දෙගොඩතලා ගිය ගැරඬිඇල්ලේ ගමන.

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දෙගොඩතලා ගිය ගැරඬිඇල්ලේ ගමන.

    අනෝරා වැස්සකදී දෙගොඩතලා ගිය ගැරඬිඇල්ලේ ගමන.... :shocked::shocked::shocked:

    ආයුබෝවන් අපේ එළකිරි සාමාජිකයෝ ඔක්කොටම...අදත් පොඩි සංචාරක නූලක් අරගෙන ආවා.මේකත් මම ඇවිදිද්දී ලබපු ලොකුම අත්දැකීමක් වුනු කතන්දරයක්.
    ලංකාව කියන්නේ පොඩි උනාට බොහොම විවිධත්වයෙන් පිරුණු ලස්සන රටක්. දිය ඇලි කියන්නේ ඒ ලස්සන තවත් වැඩි කරන ස්වභාවධර්මයේ අපූරු නිර්මාණයක්.
    ලංකාවේ මම දැකපු තවත් ලස්සනම දිය ඇලි පද්ධතියක් තමා උඩුදුම්බර - කළුගල කියන ගමේ පිහිටලා තියෙන ගැරඬි ඇලි දාමය.
    කන්ද මුදුනේ ඉඳල කඩා වැටෙන හසලක ඔයේ අතු ගංගාවකින් නිර්මාණය වෙන ප්‍රධාන දිය ඇලි 5 සහ කුඩා ඇලි කිහිපයකින්ම සමන්විත බොහොම අයස්කාන්ත දිය ඇලි පද්ධතියක්.
    කළුගල ගැරඬිඇල්ලේ මම මුලින්ම ගියේ 2016 අවුරුද්දේ ජුනි මාසේ දැඩි වියලි සුලන් අධික සමයක.ඒ ගමන ගැනත් මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා. මේ යටින් ලින්ක් එක තියෙනවා. කැමති කෙනෙකුට ගිහින් බලන්න.


    http://www.elakiri.com/forum/showthread.php?t=1845527

    මේ අද කියන්න යන ගමන මම ගියේ 2018 මැයි මාසේ දවසක. ඒ කාලේ ලංකාවේ ගොඩක් පළාත් වලට වැස්ස තිබුණු කාලයක්.
    ගමන සංවිධානය වුනේ වෙනස්ම විදිහකට.ගමන සැලසුම් කලේ සහ සංවිධානය කලේ ගමේ මගේ හොඳම මිත්‍රයෙක්.

    මගේ මිත්‍රයාට ඔහුගේ උසස් අධ්‍යාපන ආයතනයේ සගයෝ ටිකක් යෝජනාවක් ගෙනල්ල තිබුන ඔවුන්ව රාත්‍රී කඳවුරු අත්දැකීමකට එක්කන් යන්න කියල.
    මිත්‍රයා මට ආරාධනා කළා ඒ වෙනුවෙන් සහභාගී වෙන ලෙස. ඔහු ගමන සැලසුම් කලේ මේ පිළිවෙලට.

    පිරිස සමග කළුගල දක්වා ඔහුගේ වාහනයෙන් යෑමට සහ ඒමට.
    ගැරඬි ඇල්ලේ පහලම මහලට යටින් අපි කලින් කඳවුරු ඉදිකළ භුමිය වෙනතෙක් Hike එක.
    කඳවුරු භුමිය ඉදිකළ පසු ඔහුත්, මමත් පමණක් දිය ඇලි කිහිපයක් වෙනතෙක් ඉහලට සංචාරය කර සවස් කාලයේ නැවත කඳවුරු බිමට පැමිණීමට.
    මේ සැලසුමට ඔහුගේ සගයෝ සියල්ල එකඟ වුනා.
    ( කලින් කඳු නැගල නුපුරුදු කට්ටියක් එක්ක ගැරඬි ගල වගේ තිව්‍ර ආනතියකින් උඩට එක්කගෙන යන එක අවදානම් නිසා ඒ බව ඔවුන්ට පැහැදිලි කරලා දුන්නා.මොකද මේ ඒ යාලුවන්ගේ පළවෙනිම අත්දැකීම නිසා)

    ඉතින් අපි අවශ්‍ය කරන බඩු මුට්ටු සහ කෑම බීම සේරම එකිනෙකා අතර බෙදාගෙන පාන්දරම වෑන් එකෙන් පිටත් වුනා.කිහිප දෙනෙක් පිළිමතලාවේදී එකතු වුනා.
    අපේ ගමන් මාර්ගය සුපුරුදු විදිහට නුවර - මහියංගන පාරෙන් උඩුදුම්බර හරහා කළුගලට.
    පාරවල් වල තදබදයයි, ප්‍රමාදයයි නිසා අපි කළුගල ගමට එද්දී උදේ 10 ත් පහුවෙලා.ගම්මානයේ කඳු පාමුල ගෙදරකින් වාහනය දාලා ගෙදර මිනිස්සුන්ටත් අපි යන ගමනේ විස්තර කියල අපි ගැරඬි ගල දිගේ උඩට නගින්න පටන් ගත්තා.

    කොහොම හරි පැය එකහමාරක්, දෙකක් වගේ ඇතුලත අපි කඳවුරු ඉදි කරන්න සුදානම් කරගෙන උන්නු ගල් තලාවට සේන්දු වුනා.
    අපි නගින අතරමග කිහිප විටක්ම වැස්සට අහු වුනා. නමුත් ඒක එච්චර අමාරුවක් වුනේ නැහැ.

    bHXtTK8.jpg

    කැලේ මැදින් උඩට. පොඩි පොඩි වැස්සක් තිබුනත් ලොකු අපහසුවකින් තොරව අපි උඩට ආවා.

    9UterAf.jpg

    අපේ සුපුරුදු කඳවුරු භුමිය.

    D8HZz4Z.jpg

    ගැරඬි ගල සහ දිය ඇලි.


    එතනින් පස්සේ අපි දෙන්නා අපේ සගයන්ට ටෙන්ට් එක ගහන්න අවශ්‍ය සහය සහ අවට භුමිය ගැන උපදෙස් දීල අපි උඩට යන්න සැලසුම් කරගෙන ඉන්න මාර්ගයයි, නැවත පැමිණෙන වෙලාව යි දීල ඕනේ කරන කෑම ටිකක්, බෙහෙත් මල්ලක්, ටෝච්, පිහියක් වගේ දේවල් ටිකත් මල්ලට දාගෙන උඩට යන්න පිටත් වුනා.
    මගේ කලින් ත්‍රෙඩ් එක කියෙව්ව කෙනෙකුට ගැරඬි ගල උඩට අපි කලින් වතාවේ ලඟා වුනේ කොහොමද කියන එක ගැන පොඩි අවබෝධයක් ඇති.
    මෙදා වතාවේ අපි ඊට වඩා වෙනස්ම විදිහක් තමා අනුගමනය කලේ.කලින් වතාවේ අපි කන්දේ පාමුල ඉඳල කැලේ මැදින් ගල් පොත්ත දිගේ දකුණෙන් උඩට ගියාට මෙදා පාර වතුර පාරත් එක්කම දිය ඇල්ලෙන් , ඇල්ල තරණය කරමින් තමා උඩට ගියේ.
    බෑවුම වැඩි තැනදී මාන ගොල්ලෙන් උඩට නැග්ගා.

    hJX8UQ1.jpg


    5H2c8SA.jpg

    පහල වෙල් යාය.

    rHxunkB.jpg

    මෙදා පාර අපි වතුර පාර දිගේ උඩට නගින්න තෝර ගත්තා.

    DfeOshg.jpg

    පුංචි වුනාට දැකපු ලස්සනම දිය ඇල්ලක්.

    0f9SjRP.jpg


    lyxxetQ.jpg

    ගැරඬි ඇල්ලේ පහල ඉඳන් හම්බුවෙන පලවෙනි මහල.

    fLK377S.jpg

    මෙතැනදී ගස් මුල් වලින් උඩට නැගල තමා මේ ඇල්ලේ උඩට ගියේ

    IsOyxZK.jpg


    TKnzpxq.jpg


    sroHSZH.jpg


    DmxF3Av.jpg


    Gg4LKy6.jpg


    M1Ch33T.jpg

    පහල ඉඳල උඩට යද්දී හම්බ වෙන දෙවෙනි මහල...මෙතනින් උඩට නගින එක තමා සෑහෙන අමාරු වුනේ.ඇල්ලට වම් පැත්තෙන් මාන ගොල්ල දිගේම උඩට ගියා. කිහිප වතාවක් ලෙස්සුව...

    9UNVZKP.jpg


    AJ1hCv3.jpg


    ne6alLC.jpg

    ඔහොම උඩට නගිද්දී ඈතින් තවත් ලස්සන දිය ඇල්ලක් දැක්කා. හැබැයි ඒක සෑහෙන තරමේ දෙබෝක්කාවක් ඇතුලට වෙන්න වගේ පෙනුනේ.ගෙදර ඇවිත් මැප් එකෙන් ඒ ඇල්ල පිහිටන තැන අනුමානෙට හොයා ගත්තා.
    ඔය උඩ පින්තුරේ රවුම් කරලා තියෙන්නේ ඈතින් පෙනුණු විදිහ.


    lj2RjNe.jpg

    ඔය පෙනෙන්නේ බලල්ගිර කඳු මුදුන.

    iU7BAWY.jpg


    MZXlbAs.jpg


    3ozFP6q.jpg

    දෙවෙනි මහලේ මුදුන.

    qswKpdr.jpg

    මෙතන ඉඳල පොඩි දුරක් වතුර පාරේ උඩට ගිහාම පාමුල ඉඳල 3 මහලේ පාමුලට වැටෙනවා.ගැරඬි ඇල්ලේ 3 මහල කොටස් 2 න් කඩා හැලෙන්නේ.

    c8uPbCB.jpg

    3 මහලේ වම් පැත්තේ දිය ඇල්ල.

    grMNbzy.jpg


    hP8pEli.jpg


    TlZSOBp.jpg

    3 මහලේ දකුණු පැත්තේ දිය ඇල්ල.

    කලින් වතාවේ වගේ නෙමේ මෙදා පාර වැස්ස නිසා දිය ඇල්ලේ වතුර සෑහෙන පිරිලා, මාරම ලස්සනක් තිබ්බේ.සමහර තැන් වලදී ලංකාවේද කියල හිතා ගන්නත් බැහැ.නමුත් උඩට ගමන බොහොම සීරුවෙන් තමා කරන්න වුනේ, මොකද ආනතිය වැඩියි වගේම තෙත නිසා ගස්, ගල් ඔක්කොම ලෙස්සනවා.
    ඒ වගේම හිරිපොද වැස්සකුත් සැරින් සැරේ වැටුනා.අහසත් හතර වටෙන්ම කළු කරගෙන ආවේ.

    P0HzmKa.jpg


    xnfvLX3.jpg


    Rz6cp4Q.jpg

    එකපාරටම අහසේ කළු වලාකුළු එකතු වුනා. මහ වැස්සක නිමිති පහල වුනා.

    tbwBMQE.jpg

    සම්පුර්ණ ඇලි දෙකම එකට පෙනෙන විදිහ

    al6b483.jpg

    ඔය පේන්නේ යහන්ගල කන්ද.

    iy11PEN.jpg


    isAQlnn.jpg

    යහන්ගලට පාමුලින් තියෙන වෙලන්ගොල්ල පතන.

    ETgJFKC.jpg

    පහල ගම්මානය සහ වෙල් යායන්.

    RnSrXwN.jpg


    wZBJvFZ.jpg

    වැස්ස ළඟ ලඟම.

    2ql2gjs.jpg


    bmt0btN.jpg

    බලල්ගිරට පහලින් කළු වලාකුල් අතරින් ඉර එලිය වැටිලා මාර ලස්සනක් තිබුනේ.

    zCX75pL.jpg

    වැස්ස නැති දවසක කෑම්ප් කරන්න කියාපු තැන.

    ඉතින් ඔය විදිහට හවස 2 විතර වෙද්දී මමත් යාලුවත් දිය ඇල්ලේ පහල ඉඳල 3 වෙනි මහල වෙනකන් උඩට ආවා.
    ඒ වෙද්දී ළඟ ලඟම ලොකු වැස්සක ලකුණු පෙනුණු නිසා අපි දෙන්නම් තීරණය කළා තවත් උඩට යන්නේ නැතිව ආ විදිහටම ආපහු යන එක වඩාත් හොඳයි කියල.
    එහෙම කියල ආපිට හැරිලා මීටර් 50 වත් බහින්න හම්බුනේ නැහැ වැස්ස කඩන් වැටුනා.

    ආපහු ගමන ගැන නම් කතා කරලා වැඩක් නැහැ. වැඩි හරියක් තැන් වලදී අපි පහලට බැස්සා නෙමේ රූටල වැටුනා කිව්වොත් හරි.
    එතනින් පස්සේ ආපහු කෑම්ප් සයිට් එකට එනකම්ම කිසිම පින්තුරයක් ගන්නවත් කැමරාව එලියට ඇද්දේ නැහැ.

    අපි ගැරඬි ගලේ පහලට බැහැල පහල තියෙන වෙල් යාය මැද්දෙන් ඇවිත් වතුර පාරට එපිටින් තියෙන අපේ කුඩාරමට යන්න හිටියට අපි දැකපු දෙයින් අපි දෙන්නගේ කකුල් සීතල වෙලා ගියා.

    අපි යද්දී තිබුණු වතුර පාර වෙනුවට දැන් එතන තියෙන්නේ තනිකරම මඩ වතුරෙන් පිරුණු ප්‍රචණ්ඩ සැඩ පහරක්. ඒ වෙද්දී වෙලාව 4.30 කිට්ටුයි.
    Flash flood කියන දේ අහල තිබුනට, වීඩියෝ වලින් දැකල තිබුනට ඇස් දෙකට දැක්කේ එදා.ඔය වතුර පාර දිගේමද අපි මේ වෙනකන් බැස්සේ කියල හිතා ගන්න බැරුව ගියා.
    අපි දෙන්නා හිටි තැන ටිකක් වෙලා එහෙම්ම හිටියා. හැබැයි වැඩි වෙලාවක් එහෙම ඉන්න ලැබුනේ නැහැ. අපේ පිටිපස්සෙන් ගල් තලාවේ හැම තැනින්ම දිගට හරහට වතුර ගලාගෙන එන්න ගත්තා.

    UrkY6UI.jpg


    gOu5Zzz.jpg


    xaELc7F.jpg


    QWyFdGh.jpg

    අපේ පිටිපස්සෙන් ගල් තලාවේ හැම තැනින්ම දිගට හරහට වතුර ගලාගෙන එන්න ගත්තා. :shocked:

    ඒ වෙද්දී අපේ අනිත් සගයෝ වතුර පාරට එපිටින් තියෙන ගල් තලාවේ ඉදිකරපු කුඩාරමේ හිටියේ.එයාල අපි ඇවිත් මෙහා පැත්තේ හිර වෙලා ඉන්නවා දැක්කේ සෑහෙන වෙලාවකට පස්සේ.
    ඉතින් අපි දෙන්නා ඒ කට්ටියට එතන එහෙම්මම ඉන්න කියල,කියට හරි කමක් නැහැ වතුරේ සැර අඩු වුනාම අපි එන බවත් දැනුම් දීල මෙහා පැත්තේ කැලේ මැද උස තැනකට ගියා.කොහොම හරි පැයකට හමාරකට පස්සේ වැස්ස නැවතුනා.
    එතකොට අපි දෙන්න නිකමට ගැරඬි ඇල්ල දිහා බැලුවා.ඒ දැකපු ගැරඬි ඇල්ලද අපි මේ උඩට ගියේ කියල හිතෙන තරමට ඇල්ලේ වතුර ප්‍රචණ්ඩ වෙලා.
    ඇත්තටම ගැරඬි ඇල්ල කියන්නේ දියළුම, දුන්හිඳ, රාවනා, බෝපත් ඇල්ල වගේ දැවැන්ත වතුර පාරක් එක්ක ගලාගෙන එන අතු ගංගා කිහිපයකින් පෝෂණය වෙන ලොකු වතුර ධාරිතාවක් තියෙන ඇල්ලක් නෙමේ.තනිකරම ගැරඬි ගල මුදුනෙන් විතරක්ම පටන් ගන්න, පුංචි දිය සීරාවලින් පෝෂණය වෙන ඇල්ලක්. ඉතින් ඒ වගේ ඇල්ලක ඔච්චර වතුරක් දැක්කම අපිටත් සෑහෙන පුදුම හිතුන.

    3B436t8.jpg


    BBoDojq.jpg

    විනාඩි ගානකින් ඇල්ලේ වතුර වැඩි වුනා.මේ වෙලාවේ අපි ඇල්ලේ උඩදී වතුර පාරට අහු වුනා නම් අපේ මළකඳන් හසලකින් තමා ගොඩ ගන්න වෙන්නේ.:sorry:


    වැස්ස නැවතුනත් වතුරේ සැර නම් අඩු වුනේ තවත් පැයක් දෙකකට පස්සේ.මඩ එක්ක කලවන් වෙච්ච ගල්, මුල්, අතු කෑලි ඔක්කොම වේගෙන් ගහගෙන යනවා.
    මේ වතුරට අඩිය තිබ්බ හැටියේ වෙන්නේ අපේ සමබරතාවය ගිලිහිලා අපිව වැටෙන එක.
    ඊට පස්සේ ඉතින් ඔලුවක්, අතක් පයක් ගලක වැදුනම ඉතින් සොරි තමා.
    කොහොම හරි වතුර හොඳටම අඩු වෙලා අනිත් පැත්තට පැනගෙන කට්ටිය එක්ක එකතු වෙද්දී රෑ 7.15 විතර ඇති. අපි දෙන්නා පැය 3 විතර මෙහා පැත්තේ හිර වෙලා හිටියා.

    එදා රෑ නම් ආපහු ලොකුවට වැස්සේ නැති වුනාට ගින්දරක් ගහගෙන කෑමක් උයන්න තරම් විදිහක් තිබුනේ නැහැ. ඒක නිසා ගෙනියපු පාන්, බිස්කට් වලින් රෑ කෑම වේල පිරිමහගත්තා.

    ඇත්තටම මට අපේ යාළුවො ටික ගැන සෑහෙන දුක හිතුන. මොකද බොහොම සුන්දර කඳවුරු රාත්‍රියක් ගත කරන්න තිබුණු අවස්තාවක් එයාලට වැස්ස නිසා මගහැරුණු එක.ගිනිමැලයක් වටේ ඉඳගෙන පොඩි කතාවක් දාගෙන උයාගෙන කාලා බොහොම රසවත් මොහොතක් ගත කරන්න තිබුණු අවස්තාවක් නැති වුනේ.:(
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒ කොහොම වෙතත් පහුවදා උදේ පුදුම ලස්සන දවසක්.කොහොමටත් හවස වැස්සකට පස්සේ උදා වෙන අලුත් දවසක් කියන්නේ මුළු පරිසරයම හේදිලා කුණු දුවිලි ඔක්කොම අයින් වෙලා හරිම පැහැදිලි අහසක් එක්ක උදාවෙන වර්ණවත් දවසක්.
    ඒක නිකන් හරියට චිත්‍රයක් වගේ.බොහොම සුන්දර ඉර උදාවක් දකින්න ලැබුනා.

    AqsZzTR.jpg

    ඉර උදාව බලන්න අපි උදෙන්ම නැගිට්ටා. කොහොමටත් කලින්දා හොඳ නින්දක් නම් ලැබුනේ නැහැ. මොකද පොලව හොඳටම තෙමිලා නිසා ටෙන්ට් ඔක්කොම තෙත් වෙලා තිබුනේ.


    IhKoQqB.jpg


    K26X8K1.jpg


    d1UgzQd.jpg

    ගැරඬි ගලට උදා ඉරුරැස් වැටිලා නිකන් රත්තරන් පාටින් දිස් වුනේ.

    DwNrxhq.jpg


    Ln8JApy.jpg


    mengdDu.jpg


    3itOeK6.jpg

    ජීවිතේ දැකපු තවත් ලස්සනම ඉර උදාවක්.

    6nvHUcS.jpg


    PnkXIUA.jpg


    DpD47ci.jpg

    මීදුම් සේලය කියන්නේ මේකට..:love:

    YVojM4i.jpg


    l1EqoXa.jpg

    මේ තියෙන්නේ තලගුණේ ඇල්ල. කළුගල ගමට කලින් තමා තලගුණේ ගම තියෙන්නේ.

    UlPJ7sB.jpg


    yppIFfq.jpg


    5DttTqb.jpg


    21G3JGG.jpg


    5hQZs14.jpg

    ගැරඬි ඇල්ලේ දිය දහරා නැවතත් සුපුරුදු රිද්මයෙන්

    vsZJooc.jpg

    අපේ කඳවුරු බිමට ටිකක් ඉහලින් පිහිටලා තියෙන කුඩා ඇල්ල.

    CsYqEaN.jpg


    aleedDW.jpg


    GdZyzox.jpg


    ඉතින් අපි ඒ ලස්සන මොහොත සෑහෙන වෙලාවක් විඳ ගත්තා.
    ඊට පස්සේ හොඳට රසට කෑම ටිකක් උයාගෙන කාලා කුඩාරම් අස් පස් කරගෙන බිමත් සේරම සුද්ද කරලා,
    ගමන් මලුත් කරට අරගෙන ආපහු කැලේ මැදින් පල්ලම් බැහැල පහල ගලාගෙන යන ඔයෙන් හොඳට නාගෙන ආපු පාරෙන්ම රෑ වෙද්දී ගෙවල් වලට ගියා.

    6EEK51m.jpg

    කලින්දා රෑ හරි කෑමක් නැති නිසා තියෙන ඔක්කොම ජාති ඉව්වා.

    m2Ivy8c.jpg


    XgVwLoJ.jpg

    දිය ඇලි නැවතත් සුපුරුදු රිද්මයෙන් ගලා හැලෙනවා.

    zeVB6bE.jpg


    LOxrcMQ.jpg


    ouRcTHc.jpg


    XxDYBnE.jpg

    අපේ කුඩාරම් ගහගෙන හිටපු බිම ඔක්කොම සුද්ද කරලා ගිනිමැලත් නිවල අස් කරලා දැම්මා.

    KEuDSVL.jpg


    3Oemni5.jpg

    ආපහු කැලේ මැදින් පල්ලම් බැස්සා.

    vpn7csB.jpg


    tyMLdit.jpg

    ගමට සේන්දු වෙන්න කලින් තියෙන වතුර පාරෙන් හොඳට නාගත්තා.


    FW5DXQY.jpg

    අපේ වෑන් එක නවත්තපු ගෙදරට පෙනුණු ගැරඬි ගල.

    40DCEAo.jpg

    යන ගමන් තලගුනේ ඇල්ලේ පින්තුරයක් ගහගෙනම ගියා.

    ඉතින් තවත් සුන්දරම, අමතක නොවෙන, අත්දැකීම්, පාඩම් කියා දුන්නු ගමනක් ඔය විදිහට අවසන් වුනා.
    එහෙනම් තවත් දවසක සංචාරක නූලක් එක්ක හමුවෙමු...ජයවේවා අපේ එළකිරි වැසියෝ ඔක්කොටම.

    :):):)


    ගමනේ දල සැලැස්ම.

    පිරිස 07
    ගමන් මාර්ගය - නුවර - උඩුදුම්බර - කළුගල - දඹගහපිටිය පාලම අසලින් ඇති මාරගයේ චුලාභය ද්විතියික පාසල පිටුපස කොන්ක්‍රීට් මාරගයේ ගොස් පහසු ස්ථානයකින් වාහනය දමා එතැන් සිට ගම්මුන්ගෙන් මග අසාගෙන කන්ද පාමුලට පැමිණීම.

    එතැන් සිට ඔබ ඇතුළු වන්නේ නකල්ස් රක්ෂිතයේ නැගෙනහිර බෑවුම් කොටසටයි. වනාන්තරයකදී පිළිපැදිය යුතු නීති රීති අනුගමනය කරන්න.

    වැසි සමයන් හිදී කුඩල්ලන් බහුලය.කටු පඳුරු සහ සර්පයන් ගැවසෙන භූමියකි.

    ගැරඬි ගල යනු අංශක 70 පමණ ආනතියකින් උඩට යා යුතු නැග්මකි. ඒ බව සිහියේ තබා ගන්න.දිය අලි කොටසේදී උඩට නැගීමට අපි භාවිතා කලේ මාන තලාවයි.
    හැකි සෑම විටම ගම්මුන්ගේ උපදෙස් පිළිපදින්න.

    ගූගල් සිතියමේ ස්ථානය සටහන් කර ඇත.එ නිසා කටු සිතියම් අවශ්‍ය නොවේ.


    https://www.google.com/maps/place/K...f30669426fdd6d3a!8m2!3d7.3791507!4d80.8712465
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth


    මේ ගමනේදී අපි මුහුණ දුන්නු Flash flood අවස්තාව නිසා Flash flood ඇති වෙන්නේ කොහොමද කියන කාරණය ගැන මම ටිකක් හොයල බැලුව.
    ඒ හොයා ගත්තු කාරණා එකතු කරලා මම ඒ දවස් වල ත්‍රෙඩ් එකක් දැම්මා. ඒ ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් මෙතන යටින් දානවා.

    :yes::yes::yes:


    http://www.elakiri.com/forum/showthread.php?t=1851943
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මේවනේ යකූ ට්‍රිප්...

    උඹලට බය නැද්ද බන් ඔහොම යන්න...? බැරිවෙලාවත් ලිස්සලා ගියොත්...?

    අනික ඕවයේ නයි පොළොන්ගු කයි කියල බය නැද්ද?