බය වෙන්න එපා. ස්ටාෆ් එක කියන විදියට බොන තරල ප්රමානය මැනල බොන්න දෙන්න. කියන කාල පරතර අනුව පිට කරන මුත්රා මනින්න. පුලුවන්තරම් අම්මම විවේකයෙන් තියන්න. ඇඳෙන් බිමට බස්සන්නේ නැති තරමට හොඳයි. අම්මට ඉක්මනට සනීපවෙයි. පැය 72 වගේ තමයි හොඳින් බලාගන්න ඕනි. පට්ටිකා දාහට දෙදාහට අඩුවුනත් බහුතරයකට මොනවත් සන්කූලතා එන්නේ නැහැ. ඒ හින්දා පට්ටිකා වැඩිවෙන්න එක එක දේවල් දෙන්න එපා. ලේ රිපොර්ට් බලල පට්ටිකා වැඩිවෙන හන්ද රෝගියා ගැන වැරදි නිගමන වලට ඇවිත් ප්රතිකාර කරන විදිය වෙනස් වෙන්න පුලුවනි.අපේ අම්ම හොස්පිටල් නවත්තලා ඉන්නේ.. අද තමයි ගිහින් නැවැත්තුවේ.. ඩෙංගු කියල තමයි සැක කරන්නේ.. මට දැනගන්න ඕනි ඩෙංගු හොද කරන්න පුළුවන් ද? ආණ්ඩුවේ හොස්පිටල් වල බෙහෙත් කරනවා හොදයි ද? මොනවා ගැනද අපි ගොඩක් බලන්න ඕනි, එහෙම කියල.. අනිත් එක මට දැනගන්න ඕනි අම්බලන්ගොඩ පැත්තේ ඉන්න කෙනෙක්ගෙන්.. doctor තරංගා කියල කෙනෙක් ඩෙංගු හොද කරනවා කියල කියන කතාව ගැන.. එක ඇත්ත ද? ගොඩක් ලෙඩ්ඩු බේරුනා ද? ඒ ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩි උදව්වක් කරන්න මට විස්තර ටිකක් කියලා.. මේකේ දැම්මේ ඩෙංගු හැදුනු අය, හොද උන අය එහෙම මේකේ ඉන්න පුළුවන් නිසා.. අනේ දකින කෙනෙක් අහක බලල යන්න එපා.. bump එකක්වත් දාල යන්න.. මගේ ඔලුව අවුල් වෙලා තියෙන්නේ.. මොනවහරි දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න.. ලොකුම ලොකු උදව්වක්.. please..
පට්ටිකා අඩුවීමම නෙමෙයි ප්රශ්නේ ඇන්ටිජන් ඇන්ටිබොඩි රිඇක්ශන් එක නිසා ඇඟේ පිසියොලොජි එකේ වෙනස් වීමෙන් තමයි රුදිර නාල වල තියෙන තරල ඇඟ ඇතුලේ තියෙන අවකාශ වලට පිරෙන්නේ. ඉතින් පට්ටිකා වැඩිකරගත්තා කියල ලොකු දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා වෙන දේවල් කරන්න යන්න එපා.



