තවමත් සුරක්ෂිත,පුද්ගලයන්ගේ ශරීර හා ශරීර ක
කලකට පෙර ලොව විසූ සමහර ප්‍රකට පුද්ගලයන්ගේ ශරීර කොටස් අදටත් සුරක්ෂිතව කල්තබා ගෙන තිබෙනවා. ඉන් සමහරක් එසේ සුරක්ෂිත කර ඇත්තේ ඔවුන්ගේ ප්‍රකටභාවය රඳා පවතින්නේම ඒ අවයව මත නිසා බවයි විචාරකයන් පවසන්නේ. අනෙක්වා ඔවුන් හුදෙක් ප්‍රසිද්ධ පුද්ගලයින් වූ නිසාම සුරක්ෂිත කළ ශරීර කොටස් වෙනවා.
ඒ කෙසේ වුවත් මෙහිදී සිදු වුණු විශේෂම කාර්යයක් වන්නේ, ගැලීලියෝ ගැලීලිගේ දතක් සහ ඇඟිලි 3ක් සිරුරින් ඉවත් කිරීම යි. ඒ අතරින් ඔහුගේ දකුණු අතේ මැද ඇඟිල්ල ලොව පුරා බොහෝ ස්ථාන වල සුරක්ෂිතව තබා, වර්තමානය වන විට නැවතත් ඉතාලිය වෙතම රැගෙන ඇවිත් තිබෙනවා. මේ වන විට එය ෆ්ලොරන්ස් ඉතිහාස විද්‍යා කෞතුකාගාරයේ ස්ථිර ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර තිබෙණු දක්නට හැකියි.
චේ ගුවේරා ලොව සුප්‍රකට විප්ලවවාදියෙක්. 1967 වර්ෂයේ දී මොහුව බොලිවියානු හමුදාව මඟින් ඝාතනය කරනු ලැබුවා. කෙසේ වෙතත් ඔහුගේ ඝාතනයෙන් පසු ක්‍රියාත්මක වුණු CIA සංවිධානය ඉතා රහසින් ඔහුගේ කෙස් රොදක් කපාගෙන තිබෙනවා. මේ කෙස් රොද අඟල් 3ක් පමණ දිගින් යුක්ත යි. පසුව මේ කෙස් රොද ඔහුගේ මළ සිරුරේ ඡායාරූපයක් සහ ඔහුගේ ඇඟිලි සලකුණු වල පිටපතක් ද සමග වෙන්දේසියේ අලෙවි කොට තිබෙන බවයි පැවසෙන්නේ. චේ ගුවේරා ගේ මේ කෙස් රොද මිළ දී ගෙන ඇත්තේ බිල් බද්ලර් නම් වූ පොත් ව්‍යාපාරිකයෙක් විසිනුයි.
ඇල්බට් අයින්ස්ටයින් ගේ මොළය
මහා විද්‍යාඥයෙකු වන ඇල්බට් අයින්ස්ටයින් මිය යන්නේ 1955 වර්ෂයේ දී යි. ඔහුගේ මරණයෙන් පැය කිහිපයක් ගත වීමටත් පෙර ඔහුගේ සිරුරෙන් මොළය ඉවත් කෙරුණා. ඒ මහා ප්රාඥයෙකු වූ අයින්ස්ටයින්ගේ බුද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදු කිරීම උදෙසා යි.
පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් අනතුරුව ඇල්බට් අයින්ස්ටයින්ගේ මොළය අස්ථානගත වූ බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. නමුත් පසු කලෙක, එනම් 1978 වර්ෂයේ දී, එය වෛද්‍ය තෝමස් ස්ටෝල්ට්ස් හාවී සන්තකයේ තිබී සොයාගනු ලැබුවා. වෛද්‍ය තෝමස් ස්ටෝල්ට්ස් හාවී යනු අන් කවරෙකුවත් නොව, අයින්ස්ටයින්ගේ මොළය සිරුරින් ඉවත් කළ වෛද්‍යවරයා යි. ඒ අනුව 2010 වර්ෂයේ දී අයින්ස්ටයින්ගේ මොළය සෞඛ්‍ය හා ඖෂධ පිළිබඳ ඇමෙරිකානු ජාතික කෞතුකාගාරය වෙත පරිත්‍යාග කර තිබෙනවා.
අයින්ස්ටයින්ගේ ඇස් දෙක ද ඔහුගේ මරණයෙන් අනතුරුව සිරුරින් ඉවත් කෙරුණු අතර එය අදටත් නිව්යෝර්ක් නගරයේ සේප්පුවක් තුළ සුරක්ෂිත කර තිබෙනවා.
මෝටර් රථය ලොවට ඉදිරිපත් කිරීමේ දී මහත් විප්ලවයක් කළ හෙන්රි ෆෝඩ් සහ තෝමස් අල්වා එඩිසන් හොඳ මිතුරන්. මේ නිසයි තෝමස් අල්වා එඩිසන්ගේ අවසන් කාලයේ ඔහු සමග ජීවත් වීමේ අරමුණෙන් හෙන්රි ෆෝඩ්, එඩිසන්ගේ නිවස අසලින්ම නිවසක් මිල දී ගෙන තිබුණේ. කෙසේ හෝ 1947 වර්ෂයේ ෆෝඩ් මිය යන විටත් එඩිසන් මියගොස්. ෆෝඩ් ගේ මරණයෙන් පසුව ඔහුගේ භාණ්ඩ විමසීමේ දී, ඒ අතර එඩිසන්ගේ අවසන් හුස්ම අඩංගු බව කියන පරීක්ෂණ නලය ද තිබී තිබුණා. වාර්තා පවසන අන්දමට එඩිසන් ගේ අවසන් හුස්ම මේ අයුරින් පරීක්ෂණ නළයකට එක්රැස් කරගෙන ඇත්තේ ෆෝඩ් ගේ ඉල්ලිමකට අනුව ඔහුගේ පුත්‍රයා වූ චාල්ස් විසින්.
ඒබ්‍රහම් ලින්කන්ගේ හිස් කබල
ඒබ්‍රහම් ලින්කන් ඇමෙරිකාවේ 16 වන ජනාධිපතිවරයා යි. ඔහු ජෝන් විල්ක්ස් බූත් නම් සාහසිකයෙක් අතින් ඝාතනය වන්නේ 1865 වර්ෂයේ අප්‍රේල් 14 වන දා යි. ඔහුගේ ජීවිතය රැකගැනීම සඳහා සිදු කරන ලද සැත්කමක දී ඔහුගේ හිස් කබලේ කොටසක් වෙඩි උණ්ඩය ද සමග සිරුරින් ඉවත් කරනු ලැබුවා. කෙසේ නමුත් සැත්කම අසාර්ථක වන අතර ලින්කන් මියයනවා. ඉන්පසු ඒ වෙඩි උණ්ඩය ද සමගින් වූ හිස් කබල සෞඛ්‍ය හා ඖෂධ පිළිබඳ ඇමෙරිකානු ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙනවා.
ජෝජ් වොෂින්ටන් ඇමෙරිකාවේ ප්‍රථම ජනාධිපතිවරයා යි. ඔහු මියයන අවස්ථාවේ ඔහුගේ සමීපතමයෙක් වූ, හෙන්රි ලෝන්ග් ෆෙලෝ නම් කවියාගේ නැන්දණිය වූ එලිසා නමැත්තියගේ ඉල්ලීමක් අනුව ඔහුගේ හිස කෙස් රොදක් ඇය වෙත ලබා දී තිබෙනවා. පසුව ඒ කෙස් රොද මේන් ඉතිහාස සංගමය වෙත පරිත්‍යාග කොට තිබෙන බවයි වාර්තා වන්නේ.
රුසියානු මීස්ටික් කෙනකි. ශුද්ධවන්තයෙකු බව තමන් විසින්ම පවසාගත්, එමෙන්ම දෙවැනි නිකොලස් සාර් පවුල සමඟ හිතවත්කමක් ගොඩනගා ගැනීම මගින් රුසියානු අධිරාජ්‍යයේ අවසාන සමයේ දී එහි කටයුතු වලට සැළකිය යුතු බලපෑමක් ඇති කළ පුද්ගලයෙකි.
සයිබීරියාවේ පොක්රොව්ස්කොයෙ (Pokrovskoye) නම් ගම්මානයේ ගොවි පවුලක උපත ලද රස්පුටින් 1897 දී පුජකාරාමයකට වන්දනා ගමනක් යාමෙන් පසු ආගමික පරිවර්තන අත්දැකීමකට මුහුණ දුන්නේය. ඔහු තමන්ව පූජකයෙකු/වන්දනාකරුවෙකු ලෙස හඳුන්වන්නට විය. නමුත් රුසියානු ඕතඩොක්ස් පල්ලියේ කිසිදු නිල තත්ත්වයක් ඔහුට නොවීය. 1903 දී හෝ 1904-05 ශීත ඍතුවේ දී ශාන්ත පිටර්ස්බර්ග් වෙත පැමිණීමෙන් පසු රස්පුටින් පල්ලියේ සහ සමාජය තුල පිළිගත් පුද්ගලයන් කිහිපදෙනෙකු නතු කර ගත්තේ ය. සමාජයේ වැදගත් චරිතයක් බවට පත් වූ ඔහු 1905 නොවැම්බරයේ දී සාර් හමුවිය.
1906 අග බාගයේ දී සාර් සහ ඔහුගේ බිරිය වූ ඇලෙක්සන්ද්රාගේ පුත්, හිමෝෆීලියා රෝගයෙන් පෙළුණු අලෙක්සේයිට වෙදකම් කරන්නෙකු ලෙස රස්පුටින් කටයුතු කරන්නට විය. ඇතැම් රුසියානුවන් විසින් යෝගීවරයෙකු/දාර්ශනිකයෙකු/අනාගත වක්තෘවරයෙකු ලෙස සහ තවත් සමහරුන් විසින් ආගමික ඇස්බැන්දුම්කරුවෙකු ලෙස සලකනු ලැබූ රස්පුටින් රාජ සභාව තුල භේද බින්න ඇතිකරවන්නට සමත් වූ පුද්ගලයෙකු විය. 1915 දී දෙවැනි නිකොලස් පළමුවන ලෝක යුද්ධයේ රුසියානු හමුදා සටන් වදින්න අයුරු නිරීක්ෂණය සඳහා පිටර්ස්බර්ගයෙන් පිටත්ව ගිය විට රස්පුටින්ගේ බලය උච්චස්ථානයකට පත් වූයේ පාලන තන්ත්රය කෙරෙහි අලෙක්සන්ද්රාගේ සහ රස්පුටින්ගේ බලපෑම් ඉහල නංවමිනි. 1916 දෙසැම්බර් 30 අළුයම් කාලයේ, සාර් පවුල කෙරෙහි රස්පුටින්ගේ බලපෑම් වලට විරුද්ධ වූ වංශවතුන් කිහිපදෙනෙකුගෙන් සැදි කණ්ඩායමක් විසින් රස්පුටින් වෙඩි තබා ඝාතනය කරන ලදී.
මොහු තවත් ආකාරයකට ප්‍රචලිත වී ඇත්තේ ඔහුගේ පිහිටා තිබු අසාමාන්‍ය දිගකින් යුක්ත ලිංගය හේතුවෙනුයි. එය අගල් 11 ක් පමණ දිගින් යුක්ත වූ බව පැවසෙනවා. කාන්තාවන් බොහෝ ප්‍රමාණයක් අපයෝජනය කළා මෙන්ම සාර් රජුගේ බිසවද මොහුගේ ග්‍රහණයට නතු වූ බව සඳහන් වෙනවා. ඔහුගේ අසාමාන්‍ය දිගින් යුත් ලිංගය මේ වනවිට St. Petersburg කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනයට තබා තිබෙනවා.
ව්ලැඩ්මියර් ඉල්යීච් ලෙනින් (22 අප්‍රේල් 1870 - 21 ජනවාරි 1924)රුසියානු කොමියුනිස්ට් විප්ලවවාදියෙකු, දේශපාලකයෙකු සහ දේශපාලන න්‍යායාචාර්ය වරයෙකු විය. 1917 සිට ඔහු රුසියානු සෝවියට් සමාජවාදී ජනරජයේ රාජ්‍ය නායකයා ලෙස කටයුතු කල අතර, 1922 සිට මියයන තෙක්ම සෝවියට් දේශයේ අගමැති වරයා ලෙසද කටයුතු කලේය. වෘත්තියෙන් නීතීඥයෙකු වූ ලෙනින් බොල්ෂෙවික් පක්ෂයේ නායකයා විය. තවද ඔහු ඔක්තෝබර් විප්ලවයේ පුරෝගාමී නායකයෙකුද විය.ලෙනින් දේශපාලනමය වශයෙන් මාක්ස් වාදියෙකු වූ අතර, ඔහු ඉදිරිපත් කල සමහර න්‍යායන් "ලෙනින් වාදය" ලෙස ව්‍යවහාරයේදී හදුන්වා ඇත. මාක්සියානු ආර්ථික මූලධර්ම සමග ලෙනින් වාදය එක්ව ගත් කල "මාක්ස්-ලෙනින්" වාදය ලෙස දැක්වේ. 1924 වර්ෂයේදී ඔහු මියගිය අතර ඔහුගේ නැවත සැකසු දේහය රුසියාවෙ මොස්කව් අගනගරයෙහි Lenin's Mausoleum හි ජනතා ප්‍රදර්ශනයට තබා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර ඉතිහාසයේ පහල වූ ඉතා ශ්‍රේෂ්ට පඬිරුවනක් ලෙස තොටගමුවේ රාහුල හිමියන් හැඳින්විය හැක. සයවන පරාක්‍රමබාහු රජ සමයෙහි ශ්‍රී ලංකාවේ සිටි උගත් පඬිරුවනක් ලෙස උන්වහන්සේ පරෙවි සංදේශය, කාව්‍යශේකරය, සැළලිහිණිය, පංචිකා ප්‍රදීපය, බුද්ධිපාසාදිනිය වැනි ග්රන්ථ රචනා කරන ලදී. එමෙන්ම උන්වහන්සේ ත්‍රිපිටක වාගීශ්වර, සකල කලා ෂඩ් භාෂා පරමේශ්වර යන නම් වලින්ද හඳුන්වනු ලැබිය. ආයුරුවේදයෙහි මෙන්ම ගුප්ත ශාස්ත්‍රයන් වල සමත්කම් දැක්වූ උන්වහන්සේ දක්ෂ වෛද්‍යවරයෙකුද විය. උන් වහන්සේ අපවත් වීමට පෙර "සිදුහත් රසය" නැමැති ඖෂධයක් පානය කල බවත් ඒ හේතුවෙන් උන් වහන්සේගේ ශරීරය නොදිරා තව වෙන තුරුත් පවතින බවත් සඳහන් වෙනවා.
දැනට ඉන්දියාවේ ගෝවේ නගරයෙහි තබා තිබෙන ශාන්ත සේවියර් පියතුමාගේ ශරීරය එතුමාගේ නොවන බවත් එය තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ බවත් සැලකෙනවා.
මුලාශ්‍ර:- https://roar.media/sinhala/main/features/preserved-body-parts-of-famous-people/ වැඩි විස්තර මා විසින් ඇතුලත් කරන ලදී

https://en.wikipedia.org
http://dhamma.ifbcnet.org
Rep භාරගනු ලැබේ...

තවමත් සුරක්ෂිත, ලොව ප්‍රකට පුද්ගලයන්ගේ ශරීර හා ශරීර කොටස්
කලකට පෙර ලොව විසූ සමහර ප්‍රකට පුද්ගලයන්ගේ ශරීර කොටස් අදටත් සුරක්ෂිතව කල්තබා ගෙන තිබෙනවා. ඉන් සමහරක් එසේ සුරක්ෂිත කර ඇත්තේ ඔවුන්ගේ ප්‍රකටභාවය රඳා පවතින්නේම ඒ අවයව මත නිසා බවයි විචාරකයන් පවසන්නේ. අනෙක්වා ඔවුන් හුදෙක් ප්‍රසිද්ධ පුද්ගලයින් වූ නිසාම සුරක්ෂිත කළ ශරීර කොටස් වෙනවා.
බෙනීටෝ මුසෝලිනි ගේ මොළයේ කොටස්
බෙනීටෝ මුසෝලිනී දෙවන ලෝක යුධ දාමයේ ඉතාලියේ විසූ ඒකාධිපති පාලකයෙක්. දක්ෂ මොළකාරයෙකු වූ මොහුව 1945 වර්ෂයේ දී වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා. ඔහුගේ මරණ පරීක්ෂණය සිදු කරනු ලැබුවේ ඉතාලියේ මිලාන් නගරයේ යි. මිලාන්හි අධිකරණ වෛද්‍ය ආයතනයේ දී මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව ඇමෙරිකානු රජය විසින් අධ්‍යයන කටයුතු සඳහා ඔහුගේ මොළයේ කොටසක් රැගෙන ගොස් තිබුණා. ඒ අනුව වසර ගණනාවක්ම ඇමෙරිකාවේ සුරක්ෂිත කර තිබූ එය 2007 වර්ෂයේ දී මුසෝලිනීගේ බිරිඳ වෙත භාර දී තිබෙන බවයි වාර්තා වන්නේ.
ගැලීලියෝ ගැලීලිගේ මැද ඇඟිල්ල
ගැලීලියෝ ගැලීලි ලොව ප්‍රකට ගණිතඥයෙක් මෙන්ම තාරකා විද්‍යාඥයෙක්. ඔහු මිත්‍යා ලබ්ධිකයෙකු ලෙසින් කතෝලික පල්ලියේ අපවාදයට ලක්ව සිටි අයෙක්. ඒ නිසාම 1642 වර්ෂයේ දී ඔහුගේ මරණයෙන් අනතුරුව දේහය මිහිදන් කර ඇත්තේ ද ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ ඩි සැන්ටා ක්‍රොස් බැසිලියාවේ කුඩා කුටියක් තුළ යි. නමුත් එම සිදුවීමෙන් වසර 95කට පසු, 1737 වර්ෂයේ දී නැවතත් ඔහුගේ දේහය ගොඩට ගෙන බැසිලියාවේ ප්‍රධාන කුටියේ තැන්පත් කෙරුණු අතර ඔහු වෙනුවෙන් පිළිරුවක් ද ඉදි කරනු ලැබුවා.
ඒ කෙසේ වුවත් මෙහිදී සිදු වුණු විශේෂම කාර්යයක් වන්නේ, ගැලීලියෝ ගැලීලිගේ දතක් සහ ඇඟිලි 3ක් සිරුරින් ඉවත් කිරීම යි. ඒ අතරින් ඔහුගේ දකුණු අතේ මැද ඇඟිල්ල ලොව පුරා බොහෝ ස්ථාන වල සුරක්ෂිතව තබා, වර්තමානය වන විට නැවතත් ඉතාලිය වෙතම රැගෙන ඇවිත් තිබෙනවා. මේ වන විට එය ෆ්ලොරන්ස් ඉතිහාස විද්‍යා කෞතුකාගාරයේ ස්ථිර ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර තිබෙණු දක්නට හැකියි.
චේ ගුවේරා ගේ කෙස් රොද
චේ ගුවේරා ලොව සුප්‍රකට විප්ලවවාදියෙක්. 1967 වර්ෂයේ දී මොහුව බොලිවියානු හමුදාව මඟින් ඝාතනය කරනු ලැබුවා. කෙසේ වෙතත් ඔහුගේ ඝාතනයෙන් පසු ක්‍රියාත්මක වුණු CIA සංවිධානය ඉතා රහසින් ඔහුගේ කෙස් රොදක් කපාගෙන තිබෙනවා. මේ කෙස් රොද අඟල් 3ක් පමණ දිගින් යුක්ත යි. පසුව මේ කෙස් රොද ඔහුගේ මළ සිරුරේ ඡායාරූපයක් සහ ඔහුගේ ඇඟිලි සලකුණු වල පිටපතක් ද සමග වෙන්දේසියේ අලෙවි කොට තිබෙන බවයි පැවසෙන්නේ. චේ ගුවේරා ගේ මේ කෙස් රොද මිළ දී ගෙන ඇත්තේ බිල් බද්ලර් නම් වූ පොත් ව්‍යාපාරිකයෙක් විසිනුයි.
ඇල්බට් අයින්ස්ටයින් ගේ මොළය
පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් අනතුරුව ඇල්බට් අයින්ස්ටයින්ගේ මොළය අස්ථානගත වූ බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. නමුත් පසු කලෙක, එනම් 1978 වර්ෂයේ දී, එය වෛද්‍ය තෝමස් ස්ටෝල්ට්ස් හාවී සන්තකයේ තිබී සොයාගනු ලැබුවා. වෛද්‍ය තෝමස් ස්ටෝල්ට්ස් හාවී යනු අන් කවරෙකුවත් නොව, අයින්ස්ටයින්ගේ මොළය සිරුරින් ඉවත් කළ වෛද්‍යවරයා යි. ඒ අනුව 2010 වර්ෂයේ දී අයින්ස්ටයින්ගේ මොළය සෞඛ්‍ය හා ඖෂධ පිළිබඳ ඇමෙරිකානු ජාතික කෞතුකාගාරය වෙත පරිත්‍යාග කර තිබෙනවා.
අයින්ස්ටයින්ගේ ඇස් දෙක ද ඔහුගේ මරණයෙන් අනතුරුව සිරුරින් ඉවත් කෙරුණු අතර එය අදටත් නිව්යෝර්ක් නගරයේ සේප්පුවක් තුළ සුරක්ෂිත කර තිබෙනවා.
තෝමස් අල්වා එඩිසන්ගේ අවසන් හුස්ම
ලොවට නව නිපැයුම් කිහිපයක්ම සොයාදුන් තෝමස් අල්වා එඩිසන් ගේ සිරුරින් කිසිදු අවයවයක් මේ වන තෙක් සුරක්ෂිත කර නැහැ. නමුත් මෙහි විශේෂතම කාරණය වන්නේ ඔහුගේ අවසන් හුස්ම යැයි සැලකෙන දෙය පරීක්ෂණ නළයකට එකතු කරගෙන තිබීම යි.
මෝටර් රථය ලොවට ඉදිරිපත් කිරීමේ දී මහත් විප්ලවයක් කළ හෙන්රි ෆෝඩ් සහ තෝමස් අල්වා එඩිසන් හොඳ මිතුරන්. මේ නිසයි තෝමස් අල්වා එඩිසන්ගේ අවසන් කාලයේ ඔහු සමග ජීවත් වීමේ අරමුණෙන් හෙන්රි ෆෝඩ්, එඩිසන්ගේ නිවස අසලින්ම නිවසක් මිල දී ගෙන තිබුණේ. කෙසේ හෝ 1947 වර්ෂයේ ෆෝඩ් මිය යන විටත් එඩිසන් මියගොස්. ෆෝඩ් ගේ මරණයෙන් පසුව ඔහුගේ භාණ්ඩ විමසීමේ දී, ඒ අතර එඩිසන්ගේ අවසන් හුස්ම අඩංගු බව කියන පරීක්ෂණ නලය ද තිබී තිබුණා. වාර්තා පවසන අන්දමට එඩිසන් ගේ අවසන් හුස්ම මේ අයුරින් පරීක්ෂණ නළයකට එක්රැස් කරගෙන ඇත්තේ ෆෝඩ් ගේ ඉල්ලිමකට අනුව ඔහුගේ පුත්‍රයා වූ චාල්ස් විසින්.
ඒබ්‍රහම් ලින්කන්ගේ හිස් කබල
ඒබ්‍රහම් ලින්කන් ඇමෙරිකාවේ 16 වන ජනාධිපතිවරයා යි. ඔහු ජෝන් විල්ක්ස් බූත් නම් සාහසිකයෙක් අතින් ඝාතනය වන්නේ 1865 වර්ෂයේ අප්‍රේල් 14 වන දා යි. ඔහුගේ ජීවිතය රැකගැනීම සඳහා සිදු කරන ලද සැත්කමක දී ඔහුගේ හිස් කබලේ කොටසක් වෙඩි උණ්ඩය ද සමග සිරුරින් ඉවත් කරනු ලැබුවා. කෙසේ නමුත් සැත්කම අසාර්ථක වන අතර ලින්කන් මියයනවා. ඉන්පසු ඒ වෙඩි උණ්ඩය ද සමගින් වූ හිස් කබල සෞඛ්‍ය හා ඖෂධ පිළිබඳ ඇමෙරිකානු ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙනවා.
ජෝජ් වොෂින්ටන්ගේ කෙස් රොද
ජෝජ් වොෂින්ටන් ඇමෙරිකාවේ ප්‍රථම ජනාධිපතිවරයා යි. ඔහු මියයන අවස්ථාවේ ඔහුගේ සමීපතමයෙක් වූ, හෙන්රි ලෝන්ග් ෆෙලෝ නම් කවියාගේ නැන්දණිය වූ එලිසා නමැත්තියගේ ඉල්ලීමක් අනුව ඔහුගේ හිස කෙස් රොදක් ඇය වෙත ලබා දී තිබෙනවා. පසුව ඒ කෙස් රොද මේන් ඉතිහාස සංගමය වෙත පරිත්‍යාග කොට තිබෙන බවයි වාර්තා වන්නේ.
ග්‍රිගොරි රස්පුටින්ගේ ලිංගය
රුසියානු මීස්ටික් කෙනකි. ශුද්ධවන්තයෙකු බව තමන් විසින්ම පවසාගත්, එමෙන්ම දෙවැනි නිකොලස් සාර් පවුල සමඟ හිතවත්කමක් ගොඩනගා ගැනීම මගින් රුසියානු අධිරාජ්‍යයේ අවසාන සමයේ දී එහි කටයුතු වලට සැළකිය යුතු බලපෑමක් ඇති කළ පුද්ගලයෙකි.
සයිබීරියාවේ පොක්රොව්ස්කොයෙ (Pokrovskoye) නම් ගම්මානයේ ගොවි පවුලක උපත ලද රස්පුටින් 1897 දී පුජකාරාමයකට වන්දනා ගමනක් යාමෙන් පසු ආගමික පරිවර්තන අත්දැකීමකට මුහුණ දුන්නේය. ඔහු තමන්ව පූජකයෙකු/වන්දනාකරුවෙකු ලෙස හඳුන්වන්නට විය. නමුත් රුසියානු ඕතඩොක්ස් පල්ලියේ කිසිදු නිල තත්ත්වයක් ඔහුට නොවීය. 1903 දී හෝ 1904-05 ශීත ඍතුවේ දී ශාන්ත පිටර්ස්බර්ග් වෙත පැමිණීමෙන් පසු රස්පුටින් පල්ලියේ සහ සමාජය තුල පිළිගත් පුද්ගලයන් කිහිපදෙනෙකු නතු කර ගත්තේ ය. සමාජයේ වැදගත් චරිතයක් බවට පත් වූ ඔහු 1905 නොවැම්බරයේ දී සාර් හමුවිය.
1906 අග බාගයේ දී සාර් සහ ඔහුගේ බිරිය වූ ඇලෙක්සන්ද්රාගේ පුත්, හිමෝෆීලියා රෝගයෙන් පෙළුණු අලෙක්සේයිට වෙදකම් කරන්නෙකු ලෙස රස්පුටින් කටයුතු කරන්නට විය. ඇතැම් රුසියානුවන් විසින් යෝගීවරයෙකු/දාර්ශනිකයෙකු/අනාගත වක්තෘවරයෙකු ලෙස සහ තවත් සමහරුන් විසින් ආගමික ඇස්බැන්දුම්කරුවෙකු ලෙස සලකනු ලැබූ රස්පුටින් රාජ සභාව තුල භේද බින්න ඇතිකරවන්නට සමත් වූ පුද්ගලයෙකු විය. 1915 දී දෙවැනි නිකොලස් පළමුවන ලෝක යුද්ධයේ රුසියානු හමුදා සටන් වදින්න අයුරු නිරීක්ෂණය සඳහා පිටර්ස්බර්ගයෙන් පිටත්ව ගිය විට රස්පුටින්ගේ බලය උච්චස්ථානයකට පත් වූයේ පාලන තන්ත්රය කෙරෙහි අලෙක්සන්ද්රාගේ සහ රස්පුටින්ගේ බලපෑම් ඉහල නංවමිනි. 1916 දෙසැම්බර් 30 අළුයම් කාලයේ, සාර් පවුල කෙරෙහි රස්පුටින්ගේ බලපෑම් වලට විරුද්ධ වූ වංශවතුන් කිහිපදෙනෙකුගෙන් සැදි කණ්ඩායමක් විසින් රස්පුටින් වෙඩි තබා ඝාතනය කරන ලදී.
මොහු තවත් ආකාරයකට ප්‍රචලිත වී ඇත්තේ ඔහුගේ පිහිටා තිබු අසාමාන්‍ය දිගකින් යුක්ත ලිංගය හේතුවෙනුයි. එය අගල් 11 ක් පමණ දිගින් යුක්ත වූ බව පැවසෙනවා. කාන්තාවන් බොහෝ ප්‍රමාණයක් අපයෝජනය කළා මෙන්ම සාර් රජුගේ බිසවද මොහුගේ ග්‍රහණයට නතු වූ බව සඳහන් වෙනවා. ඔහුගේ අසාමාන්‍ය දිගින් යුත් ලිංගය මේ වනවිට St. Petersburg කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනයට තබා තිබෙනවා.
ව්ලැඩිමියර් ලෙනින්ගේ නැවත සැකසු දේහය
ව්ලැඩ්මියර් ඉල්යීච් ලෙනින් (22 අප්‍රේල් 1870 - 21 ජනවාරි 1924)රුසියානු කොමියුනිස්ට් විප්ලවවාදියෙකු, දේශපාලකයෙකු සහ දේශපාලන න්‍යායාචාර්ය වරයෙකු විය. 1917 සිට ඔහු රුසියානු සෝවියට් සමාජවාදී ජනරජයේ රාජ්‍ය නායකයා ලෙස කටයුතු කල අතර, 1922 සිට මියයන තෙක්ම සෝවියට් දේශයේ අගමැති වරයා ලෙසද කටයුතු කලේය. වෘත්තියෙන් නීතීඥයෙකු වූ ලෙනින් බොල්ෂෙවික් පක්ෂයේ නායකයා විය. තවද ඔහු ඔක්තෝබර් විප්ලවයේ පුරෝගාමී නායකයෙකුද විය.ලෙනින් දේශපාලනමය වශයෙන් මාක්ස් වාදියෙකු වූ අතර, ඔහු ඉදිරිපත් කල සමහර න්‍යායන් "ලෙනින් වාදය" ලෙස ව්‍යවහාරයේදී හදුන්වා ඇත. මාක්සියානු ආර්ථික මූලධර්ම සමග ලෙනින් වාදය එක්ව ගත් කල "මාක්ස්-ලෙනින්" වාදය ලෙස දැක්වේ. 1924 වර්ෂයේදී ඔහු මියගිය අතර ඔහුගේ නැවත සැකසු දේහය රුසියාවෙ මොස්කව් අගනගරයෙහි Lenin's Mausoleum හි ජනතා ප්‍රදර්ශනයට තබා තිබෙනවා.
පුජ්‍ය තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දේහය

Last edited: