චේන් එකට පාස්සපු බාර් එක උඩ පහල යවන්න පුලුවන්.

    මම ඔය ටික සේරටම කරා මගේ පොඩි වැඩකට මට ඕන උනේ අඟල් හතරක් වගේ උඩ පහල යන්න ප්ලේ එකක් නැතුව, ඕක සහ අර මේසෙයක් හදලා තියන ත්‍රෙඩ් එක දැක්කම මට හිතුනෙ මේසෙකටත් ඒකම හරි යනවා කියලා
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඔය වගේ එකක්ම ඕනෙමද හිතපන් මචන්. නැත්නම් ඔයිට වඩා අඩුවට සුපිරි Table එකක් ගන්න පුළුවන්.
    ඉතුරු සල්ලි වලින් සුපිරි Chair එකක් ගන්න පුළුවන්නේ.
    නිකන් Adjustable එකක් ගන්නම හේතුවක් තියනවද??
    Table එක වගේම හොද Chair එකක් අනිවාර්යයෙන්ම ඕනේ
    නැත්නම් කොන්දට අවුල් යනවා ටික කාලයක් යනකොට.
    මට දැන් සෙට්වෙලා තියෙන්නේ කොන්දේ අමාරුව :(
     
    • Like
    Reactions: TNHM

    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    මචන් ඕකේ හදපු එකක්ම ගන්නේ නැතුව උඩ පහල කොටස ගෙන්න ගන්න පුලුවන් ඊට පස්සෙ ඒකට උබ ලෑල්ලක් ගහගනින් හැබැයි ටිකක් ගනන් අලිබබා එකේ තියෙනව මන් දැක්කා.. ඔහොම ඒවා.. මේකේ බලන්න
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,615
    113
    ඔය බාර් එක ඇතුලෙ අනෙක් බාර් එක ප්ලේ එක නැතුව යවන වැඩේට විසඳුමක් තියනවා පොඩි කට්ටක් කන්න වෙනවා, මට ඔහොම පොඩි කෑල්ලක් ඕන වෙලා මම කරේ, ඒ සයිස්ම බොක්ස් බාර් එකක් අරගෙන හතරට පැලුවා මුලු හතර වෙන් වෙන විදියට (මේක තමයි වෙලාව යන වැඩේ, ග්‍රයින්ඩරෙන් හෙමීට කරන්න ඕන), ඊට පස්සෙ මැදින් තියෙන්න ඕන බාර් එක වටේට අර කෑලි හතර තියලා පොඩි පොඩි තහඩු කෑලි(බොක්ස් බාර් එකක්ම කපලා ගනිපු) කෑලි තියල අර කෑලි ටික එකට පෑස්සුවා, ආපහු බාර් එකක් වගේම වෙන්න, අර මුලු කෑලි හතර බාර් එක වටේට තියන්න කලින් මැදින් තියන බාර් එක වටේ තුනී තඹ කම්බියක් එතුවා, නැත්නං හොලවන්නවත් බැරි වෙන්න තදට පෑස්සන්නෙ, පස්සෙ මිටියෙන් එහෙම ගහල ගහලා මැද බාර් එක ගලවලා ගත්තට පස්සෙ තඹ කම්බිය ලිහලා දැම්මට පස්සෙ, බාර් එක උඩ පහල යවන්න පුලුවන් ප්ලේ එක්ක නැති තරම්.

    උඩට පහලට කරන්න මිකැනිසම් එකක් හදන්න පුලුවන්, බාර් එක දිගේ බයිසිකල් චේන් එකක් තියලා ඒක කෙලින් තියලා බාර් එකට පාස්සන්න ඕන, පුරුකෙන් පුරුක, එතකොට බයිසිකල් එකේ අර පිටිපස්සෙ තියන දැති රෝදෙ කරකවන්න මිකැනිසම් එකක් හදාගත්තම ඒ වීල් එක කැරකෙද්දි මේසෙ උඩ පහල යන්න හදන්න පුලුවන්. ඒ වීල් එක චේන් එකට තදවෙලා කැරකුවම අර චේන් එකට පාස්සපු බාර් එක උඩ පහල යවන්න පුලුවන්.

    මම ඔය ටික සේරටම කරා මගේ පොඩි වැඩකට මට ඕන උනේ අඟල් හතරක් වගේ උඩ පහල යන්න ප්ලේ එකක් නැතුව, ඕක සහ අර මේසෙයක් හදලා තියන ත්‍රෙඩ් එක දැක්කම මට හිතුනෙ මේසෙකටත් ඒකම හරි යනවා කියලා
    ඔය වගේ වැඩක් කරන්න සැහෙන්න ඉවසීමක් තියෙන්න ඕනේ.
    පැස්සුවේ කොහොමද ? ගෙදරමද ?
     
    • Like
    Reactions: kinkon and NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඔය වගේ වැඩක් කරන්න සැහෙන්න ඉවසීමක් තියෙන්න ඕනේ.
    පැස්සුවේ කොහොමද ? ගෙදරමද ?
    ඔවු බන්
    මගේ ලඟ සේරම ටූල්ස් වෙල්ඩින් ප්ලාන්ට් එහෙම තියනවා. ඉවසීමත් එක්ක ටිකක් අත හුරු වෙන්න ඕන බන්, මාත් ඔය වැඩ පටන් ගනිපු මුල් කාලෙ හදපු/කපපු/පාස්සපු ඒව සේරම දැක්කම බල්ලො බත් කන්නෙ නැහැ,
    විශේශයෙන් ග්‍රන්ඩරෙන් කෙලින් කපන්න සහ පාස්සන්න හුරුව ඕනමයි, පාස්සන එක ඉගෙනගන්න ඇත්තටම අමාරුයි, මට ගොඩක් ටූල්ස් වලින් හොඳටම වැඩ කරගන්න පුලුවන් වෙලා තිබිලත් පාස්සන එක කොලිටියට කරන්න මේ තරම් අමාරුයි කියලා තේරුනේ කරන්න ගත්තට පස්සෙ.
    පාස්සපුවා නං ග්‍රයින්ඩරෙන් කපලා තමයි ගානට ගත්තෙ, ලී වලින් එහෙම හදපුවායෙ කෙල උනු තැන් ලී පොටි දාල කපලා හදා ගත්තෙ
    දැං ටිකක් අත හුරු වෙලා ඒක නිසා ගොඩක් වෙලාවට දසමෙට කපාගන්න පුලුවන්, ගානට පාස්සගන්න පුලුවන්.