තමන්ගේ අම්මා නැති වුණ දවස

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අවුරුදු 17යි මේ අවුරුද්දට. ඉස්පිරිතාලේ නැති වුනේ. අක්ක තමා අම්ම වුනේ ඊට පස්සේ. 2012න් පස්සේ මායි පියයි විතරයි.

    මේ වෙසක් එකට යන්න ඕන සොහොනට ඉටිපන්දම් පත්තු කරන්න.

    නිවන් සුව ලැබේවා !!! RIP :(
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය සැරට බොන ඒවා. ජොයින්ට් එකක් ගහන ඒවා
    එකේ ඇරියස් එකත් අල්ලලා වෙන වෙලාවක ගහනාව

    Me tikath nokara inna thiyenawa nam godak hodai machan.
    Owagen athi prayojanayak na.

    Anith de uba ammata ochcaratama adarei nam, amma marena mohothedi(ehema noweva kiyala prarthana karamu) ubata kiuwoth raha meren nathuwa jivath wenna kiyala uba eka amma nisa karanawa neda? ithin ay amma jivath wela inna kale idala ubata eka karanna bari. Ammath dannawa athi ne uba bonawa kiyala. Mona ammada kamathi thamange putha nannathara wenna eka eka sallalayo ekka bonawata.

    owa nawaththapalla bn. Owa biwama thirisannu wenawa.
    මම මචන් කිව්වේ සාමන්යෙන් මට අවරුදු 25 විතර වෙනකන් ගත කරපු ලයිෆ් එක. දැන් මම බොනවා නම් බොන්නේ බියර් එකක් විතරයි. එකත් බොහොම ලිමිට් එකට.අනික් පුරුදු මොකුත් නැ මචන් මගේ. එකත් අයින් කරනවා ලගදීම. උබ කිව්ව එකට බොහොම ස්තුති. අද කාලේ බොන්න කතා කරන උන් ඕනේ තරම් ඉන්නවා එත් ගලවගන්න උන් අඩුයි
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අවු 15 දී තාත්ත නැති උනා. ඉස්පිරිතාලෙදි තමයි නැති උනෙ. මම class ගිහින් ගෙදර ඇවිත් ටික වෙලාවකට පස්සේ අම්මයි නෑයො ටිකයි ගෙදර ආපු විදියට මට තේරැනා.. අක්කල අම්ම අඩන්න පටන් ගත්තට මට ඇඩුනේ නෑ. හෙන වගකීමක් ආව වගේ දැනුනා. කරකවල අතෑරියා වගේ. තාත්ත විතරයි හම්බ කරේ ඒ වෙද්දී. මම පැත්තකට ගිහිල්ල ටිකක් වෙලා හිතුව ඇයි ඇඩෙන්නේ නැත්තේ තොට කියලා. මලගෙදර වැඩත් සෑහෙන කරා. මිනිය ගෙනාපු දවසේ වත් අඩුනේ නෑ . ඔක්කොම ඉවරවෙලා ගෙදර ආවම තමයි හොදටම ඇඩුනේ බන්. 😖😭
    නිවන් සුව ලැබේවා !!! RIP :(
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    mage ammath nathi una. canser ekak harila machan.. hospitle eke mama laga htiye .. mai akkai akka badapu aiyai..
    ammage husma nawathinawa mn dakka..:(

    Loka darmathawaya eka thama machan
    Api hema denatama oka idiriyedi widinna wenawa. Widalath ethi samahara wita.

    E nisa e minissu merenna kalon hodata salakamu. Pin karanna chance hadamu. Ethakota merunath apita sathutu wenna puluwan e aya goda giya kiyala hithala

    Eka thama karanna one ekama de.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මම මචන් කිව්වේ සාමන්යෙන් මට අවරුදු 25 විතර වෙනකන් ගත කරපු ලයිෆ් එක. දැන් මම බොනවා නම් බොන්නේ බියර් එකක් විතරයි. එකත් බොහොම ලිමිට් එකට.අනික් පුරුදු මොකුත් නැ මචන් මගේ. එකත් අයින් කරනවා ලගදීම. උබ කිව්ව එකට බොහොම ස්තුති. අද කාලේ බොන්න කතා කරන උන් ඕනේ තරම් ඉන්නවා එත් ගලවගන්න උන් අඩුයි

    Aththatama sathutui.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    මගෙ නම් තාත්තා නැතිවෙලා තියෙන්නේ මට අවුරුදු 1 විතර වයසදී ඉතින් පැහැදිලි මතකයක් නැහැ. මම හැඳුනේ ආත්තම්මාගාවා එයා English Teacher කෙනෙක්. ගොඩක් වෙලාවට තේරෙන වයසකදී කෙනෙක් නැති උනොත් හිත හදාගන්න ලේසී පොඩි කාලේ දෙමව් පියන් නැති උනාම අනික් අය දිහා බලනකොට ලොකු අඩුවක් තේරෙනවා.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    මගෙ අම්මත් නැති උනා මීට අවුරුදු දෙකකට කලින් .
    අඩුව කියන්නෙ මෙහෙමයි ඉතිං .
    අඩුවක් නැත්තෙ නැහැ කිව්වොත් බොරුවක් නෙ ?
    අඩුවක් දැනෙනවා.

    එත් අපි කවදා හරි හුරු වෙන්න එපැයි අම්මා තාත්ත ලඟ නැතුව ජීවත් වෙන්න.
    ඉතිං මන් රට හිටිය නිසා ඔය දෙමාපියො ලඟ නොමැති ජීවිතෙට හුරුවක් ලබා ගත්තා .ඇත්තම කිව්වොත් රට ජීවිතෙ මට පන්නරයක් උනා.
    ඒක නිසා අම්මා ලඟ නැහැ කියන අඩුව යම් වෙලාවකට දැනුනත් ලොකුවටම දැනෙන්නෙ නැහැ.

    මොකද අපි ඊස්කොලෙ යන කාලෙ ඉඳන් ගොඩක් දෙවල් අපිම කරගන්න තමා දෙමාපියො අපිව හුරු කරෙ.
    මන් ඉස්කොලෙ 4 වසරෙ ඉඳන් තනියම බස් එකෙ යන්න ගත්තෙ.
    ඉස්කොලෙ 5 වසර කාලෙ ඉඳන් ඇඳුම් හොදගන්න ඉගෙන ගත්තෙ ඇඳුම් අයර්න් කරන්න ඉගෙන ගත්තෙ.

    ගේ අස් පස් කරන්න වගෙ දෙවලුත් එහෙමයි .
    අම්මගෙන් දැනන් හිටිය අපි නොදන්න එකම දේ කෑම උයන එක විතරයි .
    ඒකත් අපි ඉගෙන ගත්තා රට ගියහම .
    ඉතිං ගොඩක් දෙවල් තමන්ම කරගැනිමෙ හැකියාව තියෙනවා.

    අම්මා ඉන්න කාලෙ ඉතින් කොළු කමට කරපු පොඩි පොඩි මෝඩ කම් ඇරුණහම අම්මාගෙ තාත්තාගෙ නම කැතවෙන වැඩ අපෙ අතින් උනේම නැහැ .
    මන් සිගා ,අරක්කු කිසි දෙයක් පාවිච්චි කරන එකෙක් නෙමෙ.
    අම්මා ජීවත් වෙලා ඉන්න කාලෙ එයාගෙ කැමත්තට තමා හැම එකම අපෙ ගෙදර සිද්ධ උනෙ.
    ඒක නිසා ආයෙ හිතලා අමුතුවෙන් දුක් වෙන්න කාරණා නැහැ මට

    ඉතිං මන් කියන්නෙ මෙච්චරයි .
    නැතිවුණ අලුත ටිකක් දැනෙවි .
    ඒක කොහොමත් එහෙමනෙ .
    එත් හුරුවෙන්න අකමැත්තෙන් හරි ඒ ජීවිතෙට.
    මොකද ඕක තමා යතාර්ථය .
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මගේ නම් දෙමවුපියො තවම ඉන්නව. වයිෆ්ගෙ තාත්තා මැරිල තියෙන්නෙ අපි 6 වසරෙ වගේ ඉන්නකොට 93දි.

    දුකම එක එයාගෙ අම්ම නැතිඋනේ අපේ පුතා ඉපදුනාට පස්සෙ දවසෙ. අම්මට ළමය බලන්නවත් ලැබුනෙ නෑ දෑහින්. ෆෝන් එකෙන් මම ගත්ත එකක් ලැබුණු දවසෙම පෙන්නුව. වයිෆ්වයි බබාවයි ගෙදර එක්කන් එන අතරෙ අම්මගෙ බොඩි එක මල්ශාලාවෙ ලෑස්ති කලා. හවස එයාට විස්තර කියල එක්කන් ගිහින් පෙන්නල ආව. මට හිතාගන්න බෑ තාම ඒක දරාගෙන අමතක කරපු එක. එයාට තිබුනු ලොකුම දුක අම්මට සලකගන්න කාලෙ මදි උන එකයි දඑඋවව අතට දෙන්න බැරි උන එකයි.
     

    Nazi14

    Junior member
  • Jan 13, 2014
    103
    14
    18
    Jeewthe hati oma tama machan. Hita haiya karan jeweteta muna denne.

    Mage thaththa nati une man thathhta kiyanwath danne nati kaleka. meta aurudu 28kata kalin. eda indan amma tama akkai mawai balagatte. Achchi ekka. hmmmm. jewite hati oma tama.

    Niwan suwa labewa !
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මම විශ්වාස කරන්නේ ඒ අය සැබෑ මරණයකට ලක් වෙන්නේ නැහැ කියලයි. භෞතික ශරීරය වෙනස් වෙලා දිරා යාමක් වෙනවා ඒක හැමෝටම පොදු නිසා කවදා හරි ඒක වෙනවනේ කියල තමා හිත හදා ගන්නේ. මරණය ගැන අපි දකින විදිහ අනුව තමා දුක ඇති වෙන්නේ.
    අපි හැමෝටම මේක පොදු නිසා මගේ ශරීරය ගැනම හිත හිත හැමදාම උදේට රෑට මරණානුස්සතිය වඩනවා. කණ්නාඩිය ඉස්සරහට ගියාමත් නිතර මතක් වෙනවා මමත්‍ දවසක පොලව යට ඉන්නව නේද කියලා. ඒ නිසා දැනට ලොකු දුකක් නැහැ. හැබැයි ඔය අත්දැකීම ඇත්තටම විඳින්න ලැබෙන දවසක ලොකු දුකක් එයි කියල හිතෙනවා කොච්චර වුනත්.

    මේ ලෝකේ ඇත්තටම ලොකු මුළාවක තියෙන්නේ. මිනිස්සු දේවල් වල නියම ස්වභාවය නිතර දකිනවනන් ලෝකේ ගොඩක් හොඳ වෙනවා. මම මස් කන එක නැවත්තුවෙත් ඔය දේ හින්දම තමයි.

    මෙන්න මේ වීඩියෝ එක බලන්න. ඔයා ගේ දුක නැති වෙයි.

     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,567
    6,121
    113
    මගේ පවුලේ ගොඩක් අය තවම ජීවතුන් අතර ඉන්නවා..මට වයස 34යි..මගෙ අම්ම තාත්ත වයිෆ්ගෙ අම්ම තාත්තා...තවම ඉන්න්ව ....ඒ අයගෙ වයස වැඩි උනාට තවම තරුන වයසෙ වගේ...ලොකු තාත්තල 4 දෙනෙක් නැති උනා..මගෙ අම්මගෙ පවුලේ 11යි තාත්තගෙ පවුලෙ 9යි ..ඔක්කොම ලමයි මුනුබුරෝ එකතු කරොත් 300ක් වත් ඉඳියි....වියෝවීමේ දුක තවම මම දන් නෑ බන්...කොරෝනා නිසා අපෙ එකෙක් නැති උනොත් මම එදාට මේ අන්ඩුවත් එක්ක බලාගන්නවා... ලබ්බක් කර කර හිටිය මේක මේතරම් ස්ප්‍රෙඩ් වෙනකම්..ගියපාර කලින්ම වහල අපි තමයි හොඳටම කරේ කියල චන්දෙ ගොඩ දාගත්තා...
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    තමන්ගෙ අම්මා හෝ තාත්තා නැති වුණ අය මේකෙ ඇති. ඒක කොහොම ද දැනුනෙ?

    අම්මා හෝ තාත්තා නැතුව ජීවිතේට හුරු වුණේ කොහොම ද?

    මගෙ කතාව මේකයි. මගෙ අම්මා ගිය සතියෙ පාන්දර නැති වුණා ගෙදරදිම. කැන්සර් එකකින් නැති වුණේ. මේ කොවිඩ් අස්සෙ පැය 24 න් ඉවර කරන්න වුණා මරණය. අපි ඔක්කොම පුලුවන් උපරිම සැළකුවා සහ බලාගත්තා. කවදාවත් නැති දුකක් වේදනාවක් තියෙනවා දැන්. එක පාරටම හොරු අරගෙන ගියා වගේ...
    :(
    Ai machan uba meka damme..mage ammath nati una 13 wenida cancer ekakin..mata tama htgna be mkda une kiyala..hariyata heenayak dakala aharuna wge hageemak mata tama tyne..jiwite loku his thanak tynw wage danenwa machan..