දන්නා කෙනෙක් පහදලා දෙන්නක් කෝ.....
බුදුධහම තුල ආත්ම වාදය ප්‍රතික්ෂේප කරනවනේ (ත්‍රීලක්ෂන්යේදී, අනාත්ම ලෙස), ඒ කියන්නේ මරණයෙන් පසු ඊලග ආත්මයේදී උපදින්නේ ඒ කෙනාම නෙමේ. නමුත් ජාතක කතා පොතේදී බෝධිසත්වයෝ සරාසංක්‍යකල්පලක්ෂයක් පෙරුම් පුන්රනවා කියලා ...මේක වෙන්නේ කොහොමද ???
ත්‍රිලක්ෂණයෙ තියෙන අනාත්ම කියන්නෙ ආත්මයක් නෑ කියන එක නෙමෙයි බන්. ඒකෙ තෙරුම මේ ලෝකයෙ පවතින කිසිම දෙයක් අපේ වසගයට ගන්න බෑ කියන එක. ඒ කියන්නෙ අපිට ඕනෙ විදිහට මේ කිසිම දෙයක් පවතින්නෙ නෑ කියන එක.
Trueකෙනා කෙනාට සාපේක්ෂව දුන්න බෙහේත් සේරම එකතුකරලා එක බෙහෙතක් හදාගෙන බිඉවට තමාට තියන ලෙඩේ හොදවෙන් නෑ ,ඒ වුනාට මේක හොද ප්‍රශ්නයක්,
කවුරුහරි කෙනෙක් බුදුහාමුදුරුවන් ගෙන් මෙන්න මේ ප්රශ්නය ඇහුවා කියල හිතමු
01) සන්සරේක ගමන් කරන කෙනෙක් ඉන්නවද නැද්ද ?
ඒ අහපුකෙන නම් අද හෙට ගොඩ දන්නා පුළුවන් කෙනෙක් නෙවෙයි කියල තේරුනොත් උන් වහන්සේ කියනවා , " මෙහෙමයි ඔව් කෙනෙක් ඉන්නවා , හැබැයි හොදට ඉන්න ඕන , පිං කරන්න ඕන , බාවනා කරන්න ඕන , සිල් රකින්න ඕන , ඕව කරලා යහපත්ව හිටියම නිවන් දකින්න පුළුවන් කියල , " එහෙම කිවේ ඒ කෙනා කවද හරි දුගතියක නොවැටී හිටියොත් බැරෑරුම් දේශනාව තේරුම් ගන්න කවද හරි පුළුවන් කියල උන්වහන්සේ ධනන නිසා
නමුත් , මේ කතාව තේරුම් ගන්න හැකියාව තියන කෙනෙක් ඔය පර්ශනය එහුවනම් කියයි " ප්රශ්නය වරදී කියල "
හිතනන ඒ දුන්න උත්තරේ ඇතුලේ ඒ මනුස්සයාගේ ප්‍රශ්න සේරටම පිළිතුරු තියනවා සහ එයා වැඩිකල් නොගොස් සියල්ල අවබෝද කර ගන්නවා
හරිම සංකීර්ණ කාරණාවක් තම තේරුම් ගන්න තියෙන්නේ , නමුත් එහි එන ඔය වගේ ප්‍රශ්න එකක් වත් අතාරින්න එපා , සියල්ල කටපාඩමින් නැතිව හේතු සහිතව, තමන් එක්ක තර්ක කරගනිමින් ලොකු ගේමක් ගහන්න වෙනවා ,
අවසානෙට තෙරයි , ඇත්තටම ප්‍රශනයක් තිබිලම නෑ කියල
තිබිල තියෙන්නෙම ගොන්කමක් විතරයි, එකටත් අයිතිකාරයෙක් නෑ කියල
උපදිනවද ? නැද්ද ? කෙනෙක් ඉන්නවද ? නැද්ද? කියන ප්‍රශ්නයට මෙහෙම පිළිතුරක් දෙන්නත් පුළුවන්
මට කියන්න , ගමන් කරන්නෙක් ඉන්න තාක් "ගමනක්" තියනවද?
එහෙමත් නැත්තන් "ගමනක්" තියන තාක් ගමන් කරන්න් ඉන්නවද?
ත්‍රිලක්ෂණයෙ තියෙන අනාත්ම කියන්නෙ ආත්මයක් නෑ කියන එක නෙමෙයි බන්. ඒකෙ තෙරුම මේ ලෝකයෙ පවතින කිසිම දෙයක් අපේ වසගයට ගන්න බෑ කියන එක. ඒ කියන්නෙ අපිට ඕනෙ විදිහට මේ කිසිම දෙයක් පවතින්නෙ නෑ කියන එක.
මම හිතන්නේ මේ කියවීම වැරදියි. අනාත්ම හින්ද තමයි වසඟයේ පවත්වන්න බැරි.සබ්බේ සංඛාරා අනිච්චා දුක්ඛා , සබ්බේ ධම්මා අනත්තා.
අනාත්ම කියන්නේ තමා,තමන්ගේ,තමාට පාලනය කල හැකි කියා ගත හැකි යමක් නැතිකම කියල මට හිතන්නෙ.
සිංහල පාවිච්චියේදි අනත්ත අනාත්ම වචන හරියටම පාවිච්චි වෙන්නේ නෑ වෙන්න පුලුවන්.
sabbe saṅkhārā aniccā — "all saṅkhāras (conditioned things) are impermanent"
sabbe saṅkhārā dukkhā — "all saṅkhāras are unsatisfactory"
sabbe dhammā anattā — "all dharmas (conditioned or unconditioned things) are not self"
https://en.m.wikipedia.org/wiki/Three_marks_of_existence
වසඟයේ පවත්ව ගන්න බෑ කියන්නේ කන්ට්‍රෝල් එකක් නැහැ කියන එක නේ. ඇයි නැත්තේ, සිරුර පිටුපස, ඇතුලේ, ඒ ආශ්‍රිතව ආත්මයක් කියල එකක් නැති හින්ද. ඒ කියන්නේ මේ සරීරය පාලනය කරන ඊට ඉහලින් ඉන්න හිඩන් ඒජන්ට් කෙනෙක්, ආත්මයක් වගේ මොකක්වත් තියෙනවා කියල ගන්න එක වැරදියි.
මට හිතෙන්නේ නෙවෙයි ඔබ හරි! ආත්මයක් කියල ධර්මයේ අදහස් වෙන්නේ මේ ස්කන්ධ වල එකතුව නිසා තියෙනවා වගේ හැඟෙන දෙයක්. ඒත් යතාභූත ස්වභාවය දකින කෙනා දන්නවා එහෙම සිරුරට පිටින්/ඇතුලෙන්/ ආශ්‍රිතව වෙන ආත්මයක් ඇතැයි කියලා ගන්න එක වැරදියි කියලා. අනත්ත ලක්ඛන සූත්‍රය දේශනා කලේ සෝවාන් වුනු පස්වග මහණුන්ට, ඒ නිසා ඉස්සෙල්ලා අනිච්ච අවබෝධකරගෙන තමයි අනාත්මය අවබෝධ කරගන්න වෙන්නේ.මේ කෑල්ල පැහැදිලි නෑ.
"ආත්මය" කියන්නේ මොකක්ද කියන එක ගැන පොඩි පටලැවිල්ලක් සාමාන්‍ය භාවිතයේ සහ සංස්කාර ධර්මයෝ ගැන කියද්දි ඇති වෙලා තියෙනවා කියල මට හිතන්නෙ.
අපි සාමාන්‍යයෙන් මේ ආත්මෙ කියන්නේ මේ උප්පතියට, ඊලග ආත්මෙ කියන්නේ මීලග භවයට.
ඒත් ධර්මයේ ආත්මය කියන්නේ මේ උපදින මැරෙන ස්වභවයට අදාල දෙයක් නෙමෙයි කියල මට හිතන්නෙ.
දන්නේ නෑ, දන්නවා නම් මේවා කොට කොට ඉන්නෙ නෑ නේ.