ඔන්න තියනව ඌ සංසන්දනයට ගත්ත දේ .දැන් open mind එකෙන් බලපං මේකයි ඌ video එක මුල කරපු විද්‍යාත්මක පැහැදිලි කරීමයි දෙක එකකද නැත්නම එකට තියන්න බැරි දෙකක් ද කියලා.
video එකේ මුලින් කියන panspermia තියරි එකේ කියන ජීව කොටස් භෞතික නොවන දේවල් නෙවෙයි. ඒ කියන්නේ විශ්වයේ තියන ජිවය ඇතිවෙන්න පුලුවන් ජීවි කොටස් . නැතුව සිතක් විතරක් තියන භෝතික ශරිකයක් නැති එකක් නෙවෙයි.
අනික ඔය video එකේ මුල කියන ජලය / ඇමෝනියා /මීතේන් කියන ජීවයක් ඇතිවෙන්න හේතුවෙන සාදක තියන soup එක කියල කියන එක ඇතිවෙන්නේ සුර්ය ශක්තිය, තාපය වගේ දේවල් එක්ක.
ඔය උඩ කියන සුත්තරේ ඉර හද ඇතිවෙන්නේ අන්තිමටම.
අරු ගේ video එක බැලුවත් තේරෙනව මුලින් කරන පැහැදිලි කිරීමේ කියන්නේ H / He එක්ක ඉර මුලින් හැදෙනවා. නැතුව ජිවය ඔක්කොම හටගත්තම ඉර හැදෙනවා නෙවෙයි. ඉර කියන්නේ ජිවය පවතින්න සාධයකයක්.
දැන් මේ උද සුත්තරේ තියන්නේ ඉරක් නැති ලෝකයක්. ඉරක් විතරක් නම් කමක් නෑ , දවස් , මාස නෑලු.. දවස් මාස කියන්නේ කොහෙන්වත් ඇතිවෙන දේවල් නෙවෙයි. වෙනස්වීම් මනින්න මිනිස්සු හදාගත්ත දේවල්. වතුර පිරුණු, මීපැණි වගේ රස පොළවක් තිබ්බලු.
රුචිරයා video එකේ ශේප් එකේ කියනව මීපැණි වගේ කහ පාටලු . සුත්ත්රේ කියන්නේ රසක් ගැන මිසක් කහපාටක් ගැන නෙවෙයි මීපැණි කියලා.
සුත්තරේ "සිතින් සකස් වූ" ජිවිත ගැන කියලා සිරුරක් ගැනත් ඒ එකක්ම කියන්ව.
ඒ විතරක් නෙවෙයි "ඇගිල්ලෙන්" අරන් අර මීපැණි වල රහ බලනව කියලත් කියනව. ඇගිල්ලක්, කොහෙන්ද ආවේ ?
ඒ පොලව රසයි කියලා කෑවලු .. " සත්වයෝ රස පොලව වළදන්නට අත් වලින් පිඩු කිරීමට... " ඔහොම තියෙන්නේ.
ඔය කියන්නේ පිටින් චුත වෙලා ආපු සෙට් එකක් මෙහෙ පොලව අතෙන් අරන් කාල, රහයි කියලා අනිත් අයටත් කන්න කියල, මෙහෙ හිටපු කතාවක්. එහෙම නැතුව ස්වාභාවිකව ජිවයක ඇති කොටස් ජීවයක් පවතින්න තියන තැනක වැඩුණු කතාවක් නෙවෙයි.
ඊට පස්සේ සුත්ත්රේ බිම් හතු ඇතිඋන කෑල්ලක් තියනව රස පොලව නැතිවෙලා.
එතනදී රුචිරයා, සුත්තරේ නැති "ඊට පස්සේ බිම් හතු මත තමා ජිවත් උනේ කියලා" ශේප් එකෙක් කියනව. එහෙම හතු උඩ හිටිය කියලා එකක් නෑ සුත්තරේ..
ඊට පස්සේ සුත්ත්රේ කියනව , ඒ හතුත් නැතිවෙලා ගිහින් වැල් ගස් ඇති උනාලු..
රුචිරය ශේප් එකේ කියනව හතු වලින් ශාක ඇති උනා කියල ෆන්ග්ස් එතනට අලවන්න බලනව.
දැන් මේ හතු උඩ ඉදල තියෙන්නේ අතින් අරන් පොලව කාල රහබලල මෙහෙ ඉන්නව කියපු අය . අර ජීවයක් ඇතිවෙන්න පුලුවන් කොටස් වල මුලික අවදියේ වැඩීම එතනට අලවන්න ට්‍රයි කරනවා.
සුත්ත්රේ විදියට මෙහෙට කට්ටිය ආවට පස්සේ තමයි හිරු , සදු ඇතිවෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි රෑ දවල් ඇති උනාලු ඊට පස්සේ.
ඒ විතරක් නෙවෙයි මාස අවුරුදු පහල උනාලු.
රුචිරය ඒක ගැන මුකුත් කිවේ නෑ .
සුත්තරේ තියෙන්න ඒ කාලේ මිනිස්සුන්ට පෙන්න තියන ගස් වැල් , ඉර හද, මීපැණි , මාස , අවුරුදු , කාලය කියන දේවල් එක එක හදුනා කියන හරිම ප්‍රථමික කතාවක්. මුලින් ලෝකේ හදුනා , රස පොළවක් තිබ්බ ඒක කාල කට්ටියක් මෙහෙ නැවතුන. රස පොලව නැතිවෙලා ගිහින් හතු හැදුන , ඒවා නැතිවෙලා ගිහින් ගස් හදුනා.. ඊට පස්සේ ඉර හද හැදුන . මාස අවුරුදු පහල උනා වගේ කතාවක් මිසක් අර මිනිස්සු පසු කාලෙක හොයාගත්ත කරණු ලගින් වත් යන දෙයක් නෙවෙයි .