තාත්තා වෙනුවෙන් හැමෝටම කරන ආරාධනාවක්..

Nishz

Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    මගෙ තාත්ත නැති වෙනකොට මම ගොඩක් පොඩියි.. තාත්ත කියපු දේවල් තාත්තගේ සුවඳ මට තාමත් දැනෙනවා... ඒ දේවල් අපි මැරෙනකම් අමතක කරන්න බැහැ... ඔයාගේ තාත්තට නිවන් සුව පතනවා..!!!
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :(
    දැන් ඉතින් කරන්න තියෙන්නේ පුළුවන් තරම් තාත්තට පින් පමුණුවන එක. හිත හදාගෙන ඒ කටයුතු හොඳට කරගන්න බලන්න...
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    තාත්තාට නිවන් සුව පතනවා මචන්....!
    2.gif
    2.gif
    2.gif

     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    mama thread ekak dakke na.. eth news eka nan awa .... ape saathishaya sanwegaya saho .....

    oyage thathata niwan suwa praarthana karanawa ....
    thatha wenuwen oya tharan sathkaara karapu puthek mokata pasu thewenawada ???? oyatath godak pin .. :yes::yes::yes:
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    ආදරනීය පුතෙක් විදියට තාත්තට සලකපු විදිය නම් ගොඩක් වටිනවා.... මේ වගේ පුතෙක් ලබන්නත් තාත්ත කෙනෙක් විදිහට පිං කරල තියෙන්න ඔනෙ....
    තාත්තට නිවන් සුව ලැබේවා... !!!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු, මට ත්‍රෙඩ් එක දැකලා කෝල් කරපු SMS එවපු හැමෝටම ගොඩාක් පිං.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ජිවිතයේ යතාර්ථය ඕකයි මචන්
    අනික් උන්ට වඩා උබට සැනසෙන්න පුළුවන් ඒ උබ තාත්ත ඉන්න කාලේ කරන්න ඕනා යුතුකම් ටික ඉටු කරපු නිසා
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    ලියන්න දෙයක් හිතට එන්නෑ:(...... අහකබලන් යන්න හිතෙන්නෙත් නෑ:(....... ත්‍රෙඩ් එක කියවල හිතේ අමාරුවට තාත්තට කෝල් එකක් ගත්ත:dull:. දෙමාපියෝ අසරණ වුනාම ඇනයක් කියල හිතන සමාජයක උඹ උඹේ තාත්ත ගැන අන්තිම මොහොත දක්වාම හොයල බලපු එක ගැන සන්තෝසයි. උඹේ තාත්තට නිවන්සුව පතනවා.:yes:

    අපි හැමොම උඹේ තාත්තට නිවන් සුව පතනවා මචන්.......!!!!!!!!
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඔයා ඔයාගේ තාත්තා වෙනුවෙන් සියලුම යුතුකම් ඉටු කරපු කෙනෙක් සහෝදරයා. ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. ඔයාගේ තාත්තගේ ප්‍රර්ථනා ඉෂ්ට කරන්න හිතට ශක්‌තිය අරන් ජිවිතේ ඉදිරියට ගෙනියන්න. තාත්තගේ ආශිර්වාදය හැමදාමත් ඔයාට ලැබේවි. තාත්ත කෙනෙක් නැති අඩුව පුරවන්න කාටවත් බැරි උනත්, ජීවිතේ යථාර්තය තමයි මේ. අපේ ජීවිත වල කිසිම දෙයක් සදාකාලික නැහැ.

    ඔයාගේ තාත්තට නිර්වාණ සුවය ප්‍රර්ථනා කරනවා. එයා වෙනුවෙන් ඉඩ ලැබෙන හැම වෙලාවකම පින් දහම් කරන්න.