උනා මචන් ඒත් දවස් 5ක් විතර යනකොට ලීකින් උනා![]()
2 weeks thiyagaththe sahena amaru wenna athi.
ඩෙංගු මරණ සංඛ්‍යාව වැඩි වීමට හේතු වී ඇත්තේ වෛරසය ශරීරගත වී දින ගණනාවක් ගත වන තෙක් ප්‍රතිකාර ලබා නොගැනීම නිසා බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි. වෛරසය ශරීරගත වී දින ගණනාවක් ගත වීම හේතුවෙන් ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්ව ප්‍රතිකාර ලබාගැනීමට රෝහල්ගත වීම නිසා මරණ වැඩිපුර සංඛ්‍යාවක් සිදු වන බවත් එය වළක්වා ගැනීම සඳහා උණ රෝගය වැළඳි දින දෙකක් ගත වූ පසුව රුධිර පරීක්ෂාවක් සිදු කර ගත යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.
ලෝක ජනගහන දිනය නිමිත්තෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (10) ප්‍රකාශ කළේය.
මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුවිය මරණයට පත්වූයේ ඩෙංගු රෝගය සෑදී දින පහක් ගත වන තෙක්ම රෝහල්ගතව ප්‍රතිකාර ලබා නොගැනීම නිසා බවත් එවැනි උගත් තත්ත්වයක පසුවන පුද්ගලයන් පවා රෝගය සම්බන්ධයෙන් සැලකිලිමත් නොවීම කනගාටුදායක බවත් ඒ මහතා පැවැසුවේය.
- http://www.dinamina.lk/2017/07/11/පුවත්/37186




