තුර්කි- ISIS යුද්ධය
2016 වර්ෂයේ අගෝස්තු මාසයේදී තුර්කිය විසින් ඔපරේෂන් යුප්‍රටීස් ෂීල්ඩ් නමින් මෙහෙයුමක් දියත් කරන ලදි.එහිදී තුර්කි හමුදාව සහ තුර්කියට පක්ෂපාතී සන්නද්ධ කණ්ඩායම් තුර්කි-සිරියා උතුරු දිග දේශසීමාවේ සිට සිරියාවට ඇතුලුවිය.මෙම නීතිවිරෝධී ආක්රමණයේ අරමුණ ලෙස තුර්කිය ප්‍රකාශ කර තිබුණේ ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන්ට හා කුර්දි හමුදාවලට එරෙහිව කරන සටනක් ලෙසයි.දැනට තුර්කි හමුදා යටතේ පවතින උතුරු ඇලැපෝ පළාත ඉස්ලාමීය ත්රස්තවාදීන්ට තුර්කිය සමග සම්බන්ධ වීමට තිබූ එකම ද්වාරයයි.කුර්දි හමුදා සිරියාවේ බටහිර ප්‍රදේශයේ බලය තහවුරු කරගෙන එක්සත් වීම වැලැක්වීම තුර්කියේ ප්‍රධාන පරමාර්ථයක් වූ බවද පෙනේ.
2016 අගෝස්තු මස 20 දා සටන්කාමීන් රැසක් සහ හමුදා සෙබලුන් ප්‍රවාහනය කරන රථ 50කට අධික සංඛ්‍යාවක් මෙන්ම මධ්‍යම සහ බර අවි සහිතව තුර්කිය සිය ආක්‍රමණය අල්-රායි නගරයෙන් ආරම්භ කරන ලදි.තුර්කිය සිරියාව තුල සිදුකල ප්‍රථම ප්‍රධාන සටන වන්නේ ජරබියුලස් ආක්රමණයයි.2016 අගෝස්තු 24 දා ඇරඹි මෙම සටනට තුර්කි යුද ටැංකි,තුර්කි විශේෂ බලකා සෙබලුන් යොදාගත් අතර ඇමෙරිකානු ගුවන් හමුදාවේ ගුවන් ප්‍රහාරක සහාය හිමිවිය.සටන සඳහා සියගණනක් නිදහස් සිරියානු හමුදාවේ සටන්කාමීන් සහ තුර්කියේ සහාය ලබන සටන්කාමීන් සහභාගී වූ බව සඳහන් වේ.නමුත් ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් තුර්කි හමුදාවේ ඉදිරිගමන මන්දගාමී කිරීමට බිම්බෝම්බ වළලා තිබිණි.
ඉන්පසුව මාස ගණනක් තිස්සේ එතරම් ප්රතිවිරෝධයක් නොමැතිව ඉදිරියට ගමන් කරමින් සිටි තුර්කි හමුදාවලට යුද්ධයේ නියම රසය දැනෙන්නට පටන් ගත්තේ අල්-බාබ් ආක්රමණයත් සමගයි.නොවැම්බර් 6 වෙනිදා තුර්කියේ සහාය ලබන සටන්කාමීන් තුර්කි ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාරවල සහාය ඇතිව දකුණු දෙසින් අල්-බාබ් නගරය දෙසට ගමන් කිරීම ඇරඹීය.නොවැම්බර් මස 14 දා ඔවුන් නගරයේ උතුරුදිග ප්‍රදේශයට ලගා විය.නමුත් මෙම මෙහෙයුමට ඇමෙරිකානු සහාය ලැබුණේ නැත.
මේවන විටත් අල්-බාබ් නගරය අල්ලා ගැනීමට තුර්කි හමුදා සහ ඔවුන්ගේ සහාය ලබන සටන්කාමීන් දැඩි සටනක යෙදී සිටියි.නමුත් ඔවුන්ට 2016 වර්ෂය අවසන් වන්නට පෙර නගරයේ බලය තහවුරු කරගැනීමට ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් ඉඩ ලබා නොදුන්හ.තුර්කි හමුදා නගරය අල්ලා ගැනීමට දියත් කල ප්‍රහාර රැසක් ව්‍යර්ථ කිරීමට ඉස්ලාමී රාජ්‍යය ත්රස්තවාදීන් සමත්විය.ත්රස්තවාදීන්,තුර්කි හමුදාවට එරෙහිව යොදාගන්නා ප්රබලතම අවියක් වන්නේ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයි.මේවා බොහෝවිට කාර්,ට්‍රක් රථ යොදාගෙන සිදුකරන ඒවාය.අල්-බාබ් නගරය අල්ලා ගැනීමට දැරූ උත්සාහයන් රැසකදී තුර්කියට බරපතල හානි සිදුවිය.නිල නොවන වාර්තාවලට අනුව තුර්කි පාර්ශ්වයෙන් සටන්කරුවන් 500ක් පමණ මියගොස් යුදෝපකරණ ඒකක 30ක් පමණ ත්රස්තවාදීන් අතට පත්ව තිබේ.තුර්කි මූලාශ්‍රවලට අනුව ඔවුන්ගේ ප්‍රහාර හමුවේ ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් 400ක් පමණ මියගොස් තිබේ.තුර්කි හමුදාවේ අසාර්ථකත්වය හමුවේ 2016 දෙසැම්බර් මස 29දා රුසියානු ගුවන් හමුදාව පළමුවරට අල්-බාබ් නගරයේ ත්රස්තවාදීන්ගේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කල බවට වාර්තා විය.එම වාර්තා තුර්කි බලධාරීන් විසින් තහවුරු කරන ලදි.
තුර්කියේ ඔපරේෂන් යුප්‍රටීස් ෂීල්ඩ් මෙහෙයුමේ නරකම දිනය වූයේ 2016 දෙසැම්බර් මස 21 දාය.ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන්ගේ බලකොටුවක් වූ අල්-බාබ් නගරයේ සිදුවූ සටන්වලින් එදින තුර්කි සෙබලුන් 26දෙනෙක් මරණයට පත්විය.තුර්කි යුද ටැංකි සහ සන්නාහ සන්නද්ධ රථ සිරියාවේදී දැඩි පසුබෑමකට ලක්වූයේ ඒවා යුද ටැංකි නාශක අවි හමුවේ දැඩි ලෙස අනාරක්ෂිත වීම නිසාය.විශේෂයෙන් එක්සත් ජනපදයේ නිෂ්පාදිත එම්-60 පැටන් යුද ටැංකි ත්රස්තවාදීන්ගේ ප්‍රහාර හමුවේ ගිනි ගෙන විනාශ වීම සුලභ දසුනක් බවට පත්විය.ප්‍රහාර හමුවේ තුර්කි යුද ටැංකි දුසිමක් පමණ අහිමිවිය.මෙහෙයුම ආරම්භයේදී තුර්කි-සිරියා දේශසීමාව අසල සිටි ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් පසුබැස ගියහ.එහි ප්‍රතිඵලය පහසු ජයග්‍රහණයක් තුර්කියට ලැබීමයි.නමුත් තුර්කිය ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන්ට සහ කුර්දි හමුදාවලට පහරදීමට තීරණය කිරීමත් සමග ඔවුන් අලුතින් ප්‍රශ්න ඇතිකරගත්තේය.ත්රස්තවාදීන් අත්හැර දමා ගිය ගම්මානවල සඟවා තිබූ මර උගුල් නිසා තුර්කි සහාය ලබන සටන්කාමීන්ට ජීවිත අහිමි වූයේ සතුරුන් සමග කිසිදු සටනක් නොමැතිවයි.
අල්-බාබ් නගරය අල්ලාගැනීමට දැරූ අසාර්ථක උත්සාහයන් හමුවේ තුර්කි හමුදාවට සහ එරට සහාය ලබන සටන්කාමීන් යුදෝපකරණ රැසක් අත හැර දමා පසුබැස ගියහ.මෙලෙස අතහැර දමාගිය දෑ අතර ලොව හොදම යුද ටැංකි අතරට වැටෙනවා යැයි සැලකෙන ජර්මනියේ නිෂ්පාදිත ලෙපර්ඩ් 2ඒ4 යුද ටැංකිද තිබීම විශේෂත්වයකි.ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදී සංවිධානයට සම්බන්ධ යැයි සැලකෙන ප්රවෘත්ති ආයතනයක් වන "ඇමැක්" හි වෙබ් අඩවියේ එලෙස අතහැර දමාගිය යුද ටැංකි ඇතුලුව යුදෝපකරණවල ඡායාරූප පසුගිය මාසයේ 22දා පළකර තිබිණි.වෙබ් අඩවියේ සඳහන් වන පරිදි ආසන්න දිනවලදී සිදුවූ සටන්වලින් සහ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් තුර්කියට සටන්කරුවන් 70ක් පමණ අහිමිවූ බව කියවේ.
දෙසැම්බර් මස 22දා ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තාවාදී සංවිධානයේ තුන්වන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ප්‍රදේශයේ සිටි තුර්කි හමුදාව ඉලක්ක කරගෙන එල්ල විය.ඉන්පසු ත්රස්තවාදීන් තුර්කි හමුදා සමග ගැටිණි.එහි ප්‍රතිඵලය වූයේ තුර්කියේ සහාය ලබන සටන්කාමීන් බටහිර අල්-බාබ් හි සිට අස්රාක් වෙත පසුබැසීම බව ඇමැක් පුවත් සේවය වාර්තා කරන ලදි.සටන්වලින් සිය හමුදාවේ 16 දෙනෙක් මරණයට පත්වූ බව තුර්කිය හමුදාව තහවුරු කරන ලදි.නමුත් තුර්කිය දෙසින් ඇසෙන ප්‍රකාශවලින් කියවෙන්නේ ඔවුන් ඉස්ලාමීය රාජ්‍යය සටන්කරුවන් 67 දෙනෙක් මරාදැමූ බවත් ඔවුන්ගේ ඉලක්ක 90ක් විනාශ කර දැමූ බවත්ය.
ලෙපර්ඩ් 2ඒ4 යනු ජර්මනියේ ලිපර්ඩ් 2 යුද ටැංකි පවුලේ වඩාත් පුළුල්ව භාවිතා කරන මොඩලයයි.2005 වර්ෂයේදී තුර්කිය ලිපර්ඩ් 2 යුද ටැංකි 298ක් ගෙන්වීමට නියම කරන ලදි.සිරියාව තුල ලිපර්ඩ් 2ඒ4 යුද ටැංකි මෙහෙයවන්නේ තුර්කි හමුදාවේ සෙබලුන් පමණි.ඒවා තුර්කියේ සහාය ලබන සටන්කාමීන්ට සපයා දී නොමැත.
2016 දෙසැම්බර් මාසයේ අග භාගයේදී ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් විසින් අත්පත් කරගත් තුර්කි හමුදාවට අයත් යුදෝපකරණවල ඡායාරූප පෙළක් පහත දක්වා තිබේ.ඒවා අතර ලෙපර්ඩ් 2ඒ4 ප්‍රධාන සංග්‍රාමික යුද ටැංකි දෙකක්,එක් ඒසීවී-15 රථයක්,බුල්ඩෝසරයක් තිබේ.ඊට අමතරව තුර්කි හමුදා භාවිතා කල විවිධ අවි වර්ගද තිබිණි.
සිරියාවේ උතුරුදිග නගරයක් වන අල්-බාබ් හි අල් ෆාවුක් රෝහල අල්ලාගැනීමට තුර්කි විශේෂ බලකා සෙබලුන් දියත් කල සටනේදී මෙම යුදෝපකරණ ත්රස්තවාදීන් යටතට පත්ව තිබේ.තුර්කි ආරක්ෂක අමාත්‍යවරයා වන ෆයික්රි අසික් පසුගිය මස 22 දා එරට පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මේ දක්වා තුර්කිය සිරියාව තුල දියත්කල සටන්වලින් ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් 1005 සහ කුර්දි හමුදාවේ සටන්කරුවන් 299ක් මරණයට පත්වූ බවයි.අල්-බාබ් නගරයේ රෝහල ආශ්රිත ප්‍රදේශය අල්ලාගැනීමෙන් පසුව නගරයේ ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන්ගේ ආධිපත්‍යයෙන් විශාල කොටසක් බිද වැටෙන බව තුර්කිය ප්‍රකාශ කරයි.
2016 දෙසැම්බර් 22 දා රාත්රියේදී ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් නිකුත් කල වීඩියෝවක දැක්වුනේ අත් අඩංගුවට පත්වූ තුර්කි හමුදා සෙබලුන් දෙදෙනෙක් පණ පිටින් ගිනි තබන අයුරුය.මොවුන් දෙදෙනා නොවැම්බර් මාසයේ අගදී උතුරුදිග අල්-බාබ් නගරය ආසන්නයේ අල්-ඩානා හිදී ත්රස්තවාදීන්ගේ ග්‍රහණයට පත්වූ බවට සැක කෙරේ.ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් තුර්කි හමුදා සමාජිකයින් මෙලෙස ඝාතනය කලේ පළමුවරටයි.
2016 දෙසැම්බර් මාසයේ අවසන් භාගය, සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් සමග සටන වැදී සිටින තුර්කි හමුදාවට දැවැන්ත පරාජය අත්කර දුන්බවට දැන් ලැබෙන වාර්තාවලින් පැහැදිලිය.අල්-බාබ් නගරයට එහි බටහිර දෙසින් ඇතුලුවන්නට තුර්කි හමුදාව අවස්ථා කිහිපයකදී උත්සාහ දැරීය.දෙසැම්බර් මස 25 දා තුර්කියට පක්ෂපාතී මූලාශ්‍ර උපුටා දැක්වූයේ තුර්කි හමුදාව සහ එහි සහාය ලබන සටන්කාමීන් අල්-බාබ් නගරයේ රෝහල අල්ලාගෙන ෂෙකිහ් අකිල් ප්‍රදේශය දෙසට ගමන් කරන බවයි.නමුත් එය තහවුරු කිරීමට ඡායාරූප හෝ වීඩියෝ පට ඉදිරිපත් කිරීමට ඔවුන් අසමත්විය.දේශීය මූලාශ්‍රවලට අනුව නම් තවමත් රෝහල ආශ්‍රිතව දරුණු ගැටුම් පවතියි.තමන්ගේ සාර්ථකත්වය පෙන්වීමට ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් පහත ඡායාරූප පෙල මාධ්‍ය වෙත නිකුත් කර තිබිණි.ඒවාහි දැක්වෙන්නේ තුර්කි හමුදා අල්-බාබ් ප්‍රදේශයේ අතහැර දමාගිය යුද ටැංකි සහ අනෙකුත් සන්නද්ධ රථයි.
තුර්කි හමුදාව දෙසැම්බර් මස අගභාගයේදී සිරියාවේ මෙහෙයුම් සඳහා තවත් විශේෂ බලකා සෙබලුන් අනියුක්ත කල බවත් අමතර කාලතුවක්කු ඇතුලු බර අවි සිරියාවේ අල්-බාබ් නගරාසන්නයට ගෙන ආ බවටත් දේශීය මූලාශ්‍ර විසින් වාර්තා කරයි.දෙසැම්බර් 25 වන විට තුර්කිය විසින් අල්-බාබ් නගරයේ රෝහල අල්ලාගත් බවට කරුණු ගෙන හැර දැක්වුවද වීඩියෝපට වලින් ලබාදුන් සාක්ෂි ඔස්සේ එම ප්‍රකාශ අසත්‍ය බව හෙළිවිය.දේශීය ස්වාධීන වාර්තාකරුවන්ට අනුව තුර්කි හමුදාවට තවමත් ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන්ගේ පළමු ආරක්ෂක වළල්ල හෝ බිඳ දැමීමට හැකියාව ලැබී නැත.
ප්‍රධාන පෙළේ මාධ්‍ය සහ සිරියානු රාජ්‍ය විරෝධී විපක්ෂයට පක්ෂපාතී මූලාශ්‍ර නම් තුර්කි විශේෂ බලකා මෙහෙයුම්වල යොදවා ඇතිබවට පැතිර යන ආරංචි ප්‍රතික්ෂේප කරයි.නමුත් ඉදිරි පෙරමුණේ විශාල වශයෙන් තුර්කි හමුදා සෙබලුන් යොදවා ඇතිබව මාධ්‍ය වෙත නිකුත් කර තිබෙන ඡායාරූපවලින් පෙනේ.ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් දුටුවිට නිදහස් සිරියානු හමුදාවේ සටන්කරුවන් පළායන බව පසුගියදා වාර්තා විය.මෙම තත්ත්වය හමුවේ තුර්කිය සිය හමුදා සෙබලුන් වැඩි පිරිසක් සිරියාවට එවීම පුදුමයට කරුණක් නොවේ.
අල්-බාබ් සටනේදී තුර්කි හමුදා අතහැර ගිය කොබ්රා සන්නද්ධ රථයක ඡායාරූප පසුගිය සිකුරාදා එනම් 2016 දෙසැම්බර් මස 30 වෙනිදා ඇමැක් පුවත් ඒජන්සිය විසින් සිය වෙබ් අඩවියේ පළකර තිබිණි.කොබ්රා යනු තුර්කිය විසින් නිෂ්පාදනය කරන පාබල හමුදා ප්‍රවාහනයට යොදවා ඇති රථයකි.එය තුර්කි හමුදා විසින් භාවිතා කරන්නේ 1997 වර්ෂයේ පටන්ය.
අල්-බාබ් සටන තුර්කියට කොතරම් විශාල හානියක් අත්කර දුන්නේද යන්න පැහැදිලි කල හැකි මූලාශ්‍රයක් reddit.com වෙබ් අඩවියේ පළකර තිබිණි(එහි අන්තර්ගතය තහවුරු කර නොමැත).එහි දක්වා තිබුණේ ගැටුම්වලදී විනාශ වූ හෝ ත්රස්තවාදීන් අතට පත්වූ සන්නද්ධ රථ සහ යුද ටැංකිය.මූලාශ්‍රයට අනුව නම් තුර්කි හමුදාවට අයත් ලෙපර්ඩ් 2ඒ4 යුද ටැංකි 10ක්,එම්60ටී යුද ටැංකියක්,සන්නාහ සන්නද්ධ රථ දෙකක්,රෝද සහිත උපායමාර්ගික සන්නද්ධ රථයක් සහ වැඩි දියුණු කල සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථයක් විනාශ වී හෝ අහිමිවී තිබේ.ඒවායින් බහුතරයක් යුද ටැංකි නාශක මිසයිල ප්‍රහාරවලට ලක්ව තිබේ.
දළ වශයෙන් තුර්කි හමුදාවට සිදුවන තිබෙන සම්පුර්ණ හානිය ඇ.ඩො. 18,000,000-19,000,000 අතර වේ.ලෙපර්ඩ් 2ඒ4 යුද ටැංකියක් ඇ.ඩො. 1,442,953 ක්ද ,එම්60ටී යුද ටැංකියක් ඇ.ඩො.4,000,000ක් ,කොබ්රා රථයක් ඇ.ඩො. 150,000ක් ලෙසද ගණන් බැලූ විට ඇ.ඩො. මිලියන 18-19 හානියක් අල්-බාබ් සටන තුල පමණක් තුර්කියට සිදුව තිබේ.
Source:southfront.org
-HarshaLulzSec-

උතුරුදිග සිරියාව

2016 නොවැම්බර්-දෙසැම්බර් මාසවලදී අල්-බාබ් නගරය ආසන්නයේ තත්ත්වය-උතුරු දෙසින් කොළ පැහැයෙන් දක්වා තිබෙන්නේ තුර්කි හමුදා විසින් අල්ලාගත් ප්රදේශයි
ඉන්පසුව මාස ගණනක් තිස්සේ එතරම් ප්රතිවිරෝධයක් නොමැතිව ඉදිරියට ගමන් කරමින් සිටි තුර්කි හමුදාවලට යුද්ධයේ නියම රසය දැනෙන්නට පටන් ගත්තේ අල්-බාබ් ආක්රමණයත් සමගයි.නොවැම්බර් 6 වෙනිදා තුර්කියේ සහාය ලබන සටන්කාමීන් තුර්කි ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාරවල සහාය ඇතිව දකුණු දෙසින් අල්-බාබ් නගරය දෙසට ගමන් කිරීම ඇරඹීය.නොවැම්බර් මස 14 දා ඔවුන් නගරයේ උතුරුදිග ප්‍රදේශයට ලගා විය.නමුත් මෙම මෙහෙයුමට ඇමෙරිකානු සහාය ලැබුණේ නැත.
තුර්කි හමුදාවට අයත් එම්60ටී සබ්රා යුද ටැංකියක්(M60T Sabra) අල්-බාබ් නගරාසන්නයේ
මේවන විටත් අල්-බාබ් නගරය අල්ලා ගැනීමට තුර්කි හමුදා සහ ඔවුන්ගේ සහාය ලබන සටන්කාමීන් දැඩි සටනක යෙදී සිටියි.නමුත් ඔවුන්ට 2016 වර්ෂය අවසන් වන්නට පෙර නගරයේ බලය තහවුරු කරගැනීමට ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් ඉඩ ලබා නොදුන්හ.තුර්කි හමුදා නගරය අල්ලා ගැනීමට දියත් කල ප්‍රහාර රැසක් ව්‍යර්ථ කිරීමට ඉස්ලාමී රාජ්‍යය ත්රස්තවාදීන් සමත්විය.ත්රස්තවාදීන්,තුර්කි හමුදාවට එරෙහිව යොදාගන්නා ප්රබලතම අවියක් වන්නේ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයි.මේවා බොහෝවිට කාර්,ට්‍රක් රථ යොදාගෙන සිදුකරන ඒවාය.අල්-බාබ් නගරය අල්ලා ගැනීමට දැරූ උත්සාහයන් රැසකදී තුර්කියට බරපතල හානි සිදුවිය.නිල නොවන වාර්තාවලට අනුව තුර්කි පාර්ශ්වයෙන් සටන්කරුවන් 500ක් පමණ මියගොස් යුදෝපකරණ ඒකක 30ක් පමණ ත්රස්තවාදීන් අතට පත්ව තිබේ.තුර්කි මූලාශ්‍රවලට අනුව ඔවුන්ගේ ප්‍රහාර හමුවේ ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් 400ක් පමණ මියගොස් තිබේ.තුර්කි හමුදාවේ අසාර්ථකත්වය හමුවේ 2016 දෙසැම්බර් මස 29දා රුසියානු ගුවන් හමුදාව පළමුවරට අල්-බාබ් නගරයේ ත්රස්තවාදීන්ගේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කල බවට වාර්තා විය.එම වාර්තා තුර්කි බලධාරීන් විසින් තහවුරු කරන ලදි.
තුර්කි ගුවන් හමුදාව ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ගේ ඉලක්කවලට බෝම්බ හෙළන අයුරු ඩ්‍රෝන් යානයක කැමරාවේ සටහන් වූ අයුරු
තුර්කියේ ඔපරේෂන් යුප්‍රටීස් ෂීල්ඩ් මෙහෙයුමේ නරකම දිනය වූයේ 2016 දෙසැම්බර් මස 21 දාය.ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන්ගේ බලකොටුවක් වූ අල්-බාබ් නගරයේ සිදුවූ සටන්වලින් එදින තුර්කි සෙබලුන් 26දෙනෙක් මරණයට පත්විය.තුර්කි යුද ටැංකි සහ සන්නාහ සන්නද්ධ රථ සිරියාවේදී දැඩි පසුබෑමකට ලක්වූයේ ඒවා යුද ටැංකි නාශක අවි හමුවේ දැඩි ලෙස අනාරක්ෂිත වීම නිසාය.විශේෂයෙන් එක්සත් ජනපදයේ නිෂ්පාදිත එම්-60 පැටන් යුද ටැංකි ත්රස්තවාදීන්ගේ ප්‍රහාර හමුවේ ගිනි ගෙන විනාශ වීම සුලභ දසුනක් බවට පත්විය.ප්‍රහාර හමුවේ තුර්කි යුද ටැංකි දුසිමක් පමණ අහිමිවිය.මෙහෙයුම ආරම්භයේදී තුර්කි-සිරියා දේශසීමාව අසල සිටි ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් පසුබැස ගියහ.එහි ප්‍රතිඵලය පහසු ජයග්‍රහණයක් තුර්කියට ලැබීමයි.නමුත් තුර්කිය ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන්ට සහ කුර්දි හමුදාවලට පහරදීමට තීරණය කිරීමත් සමග ඔවුන් අලුතින් ප්‍රශ්න ඇතිකරගත්තේය.ත්රස්තවාදීන් අත්හැර දමා ගිය ගම්මානවල සඟවා තිබූ මර උගුල් නිසා තුර්කි සහාය ලබන සටන්කාමීන්ට ජීවිත අහිමි වූයේ සතුරුන් සමග කිසිදු සටනක් නොමැතිවයි.
අල්-බාබ් නගරාසන්නයේ තත්ත්වය-2016 දෙසැම්බර් මස 22
අල්-බාබ් ප්‍රදේශයේ නිදහස් සිරියානු හමුදාවේ සටන්කරුවන් සහ තුර්කි හමුදාවේ යුද ටැංකි
අල්-බාබ් නගරය අල්ලාගැනීමට දැරූ අසාර්ථක උත්සාහයන් හමුවේ තුර්කි හමුදාවට සහ එරට සහාය ලබන සටන්කාමීන් යුදෝපකරණ රැසක් අත හැර දමා පසුබැස ගියහ.මෙලෙස අතහැර දමාගිය දෑ අතර ලොව හොදම යුද ටැංකි අතරට වැටෙනවා යැයි සැලකෙන ජර්මනියේ නිෂ්පාදිත ලෙපර්ඩ් 2ඒ4 යුද ටැංකිද තිබීම විශේෂත්වයකි.ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදී සංවිධානයට සම්බන්ධ යැයි සැලකෙන ප්රවෘත්ති ආයතනයක් වන "ඇමැක්" හි වෙබ් අඩවියේ එලෙස අතහැර දමාගිය යුද ටැංකි ඇතුලුව යුදෝපකරණවල ඡායාරූප පසුගිය මාසයේ 22දා පළකර තිබිණි.වෙබ් අඩවියේ සඳහන් වන පරිදි ආසන්න දිනවලදී සිදුවූ සටන්වලින් සහ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් තුර්කියට සටන්කරුවන් 70ක් පමණ අහිමිවූ බව කියවේ.
Amaq නම් ප්රවෘත්ති ඒජන්සියේ වෙබ් අඩවිය සිද්ධිය වාර්තා කර තිබූ අයුරු
දෙසැම්බර් මස 22දා ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තාවාදී සංවිධානයේ තුන්වන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ප්‍රදේශයේ සිටි තුර්කි හමුදාව ඉලක්ක කරගෙන එල්ල විය.ඉන්පසු ත්රස්තවාදීන් තුර්කි හමුදා සමග ගැටිණි.එහි ප්‍රතිඵලය වූයේ තුර්කියේ සහාය ලබන සටන්කාමීන් බටහිර අල්-බාබ් හි සිට අස්රාක් වෙත පසුබැසීම බව ඇමැක් පුවත් සේවය වාර්තා කරන ලදි.සටන්වලින් සිය හමුදාවේ 16 දෙනෙක් මරණයට පත්වූ බව තුර්කිය හමුදාව තහවුරු කරන ලදි.නමුත් තුර්කිය දෙසින් ඇසෙන ප්‍රකාශවලින් කියවෙන්නේ ඔවුන් ඉස්ලාමීය රාජ්‍යය සටන්කරුවන් 67 දෙනෙක් මරාදැමූ බවත් ඔවුන්ගේ ඉලක්ක 90ක් විනාශ කර දැමූ බවත්ය.
තුර්කි හමුදාව අතහැර දමා ගිය ලෙපර්ඩ් 2 යුද ටැංකියක් සහ බුල්ඩෝසරය
ලෙපර්ඩ් 2ඒ4 යනු ජර්මනියේ ලිපර්ඩ් 2 යුද ටැංකි පවුලේ වඩාත් පුළුල්ව භාවිතා කරන මොඩලයයි.2005 වර්ෂයේදී තුර්කිය ලිපර්ඩ් 2 යුද ටැංකි 298ක් ගෙන්වීමට නියම කරන ලදි.සිරියාව තුල ලිපර්ඩ් 2ඒ4 යුද ටැංකි මෙහෙයවන්නේ තුර්කි හමුදාවේ සෙබලුන් පමණි.ඒවා තුර්කියේ සහාය ලබන සටන්කාමීන්ට සපයා දී නොමැත.
2016 දෙසැම්බර් මාසයේ අග භාගයේදී ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් විසින් අත්පත් කරගත් තුර්කි හමුදාවට අයත් යුදෝපකරණවල ඡායාරූප පෙළක් පහත දක්වා තිබේ.ඒවා අතර ලෙපර්ඩ් 2ඒ4 ප්‍රධාන සංග්‍රාමික යුද ටැංකි දෙකක්,එක් ඒසීවී-15 රථයක්,බුල්ඩෝසරයක් තිබේ.ඊට අමතරව තුර්කි හමුදා භාවිතා කල විවිධ අවි වර්ගද තිබිණි.
තුර්කි හමුදාව පසුබැස යද්දී දමාගිය ජර්මනියේ නිෂ්පාදිත ලෙපර්ඩ්2 යුද ටැංකි දෙකක්
ISIS ත්රස්තවාදීන් අතට පත්වූ තුර්කි හමුදාවේ ACV-15 රථයක්
ISIS ත්රස්තවාදීන් විසින් අත්පත් කරගත් තුර්කි හමුදාවේ අවි සහ උණ්ඩ
ත්‍රස්තවාදියෙක් තුර්කි ධඡය පාගා දමන අයුරු
තුර්කි හමුදාව දමා ගිය තවත් උණ්ඩ
තුර්කි හමුදාවට අයත්ව තිබූ ලෙපර්ඩ්-2ඒ4 යුද ටැංකියක් සහ බුල්ඩෝසරයක්
යුද ටැංකි අවට ගැවසෙන ත්රස්තවාදීන්
දකුණුපසින් තවත් ලෙපර්ඩ් යුද ටැංකියක් දිස්වේ
සටන් බිමේ වැටී තිබෙන තුර්කි හමුදාවේ ඇදුම් සහ උණ්ඩ
ත්රස්තවාදීන් යුද ටැංකියක් තුලට පිවිසෙමින්
තුර්කි හමුදා සහ තුර්කි සටන්කාමීන් දමා ගිය අවි
වීඩියෝව මෙතනින් බලන්න
සිරියාවේ උතුරුදිග නගරයක් වන අල්-බාබ් හි අල් ෆාවුක් රෝහල අල්ලාගැනීමට තුර්කි විශේෂ බලකා සෙබලුන් දියත් කල සටනේදී මෙම යුදෝපකරණ ත්රස්තවාදීන් යටතට පත්ව තිබේ.තුර්කි ආරක්ෂක අමාත්‍යවරයා වන ෆයික්රි අසික් පසුගිය මස 22 දා එරට පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මේ දක්වා තුර්කිය සිරියාව තුල දියත්කල සටන්වලින් ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් 1005 සහ කුර්දි හමුදාවේ සටන්කරුවන් 299ක් මරණයට පත්වූ බවයි.අල්-බාබ් නගරයේ රෝහල ආශ්රිත ප්‍රදේශය අල්ලාගැනීමෙන් පසුව නගරයේ ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන්ගේ ආධිපත්‍යයෙන් විශාල කොටසක් බිද වැටෙන බව තුර්කිය ප්‍රකාශ කරයි.
අල්-බාබ් නගරයේ රෝහල
2016 දෙසැම්බර් 22 දා රාත්රියේදී ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් නිකුත් කල වීඩියෝවක දැක්වුනේ අත් අඩංගුවට පත්වූ තුර්කි හමුදා සෙබලුන් දෙදෙනෙක් පණ පිටින් ගිනි තබන අයුරුය.මොවුන් දෙදෙනා නොවැම්බර් මාසයේ අගදී උතුරුදිග අල්-බාබ් නගරය ආසන්නයේ අල්-ඩානා හිදී ත්රස්තවාදීන්ගේ ග්‍රහණයට පත්වූ බවට සැක කෙරේ.ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් තුර්කි හමුදා සමාජිකයින් මෙලෙස ඝාතනය කලේ පළමුවරටයි.
ඝාතනයට ලක්වූ තුර්කි සෙබලුන් දෙදෙනා
ගිනි තබා ඝාතනය කරන අයුරු
2016 දෙසැම්බර් මාසයේ අවසන් භාගය, සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් සමග සටන වැදී සිටින තුර්කි හමුදාවට දැවැන්ත පරාජය අත්කර දුන්බවට දැන් ලැබෙන වාර්තාවලින් පැහැදිලිය.අල්-බාබ් නගරයට එහි බටහිර දෙසින් ඇතුලුවන්නට තුර්කි හමුදාව අවස්ථා කිහිපයකදී උත්සාහ දැරීය.දෙසැම්බර් මස 25 දා තුර්කියට පක්ෂපාතී මූලාශ්‍ර උපුටා දැක්වූයේ තුර්කි හමුදාව සහ එහි සහාය ලබන සටන්කාමීන් අල්-බාබ් නගරයේ රෝහල අල්ලාගෙන ෂෙකිහ් අකිල් ප්‍රදේශය දෙසට ගමන් කරන බවයි.නමුත් එය තහවුරු කිරීමට ඡායාරූප හෝ වීඩියෝ පට ඉදිරිපත් කිරීමට ඔවුන් අසමත්විය.දේශීය මූලාශ්‍රවලට අනුව නම් තවමත් රෝහල ආශ්‍රිතව දරුණු ගැටුම් පවතියි.තමන්ගේ සාර්ථකත්වය පෙන්වීමට ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් පහත ඡායාරූප පෙල මාධ්‍ය වෙත නිකුත් කර තිබිණි.ඒවාහි දැක්වෙන්නේ තුර්කි හමුදා අල්-බාබ් ප්‍රදේශයේ අතහැර දමාගිය යුද ටැංකි සහ අනෙකුත් සන්නද්ධ රථයි.
පහත දැක්වෙන්නේ තුර්කි හමුදාව විසින් අතහැර දමා ගිය ලෙපර්ඩ්-2 යුද ටැංකි කිහිපයකි
පසුබසිද්දී අත්හැර දැමූ තවත් තුර්කි යුද ටැංකියක්-බොහෝවිට එම්60ටී යුද ටැංකියක් වියහැකිය
අත්හැර දැමූ පුද්ගල ප්‍රවාහන රථයක්
පසුබසිද්දී අත්හැර දැමූ තවත් තුර්කි යුද ටැංකියක්-බොහෝවිට එම්60ටී යුද ටැංකියක් වියහැකිය
අත්හැර දැමූ පුද්ගල ප්‍රවාහන රථයක්
තුර්කි හමුදාව දෙසැම්බර් මස අගභාගයේදී සිරියාවේ මෙහෙයුම් සඳහා තවත් විශේෂ බලකා සෙබලුන් අනියුක්ත කල බවත් අමතර කාලතුවක්කු ඇතුලු බර අවි සිරියාවේ අල්-බාබ් නගරාසන්නයට ගෙන ආ බවටත් දේශීය මූලාශ්‍ර විසින් වාර්තා කරයි.දෙසැම්බර් 25 වන විට තුර්කිය විසින් අල්-බාබ් නගරයේ රෝහල අල්ලාගත් බවට කරුණු ගෙන හැර දැක්වුවද වීඩියෝපට වලින් ලබාදුන් සාක්ෂි ඔස්සේ එම ප්‍රකාශ අසත්‍ය බව හෙළිවිය.දේශීය ස්වාධීන වාර්තාකරුවන්ට අනුව තුර්කි හමුදාවට තවමත් ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන්ගේ පළමු ආරක්ෂක වළල්ල හෝ බිඳ දැමීමට හැකියාව ලැබී නැත.
අල්-බාබ් නගරයේ සිටින ත්රස්තවාදීන්ගේ ඉදිරි ආරක්ෂක වළලු
අල්-බාබ් හි රෝහල
අල්-බාබ් හි රෝහල
ප්‍රධාන පෙළේ මාධ්‍ය සහ සිරියානු රාජ්‍ය විරෝධී විපක්ෂයට පක්ෂපාතී මූලාශ්‍ර නම් තුර්කි විශේෂ බලකා මෙහෙයුම්වල යොදවා ඇතිබවට පැතිර යන ආරංචි ප්‍රතික්ෂේප කරයි.නමුත් ඉදිරි පෙරමුණේ විශාල වශයෙන් තුර්කි හමුදා සෙබලුන් යොදවා ඇතිබව මාධ්‍ය වෙත නිකුත් කර තිබෙන ඡායාරූපවලින් පෙනේ.ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් දුටුවිට නිදහස් සිරියානු හමුදාවේ සටන්කරුවන් පළායන බව පසුගියදා වාර්තා විය.මෙම තත්ත්වය හමුවේ තුර්කිය සිය හමුදා සෙබලුන් වැඩි පිරිසක් සිරියාවට එවීම පුදුමයට කරුණක් නොවේ.
පහත දැක්වෙන්නේ අල්-බාබ් නගරාසන්නයේ සිටින තුර්කි හමුදා සෙබලුන් සහ සටන් වලින් මිය ගිය ත්රස්තවාදීන්ගේ මළසිරුරුය.
අල්-බාබ් සටනේදී තුර්කි හමුදා අතහැර ගිය කොබ්රා සන්නද්ධ රථයක ඡායාරූප පසුගිය සිකුරාදා එනම් 2016 දෙසැම්බර් මස 30 වෙනිදා ඇමැක් පුවත් ඒජන්සිය විසින් සිය වෙබ් අඩවියේ පළකර තිබිණි.කොබ්රා යනු තුර්කිය විසින් නිෂ්පාදනය කරන පාබල හමුදා ප්‍රවාහනයට යොදවා ඇති රථයකි.එය තුර්කි හමුදා විසින් භාවිතා කරන්නේ 1997 වර්ෂයේ පටන්ය.
අල්-බාබ් සටන තුර්කියට කොතරම් විශාල හානියක් අත්කර දුන්නේද යන්න පැහැදිලි කල හැකි මූලාශ්‍රයක් reddit.com වෙබ් අඩවියේ පළකර තිබිණි(එහි අන්තර්ගතය තහවුරු කර නොමැත).එහි දක්වා තිබුණේ ගැටුම්වලදී විනාශ වූ හෝ ත්රස්තවාදීන් අතට පත්වූ සන්නද්ධ රථ සහ යුද ටැංකිය.මූලාශ්‍රයට අනුව නම් තුර්කි හමුදාවට අයත් ලෙපර්ඩ් 2ඒ4 යුද ටැංකි 10ක්,එම්60ටී යුද ටැංකියක්,සන්නාහ සන්නද්ධ රථ දෙකක්,රෝද සහිත උපායමාර්ගික සන්නද්ධ රථයක් සහ වැඩි දියුණු කල සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථයක් විනාශ වී හෝ අහිමිවී තිබේ.ඒවායින් බහුතරයක් යුද ටැංකි නාශක මිසයිල ප්‍රහාරවලට ලක්ව තිබේ.
අන්තර්ජාලයේ පළවූ ඡායාරූප සහ වීඩියෝපටවලට අනුව නම් මෙම සංඛ්‍යාලේඛනය සැබෑ හානියට බොහෝ සමාන බව පෙනේ.
ලැයිස්තුවේ ඉංග්‍රීසි පරිවර්තනය
දළ වශයෙන් තුර්කි හමුදාවට සිදුවන තිබෙන සම්පුර්ණ හානිය ඇ.ඩො. 18,000,000-19,000,000 අතර වේ.ලෙපර්ඩ් 2ඒ4 යුද ටැංකියක් ඇ.ඩො. 1,442,953 ක්ද ,එම්60ටී යුද ටැංකියක් ඇ.ඩො.4,000,000ක් ,කොබ්රා රථයක් ඇ.ඩො. 150,000ක් ලෙසද ගණන් බැලූ විට ඇ.ඩො. මිලියන 18-19 හානියක් අල්-බාබ් සටන තුල පමණක් තුර්කියට සිදුව තිබේ.
Source:southfront.org
-HarshaLulzSec-
Last edited:
උන්ට අව්ල තියෙන්නේ කුර්දි කාරයෝ ඔතන අල්ලනවට. ඔතන ඇල්ලුවොත් තුර්කියේ දේශසීමාවෙන් වැඩි කොටඅක් කුරුදි කාරයොත් එක්ක ශෙයා කරගන්න වෙන්නේ
දැන් ඒගමන ඇමරිකාව වැඩේ අව්ල් යන බව තේරිලා අමරිකාව බෝම්බ දාන්න පටන් අරං.