වෙල් යායක බැඳලා හිටපු මාස 4ක් පමණ වන වසු පැටවකුගේ පසුපස කොටසක්, කිසියම් පුද්ගලයෙකු විසින් කපාගෙන ගිය පුවතක් පසුගිය වෙසක් පෝදාට පසුවදා කළල්ඇල්ල යක්ගහඇල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
වසු පැටවා පණපිටින් සිටියදීම කිසියම් අයෙකු විසින් කළ මේ පපතර ක්‍රියාව ගැන යක්ගහඇල්ල ගම්වාසීන්ට ඇතිවුනේ කෝපය මිශ්‍ර වේදනාවක්.
13 වැනිදා අලුයම් කාලයේදී මෙම වසුපැටවා වේදානාවෙන් කෑගසන ශබ්දය සමග ගම්වාසීන් කළ සොයාබැලීමකදී කිසියම් සතෙකුගේ ප්‍රහාරයකට ලක්වූ මේ වසු පැටවා ඔවුන් දැක තිබුණා.
කෙසේ වෙතත් තුවාලය නිරීක්ෂණය කළ ගම්වාසීන්ට පෙනුනේ මේ සතෙකුගේ ප්‍රහාරයක් නෙමෙයි කියලා.
ඒත් එක්කම ගමේ යම්කිසි පුද්ගලයෙකු ගැන ඔවුන්ට සැක හිතිලා තිබුණා.
පසුව ඔවුන් ඔහුගේ ගෙදරට ගිහින් අදාළ පුද්ගලයා අල්ලාගෙන තිබුණා.
ඒ විතරක් නෙමෙයි ගම්මු එකතු වෙලා මොහුට ගොම පස්ද කවා සිද්ධිය පිළිබඳ හෙලිකරගෙන තිබුණා.
මේ වසුපැටවාගේ හිමිකරුවා මේ ගැන කියපු කතාව..
‘‘මම අවුරුදු 6 ක පටන් හරක් ඇති කරනවා. මට එළ හරක් 6 දෙනෙක් ඉන්නවා. මගෙ නිවසට යාබද කුඹුරු යායේ හරක් බැඳලා තිබුණෙ. මම පාන්දර යනකොට පැටියා හොඳටම කෑ ගහනවා. මම බලනකොට ලොකු තුවාලයක් දැක්කා. මම වටපිට ටිකක් පරීක්ෂා කරනකොට දැක්කා ලේ තැවරුණු ඇඟිලි සලකුණක් ගහක තියෙනවා. මෙහෙම වැඩක් කරයි කියලා හිතෙන පුද්ගලයාගේ ගෙදරට මම ගියා. මම ගෙට ගිහින් බලනකොට මස් වළඳ හම්බවුණා. මස් කොහෙන්ද ඇහුවම කඩෙන් ගෙනාවා කිව්වා. පෝය දවස්වල මස්කඩ වහලා කොහෙන්ද මස් ගත්තෙ කියලා ඇහුවම හරකාගෙන් කපා ගත්තා කිව්වා. මම කහවත්ත පොලිසියට පැමිණිලි කළා.“
http://nethgossip.lk/article/26192