චූලසුඤ්ඤත, මහාසුඤ්ඤත කියන සූත්‍ර දෙක කියවලා බලන්න. ඒවා හිදී බුදුරදුන් පැහැදිලිවම පෙන්වනවා ශූන්‍ය බව කෙසේ භාවිතා කරන්න ඕනෙද කියලා. එහිදී එක් සංකල්ප රාශියක් ගෙන ඒ එක් එක් සංකල්පය අත්දැකිය නොහැකි මොහොතේදී ඒ ඒ සංකල්පයෙන් ශූන්‍ය වෙන බව ප්රත්යක්ෂ විය යුතු බවයි බුදුන් අවධාරණය කරන්නෙ. එහෙම කරලා අවසානයේදී අපේ ආනුභූතිය "අත්මයකිනුත්" ශූන්‍ය බව පෙන්වීමෙන් තමා සූත්‍ර සමාප්ත වෙන්නෙ. එහෙම නැතිව "කිසිම අත්දැකීමක් නැති " අවස්ථාවක්(අත්‍යන්ත ශූන්‍යතාවක්, empty වෙනුවට emptyness එකක්) දිටුදැමියේ අත්විඳිය නොහැකි බවයි බුදුන් අනාවරණය කරන්නෙ.
නමුත් මාධ්‍යමික සම්ප්රදාය විසින් මේක එතනින් එහාට අරන් ගියා යැයි සැලකෙනවා. මාධ්‍යමික සම්ප්රදාය පිලිබඳ ප්‍රසිද්ධ අර්ථකතනයක් තමා මාධ්‍යමකයින් මේ ශූන්‍ය (empty) බව ශූන්‍යතාවක් ( අත්‍යන්ත, පරිපූර්ණ ශූන්‍යතාවයක්/emptyness) දක්වා දියුණු කර තාර්කික චින්තනයේ කෙළවරටම ගියා යැයි ප්‍රකාශ කිරීම. ඒ කියන්නෙ සියලු සංකල්ප බිඳ දමමින් ශූන්‍යතාවයම පරම සත්‍යක් කියන තැනට ඔසවා තැබුවා කියලා සරලව ගන්න පුලුවන්. මේ ප්රයන්තය සමහර පුහුදූන් මිනිසුන් වැරදියට අල්වා ගන්න පුලුවන්. මොකද පවතින්නේ අත්‍යන්ත ශූන්‍යතාවයක් පමණක් නම්, කෝ එතන ක්‍රියාවාදී, කර්මවාදී, විරියවාදී වීමට අවස්ථාවක් ? තර්කයෙන් ඕක දන්නවා නම් එයා තමා එන්ලයිට්න්ඩ් කියලා කතාකරන්න පුළුවන්. ඔය මෑත කාලීන බිහිවුන බොහොමයක් ධර්ම විකෘති කරන භික්ෂූන් උනත් මේ චින්තනයේ ඉන්නවා මට නිරීක්ෂණය වෙලා තියනවා. අපේ එලකිරි රෙසිඩන්ට් ගුරුජී පරමහම්ස එම්අයිඕඑස් උනත් ඔය භික්ශූන්ගෙන් ඉන්ෆ්ලුවන්ස් වෙලා "ඔක්කොම මායාවක්, මායාවෙන් ගැලවෙන්න" කිය කියා යන්නවායි කියලයි මගෙ අවබෝධය.
අලගද්දූපම සූත්‍රයේ උනත් "අන්තරයාක ධර්ම අන්තරයාක නැතැයි" අරිට්ඨ භික්ෂුව හිතුවේ ඉහත වගේ අතිධාවනකාරී චින්තනයක් නිසා විය හැකියි කියන එකත් ඒ සූත්‍රයට දෙන එක් විවරණයක අඩංගුයි. එතනදි බුදුන් කියනවා ධර්මයේ "වචනාර්ථය" පමණක් අරගෙන තර්ක කරමින් වාද කරමින් යනවා ඇරෙන්න නොඇලී සිටීමට ඒ ධර්මය භාවිතා කරන්නෙ නැහැ කියලා. ඒක හරියට සර්පයෙකුගේ නැට්ටෙන් ඇල්ලුවා වගේ කියලයි බුදුන් කියන්නෙ. ධර්මය ඉගෙන ගෙන තියනවා. නමුත් ප්‍රායෝගිකව ඒ ධර්මයේ හැසිරෙන්නෙ නැහැ. මෙතනදි තමා බුදුන් ධර්මයත් එගොඩ වීමෙන් පසු අත්හැරිය යුතු පාරුවක් විදිහට සලකන්න කියලා භික්ෂූන්ට උපදෙස් දෙන්නෙ.