තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දේහය ගැන &#3524

maheerulz

Member
Jun 5, 2013
587
95
0
Maharagama
අපි ඉස්කෝලෙ යන දවස්වල රාහුල හාමුදුරුවෝ වැඩ හිටපු පන්සලට ගියා trip එකක්.. එතන වෙනම කෞතුකාගාරයක් වගේ හදල තියෙනව හාමුදුරුවන්ගෙ.. දැනට පෙත්සම් බර ගානක් ලියල තියෙනවලු මේ දේහය ලංකාවට ගෙන්න ගන්න.. ඒ හාමුදුරුවරු කියන විදිහට පන්සල් භුමිය යට නිදන් වෙලා තියෙනවලු බෙහෙත් ඔරු.. දේහය ගෙනැත් ඒ බෙහෙත් ඔරු ගොඩ අරන් ඒවගේ දාල කාලයක් බෙහෙත් කරල, මව්කිරි කල කොච්චරක්ද ගානකින් හෝදලා ඔන්න ඔහොම මොනවද කලාම පණ ගන්න පුළුවන්ලු ආයෙත්.. දැන්නම් දිරාපත් වෙනවා කියන නිසා කොහොමද දන්නේ නෑ..
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
:angry::angry: බොරු කියන්න එපා බන්. උබලත් හම්බයන් වගේ තමයි අපේ ඒවාටම කෙලින්නමයි හදන්නේ.

අපවත් වීම පිළිබඳ ජනප්‍රවාද

සවැනි පැරකුම්බා රජුගෙන් පසු සිහසුනට පත් උලකුඩය දේවියගේ පුත් ජයවීර පරාක්‍රමබාහු රජු ඝාතනය කළ සපුමල් කුමරු ශ්‍රී භුවනෙකබාහු නමින් රජ බවට පත් වූ පසු රාහුල හිමියන් පිළිබඳ කිසිදු වාර්තාවක් අසන්නට නොලැබේ. කළකිරුණු සිත් ඇති රාහුල හිමියන් පිරුවන්වාසය හා රාජසභා ආශ්‍රය අතහැර පස්දුන් කෝරළේ ඉඳුරුගල නම් පර්වතයක වූ ගල් ලෙනක වාසය කළ බව ද මරණාසන්න කාලයෙහි සිද්ධාලෝක නම් ඖෂධයක් වළඳා මෘත ශරීරය නොදිරන ලෙස සලස්වා අපවත් වූ බව ද කලක් නොදිරා පැවතුණු දේහය පෘතුගීසීන් විසින් ගෝවට ගෙන යන ලද බව ද ජනප්‍රවාදයෙහි එයි.

"සතුරු සිංහල සාවියර් සෙන්පතිහු යුදයට පත් වතාවේ
ඉඳුරු ගල ගල් ලෙනේ යක් සෙන් අරග්ගනිමින් තිබු මනාවේ
අතුරු අවුරුදු දහස් ගණනක් පවතිනුව කළ මතුරු ජීවේ
මහරු රාහුල තෙරිඳුගේ මළ සිරුර ගෙන ගොස් තැබිය ගෝවේ"
 
iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    හරි වැරැද්දක් දන්නේ නැහැ මචන්...මේක තමයි ගොඩක් අය දන්න කථාව..පුළුවන් නම් හොයලා දාපන් මචන් හරි දේ...මමත් තව හොයලා බලන්නම්කෝ...:rolleyes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහාචාර්ය නලින් ද සිල්වා, ඔහුගේ මේ දේශනයේදී කියනවා, අර නාථ දෙවියන් හා සම්බන්ධ වෙන කාන්තාව හරහා ඔහු, තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දිව්‍ය ආත්මය සමග කතා කළා කියල...පොඩ්ඩක් මේ ලින්ක් එකට ගිහින් බලන්න.මහාචාර්යතුමා කියනවා, රාහුල හාමුදුරුවෝ, ඔහුව මේ මගේ පරණ මිත්‍රයා කියල අදුන ගත්තා කියලත්....1:01:45 time එකේ ඉදල අහන්න..

    මේ තියෙන්නේ හරියටම ඒ කතාව කියන අදාළ තැන..

    http://youtu.be/hB3Mjsxi8e0?t=1h1m44s
     
    පට්ටයි බන්...:D:D