දත් හිරිවැටෙන එකට

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දත් හිරිවැටෙන එකට

    මචන්,
    ලඟකදී ඉඳන් මගේ දත් හිරිවටෙන්න ගත්ත. විශේෂයෙන්ම ඉස්සරහ දත්. සීතල ජාති කනකොට, ඇඹුල් ජාති කනකොට තමයි කලින් හිරි වැටෙන ගතිය දැනුනේ. ඒත් එක වැඩි වෙලා නිකන් ඉන්නකොටත් දත් හිරි වැටෙන්න ගත්ත.

    ඊට පස්සේ General Hospital එකේ dentist කෙනෙක් meet වුණා. එයා දුන්න mouth wash එකක්. ඒක මාස 2ක් විතර දිගටම පාවිච්චි කලා. සතියක් පාවිච්චි කරද්දී හිරිවැටෙන ගතිය නැති වුණා. ඒත් ඒක පාවිච්චි කරන එක නවත්තපු ගමන් අයෙත් හිරි වැටෙන්න ගත්තා.

    ඊට පස්සේ TV එකේ යන Ad එක දැකල Sensodyne toothpaste එක අරගත්තා. එක දවසයි දත් මැද්දේ හිරි වැටෙන එක කොහෙන් ගියාද නෑ. දැන් කට්ටියම හිතනවා ඇති මූ මේ Ad එකක් තමයි දෙන්නේ කියලා. මොන..? :(:(

    ඒකත් එක දිගට පාවිච්චි කරලා දවස් 2ක් යද්දී ආයෙත් තිබ්බ වගේම තමයි. හිරි වැටෙන්න ගන්නවා බං. :( :(

    මේකට මොකද බං කරන්නේ..?

    මට පෙන්නේ Dentist ලත් කරන්නේ products promote කරන එක විතරයි වගේ බං.
    උඹලට මේ ප්‍රශ්නේ තිබ්බද? මොකද කලේ? මේක හරිගියපු අය ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්. අනික මේක වුනේ දත් මදින්නේ නැතුව ඉඳලත් නෙමෙයි බං. හැමදාම උදේට දත් මැද්ද. රෑට නම් ඉතින් මදින්න වෙන්නේ කලාතුරකින් තමයි. අනේ මන්ද බං. තව වයසට යද්දී දත් වලට මොනවා වෙයිද මන්ද :( :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    රෑට නිදි මරන්න එපා.. එතකොටත් දත් හිරිවටෙන්න ගන්නව පුතා..

    gPuCpCR.png
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කූල් ම කූල් අයිස්‌ ක්‍රීම් එකක්‌ කන්න ඔබට ආසා හිතෙන්න පුළුවන්. ඒ වගේම උණු ම උණු කෝපි කෝප්පයක්‌ තොලගාන්න ඔබට ආසා හිතෙන්න පුළුවන්. එහෙත් මේ ආසාවන් ඉටු කර ගන්නට යද්දී ඔබේ දත්වල ලොකු වේදනාත්මක හිරිවැටීමක්‌ ඇති වුව හොත් අර ආහාරයන්හි රසවත් බව පවා ඔබට අමතක වන්නට ඉඩ තිබෙනවා. උණුසුම්, ශීතල, ඇඹුල් මෙන්ම ඇතැම් විට පැණි රසටත් මේ විදිහට ඔබේ දත් හානිකර ලෙස ප්‍රතිචාර දක්‌වනවා නම් ඔබ දත් හිරි වැටීම නම් තත්ත්වයට ගොදුරු වෙලා. ඔබ Sensitive teeth තත්ත්වයට පත් වී ඇතිබව හඳුන්වන්නේ මෙවැනි විටකයි. කොහොම ද මේ දත් හිරිවැටීම ඇති වන්නේ? කාට ද මෙය ඇති වන්නේ? දත් හිරි වැටීම මැද වයසේ හා වැඩිමල් වයසේ අය ගේ බොහෝ විට දක්‌නට ලැබෙන තත්ත්වයක්‌. මේ සඳහා ප්‍රධාන හේතු වන්නේ දත්වල එනැමලය දිය වී යැම, එනමලය බිඳී යැම, දත් මුල බාහිරයට විවෘත වීම යනාදියයි. දන්ත කුහරවල මූලික අවස්‌ථාවේ දීත් හිරිවැටීම ඇති වනවා. දතෙහි එනැමලය හැරුණු විට අනෙක්‌ දෘඪ පටක සංවේදිතාවෙන් යුක්‌තයි. දන්ත කුහර සැදීමේ දී එනැමලය දිරාපත් වීමත් සමග සංවේදී දන්තිනය නිරාවරණය වනවා. එය සංවේදී පටකයක්‌. මුල දී හිරිවැටිමත් පසුව වේදනාවත් ඇති වනවා. දිගු කලක්‌ දත් පාවිච්චි වීමේ දී එනැමලය ගෙවී යා හැකියි.

    තද ආහාර භාවිතය, බුලත් විට, චුයින්ගම්, කඩල ආදිය සැපීම නිසාත් දත් හිරි වැටීමට ගොදුරු වන්නට ඉඩ තිබෙනවා. සමහර අය ලෝහමය දඬු, ඝනකම් ද්‍රව්‍ය, හැට්‌ට කටු, ඇණ ආදියෙන් කට හාරනවා. එය නරක පුරුද්දක්‌. මේවායින් දතට හානි වනවා. ඉඳිකටු, ඇණ ආදිය පුරුද්දක්‌ ලෙස දත් අතර රඳවා ගෙන සිටීමෙන් ද එනැමලයට හානි වී හිරිවැටීමක්‌ ඇති වනවා. මුඛයේ ආම්ලික තත්ත්වය නිසාත් එනැමලය දිය වීම (හානි වීම) සිදු වනවා. කාබනේට බීම, දෙහි, දොඩම්, අන්නාසි ආහාර වැඩිපුර ගැනීම නිසාත් මේ තත්ත්වය ඇති වන්නට පුළුවන්. මෙවැනි ආම්ලික තත්ත්වයක දී එනැමලයේ ශක්‌තිමත් බව අඩු වන අතර තද ආහාර නිසා ඉක්‌මනින් ගෙවී යා හැකියි. තදින් මැදීමෙන් (Brush) දත් ඉක්‌මනින් ගෙවී යැමට ද පුළුවන්. නොයෙකුත් වැරැදි ආහාර පුරුදු නිසා ද එනැමලය බිඳී යා හැකියි. උදා- බෝතල් මූඩි විවෘත කිරීම, කම්බි හා වයර් සැපීම. විශේෂයෙන් ම මවුපියන් මෙවැනි ක්‍රියාවන් ගෙන් තම දරුවන් වැළක්‌විය යුතුයි. දත් ඇත්තේ බෝතල් මූඩි ගැලවීමට නො වන බව දැන සිටීම වැදගත්. බෝතල් මූඩි ගැලවීමට වෙන ම උපකරණ තිබෙනවා. පරදන්තී රෝග නිසාත් දත් මුල මතු විය හැකියි. හැරිවැටීම වළක්‌වා ගැනීමට එනැමලයේ ශක්‌තිමත්භාවය වැදගත්. ෆ්ලුවොරොසිස්‌, ඇමිලෝජෙනසිස්‌ පර්පෙක්‌ටා ආදී තත්ත්ව නිසා ද එනමලය දුර්වල වනවා. දත් කුඩු වැනි දේ දත්මැදීම සඳහා යොදා ගැනීම නුදුසුසුයි. ඒවායින් සීරිම් ඇති වනවා. දත් මැලියම, දන්ත පථ ආදිය තිබීම ද දත් හිරිවැටීම ඇති වන්නට හේතුවක්‌. ඒවා වෛද්‍යවරයකු හමු වී ඉවත් කරවා ගත යුතුයි. නිවැරැදි ක්‍රමයට දත් මැදීමත්, ප්‍රමිතිගත බුරුසු පාවිච්චියත් කළ යුතුයි. දත් හිරි වැටීම තිබෙන අය ආම්ලික ආහාර ගැනීමෙන් පසු ඉක්‌මනින් මුව සේදිය යුතුයි. ඔබේ දත් කුහර ඇත්නම් ඒවා වහා පුරවා ගත යුතුයි. හිරි වැටීම පාලනයට දන්තාලේප හා මුඛ සේදුම් දියර තිබෙනවා. හැබැයි මේවා පාවිච්චි කළ යුතු වන්නේ වෛද්‍ය උපදෙස්‌ මතයි. එහෙම නැති ව රූපවාහිනියේ හෝ පුවත්පතක දැන්වීමක්‌ දුටු පමණින් හෝ තව කෙනකු කී පමණින් ඒවා පාවිච්චි කිරීම හොඳ මදි. හිරිවැටීම ඇති වූවාට පසු බෙහෙත් කරනවාට වඩා හොඳ හිරිවැටීම ඇති කරන හේතු සොයා ඒවා මර්දනයයි.

    පේරාදෙනිය විශ්වවිද්‍යාලයයේ මෞඛ වෛද්‍ය හා පරදන්තී අංශයේ අංශාධිපති
    ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
    ඡේ. ඒ. එම්. එස්‌. ජයතිලක
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    oya macho enamal eka thin unahama ena scene ekak mama danna widihatanam.habai treatment ekak karoth hariyai.aye hoda doc kenekta pennuwath hodai macho habai.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දත් හිරි වැටෙන එකට බටහිර විද්‍යවේ මවුත් වොෂ් සහ ටූත් පේස්ට් තියෙන්නේ.නමුත් ඕකට උදේට ගව මූත්‍ර බෝතලයක් සතියක් බීපන්.හරි යයි.
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    මගෙත් ඔහොම තිබ්බ මචං. මම සෙන්සොඩයින් මාසයක් විතර පාවිච්චි කරා. ඊට් පස්සෙ නම් හරි ගියා.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    මචන්,
    ලඟකදී ඉඳන් මගේ දත් හිරිවටෙන්න ගත්ත. විශේෂයෙන්ම ඉස්සරහ දත්. සීතල ජාති කනකොට, ඇඹුල් ජාති කනකොට තමයි කලින් හිරි වැටෙන ගතිය දැනුනේ. ඒත් එක වැඩි වෙලා නිකන් ඉන්නකොටත් දත් හිරි වැටෙන්න ගත්ත.

    ඊට පස්සේ General Hospital එකේ dentist කෙනෙක් meet වුණා. එයා දුන්න mouth wash එකක්. ඒක මාස 2ක් විතර දිගටම පාවිච්චි කලා. සතියක් පාවිච්චි කරද්දී හිරිවැටෙන ගතිය නැති වුණා. ඒත් ඒක පාවිච්චි කරන එක නවත්තපු ගමන් අයෙත් හිරි වැටෙන්න ගත්තා.

    ඊට පස්සේ TV එකේ යන Ad එක දැකල Sensodyne toothpaste එක අරගත්තා. එක දවසයි දත් මැද්දේ හිරි වැටෙන එක කොහෙන් ගියාද නෑ. දැන් කට්ටියම හිතනවා ඇති මූ මේ Ad එකක් තමයි දෙන්නේ කියලා. මොන..? :(:(

    ඒකත් එක දිගට පාවිච්චි කරලා දවස් 2ක් යද්දී ආයෙත් තිබ්බ වගේම තමයි. හිරි වැටෙන්න ගන්නවා බං. :( :(

    මේකට මොකද බං කරන්නේ..?

    මට පෙන්නේ Dentist ලත් කරන්නේ products promote කරන එක විතරයි වගේ බං.
    උඹලට මේ ප්‍රශ්නේ තිබ්බද? මොකද කලේ? මේක හරිගියපු අය ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්. අනික මේක වුනේ දත් මදින්නේ නැතුව ඉඳලත් නෙමෙයි බං. හැමදාම උදේට දත් මැද්ද. රෑට නම් ඉතින් මදින්න වෙන්නේ කලාතුරකින් තමයි. අනේ මන්ද බං. තව වයසට යද්දී දත් වලට මොනවා වෙයිද මන්ද :( :(

    HARI lesi
    dath tika galawa la dapan