මේක මේ හෝම් පේජ් එකේ දැකල ගොඩු වුණේ.
දත් හිරි වැටීම හේතු කීපයක් නිසා සිදුවිය හැකියි. බහුතරයක් හේතු මගින් සිදුවන්නේ අභ්‍යන්තර දන්ත පටක පරිසරයට නිරාවරණය වීමය. හිරි වැටීම නැතහොත් දන්ත සංවේදීතාවය ඇරඹෙන්නේ එමගිනි.
හේතු -
ඔබ නම් කර ඇති සංවේදීතාහාරක දන්තිලේපයෙන් යම් සරණක් ලැබෙන්නේ 1,2 සහ ඉතා මද වශයෙන් 6 අවස්ථාවට පමණි.
ස්තූතියි,
සේවයෙන් බැදි,
දත් කිඹුළා වන මම වෙමි.
දත් හිරි වැටීම හේතු කීපයක් නිසා සිදුවිය හැකියි. බහුතරයක් හේතු මගින් සිදුවන්නේ අභ්‍යන්තර දන්ත පටක පරිසරයට නිරාවරණය වීමය. හිරි වැටීම නැතහොත් දන්ත සංවේදීතාවය ඇරඹෙන්නේ එමගිනි.
හේතු -
- හරි හැටි දත් නොමැදීම නිසා විදුරුමස දියැවී දන්ත මූලය බාහිරට නිරාවරණය වීම (root exposure due to established periodontitis)
- ඉතා දැඩි පීඩනයකින් දත් මැදීම (බුරුසුව තද කොට මැදීම) නිසා විදුරුමස ආශ්රිත ප්‍රෙද්ශයේ දී දතේ එනැමලය කැපී අභ්‍යන්තර දන්තීනය මතුවීම.(Abrasions)
- දත් දිරා යාම හෙවත් දන්ත ව්‍යසනය(dental caries)
- දත් පුපුරා තිබීම (tooth fractures)
- දතෙහි අභ්‍යන්තර කල්කය මියයාමේ මූලික අවස්ථාවක් ලෙස(as an early symptom of pulp necrosis)
- මෞඛ ක්‍රියාකාරීත්වය නිසා දත් ගෙවී යාම (attrition)
ඔබ නම් කර ඇති සංවේදීතාහාරක දන්තිලේපයෙන් යම් සරණක් ලැබෙන්නේ 1,2 සහ ඉතා මද වශයෙන් 6 අවස්ථාවට පමණි.
ස්තූතියි,
සේවයෙන් බැදි,
දත් කිඹුළා වන මම වෙමි.