මචං කිබුලාට වැඩ වැඩි. කිබුල උගේ පස්චාත් උපාදියට ලැස්ති වෙනවා. ක්ලිනික් එකේ වැඩ. නැතුව උ කලකිරිලා ගියා කියලා මම හිතන්නේ නැහැ. හැබැයි කිබුලා හිතනවා මිහරක්ට බුද්දාගම උගන්නන එක පලක් නැහැ වගේ සිතුවිල්ලක්. සොහොන් වල ගෙවල් හදපු යක්කුන්ට බය නැති මිනිස්සු වෙස් මුණු දාලා බය කරන්න බැහැ. එනිසා දරගන්න ශක්තිය නැතිය, හිත දුර්වල වෙලාය වගේ මෝඩ කතා කියන්න එපා. කිබුලා කරලා තියන දේවල් ගැන දන්නා අය ඔයවගේ කතාවලට පස්චාත් භාගෙන් හිනාවෙනවා
අනික idia දන ගන්න්න polwattacom හා දෙව්රන්ගි කියන්නෙත් මේකේ ඉන්න කිබුලා වගේම අත්දැකීම් තියන වැඩිමහල් සොයුරෙක් හා සොයුරියක්. එයාලගේ කතා වලට ඇහුම්කන්දෙන්න. ඒවගේ ගතයුත්තක් තියනවා එක ගන්න. වැඩිමහල් කමට ගරු කරන්න.
මම ගොඩක් වෙලා බලන් ඉදලා මේක කිඋවෙත් කතාව කවුරුත් නොහිතන පැත්තකට යන නිසා.
අවසනෙට කියන්න තියෙන්නේ සස්ලිට් කිවුවා වගේ එ සුන්දර මිනිහා ආශය කරන්න ලැබීම වාසනාවක්
කිබුලාට හිතවත් කමක් අංශුමාත්ර හරි තියනවා නම් ඔය තේරුමක් නැති වාද කිරිල්ල නවත්තන්න
ඉතින් බන් මුන් දැන් මේ කියන්නේ කිඹුලා කලකිරිලා ගියා කියලනේ.. කිඹුලා මේකට යම් සේවයක් කරපු කෙනෙක්.. කිඹුලා මේකේ ඉන්න පජාති වුන්ගේ කතා දරාගන්න බැරුව පසු බැස්සා කියල කියනවනම් මට එකට ඇඟිල්ල දික් කරන්නේ කිඹුලට ම තමයි. මෙතන සත්‍ය තත්වය පැහැදිලි කරාට ස්තුතියි. කිඹුලට කියපන් සත්‍ය තත්වය කියල පොස්ට් එකක් දාන්න කියල.. මේකේ කව්රුහරි ඉන්නවනම් මඩ ප්‍රහාරයක් දරාගන්න බැරුව මේකන් යන්න උත්සහ කරන උන් ඒ වගේ එවුන්
public forum එකකට එන්න ඕන නැහැ කියන තර්කයයි මම කියන්නේ මචන්..
අනික් කතාව මේ තරම් දුර ඇදෙන්නේ මචන් මේ සිද්දියට සිද්ධාර්ථ බෝසතානන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය සමාන කිරීම. වැරදි මත සමාජගත කරන්න ඉඩ දිය යුතු නැහැ මචන්. එලකිරිය හරවත් වියයුතුයි.. මේවා කියවන කෙනෙකුට ඉගෙනගන්න හරවත් යමක් මේවා ඇතුලේ තියෙන්න ඕන. මම හිතනවා උඹ මා එක්ක එකඟයි කියල..


පොඩ්ඩ එහෙ මෙහෙ උනත් මහා ඇනකොටාගැනීමේ මංගල්‍යකින් තමයි කෙලවර වෙන්නේ 
. ඉතින් දැන් ඔයාම මට අපහාස කරා මම ලොකු කම් කියෙව්වා කියල. ඕකෙන් මට වෙච්ච හානිය මොකක්ද කියල පැහැදිලි කරනවද? ඔයා ඔහොම කිව්වා කියල මම එළකිරියට නෑවිත් සිටිය යුතුද? මගේ අදහස් ප්‍රකාශ නොකළ යුතුද? ඕක කතා කරලා ඔයාල කාටවත් තේරුම් කරලා බැහැ. self esteem කියල දෙයක් තියනවා. ඒක තියනවා නම් මඩ ගෝනියක් උනත් කරේ තියා ගත්තැකි. ඔයාගේ තර්කෙට, පාසැලෙන් නම් ගුරුවරිය මාරු කරයි, නැත්නම් පන්තිය මාරු කරයි..ඒත් ඔය සෙල්ලම් දාන්න බැහැ සමාජෙට ඇවිත් රස්සාවක් කරලා පවුල් වෙලා දරු මල්ලෝ හදලා ගෙවල් දොරවල් හදලා වගකීම් ගොන්නක් කරගහ ගත්තට පස්සේ..එහෙම මඩ වලට වචන වලට සැලෙන අය තමයි අන්තිමේ දරුවොත් අරන් ගඟේ පනින්නේ...ඉතින් කිම්බුලය්යට යන්න ඕනේ නම් යන්න දෙන්න..ඕකට දැන් මොකටද මේ අපි රණ්ඩු වෙන්නේ...
නැත්නම් ඉංජිනේරුවට නේ උබ වගේ සාමාන්‍යය job එකක් කරන එකෙක්ට නෙවෙයි නේ, මේ පන්තිභේදය නිසා වෙන්නේ දුප්පත්/ නිසි අධ්‍යාපනය නොලබන්න බැරි වූ මිනිස්සු තැලි පෙළී පොඩිවී යන එකයි, කොන් වෙන එකයි, ධනවත්/බලවත්/නිළවත් මිනිස්සු වරප්‍රසාද වලින් තව තවත් ඉහළ ගිහින් තව තවත් තර වෙන එකයි. යහපත් සමාජයක් හදන්න ඕනේ නම් හැමෝවම එකම හැන්දෙන් මනින්න ඉගෙන ගන්න ඕනේ, අද බටහිර බහුතරයක් වෙන්නේ මේ විදියටයි.
දැන් වත් හෙළුන් නිදය ගනින් . මම හිතන්නේ නැ තවදුරටත් උබ ඉන්න අවටක රෙදි නෙවේ නුල් පොටක්වත් ඉතුරු වෙලා ඇති කියලා ... දුකයි නමුත් කරන්න දෙයක් නැ 