දුකට_පිහිටවෙන_නරකට_දඬුවම්_දෙන_කාලි_මෑණිය&#3549

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    දුකට_පිහිටවෙන_නරකට_දඬුවම්_දෙන_කාලි_මෑණිය&#3549

    කාලි අම්මගේ පිහිට ලැබේවා
    Fierce-Mahakali.jpg

    තමන්ගේ ඇහැට පේන්නෙ නැති බලවේග වගේම ඈත අහසේ සැරිසරන ග්‍රහයන්ගෙනුත් නොයෙක්‌ නොයෙක්‌ විපත්ති කරදර සිද්ධ වෙනවා කියන විශ්වාසයක්‌ සිංහල බෞද්ධ සමාජයේ තියෙනවා. දේවකෝපයෙන් ලෙඩ හැදෙනවා වගේම ග්‍රහ දොස්‌ නිසා ලෞකික දියුණුව නැති වෙන බවත් සමහරු සිතනව. කාටහරි දිගටම තියෙන ලෙඩ රෝගයක්‌ හරි වෙන කරදයක්‌ හරි නැති කරගන්ට දෙවියන් වගේම ග්‍රහයින් සතුටු කරන්ට ඕනෑ කියල තමයි ඔවුන් කල්පනා කරන්නෙ. ඒ විතරක්‌ නොවෙයි, ග්‍රහ බලපෑම නරක්‌ වෙනකොට තමන්ගෙ වටේ ඉන්න ඉරිසියාකාරයන්ගෙන්, තරහකාරයන්ගෙන් වුණත් නරක දේවල් සිද්ධ වෙන්ටත් පුළුවන් බවයි ගැමියෝ විශ්වාස කරන්නෙ.

    මේ වගේ විපත්ති, කරදරවලට පිහිටවෙන දේවතාවියක්‌ විදිහටයි කාලි දෙවඟන ප්‍රසිද්ධ වෙලා ඉන්නෙ. කාලි අම්මා, කාලි මෑණියෝ, භද්‍රකාලිs වගේ නම් ගණනාවකින් ඇය හඳුන්වනවා. කාලි දෙවඟන ඉන්දියාවෙන් ලංකාවට ආව බලවත් දේවතාවියක්‌ විදිහටයි පිළිගන්නේ. හින්දු විශ්වාසයට අනුව කාලි අම්මා දෙමළ ජනතාවගේ ජනප්‍රියම දේවතාවියක්‌. කාලිය, උමා, ගිරිදේවි, පාර්වතී, ජගන්මාතා වගේ නම් ගණනාවකින් ඇයව හඳුන්වලත් තියෙනවා.

    කාලි මෑණියන්ට යහපත් මූණක්‌ වගේම රෞද්‍ර මුහුණකුත් තිබෙන බවයි විශ්වාසය. කොහොමටත් හින්දු දේව විශ්වාසවල විවිධ අවතාර ගැන සඳහන් වෙනවනෙ. කාලිගෙ හොඳ ගුණයට හේතුව ඇය පත්තිනි මෑණියන්ගෙ සේවිකාවක්‌ වීම නිසා බවටත් ජනප්‍රවාදයක එනවා. කොහොම වුණත් ලංකාවෙ පත්තිනි දෙවියන් තරමට කාලි ජනප්‍රිය වෙලා නැහැ. මුල් කාලවලදී පත්තිනි දේවිය වගේම ගැබිනි මව්වරුන්ට එහෙම කාලි අම්මාත් පිහිටවෙන බව කියනව. ඒත් කාලි අම්මාගේ පිහිsට ඉල්ලාගෙන එන්නේ මධ්‍යම පන්තික පිරිසක්‌ බව සමහරුන්ගේ අදහසයි.

    පත්තිනි දෙවියන්ට කරන කන්නලව්වලදී 'පස්‌වාන් දහසක්‌, කප්පාන්තරයක්‌ තිරහන් කාලෙකට බුදුවන සත්පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්සේ' කියල ඇයව හඳුන්වනවා. එහෙම කියන්නේ ඇය වඩාත් බෞද්ධ සංස්‌කෘතියට අයිති නිසායි. ඒත් කාලි අම්මා ගැන කොතනකවත් ඒ විදිහට හඳුන්වල දීල නෑ. ඒ වෙනුවට කාලි අම්මාට කියන මන්ත්‍ර විශේෂයකුත් භාවිත වෙනවා.

    කාලි අම්මා භද්‍රකාලී, සොහොන්කාලි වගේම දුර්ගා ලෙසත් හින්දු බැතිමතුන් හඳුන්වන්නේ ඇය විශේෂ බලයක්‌ ආරූඪ කරගත්තු තෙදවත් අයෙක්‌ කියන හැඟීමෙන්. හින්දුන්ගෙ වීරවරියක්‌ ලෙසයි දුර්ගා බුහුමනට පාත්‍ර වන්නෙත්. ලංකාවේ වැඩිපුරම ජනප්‍රිය වුණු විෂ්ණු, සමන්, කතරගම වගේ දෙවිවරුන්ට බෞද්ධ පසුබිමක්‌ තියෙනවනෙ. පස්‌සේ පස්‌සෙ කතරගම වගේ දෙවියන්ට වෙනත් බැතිමතුන් එකතු වුණා. කාල sඅම්මා යහපතට වඩා අයහපතටත් බලපාන දේවතාවියක්‌ බව සමහරුන්ගෙ විශ්වාසය.

    කාලි අම්මාගෙන් පිහිට ඉල්ලන්නේ හුඟාක්‌ම තමන්ට අනුන්ගෙන් එල්ල වුණු අතුරු ආන්තරා ඉවත් කරවා ගන්ට. කාලි අම්මගෙ උදහසට පාත්‍ර වුණොත් ඒවයින් දරුණු ප්‍රතිඵල ලැබෙන බවක්‌ කියනව. ඒ නිසා ඇය වරදට දැඩි දඬුවම් දෙන දැඩි දේවතාවියක්‌. ඇය සොයා එන පිරිස අතර හින්දු, ක්‍රිස්‌තියානි වගේම මුස්‌ලිම් බැතිමතුන් පවා ඉන්නව. මෙයින් පේන දෙයක්‌ තමා සමාජ වුවමනා අනුව, කාලීනව මේ විශ්වාසය පවා ව්‍යාප්ත වෙන බව. පෞද්ගලික ආරවුල්, නඩුහබ වගේ දේවල් විස¹ ගැනීමට ඇගේ පිහිට ආධාර ඉල්ලීම අද බොහෝ විට සිදු වන දෙයක්‌.

    කාලි අම්මාගේ කෝවිල් අද පොදු තැනක්‌ බවට පත්වෙලා. මුන්නේෂ්වරම කෝවිල තමා කාලි දේවතාවියගෙ වාසස්‌ථානය. වැඩි ප්‍රසිද්ධියක්‌ නැති වුණත් වදුරු මා දේවි කියන දේවතාවියත් කාලි දෙවඟනගේ එක්‌ ස්‌වරූපයක්‌ බව කියනව. වදුරු මා දේවිය කියන්නෙත් වසූරිය සුව කරන දේවතාවිය. මේ දේවතාවිය පත්තිනි දේවියනට උදව් උපකාර කරන බවත් පිළිගන්නවා.

    එක ජනප්‍රවාදයකට අනුව මහකෙළ නා රජු මහාමේරු පර්වතය පෙණගොබින් වහගෙන ඉන්න කොට මේඝ රජු මේඝයක්‌ මවල ඒ නයිපෙණය විනාශ කරනවා. ඒ විදිහට විනාශ වුණු නයි පෙණයෙන් ලේ ගලාගෙන යනවා. ඒ ලේවලින් කුමාරියන් අට දෙනෙක්‌ උපදිනවා. වදුරුකාලි ඒ විදිහට උපදින එක්‌ කෙනෙක්‌. ඇගේ උත්පත්ති කතාවත් ඉන්දියාවට සම්බන්ධයි.

    කාලි අම්මා අබියස එකත්පස්‌ව හිඳ, කන්නලව් කරන, වැඳගෙන ඇගේ පිහිට පතන අයට ඒවයේ ප්‍රතිඵල ලැබෙන බවට දැඩි විශ්වාසයකුත් තියෙනවා. "ආතුර පංචස්‌කන්ධයට දුකට පිහිට වේවයි" කියල ගායනයක විලාසයෙන් කෙරෙන යාතිකාව සමග පූජා වට්‌ටි හා මුදල් වගේම රන් රිදී මුතු මැණික්‌ ආදියත් කාලි මෑණියන්ට කැප කරනව. මේ විදිහට කරන කන්නලව්ව යාතිකාවක්‌. සතුරන්ගෙන් වෙන කරදර, පීඩා උපද්‍රව වළක්‌වා ගැනීමට වගේම ඒව කරපු අයට කාලි මෑණියන් ලවා දඬුවම් ලබාදිය හැකි බවත් ඇගේ බැතිමතුන් විශ්වාස කරනවා. ඒ නිසා කාලි අම්මා යන නමට පවා සමහරුන් බයයි. වැරදි කරන අය, අපරාධ කරන අය ආවේශ වෙලා වගේ කාලි මෑණියන්ගේ දෙපතුළ ළඟට එන බවත් සමහරුන් කියනවා.

    දෙවියන්ගෙ ස්‌වරූපය ඕනෑම කෙනකුට ප්‍රියයි. ඒත් යකුන්ගෙ විලාසය එහෙම නෑ. විශාල කෙස්‌ වැටියක්‌ රතුපාට ලොකු ඇස්‌, දිව එළියට ඇවිත් බිය ගන්වනසුලු මුහුණක්‌ තමා යකුන්ට තියෙන්නෙ. කාලි අම්මාගෙ එක විලාසයක්‌ එහෙමයි. මේ නිසාම එක ජනප්‍රවාදයකින් කියෑවෙන්නෙ කාලි අම්මා යකින්නක්‌ බවයි. ඒ කතාව බෞද්ධ සාහිත්‍යයේ එනව. ධම්ම පදට්‌ඨ කථාවේ එන කාලි යකින්නගේ තොරතුරුවලින් හෙළිවෙන්නේ ඇයට දීර්ඝ ඉතිහාසයක්‌ තිබෙන බවයි.

    එක්‌තරා ජනපදයක ජීවත් වූ තරුණ මානවකයෙක්‌ තමන්ගෙ අම්මාට සත්කාර කරමින් ජීවත් වුණා. ගොවිතැන් බත් කරල කෑම බීම ටික හොයාගෙන මවගෙ දුක සැපත් බලාගෙන ජීවත් වූ මේ තරුණයාගේ ජීවිතයට මොනව හරි වෙනසක්‌ කරන්න ඕනෑයි කියල අම්ම හිතුව. ඇත්තටම අම්ම හිතුවෙ පුතාගෙ තරුණ ජීවිතයට විවාහයක්‌ කරල දෙන්ට. අම්මගෙ යෝජනාවට පුතා කැමැති වුණේම නෑ. ඒත් පස්‌සෙ පස්‌සෙ අම්මගෙ ඇවිටිල්ල නිසා පුතා ඒ යෝජනාවට එකඟ වුණා.

    ඔන්න ඉතින් අම්මාගෙ මනාපය විදිහට ඒ කටයුත්ත ඉටු වුණා. දැන් අම්මයි පුතයි ලේලියයි තුන් දෙනාම එක ගේක ඉන්නව. එහෙම ටික කලක්‌ යද්දී අම්මට තේරුණා මේ ලේලිය වඳ ගැහැනියක්‌ බව. ඇය පුතා එක්‌ක ඒ ගැන කතා කළා. එතකොට පුතා නං කිව්ව ඔන්න ඔහෙ මේ විදිහට ජිවත්වෙමු කියල. ඒත් අම්ම කිව්ව තවත් ගැහැනියක්‌ ගේමු කියල. වඳ ගැහැනියට මේ සාකච්ඡාව ඇහුණ. අන්තිමේ ඇය හිතුව වෙන කෙනෙක්‌ ගේන ගෑනියකුට යටත්වෙලා තමන්ටත් ඉන්න වෙයි කියලා.

    එහෙම හිතපු ඇය, ඇය හොඳට දන්න පවුලකින්ම කාන්තාවක්‌ තෝරගෙන කැඳවාගෙන ආවා. ඇය තම සැමියාගෙ අලුත් බිරිඳට කිව්ව. යෙහෙළිය ඔබට දරු ගැබක්‌ හට ගත්තොත් ඉස්‌සෙල්ලම මට කියන්න කියල. එහෙම කිව්වෙ යහපත් සිතකින් නෙවෙයි. ඒ ගැබ විනාශ කරන නරක අදහසින්. ඔන්න ඉතින් ඇය තමන්ගෙ කුසට දරුවෙක්‌ ආපු ගමන්ම යෙහෙළියට කිව්ව. ඇය රහස්‌ බේතක්‌ දීල ගැබ නැසුවා. මේ විදිහට කීපවරක්‌ම කරද්දී අර සැමියට තේරුණා මෙතන සිද්ධ වෙන දේ. පස්‌සේ ඔහු ඇයට උපදසේ දුන්න ආපහු ගැබක්‌ හට ගත්තොත් කියන්න එපා කියල.

    කොහොම හරි ඒ පාර ඇයත් ඒ රහස කිව්වේ නෑ. ඒ වුණාට හදිසියෙ දවසක්‌ අනෙක්‌ ස්‌ත්‍රිය ඇය ගැබ්ගෙන සිටින වග දැක්‌කා. දැන් මොකද කරන්නෙ කියල කලබල වෙලා හොර රහසේම කෑම සමග ගැබ විනාශ වෙන බේතක්‌ ගිල්ලෙව්ව. ඒ පාර ගැබ මෝරල නිසා ඒ කාන්තාව ගැබ හරස්‌ වෙලා මියගියා. මිය යද්දී ඇය හිතුව මේ ගෑනිව කන්න මං යකින්නක්‌ වෙලා ඉපදේවා කියල.

    පස්‌සෙ සැමියා අර ස්‌ත්‍රියටත් පහරදුන්නා. ඒ වේදනාවෙන් ඇයත් මියගියා. ඊට පස්‌සේ ඇයත් මුව දෙනක්‌ව උපන්නා. අනෙක්‌ ස්‌ත්‍රිය කොටි දෙනක්‌ වුණා. දෙන්නාම මැරෙණ මොහොතෙ වෛරයෙන් මියගියේ. ඉතින් ආත්ම ගණනාවක්‌ එහෙම එක්‌ අයෙක්‌ අනෙක්‌ අයගේ දරුවන් කකා මැරිල යනව. ඔන්න තව ආත්මෙක මේ දෙන්න එක්‌ කෙනෙක්‌ මවක්‌ වෙලා අනිත් එක්‌කෙනා යකින්නක්‌ වෙලා ඉපදෙනවා.

    මේ කාලෙ වෙනකොට බුදුහාමුදුරුවොත් වැඩ ඉන්නවා. අර යකින්න හිටියේ වෙසමුනි කියන යක්‍ෂ අධිපතියගෙ සේවිකාවක්‌ විදිහට. අනිත් ස්‌ත්‍රිය ඒ නුවරම ජීවත් වුණා. දවසක්‌ යකින්න මහපාරෙ යද්දී මේ අම්මයි දරුවයි දැකල ඒ දරුවව කන්න ඕනෑ කියල හිතුව. එහෙම හිතල ඇය ළඟට යද්දිම ඇයට තේරුණ මේ ඉන්නේ යකින්නක්‌ බව. පස්‌සෙ ඇය දරුවත් උතසගෙන බුදුහාමුදුරුවො වැඩ හිටිය විහාරය දිහාට දිව්වා. ගිහිල්ල දරුව බේරලදෙන්න කියල කෑගහල කිව්වා.

    බුදුහාමුදුරුවො දුටු යකින්න බය වෙලා නතර වුණා. පස්‌සේ බුදු හාමුදුරුවො ඇයට අවවාද කළා. ඇයගේ අතීත කතා සියල්ලමත් කිව්වා. යකින්නට ලැ-ජාව වගේම විශාල දුකකුත් දැනුණා. පස්‌සේ යකින්න මිනීමස්‌ කෑම අත්හැරලා ඒ ගමේ කෙළවරක ජීවත් වුණාලු. යහපත් කල් ක්‍රියාවෙන් සිටි ඇය ගමේ මිනිසුන්ටත් උදව් කරගෙන ජීවත් වුණා. ගොවිතැන් ගැන, වගේම වෙනත් දේවල් ගැනත් මිනිසුන්ට උපදෙස්‌ දුන්නා.

    ඇගේ උපදෙස්‌ නිසා මිනිස්‌සුන්ට හුඟාක්‌ ප්‍රයෝජන ලැබුණා. මිනිසුන්ගේ හොඳ හිත දිනාගත්තු ඇය පසුව යක්‍ෂ ආත්මෙන් මිදිල දේවතාවියක්‌ වෙලා පුරුදු විදිහටම මිනිසුන්ට පිහිට වුණාලු.

    මෙන්න මේ යකින්න ජනතාවට ළංවෙලා ජන දුකට පිහිට වෙමින් දේවත්වයට පත්වුණ බව තමා එක ජනප්‍රවාදයක එන්නෙ. මිනිසුන්ගෙ ගති පැවතුම්, මිනිසුන්ට සිද්ධ වෙන විපත් ගැන ඇයට හොඳ අවබෝධයක්‌ තිබුණු නිසා දිගින් දිගටම ඇය ඒ කටයුතු කරගෙන ගිය බවයි ජනතාවගේ විශ්වාසය.

    කොහොම වුණත් අද වෙනකොට ඒ කාලි යකින්න කාලි දෙවඟන විදිහට බලවත් වුණේ අනුන්ට උපකාර කරපු නිසා බවත් සමහරු කල්පනා කරනවා. මොකද දෙවියන්ගෙ හැටි එහෙමනෙ. දුකට පිහිටවෙන එකනෙ. දෙවියන් වගේම යකුන් පිළිබඳ තියෙන උත්පත්ති කතා, ප්‍රවාද ඇත්ත ද කියල කියන්න හරියට සාධක නැති බව අමුතුවෙන් කියන්ට ඕනෑ නැහැනෙ. පළිගැනීමේ සිතින් මුළාවෙලා අන්ධව කටයුතු කරල පස්‌සේ බුදුහාමුදුරුවන්ගෙන් කරුණු දැනගෙන ජීවිත වෙනස්‌කරගත්තු අය කොපමණ ඉන්නවද? පාලි අට්‌ඨකතාවල වුණත් මේ වගේ කතන්දර අපට හම්බු වෙනවනෙ.

    ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, ද්වේෂය පළිගැනීම වගෙ නරක සිතිවිලිවලින් අවුල් වූ සමාජයක,. පිළිසරණක්‌ නැතිව ජීවිත ගැටගහගන්න බැරි උදවිය ඉන්න සමාජයක භද්‍රකාලී හෙවත් කාලි අම්මාගේ පිහිට, හිතට මොනතරම් ශාන්තියක්‌ ද? දෙවියන් ඉන්නේ විශ්වාසය නමැති දේවාලෙ කියලත් කියනවනෙ.a කොහොම වුණත් හැම කාලෙකම විශේෂ බල මහිමයක්‌ තියෙන පින්වත්, යහපත් අය ඉඳල තියෙනවනෙ. ඒ අයගෙ අනන්ත අප්‍රමාණ උපකාරත් සමාජයට ලැබිල තියෙනවනෙ. කාලි අම්මාත් ඒ දුකට පිහිටවෙන එක මොනතරම් වටිනවද? උතුම්ද?


     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කාලි අම්මා උදව් කරනවා කියල බුදු හමුදුරුවොන්ට වදින අත්දෙකම කාලි අම්මට උස්සන
    බෞද්දයෝ ගැන නම් තියෙන්නේ විශාල කලකිරීමක් මටනම්
     

    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    have no trust in gods.:):):)
    Morning pray...
    අහෝ ස්වර්ගයේ වැඩ වසන දෙවියනි,
    මෙච්චර කාලයක් මම හිටියෙ මට ඕන විදිහට මගේ පාඩුවෙ.
    ඉස්සරහටත් මගෙ වැඩ වලට ඇඟිලි ගහන්න එපා.
    ඒවා මම බලා ගන්නම්.
    ආමේන්!!

    anith deiyantath oya tikama thama kiyanne man nam:lol::lol:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මේ වගේ ඉන්දියාවෙන් ආපු බහුබූත හින්ද තමා ලංකාවේ මිනිස්සු පන්සල් යනවට වඩා දේවාලවලට යන්න පුරුදු වෙලා ඉන්නේ.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඇඟ බේරගන්න, බෞද්ධ සාහිත්‍යයේ එනව කියල, බුද්ධාගම විකෘති කරන්නේ මෙහෙම තමයි.
    මේවට අහු වෙන එවුනුත් ඉන්නවනෙ.:rolleyes:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම නම් විශ්වාස කරන්නේ නැ. හැබැයි විශ්වාස කරන උන්ට එපයි කියන්නෙත් නැ. ඒක උන්ගේ නිදහස, මේක මගේ නිදහස.

    හැබැයි ඉතින් ඔය එක එක දෙයියලා උකන්න ආවොත් අරින්නෙත් නැ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    විකාර බං.. PK ෆිල්ම් එක බලපං.. ඒකෙ නියමෙටම පැහැදිලි කරල දෙනවා සීන් එක.. ඔය ඉන්දියන් උන් නේහ් වැඩියක්ම දෙවියො ඔළුව උඩ තියන් ඉන්නෙ..
     

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    Nadomakin bun.. Umba bauddayekda? May wage yakshaniyanwa adahanna mole da thota?

    ඇ යකෝ උබ හිතුවද මන් යක්ෂණියෝ අදහනවා කියල.මට හම්බ උන thred එකක් මන් දැම්මේ..නිකන් පටල ගන්න එපා:growl::growl::frown::frown:
     
    Last edited: