දෙව්ලොව ඉපදීමට හේතු වන දෙවතානුපස්සනා භාව

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දෙව්ලොව ඉපදීමට හේතු වන දෙවතානුපස්සනා භාව


    මනුස්ස ලෝකේ අපිට ඊලග භවය දිව්‍යලෝකයක ඉපදීම හරිම අමාරු දෙයක්, ඒ සඳහා ලොකු දාන මාන මහා පින්කම් කරන්න ඕනි කියලා තමා එකපාරට අපිට හිතෙන්නේ. ඒත් ත්‍රිපිටක දේශනා හොදින් පරිශීලනය කරනකොට තේරෙනවා අපිට එදිනෙදා ජිවිතයේ කරන්න පුළුවන් පොඩි පින්කම් දිව්‍යලෝක උපතක් ලබාදෙන්න හේතුවෙනවා. විශේෂයෙන්ම ඛුද්දක නිකායේ විමානවත්ථු වල විස්තර කියවද්දී ඒ බව හොඳින් ඔප්පුවෙනවා. ඉතා පොඩි පිනක් කරලා මහත්ඵල මහානිශංස දිව්‍ය ආත්ම ලබපු දෙවිවරු විශාල සංඛ්‍යාවක් පිළිබඳව ඒ දේශනා වල විස්තර වෙනවා.

    අපේ සමාජයේ බොරු මතයක් තියෙනවා දෙවියන්ට භාවනා කරන්න බෑ, පින්කම් කරන්න බෑ, මාර්ගඵල ලබන්න බෑ, සැප වැඩි, ඒ නිසා මනුස්ස ලෝකේ ඉපදීම දිව්‍ය ලෝකේ ඉපදීමට වඩා හොදයි කියලා. මේක සම්පුර්නෙන්ම බොරු මිත්‍යා මතයක්. ඕන තරම් බුද්ධ දේශනා අවසානයේ සඳහන් වෙනවා ඒ දේශනා ශ්‍රවනය කරපු දෙවිවරු සෝවාන් ආදී මාර්ගඵල වලට පත් උන බව. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය වූ ධම්මචක්කපවත්තන සුත්‍රයේ අවසානයේ සෝවාන් උනේ මිනිසුන්ගෙන් කොන්ඩඥ්ඥ තවුසා පමණයි, එත් ඒ වෙලාවේ එතැන හිටපු දෙවිවරු කෝටි ගණන් මාර්ගඵල ලබපු බව දේශනාවේ සඳහන් වෙනවා. කවුරුහරි කියනවනං දෙවියන්ට මාර්ගඵල ලබන්න බෑ කියලා ඒ කෙනා බුද්ධ දේශනා බොරු කියලා කෙනෙක්. මොන දේශනා වල වැරදීම් තිබුනත් බුද්ධ දේශනා වල වැරදි තිබෙන් නෑ. “ස්වාක්ඛාතෝ භගවතෝ ධම්මෝ” කියලා අපි ධර්මයට වන්දනා කරන ගාථාවේ පාඨයෙන් කියන්නේ බුද්ධ දේශනා මුල මැද අග අඩුපාඩු රහිතව පරිපුර්ණව නිරවුල්ව දේශනා කරලා තිබෙන බව. අකාලික වූ ධර්මයේ සඳහන් වෙනවනම් දෙවියන් මාර්ගඵල ලැබුවා කියල පෘතග්ජන මිනිහෙක් කොහොමද කියන්නේ දෙවියන්ට මාර්ගඵල ලබන්න බෑ කියලා. අපි විශ්වාස කරන්න ඕනි අපි සරණ ගිය බුද්ධරත්නය ධම්මරත්නය සංඝරත්නය මිසක් ප්රුතග්ජනයින්ව නෙවෙයි.

    දෙව්ලොව ඉපදුනාම මනුස්ස ලෝකේ ඉපදුනාට වඩා ධර්මාවබෝධයට අවස්ථාව වැඩි. දෙවියන්ගේ ආයුෂ මිනිස් ආයුෂ වලට වඩා බොහෝ වැඩි නිසා බුදුරජාණන් වහන්සේ මුණගැහුණු, බුදුරජාණන් වහන්සේගෙන්ම ධර්මය ශ්‍රවනය කරපු දෙවියන් තවමත් ඉන්නවා දිව්‍යලෝකේ. ඒ වගේම මාර්ගඵල ලබපු දෙවිවරු ඉන්නවා දිව්‍යලෝකේ. මේ දෙවිවරු අනිත් දෙවිවරුන්ට ධර්මය දේශනා කරනවා. ඒ වගේම අනාඝාමි බ්‍රහ්මයන් පෝය දිනවලට සුධර්මා දේව සභාවට වැඩලා දෙවියන්ට ධර්මය දේශනා කරන බව බුද්ධ දේශනා වල සඳහන් වෙනවා. ඉතින් අපි දෙව්ලොව ඉපදුනොත් අපිටත් මේ විදියට ධර්මය ශ්‍රවනය කරන්න මාර්ගඵල ලබන්න අවස්තාව ලැබෙනවා. මිනිස් ලෝකෙදිට වඩා දිව්‍යලොකේදී ධර්මය අවබෝධ කරන්න අවස්තාව වැඩි. මනුස්ස ලෝකෙදි වැඩ කියක්නම් කරන ගමන්ද ධර්මයට හිත යොමු කරන්න ඉඩ තියෙන්නේ? දිව්‍ය ලෝකෙදි රස්සාවල් කරන්න නෑ ළමයි මුණුපුරන්ගේ වැඩ කරන්න නෑ ගෙවල් දොරවල් හදන්න නෑ සියලු සැප සම්පත් ඉබේ පහල වෙනවා. විවේකි සුවයෙන් ඉඳිමින් බණ භාවනා කරන්න විතරයි තියෙන්නේ. දෙවි කෙනෙක් උනාම මනුස්සයෙක්ට වඩා උසස් බුද්ධියක් තියෙනවා, ඕනෑම දෙයක් දැකිය හැකි දිවැස් තියෙනවා, මේ දේවල් නිසා මනුෂ්‍ය ආත්මයෙදිට වඩා හරිම ලේසියෙන් හිත දියුණු කරන්නත් ධර්මාවබෝධ කරන්නත් අවස්ථාව ලැබෙනවා.


    පොඩි පිනකින් මහානුභාව සම්පන්න දිව්‍ය ආත්ම ලැබූ දෙවිවරුන්ගේ විස්තර

    ඛුද්දක නිකායේ විමානවත්ථු දේශනා වල සඳහන් වෙනවා දෙව් ලොව ඉපදුනු දෙවියන් දෙව්ලොව ඉපදීමට හේතු උනේ ඊට කලින් ආත්මයේදී කුමන පිනක් කිරීමෙන්ද කියලා. මේ දේශනා බොහොමයක් දේශනා කර තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වමත් ශ්‍රාවක වූ ඉර්ධිමතුන් අතර අගතැන්පත් මුගලන් මහරහතන් වහන්සේ විසින්. මුගලන් මහරහතන් වහන්සේ ඉර්ධි බලෙන් දිව්‍යලෝකයට වැඩම කරලා දෙවියන්ගෙන් ප්‍රශ්න අහනවිට දෙවියන් දීපු දේශනා විමානවත්ථු වල සදහන් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාත් අඩංගු වෙනවා.

    (1) උක් දණ්ඩක් පුජා කර දෙව්ලොව උපතක්
    2වැනි උච්චුදායිකා විමානයේ සඳහන් වෙනවා එක් දෙව්දුවක් දැක මුගලන් මහරහතන් වහන්සේ අහනවා පින්වත් දෙව්දුව ඔබ හිරු සඳු වගේ ආලෝකයෙන් බබලනවා, ඔබගේ සම රන්වන් පාටින් දිලිසෙනවා ,ඔබ දැන් ඉපදී ඉන්නේ තව්තිසා දෙව්ලොවේ ,ඔබ මහා දැන් පැන් දෙන්න ඇති නේද? මොන වගේ පිනක් හේතුවෙන්ද ඔබ මෙහි ඉපදුනේ?

    එවිට දෙව්දුව පිළිතුරු දෙනවා ස්වාමින් වහන්ස ,මම ගිය ආත්මයේ මනුස්ස දුවක්, මට මහා දාන දෙන්න සම්පත් තිබුනේ නෑ, එක් දවසක් භික්ෂුන් වහන්සේ නමක් පිඬු සිඟා වැඩියා, දන් දීමට කිසිවක් තිබුන් නෑ උක් දණ්ඩක් පමණයි ආහාරයකට තිබුනේ, මම ඒ උක් දණ්ඩ පුජා කළා. ස්වාමිනි හරිම ආශ්චර්යයි, ඒ ආත්මයේ මරණින් පසුව උක් දඬු පුජාවේ පිනෙන් මම තව්තිසාවේ ඉපදුනා..

    අපි අපේ ජීවිතයේදී දාන කියක්නම් දීලා ඇත්ද, දාන කීයකට සහභාගී වෙලා ඇත්ද, ස්වාමින් වහන්සේලාට අවශ්‍ය සුළු සුළු දේවල් කොච්චර අරන් දීලා ඇත්ද. තව්තිසාවේ උපදින්න උක්දන්ඩක් ප්‍රමාණවත් උනානම් අපි කල පින් මදි වෙයිද.. බුද්ධ දේශනා වල සඳහන් වෙනවා තිරිසන් සතෙකුට කෑමට යමක් දුන්නත් ඒ පින ආත්ම 100ක් තරම් කල් විපාක දෙනවා කියලා. අපි සතුන් කීයකට දිනපතා කෑම දීලා තියෙනවද, මිනිසුන් කි දෙනෙකුට ආහාර දීලා තියෙනවද..

    (2) මල් 8ක් පුජා කර දෙව්ලොව උපතක්
    10 වැනි නාග විමානයේ සඳහන් වෙනවා මුගලන් මහරහතන් වහන්සේ දෙවියෙකුගෙන් අහනවා පින්වත් දිව්‍ය පුත්‍රය ඔබ අහසින් ගමන් කරන්නේ ශ්වේත හස්ති රාජයෙකු පිටේ , ඔබ මහානුභාව සම්පන්නව සියලු දිශා ආලෝකමත් කරමින් එලිය විහිදුවනවා, ඔබව පිනවීමට දිව්‍ය අප්සරාවන් තුර්යවාදන නාද කරමින් රංගනයේ යෙදෙනවා, මේ මහා සැප සම්පත් ඔබට හිමි උනේ කුමන පිනකින්ද?

    ස්වාමින් වහන්ස මම කාශ්‍යප බුදුරදුන් සමයේ මනුස්සයෙක් වෙලයි හිටියේ. දවසක් මම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතු සහිත ස්තුපයට බුදු ගුණ අරුත් සහිතව සිහිකරමින් සුදු මල් 8ක් පුජා කළා. එපමණයි මා කරගත්තේ. ඒ පිනෙනුයි මේ සියලු සම්පත් පහල උනේ. පුජා කලේ ප්‍රමාණ වූ මල් 8ක් වුවත් පුජා උනේ අප්‍රමාණ ගුණ සහිත බුදුන් විෂයෙහි නිසා මහා පුණ්‍ය විපාකයක් ඇති උනා.

    අපි පන්සල් ගිහින් මල් වට්ටි කියක්නම් පුජා කරලා තියෙනවද, ගෙදරදී හැමදාම පුජා කරපු මල් ගණන ගණන් කරන්න බැරි තරම් නේද?


    (3)බුදුන් වැඳීමෙන් දෙව්ලොව උපතක්
    මට්ටකුණ්ඩලි විමානයේ සඳහන් වෙනවා බෙහෙතක් නැතිව මියගිය මසුරු සිටුවරයාගේ පුත්‍ර මට්ටකුණ්ඩලි දෙවියෙක් වී දෙව්ලොව ඉපදී ඉන්නවිට මුගලන් මහරහතන් වහන්සේ ඒ දෙවියන්ව මුණගැහෙනවා.මුගලන් මහරහතන් වහන්සේ අහනවා මට්ටකුණ්ඩලි ඔබ මනුෂ්‍ය ආත්මයේදී දන් පින් කලෙත් නෑ, සිල් රැක්කෙත් නෑ කුමන පිනකින්ද දෙව්ලොව ඉපදුනේ?

    ස්වාමින් වහන්ස මම මරණාසන්නව ගිලන් වෙලයි හිටියේ, ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ මට පෙනෙන්න වැඩියා, මගේ සිත පැහැදුනා, මම ගොඩක් සතුටු උනා, තථාගතයන් වහන්සේට මම වන්දනා කළා. එපමණයි මා කරගත්තේ. හරිම පුදුමයි වන්දනා කල පමණින්ම මේ සා පුණ්‍ය විපාකයක් ලැබුනා.

    අපි හැමදාම බුදුන් වදිනවා. හොදට බුදුගුණ තේරුම් සහිතව මතක් කරමින් වන්දනා කලොත් ඒ පින මට්ටකුන්ඩලිට වගේ අපටත් පිහිට වෙයි


    (4)දවාලෙහි ප්‍රේතයෙක් රාත්‍රියෙහි දෙවියෙක්

    මිගලුද්දක ප්‍රේත විමානයේ සඳහන් වෙනවා මුගලන් මහරහතන් වහන්සේ එක් දෙවියෙකුගෙන් අහනවා පින්වත් දිව්‍ය පුත්‍රය ඔබ දිව්‍ය පුත්‍රයන් අප්සරාවන් පිරිවරාගෙනයි ඉන්නේ, සියලු සැපතින් සෝබමානයි, නමුත් දවල් කාලයේදී ඔබ ප්‍රේතයෙක් වී දුක් විදිනවා, කුමන කර්මයක්ද මේකට හේතු උනේ?

    ස්වාමිනි මම මුව වැද්දෙක් වෙලයි හිටියේ, එක් තාපස තුමෙක් මට අවවාද කළා පවින් වැලකි සිල් රකින්න කියා. මම කීවා මෙය මගේ ජීවිකාව කියා. එවිට එතුමා අවවාද කලා දහවල් කාලයේ බැරිනම් රාත්‍රියේවත් පස්පවින් වැලකි සිල් රකින්න කියා. මම ඒ අනුව කටයුතු කළා. ඒ හේතුවෙන් මම දහවල් කාලයේ පව් ගෙවනවා ,පන්සිල් රැකගත් පිනෙන් රාත්‍රියේදී දිව්‍ය සැප ලබනවා..

    රාත්‍රියේ විතරද අපි පස්පවෙන් වැලකි ඉන්නේ, උදේ දවල් රෑ තුන් වෙලේම අපි සිල් ආරක්ෂා කරගෙන ඉන්නවා නේද. රාත්‍රියේ විතරක් සිල් රැකලා මෙච්චර පිනක් ලැබුනානම් අපිට කොපමණ පිනක් රැස් වී ඇත්ද


    (5)පුජා කර තිබු මල් පිළිවෙලකට සකස් කිරීමෙන් දෙව්ලොව උපතක්
    මුගලන් මහරහතන් වහන්සේ එක් දෙවියෙකුගෙන් අහනවා පින්වත් දිව්‍ය පුත්‍රය ඔබ මහානුභාව සම්පන්නයි, මැණික් වලින් නිමවුණු ඔබගේ විමානය හරිම අලංකාරයි, එහි ඉඳිමින් ඔබ දිව්‍ය භෝජන අනුභව කරනවා, මහා සම්පත් විදිමින් ඔබ වාසය කරනවා ,කුමන පිනකින්ද ඔබ මේ සම්පත් ලැබුවේ?

    ස්වාමින් වහන්ස දිනක් සුගතයන් වහන්සේගේ ස්ථුපයට මල් පුජා කර තිබෙනවා මම දුටුවා, ඒ මල් අපිලිවෙලටයි තිබුනේ, මම බුදු ගුණ මෙනෙහි කරමින් ඒ මල් පිළිවෙලට සකස් කළා. ඒ කුඩා පිනෙන් මහා විපාකයක් ලැබුනා. දැන් මම දෙව්ලොව ඉපදී සතුටෙන් වාසය කරනවා..

    ඉතින් බලන්න ,මල් පිළිවෙලකට සකස් කරලා සතුටු උන පිනෙන් විතරක් දෙව්ලොව සම්පත් ලැබුණානම් අපි දිනපතා මල් පහන් සුවදදුම් පුජ කිරීමෙන් කොච්චර පිනක් රස වෙනවා ඇත්ද. පොඩි පිනකින් උනත් මහත්ඵල ආනිසංස ලැබෙනවා. එහෙම වෙන්නනම් අපි බුද්ධ පුජවල් තියෙනකොට ඉතාම ශ්‍රද්ධාවෙන්, ඉතාම සතුටෙන් ඒ දේවල් කරන්න ඕනි. බුද්ධ පුජාවන් තියනකොට ඔහේ ඉතිපිසෝ ගාථාවන් කියන්නේ නැතිව බුදු ගුණ වල තේරුම් හොදින් සිහි කරමින් ගාථා කියන්න ඕනි. බුදු ගුණ වල තේරුම් මතක් කරලා බුදුරජාණන් වහන්සේගේ විවිද ගුණ සිහිකරලා මම මේ වගේ මහා ගුණස්කන්ධයකින් යුක්ත බුදු කෙනෙක්ටයි මේ මල් පහන් පුජා කරන්නේ කියලා සිහිකරගෙන පුජා කරනකොට ඒ පුජාවේ පින මහත්ඵල වෙනවා. ඒ වගේම පින් කරනකොට ඉතාම සතුටෙන් ශ්‍රද්ධාවෙන් කලාම ඒ පින් වල විපාකය ප්‍රභල වෙනවා. ඒ වගේම අපි ජිවිත කාලේ කරලා තියෙන පින්, එදිනෙදා කරන පින් හැමදාම රෑට මතක් කරලා සතුටු වෙන්න ඕනි. පින් නැවත නැවත මතක් කරලා සතුටු උනාම ඒ පින් තවත් ප්‍රභල වෙනවා.


    දවසක් සක්‍ර දේවේන්ද්‍රයන් එක් දෙව්දුවකගෙන් අහනවා පින්වත් දෙව්දුව, ඔබට රන්වන් දිව්ය සළු තියෙනවා,රන් ආභරණ වලින් සැරසිලා ඉන්නවා, ඔබගේ ප්රාසාදයත් රන්වන්, සයනාසනත් රන්වන්, දිවය රථ රන්වන්, රන්වන් අශ්වයන් සිටිනවා, ඔබ මෙවන් විපාකයක් ලැබුයේ කුමන කුසල කර්මයකින්ද?
    සක් දෙවිඳුනි, මම මනුස්ස ආත්මෙදි දිනක් වැටකොළු වැලකින් මල් 4ක් කඩාගත්තා ,ඒ මල් අරන් බුදුරජුන්ගේ ස්ථුපය වන්දනා කරන්න ගියා.උතුම් බුදු සිරුර ගැන සිතද්දී මට මහා සතුටක් දැනුනා,ඒ උතුම් ධාතු සහිත ස්ථුපය ගැනම සිත සිත ඉදිද්දී වන්දනා කිරීමට පෙරම පසුපසින් ආ ගව දෙනක් ඇන මා මරණයට පත් උනා.පින්වත් දෙවෙන්ද්රයනි බුදුගුණ මනසිකාර පිනෙනුයි මේ සියලු සැප ඉපදුනේ
    එතකොට සක් දෙවිඳු කියනව මේ බලන්න මාතලී ,හරිම අසිරිමත්, බුදුරජාණන් වහන්සේ ජීවමාන විටත් පිරිනිවන් පෑ පසුත් සම සිතින්ම යම් පුජාවක් කරගන්නවානම් විපාකයද සමවම ලැබෙනවා. අපිත් බුද්ධ පුජාවන් වන්දනාවන් තියෙනකොට ජීවමාන බුදුන්ට කරන පුජාවක් කියලා හිතාගෙනයි කරන්න ඕනි. එතකොටයි ඒ පුජාව මහත්ඵල වන්නේ.


    දෙවියන් අතර උපදින්නනම් දෙවතානුපස්සනා භාවනාව කරන්න
    බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණින් මතු දෙව්ලොව උපදින්න කැමති කෙනෙක් ඉන්නවනම් ඒ පුද්ගලයා නිතර නිතර දෙවතානුපස්සනාව කල යුතුයි කියලා. භාවනාවක් කිවුවම හරිම අමාරු වැඩක් කියල තමයි අපිට හිතෙන්නේ. එත් මේ දෙවතානුපස්සනා භාවනාව හරිම ලේසි දෙයක්.කොහොමද මේ දෙවතානුපස්සනවා කරන්නේ?

    බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙව්ලොව ඉපදුනු දෙවියන් තුල ගුණාංග 5ක් තියෙනවා කියලා. ඒවා තමයි ශ්‍රද්ධා ශිල සුත චාග ප්‍රඥා කියන 5. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවියන් ඊට පෙර ආත්ම වලත් මේ ගුණාංග පුරුදු කල නිසා තමයි දෙව්ලොව ඉපදුනේ කියල. මොනවද මේ ගුණාංග පහ?

    *ශ්‍රද්ධා කියන්නේ බුද්ධ ධම්ම සංඝ තෙරුවන් පිලිබඳ පැහැදීමට. තෙරුවන් පිළිබද පැහැදීමෙන් දිනපතා මල් පහන් පුජා කිරීම, වන්දනා කිරීම, බුදුන් වදින විට දළඳා වහන්සේ නැමදීම හා ශ්‍රී මහා බෝධීන් වහන්සේට වන්දනා කිරීම ආදී දේවල් තමයි ශ්‍රද්ධාවට අයිති වෙන්නේ.
    *ශිල කියන්නේ සිල් රැකීම. දිනපතා පන්සිල් රැකීමත් පෝය දිනවල අටසිල් දසසිල් සමාදන් වීම තමයි මේකට අයත් වෙන්නේ.
    *සුත කියන්නේ ධර්මය ඇසීම, බණපොත් කියවීම, රූපවාහිනියෙන් ධර්මය ශ්‍රවනය කිරීම වගේ දේවල්.
    *චාග කියන්නේ දන්දීම. මහා සංඝයාට දෙන දාන වගේම මිනිසුන්ටත් තිරිසන් සතුන්ටත් දෙන දාන මෙයට අයිති වෙනවා. ආහාර පාන දීම වගේම වෙනත් ද්‍රව්‍ය දීමත් චාග වලට අයත්.
    *ප්‍රඥා කියන්නේ විදර්ශනා වැඩීමට, මේ ලෝකයේ සියලු දේම අපිට ඕනි විදියට පවතින්නේ නැතිව වෙනස්වෙන බවත් ඒ නිසා ඒ දේවල් වලින් දුක් ඇතිවෙන බවත් කිසිම දෙයක් තමන්ගේ වසන්ගයෙහි පවත්වන්න බැරි බවත් මෙනෙහි කිරීම.

    බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් පුද්ගලයෙකුට දෙව්ලොව උපදින්න අවශ්‍යනම් ඒ කෙනා හැමදාම මේ ගුණාංග පහ තමන් තුලත් තියෙන බව මතක් කල යුතුයි කියල. ඉතින් හරිම ලේසි නේද? අපි හැමදාම ශ්‍රද්ධා ශිල සුත චාග ප්‍රඥා වැඩෙන ක්‍රියාවන් කරන්න ඕනි. ඒ වගේම හැමදාම බුදුන් වදිනකොට හෝ නිදාගන්න වෙලාවට පොඩි වෙලාවක් භාවනා කිරීමට වෙන් කරගෙන දෙවියන් තුල තිබෙන ශ්‍රද්ධා ශිල සුත චාග ප්‍රඥා ගුණ පහ අපි තුලත් තියෙන බව මෙනෙහි කරන්න ඕනි. ඒක කරන්න ඕනි මේ විදියටයි :

    චාතුර්මහාරජිකයේ
    *දෙවියන් තුල ශ්‍රද්ධා ගුණය තියෙනවා,මමත් දිනපතා තිසරණ සරණ යනවා, බුදුන් වදිනවා ,මල් පහන් පුජා කරනවා මා තුලත් ශ්‍රද්ධාව තියෙනවා.
    *දෙවියන් තුල ශිල ගුණය තියෙනවා, මමත් සතුන් මැරීමෙන්, හොරකම් කිරීමෙන්, වැරදි කාම සේවනයෙන්, බොරු කීමෙන්, සුරාපානයෙන් වැලකි ඉන්නවා. පොහොය දින වල අටසිල් සමාදන් වෙනවා, මා තුලත් ශිල ගුණය තියෙනවා.
    *දෙවියන් තුල සුත ගුණය තියෙනවා, මමත් නිතර ධර්ම දේශනා අහනවා, බණ පොත් ආදිය කියවනවා, ඒ නිසා මා තුලත් සුත ගුණය තිබෙනවා.
    *දෙවියන් තුල චාග ගුණය තිබෙනවා, මමත් හැකි පමණින් සංඝයාට දන් දි තිබෙනවා, දාන වලට සහභාගී වී තිබෙනවා, මිනිසුන්ට දන් දෙනවා, තිරිසනුන්ටත් දන් දෙනවා, ඒ නිසා මා තුලත් චාග ගුණය තිබෙනවා.
    *දෙවියන් තුල ප්‍රඥා ගුණය තියෙනවා, මමත් සියලු දේවල් වල අනිත්‍ය බව දුක් බව මෙනෙහි කරනවා, මා තුලත් ප්‍රඥා ගුණය තිබෙනවා.
    දෙවියන් පෙර ජිවිත වල පරුදු කරපු ගුණ මා තුලත් තිබෙනවා, ඒ නිසා මරණින් මතු දෙව්ලොව උපදීමට අවශ්‍ය ගුණ මා තුලත් තිබෙනවා, මරණින් මතු දෙව්ලොව ඉපදීමට මේ සියලු පින් හේතුවේවා..!
    මේ විදියට තාවතින්සයේ දෙවියන් තුල..., යාමයේ දෙවියන් තුල..., තුසිතයේ දෙවියන් තුල..., නිර්මානරතියේ දෙවියන් තුල..., පරිනිම්මිත වසවර්තියේ දෙවියන් තුල..., ආදී විදියටත් හිතමින් භාවනා කරන්න. තමන් කැමති එක් දෙව්ලොවක් තියෙනවනම් ඒක ගැන පමණක් හිතමින් භාවනා කලත් කමක් නෑ.

    දෙවියන් අතර ඉපදීම හරිම අමාරු දෙයක් නෙවෙයි. අපි එදිනෙදා ජීවිතයේදී ඒ සඳහා අවශ්‍ය ගුණාංග සම්පුර්ණ කරනවා. එත් අපි ඒ ගැන නිතර සිහි කරන්නේ නෑ. හැමදාම පොඩි වෙලාවක් අරගෙන මේ දෙවතානුපස්සනාව වඩනවානම් අපේ හිත දෙව්ලොව පිහිටීමට හේතුවෙනවා..


    උපුටාගත්තේ මෙතනින්
    http://rawanaking.blogspot.com/2016/01/blog-post.html?showComment=1451957800466#c6928234855645956836
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    නොදන්න දෙයක් බෙදාගෙන මේ කරපු ධර්ම දානයේ ආනිසංසය ඔබටත් අත්පත් වේවා!!!
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ත්‍රිපිටකය පරිවර්තනය කල අය විසින් බුදුරජානන් වහන්සේ දේශනා කර වදාල ද්වතානුස්සති සූත්‍රයේ ද්වතාවය යන්න දේවතා අනුස්සතිය ලෙස වැරදි ලෙස පරිවතනය කිරීම නිසා ධර්මයේ මූලික කොටසක් වූ ද්වතාවය යන්න බෞද්ධයින්ට අසන්නට නොලැබෙන වචනයක් බවට පත් වී බුදුන් කිසිසේත්ම දේශනා නොකල ආකාරයේ දෙව්ලොව කෙරෙහි සිහිය පවත්වාගැනීමක් ලෙස අද භාවිතාවේ පවතී. මෙවැනි වචන සිය දහස් ගනනක්ම වැරදි ලෙස පරිවර්තනය කර වැරදි අර්ත දක්වා තිබීමෙන් අද බෞද්ධයාගේ නිවන සම්පූර්නයෙන්ම පාහේ වසා දමා තිබේ.


     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ත්‍රිපිටකය පරිවර්තනය කල අය විසින් බුදුරජානන් වහන්සේ දේශනා කර වදාල ද්වතානුස්සති සූත්‍රයේ ද්වතාවය යන්න දේවතා අනුස්සතිය ලෙස වැරදි ලෙස පරිවතනය කිරීම නිසා ධර්මයේ මූලික කොටසක් වූ ද්වතාවය යන්න බෞද්ධයින්ට අසන්නට නොලැබෙන වචනයක් බවට පත් වී බුදුන් කිසිසේත්ම දේශනා නොකල ආකාරයේ දෙව්ලොව කෙරෙහි සිහිය පවත්වාගැනීමක් ලෙස අද භාවිතාවේ පවතී. මෙවැනි වචන සිය දහස් ගනනක්ම වැරදි ලෙස පරිවර්තනය කර වැරදි අර්ත දක්වා තිබීමෙන් අද බෞද්ධයාගේ නිවන සම්පූර්නයෙන්ම පාහේ වසා දමා තිබේ.

    පටලවා ගත්තා නේද දරුවෝ බුදු රජානන් වහන්සේ දේශනා කල දේ දේශනා නොකල බව පවසලා?

    බුදු රජානන් වහන්සේ ආකාර ගනනාවකින් ද්වයතානුපස්සනාව දේශනා කර තිබෙනවා. විස්තර සදහා ඛුද්දක නිකායේ සුත්ත නිපාතයේ මහා වග්ගයේ ද්වයතානුපස්සනා සූත්‍රය බලන්න: http://thripitaka.org/view/sp/sp19/243

    බුදු රජානන් වහන්සේ දේවතානුස්සතිය ගැනත් දේශනා කර තිබෙනවා. විස්තර සදහා අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ ආහුනෙය්‍ය වග්ගයේ මහානාම සූත්‍රයත් (http://thripitaka.org/view/sp/sp15/31), අංගුත්තර නිකායේ එකාදසක නිපාතයේ අනුස්සති වග්ගයේ මහානාම සූත්‍රයත් (http://thripitaka.org/view/sp/sp17/645) බලන්න.

    ඔබට හිතෙනවානම් පරිවර්තන වැරදීමක් නිසා සිංහලෙන් දේවතානුස්සතියක් ගැන අද කතාබහ කරනවා කියා, පාලියෙන් ඇති වචන දෙසත් බලා බුදු රජානන් වහන්සේ ද්වයතානුපස්සනාව ගැනත්, දේවතානුස්සතිය ගැනත් වෙන වෙනම පවසා ඇති බව දකින්න. ඔබට හිතෙනවානම් ද්වයතානුපස්සනාව සහ දේවතානුස්සතිය යනු අර්තයෙන් එකක් බව, මේ කාරනා අර්තයෙනුත් වෙනස් බව වටහා ගැනීමට ඉහත දැක්වූ සූත්‍ර වල විස්තර ලෙසින් දක්වා ඇති දේ කියවන්න. සිංහල පරිවර්තනයත් බලන්න, පාලියෙන් ඇති දේත් බලන්න.

    හැබැයි මේ උපුටා දක්වන ලිපියේ සඳහන් "දෙවියන් අතර උපදින්නනම් දෙවතානුපස්සනා භාවනාව කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණින් මතු දෙව්ලොව උපදින්න කැමති කෙනෙක් ඉන්නවනම් ඒ පුද්ගලයා නිතර නිතර දෙවතානුපස්සනාව කල යුතුයි කියලා. " යන්න ගැනනම් මම සැක කරනවා. බුදු රජානන් වහන්සේ මෙහෙම දේශනා නොකර ඇතැයි යන්න මගේ අදහසයි. මම එසේ පවසන්නේ ඒකාන්ත කොට නොවෙයි. නමුත් බොහෝ විට මෙහෙම දෙයක් බුදු රජානන් වහන්සේ නොපවසා ඇතැයි මම සිතනවා. මම එහෙම හිතන්නේ මේ ආකාරයේ දෙයක් ප්‍රකාශ කිරීම සම්බුද්ධ සාසනය අතුරුදහන් වීමට හේතු වන කාරනාවක් සහ නිවන් මඟ වැසී යාමට එය කාරනාවක් වන නිසා. ඒ නිසා මෙවන් අදහසක් බුදු රජානන් වහන්සේ ප්‍රකාශ කර ඇතැයි හිතන්න අමාරුයි. මේ නිසා ඔබ පවසන "බුදුන් කිසිසේත්ම දේශනා නොකල ආකාරයේ දෙව්ලොව කෙරෙහි සිහිය පවත්වාගැනීමක්..." යන වදන් පෙළේ නම් ඔබ පවසන ලද "ද්වතාවය යන්න දේවතා අනුස්සතිය ලෙස වැරදි ලෙස පරිවතනය කිරීම" යන හේතුවෙන් පිට හේතු නිසා සත්‍යතාවයක් පවතින බවක් මට හැඟෙනවා.

    මම අසා තිබෙනවා කිරිබත්ගොඩ ඤානාන්ද හිමියන්ගේ මහමෙව්නා අසුපුව පැත්තෙනුත් දෙව්ලොව කෙරෙහි හිත පිහිටුවීමක් ගැන. මම කිරිබත්ගොඩ ඤානන්ද හිමියන් කරන හැම දෙයක්ම අගය කරන අයෙක් නොවෙයි. එහිමියන් කරන හැම දේම ගරහන අයෙකුත් නෙවෙයි. කිරිබත්ගොඩ ඤානාන්ද හිමියන් කරන කියන සමහරක් දේ බෙහෙවින්ම අගය කල යුතුයි. ඒ හිමියන් බෙහෙවින්ම උත්සාහ වන්තයි. බොහෝ පිරිස් සුමඟට යොමු කිරීමට ඒ හිමියන් කටයුතු කරනවා. නමුත් මම ඒ හිමියන් කරන කියන හැම දේම අගය කරන්නේ නැහැ. ගැරහීමට සුදුසු දේත් බොහොමයි. මේ මහමෙව්නාවෙන් කියවෙන (අන් සමහර අයත් පවසනවා ඇති) මරනින් මතු දෙව්ලොව ඉපදීමට දෙව්ලොව කෙරෙහි හිත පිහිටුවීම යන කරුණත් ගැරහීමට සුදුසු කාරනාවක්. ඒ අදහසේ එල්ඹ ඉන්නා අය චතුරාර්ය සත්ය්‍ය අවබෝධයට පමා වීමමයි සිදුවන්නේ. සමහරක් අය දුගතියේ වැටීමටත් මෙය කාරනාවක්. බුදු රජානන් වහන්සේ ගරහන ලද කාරනාවක් සුදුසු යැයි පැවසීමත්, ඊට බොහෝ අය යොමුකිරීමත් සුදුසු දෙයක් නොවෙයි. ඉන් තමන්ට සේම බොහෝ අයට අයහපතක් සිදුවෙනවා. සම්බුද්ධ සාසනයේ අතුරුදහන් වීමටත් එය රුකුල් දෙන කරුණක්. එහිමියන්ටත් අන් අයටත් මේ පටලවා ගැනීමෙන් මිදෙන්න හැකි නම් එය බෙහෙවින්ම යහපත් කාරනාවක්.
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අවසන් චේද දෙකට සම්පූර්නයෙන්ම එකඟයි.අපිට අද ද්වයතානුපස්සනාව යන්න ගැන සිංහලෙන් පැහැදිලි කිරීමක් අසන්නට ලැබෙනවාද ? ඔබට වැටහී ඇති ආකාරයට ද්වයතානුපස්සනාව යන්න කුමක්දැයි කරුනාකර පැහැදිලි කරන්න.
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අපිට අද ද්වයතානුපස්සනාව යන්න ගැන සිංහලෙන් පැහැදිලි කිරීමක් අසන්නට ලැබෙනවාද ?

    මට නම් ද්වයතානුපස්සනාව යන්න ගැන එම චවනයම භාවිතා කර සිංහලෙන් පැහැදීලි කිරීමක් පෙර අසන්න ලැබී ඇති බවක් මතක නැහැ. නමුත් ඊට අඩංගු කාරණාවන් ගැන වෙන වෙනම නම් අසා තිබෙනවා.

    කෙසේ නමුත් බුදු දහම අතිශයින්ම දුර්ලභයි. ඒ දහම් පැහැදිලි කර කිව හැකි අය ඉන්නවානම් එවන් අයත් දුර්ලභයි. මේ කාලයේ සීලය නම් කුමක්දැයි කියන්නත් බොහෝ භික්ෂූන්වහන්සේලාට බැහැ. අන් අයටත් පෙනෙන්න නොරකින, අඩු තරමේ රකින්න උත්සාහයක්වත් ගන්නා බවක් නොපෙනෙන සීලයක් අන් අය ඉදිරියේම කොහොම අගය කරන්නද? අන් අයට රකින්න යැයි කොහොම කියන්නද? අන් අයට කොහොම පැහැදිලි කරන්නද? මේ නිසා බොහෝ විට හැමෝම නොවුනත් බොහෝ භික්ෂූන් වහන්සේලා දුසිල්වත් කම සිල්වත් බව යැයි පවසන හෝ හැඟෙන ලෙසින් තමයි කටයුතු කරන්නේ. එසේ වන් විට ගැඹුරු දහම් කරුණු ගැන බහුල ලෙස අසන්න ලැබෙනවා යන කරුණ සිදු චන දෙයක් නොවෙයි.

    ඔබට වැටහී ඇති ආකාරයට ද්වයතානුපස්සනාව යන්න කුමක්දැයි කරුනාකර පැහැදිලි කරන්න.

    හැමෝගේම ධර්ම අවබෝධය වැඩිවන ආකාරයක් තමයි හැමෝම ත්‍රිපිටකය කියවා ඒ අර්තයන් කවරේදැයි තමන්ම තේරුම් ගන්න උත්සාහ කිරීම සහ ඉන් පසුව අපැහැදිලි නම් අන් අයගේත් උපකාර ලබාගැනීම, තම තමන් තේරුම් ගත් දේ අන් අය සමඟ සාකච්ඡා කිරීම. මේ නිසා එකවරම ද්වයතානුපස්සනාව මට වැටහෙන ආකාරය කවරේදැයි යමෙක් මගෙන් ඇසුවොත් මම වඩාත් කැමති ආකාරය තමයි පළමුවම ඒ අසන කෙනාව ත්‍රිපිටක කියවීමටම යොමු කිරීම. එසේ කලවිට එයින් එම පුද්ගලයාටත් යහපතක් වෙනවා, මටත් යහපතක් වෙනවා. කවර ලෙසකින් එම පුද්ගලයාට යහපතක් වෙනවාදැයි කිව්වොත් එම පුද්ගලයා බුද්ධ දේශනාව දැනට ඇති පිරිසිදුම ස්වභාවයෙන් දකිනවා, තේරුම් ගන්න උත්සාහ ගන්නවා, ඒ තුළ බුදු රජානන් වහන්සේගේ චතුර දහම් දේශනා ස්වරූපය වටහා ගන්නවා. එතැනින්ම ඒ පුද්ගලයා බුදු රජානන් වහන්සේ කෙරෙහි පහදිනවා. බුදු රජානන් වහන්සේ දේශනා කරණ ලද ධර්මය ගැනත් අවබෝධය වැඩි කර ගන්නවා, ඒ ධර්මය කෙරෙහි පහදිනවා. එපමනක් නොවෙයි, ඒ පුද්ගලයා හැකියාවක් ලබනවා මම යම් දෙයක් වැරදියට වටහාගෙන නම් හෝ ප්‍රකාශ කරනවානම් මාව නිවැරදි කරන්නත්. ඒ අන් අයව ත්‍රිපිටකය කියවීමටම යොමු කිරීමෙන් මට සිදුවන යහපතක්. මෙආකාරයට පළමුව ත්‍රිපිටක දහම් කියවා දෙවනුව සාකච්චා කරනන්න යෙදුනොත්, ත්‍රිපිටක ධර්මය මූලාශ්‍ර කොට එයම තේරුම් ගන්න උත්සාහ කලොත් එය වැඩි වැඩියෙන් පැහැදිලි ලෙස දහම් අවබෝධයට, ඉක්මනින් වැරදී අවබෝධයන්ගෙන් මිදී නිවැරදි වීමට හේතුවන ආකාරයක්. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියටත් එය හේතුවක්.

    ඒ නිසා යම් පමණක් දැනට පැහැදිලි කරන්නම්.

    ද්වයතානුපස්සනාව යනු බුදු රජානන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ද්විත්ව ආකාරයෙන් දැකීම (දෙපරිද්දකින් දැකීම, ද්විප්‍රකාරව දැකීම, dual view). කවර ද්විත්ව ආකාරයකින්ද යත්,

    1. දුකත් (දුක්ඛං), දුකට හේතුවත් (දුක්ඛසමුදය) පළමු ආකාරයයි.
    2. දුක්ඛ නිරෝධයත්, දුක්ඛනිරෝධගාමිනීපටිපදාවත් දෙවන ආකාරයයි.

    ද්වයතානුපස්සනා සූත්‍රයේ (http://thripitaka.org/view/sp/sp19/243) බුදු රජානන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය තවත් ආකාරයන්ගෙන් (පර්යාය ලෙස) ද්විත්ව ආකාරයෙන් දැකිය හැකි අයුරු විස්තර කර තිබෙනවා. උදාහරණයකට

    1. යම් කිසි දුකක් උපදීද ඒ හැම දුක් උපධි හේතු කොට ඇතිවේ යනු පළමු ආකාරයයි.
    2. උපධීන්ගේ නිරවශේෂ විරාග නිරෝධය හේතුවෙන් දුක් ඉපදීම නොවේ යනු දෙවන ආකාරයයි.

    මම මෙහි "උපධි" යන වචනය සූත්‍රයේ පරිදි සඳහන් කලත් එම වචනයේ තේරුම හරියටම දන්නේ නැහැ. සමහරු මෙය "ඉපදීම" යන ලෙස අරථ ගන්වන බවක් පෙනෙන්න තිබුනත් එය සූත්‍ර සමග සැසදෙන්නේ නැති බව මම දැක තිබෙනවා. මෙය මට මතු වටහා ගැනීමට ඇති කරුණක්.

    ඉතින් ද්වයතානුපස්සනාව යනු බුදු රජානන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ද්විත්ව ආකාරයෙන් දැකීම ලෙසයි මට වැටහෙන්නේ. පර්යාය ලෙසින් සූත්‍රයේ පවසා ඇති අන් ද්විත්ව ආකාරයන් ගැනත් කියවා බලන්න.

    ද්වයතානුපස්සනාවත් යහපත්, දේවතානුස්සතියත් යහපත්. නමුත් "මරනින් මතු දෙව්ලොව ඉපදීමට දෙව්ලොව කෙරෙහි හිත පිහිටුවීම" ලෙස හෝ එවන් ආසන්න අර්ථයක් ඇති යමක් ලෙස දේවතානුස්සතිය අර්ථ ගැන්වීම, එවන් කරුණකට පිරිස් යොමු කිරීම නම් බොහෝම අයහපත් කරුණක්. එසේ අර්ථ ගැන්වීම හේතුවෙන් දේවතානුස්සතිය යනු කුමක්ද, එය කුමක් සඳහා කවර අයුරකින් හේතු වෙනවාද කියන කාරනාව එසේ අර්ථය පටලවාගන්නා පිරිස තේරුම් ගන්නේ නැහැ. ඒ වගේම එම වරද්දා ගැනීමේ විපාකය ශෝචනීයයි. මොකද එම පටලවාගැනීම නිසා දේවතානුස්සතිය මෙය යැයි පටලවාගත් පිරිස වැඩි වැඩියෙන් යොමුවන්නේ බුදු රජානන් වහන්සේ පිළිකුල් කරන ලද, ගරහන ලද, මෙයින් මිදෙන්න, මෙය කරන්න එපා යැයි පැහැදිලිවම පවසා තිබෙන ක්ලේශ ධර්මයක් යහපත් යැයි යන අදහස් ඇතිකරගෙන එය වැඩීමට. අයහපත් දෙයක් යහපත් යැයි හිතාගෙන වැඩි වැඩියෙන් කරන්න ගියාම සිද්ධවෙන්නේ විනාශයක්මනේ.

    බුදු රජානන් වහන්සේ දෙව් ලොව උපදින්න එපා යැයි සදහන් කරලා නැහැ. බුදු රජානන් වහන්සේ ඒකාන්තයෙන්ම නිවනට බර වූ, උපාදාන සහිත/රහිත හැමොගේම මෙලොවත් සැප ඇති, උපාදාන සහිතව මිය යන අයගේ පරලොවක් ඇත්නම් එහිත් සැප ඇති (එනම් බ්‍රහ්මයින් අතර, දෙවියන් අතර ආදි ලෙස ඉපදීමට හේතු වන) ධර්මයක් දේශනා කර ඇත්තේ. ඒ ධර්මයේ ස්වභාවය තමයි සත්වයින් මේ ආත්ම භවයේදීම උපාදාන රහිත බව පිණිස යොමුකිරීම සහ එය නොහැකිවන අය පහසු වූත්, සැපවත් වූත් නිවනටම බර වූ මාර්ගයක යැවීම. මේ ධර්මය සියුම්. ඒ නිසා පහසුවෙන්ම පටලැවෙනවා. ඒ නිසා දේවතානුස්සතිය යනු "මරනින් මතු දෙව්ලොව ඉපදීමට දෙව්ලොව කෙරෙහි හිත පිහිටුවීම" යන අරුත් ඇති ලෙස පැවසුවහොත් එතැන බුදු රජානන් වහන්සේ දේශනා කරන ලද ධර්මයේ විකෘති කිරීමක් සිදුවෙනවා. එම විකෘති කිරීම හේතුවෙන් සිද්ධවෙන්නේ ප්‍රතිපදාව වැරැද්දවීම නිසා මේ ආත්ම භවයේදීම උපාදාන රහිත බවට පත්වන්න හැකි අයට එම ඉඩකඩ ඇහිරීම. එසේ නොහැකි වන අයට ඒකාන්ත සැප ඇති දෙවියන්, බ්‍රහ්මයින් අතර ඉපදීමට ඇති ඉඩකඩත් අඩුවෙනවා.

    පොලොවට වැටෙන සෑම දිය බිදක්ම හැකි උපරිම ප්‍රමාණයෙන් මුහුද කරාම යත්වා යැයි බුදු රජානන් වහන්සේ කදු මුදුන් සිට මුහුද කරා ඇති සියළු දිය මාර්ගයන් එළිපෙහෙලි කලානම් දේවතානුස්සතිය යනු "මරනින් මතු දෙව්ලොව ඉපදීමට දෙව්ලොව කෙරෙහි හිත පිහිටුවීම" යැයි යමෙක් පවසනවානම්, එය බහුල ලෙස ප්‍රචලිත කරනවානම් ඒ පුද්ගලයා බුදු රජානන් වහන්සේ විසින් එළිපෙහෙලි කරන ලද බහුල ලෙසින් මුහුද කරා දිය ගලනා ස්ථානයක් හරහා මෙතැන දිය රැදීමට සුදුසු තැනකියී යන අදහසින් මහත් වූ බැම්මක් ඉදිකලා හා සමානයි.

    ලොව වීරුදු නැති තාක් කල් දියමන්ති දියමන්ති ලෙසින් දකින්න මිනිසුන්ට පහසු වන නමුත් වීදුරු ඇති විට මේ දියමන්ති යැයි මිනිසුන් වරදවා වීදුරු දකිනවාද, කවරක් දියමන්තිදැයි බොහෝ අයට කුකුස් ඇතිවෙනවාද, දියමන්ති හදුනාගැනීමට වැඩි වැඩියෙන් අපහසු වෙනවාද, ආන්න ඒ වාගේ දෙයක් තමයි දේවතානුස්සතිය යනු "මරනින් මතු දෙව්ලොවො ඉපදීමට දෙව්ලොව කෙරෙහි හිත පිහිටුවීම" ලෙස අර්ථ ගැන්වුවොත් සිදුවන්නේ.

     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ත්‍රිපිටකය කියවල තේරුම් ගන්න පුලුවන්නම් හොඳයි. නමුත් මාගදී භාශාව ගැන හොඳ දැනුමක් නැතිව ත්‍රිපිටකයෙ වචන තේරුම් ගන්න අමාරුයි.හැබැයි ත්‍රිපිටකයෙ සින්හල පරිවර්තනය බලල ඉගෙනගන්න ගියොත්නම් වැටෙන්න වෙන්නෙ ලොකු අමාරුවක තමයි. අන්ධයො ටිකක් අලියව අතගාල අලිය ගැන කිව්ව විස්තර වගේ දෙයක් තමයි සිංහල පරිවර්තනයෙ තියෙන්නෙ.








     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ත්‍රිපිටකය කියවල තේරුම් ගන්න පුලුවන්නම් හොඳයි. නමුත් මාගදී භාශාව ගැන හොඳ දැනුමක් නැතිව ත්‍රිපිටකයෙ වචන තේරුම් ගන්න අමාරුයි.හැබැයි ත්‍රිපිටකයෙ සින්හල පරිවර්තනය බලල ඉගෙනගන්න ගියොත්නම් වැටෙන්න වෙන්නෙ ලොකු අමාරුවක තමයි. අන්ධයො ටිකක් අලියව අතගාල අලිය ගැන කිව්ව විස්තර වගේ දෙයක් තමයි සිංහල පරිවර්තනයෙ තියෙන්නෙ.

    මරණින් මතු දෙව් ලොව ඉපදීම පිනිස සිත පිහිටුවීම යන්න ත්‍රිපිටකයේ තැන් ගණනාවක සඳහන් කාරනාවක්. නමුත් එය නිතර බහුල කල යුතු ස්වභාවයේ දහම් කරුණක් නොවෙයි. සුදුසු අවස්ථාවකදී ඉන් යහපත් ඵල ලැබිය හැකි සේම එය කෙසේ කල යුතුදැයි යන්නත් විස්තර ඇතිව ත්‍රිපිටකයේ සදහන්. නමුත් එය මුල සිටම කරන්න යෑමෙන්, බහුල ලෙස කරන්න යැමෙන්, නිතර කරන්න යෑමෙන් සිද්ධ වෙන හානිය ගැනත් විස්තර ලෙසින් ත්‍රිපිටකයේ සඳහන්.

    ඒ වගේම පෙර දක්වන ලද මහානාම සූත්‍ර වල පරිදි දේවතානුස්සතිය ගැනත් ත්‍රිපිටකයේ සඳහන්. මේ පවසන දේවතානුස්සතිය බහුල කල යුතු ස්වභාවයේ දහම් කරුණක්. එය ඉහත ඡේදයේ පවසන ලද කරුණට වඩා වෙනස්. මහමෙව්නාව පැත්තෙන් ඇසෙන දේවතානුස්සතිය මේ බහුල කල යුතු ආකාරයේ දේවතානුස්සතිය නම් වශයෙන් භාවිතා කලත් යම් පමණකට ඔවුන් අර්ථ ගන්වන්නේ ඉහත ඡේදයේ පවසන ලද නිතර බහුල කිරීම නොකල යුතු ස්වභාවයේ කාරණාව ගැන. අන්න එතනින් ඒ ක්‍රමයට අර්ථය වරදවාගෙන දේවතානුස්සතිය වඩන්න යෑමෙන් ඒ පිරිස තමන්ටම හානියක් කරගන්නවා.

    ද්වයතානුපස්සනාව තවත් කාරණාවක්.

    > ත්‍රිපිටකය කියවල තේරුම් ගන්න පුලුවන්නම් හොඳයි. නමුත් මාගදී භාශාව ගැන හොඳ දැනුමක් නැතිව ත්‍රිපිටකයෙ වචන තේරුම් ගන්න අමාරුයි.

    එය සත්‍ය කරුණක්. මගේ පාලි භාෂා අවබෝධය අඩුයි. නමුත් මම උත්සාහ ගන්නවා වැඩි වැඩියෙන් පාලි භාෂාවෙන් ඇති දේත් කියවන්න.

    > හැබැයි ත්‍රිපිටකයෙ සින්හල පරිවර්තනය බලල ඉගෙනගන්න ගියොත්නම් වැටෙන්න වෙන්නෙ ලොකු අමාරුවක තමයි. අන්ධයො ටිකක් අලියව අතගාල අලිය ගැන කිව්ව විස්තර වගේ දෙයක් තමයි සිංහල පරිවර්තනයෙ තියෙන්නෙ.

    මෙය නම් මම පිළිගන්න කාරණාවක් නොවෙයි. ඔබ බොහෝ විට ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනය බහුල ලෙසින් නොකියවාම මෙසේ පවසනවා ඇතැයි සිතනවා. මම ත්‍රිපිටකයේ බුද්ධ ජයන්ති සිංහල පරිවර්තනය බහුල ලෙසින් කියවනවා. යම් පමණකට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ සිංහල පරිවර්තනත් බලනවා. සමහරක් විට ඉංග්‍රීසි පරිවර්තනත් බලනවා. පාලි භාෂා අවබෝධය අඩු උනත් මම පාලියෙන් ඇති දේත් වැඩි වැඩියෙන් කියවන්න නැඹුරු වෙලා ඉන්නේ. මේ නිසා මම සිංහල පරිවර්තන වල අඩුපාඩු දැක තිබෙනවා. උදාහරණයකට බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ සිංහල පරිවර්තනයන් පාලියෙන් ඇති දේ සමග නොගැලපෙන තැන් මම දැක තිබෙනවා. සමහරක් පාලියෙන් ඇති කොටස් සිංහලෙන් නැහැ. සමහරක් වචන පාලියෙන් නැති නමුත් පැහැදිලි කිරීමට ගන්නා ලද උත්සාහය හේතුවෙන් අළුතෙන්ම සහ අතිරේකව එක් කල වචන ලෙස සිංහල පරිවර්තනයේ දකින්න පුළුවන්. තවත් සමහරක් තැන් වල සිංහලෙන් ගැලපෙන වචනයක් සොයා ගන්න නොහැකි වීම නිසා සිංහලත් පාලිත් නොවන සිංහල සහ පාලි මිශ්‍ර කර සාදාගත් ස්වරූපයේ ආදේශක වචන භාවිතා කර තිබෙනවා. මෙවන් අඩු පාඩු බහුල ප්‍රමානයක් සිංහල පරිවර්තනයේ ඇති බව ඇත්ත. නමුත් බුදු රජානන් වහන්සේ බහුල ලෙසින් දහම් දේශනා කර ඇති නිසා සූත්‍ර, විනය කරුණු එකිනෙකට සැසදීමේ හැකියාවක් පවතිනවා. මේ නිසා පාලි භාෂාව නොදැනීම නිසා හෝ සිංහල පරිවර්තන දොස් සහිත නිසා හෝ ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයවත් නොකියවන අයට ඒ ටිකත් නැතුව යෑම තමයි සිද්ධවෙන්නේ.

    බහුල ලෙසින් කියවා, සසඳා බලා ඇති නිසා මම නම් පාලි නොදන්නා අයට කියන්නේ, සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ සිංහල පරිවර්තනය දැඩි උත්සාහයෙන් කියවන්න කියලා. මොකද දොස් පැවතුනත් මනා සේ අර්ථ ගන්වා ඇති දහම් කොටස් අති බහුල ප්‍රමානයක් සිංහල පරිවර්තනයේ හොදින් පවතිනවා. උදාහරණයකට සිංහල භාෂාවෙන්ම ඇති බුදු රජානන් වහන්සේ පවසන ලද භාෂාව පටලවා ගැනීම නිසා සිදුවන්නේ කුමක්ද, එවන් ගැටළු නිරවුල් කර ගන්නේ කෙසේද, බුදු රජානන් වහන්සේ පැවසුවායැයි ත්‍රිපිටකයේ තිබ්බත් එකවර නොපිළිගත යුත්තේ ඇයි ආදී කරුණු කියවා තේරුම් ගන්න උත්සාහ ගන්නා පුද්ගලයින්ව ඒ කියවන දහම් මගින්ම නිවැරදි බවට පමුණුවනවා. මෙවන් කරුණු සිංහල භාෂාවෙන් පැහැදිලිව තිබෙන නිසා දොස් පැවතුනත් සිංහල පරිවර්තනය කියවීමමයි සුදුසු. මොකද පවතින සිංහල පරිවර්තනය තවමත් හොදින්ම පවතින්නේ ගැටළු ලිහා ගන්නා දිශාවකට, ආකාරයකට යොමුව නිසා.

    මේ නිසා සිංහල පරිවර්තනය බලල ඉගෙනගන්න ගියොත්නම් වැටෙන්න වෙන්නෙ ලොකු අමාරුවකැයි කීම මම නම් පිළිගන්නේ නැහැ. අඩු තරමින් සිංහල පරිවර්තනය බලලා හරි වැටෙන්න යන ලොකු අමාරුවකින් ගොඩ එන්න පුළුවන් කීවොත් අන්න ඒක නම් මම පිළිගන්නවා.

    මෙසේ මම සිංහලෙන් ඇති දේ කියවමින්ම පටන් ගෙන වැඩි වැඩියෙන් පාලියෙනුත් ඇති දේ කියවීමට යොමු වී ඇති නිසාමයි මම පෙර පැවසුවේ ත්‍රිපිටකය මූලාශ්‍ර කරගෙන ඒ දහම් අවබෝධ කරන්න උත්සාහ ගැනීම තමයි ඵලවත් ආකාරය කියා. එය සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියටත් හේතු වෙනවා කීවෙත් අර්ථ ඇතිවමයි. එසේ ත්‍රිපිටක ධර්මය මූලාශ්‍ර කරගෙන ඒ දහම් අවබෝධ කරන්න උත්සාහ නොගෙන, මම හෝ අන් භික්ෂූන් වහන්සේලා හෝ වෙන යම් අයෙක් හෝ පවසන දේ මූලාශ්‍ර කරගෙන දහම් අවබෝධ කරන්න ගියොත් ඒ ආකාරය සම්බුද්ධ ශාසනයේ වහ වහා අතුරුදහන් විමට හේතුවක් වෙනවා, සම්බුද්ධ ශාසනය වහ වහා කැඩී බිදී යන ස්වභාවයකට පත්වෙනවා. එය සිදුවන ආකාරය ඔබ ඉහත දක්වා ඇති භික්ෂූන් වහන්සේගේ දෙවන වීඩියෝව උදාහරණයක් ලෙස ගනිමින්ම පැහැදිලි කල හැකියී.



    මෙම වීඩියෝවේ විනාඩි 30න් ඉදිරියට ඇති කොටසේ මේ භික්ෂූන් වහන්සේ සඳහන් කරනවා මගධි භාෂාවෙන් ඇති ද්වයතාවය යන්නට කොම්බුවක් එක් කර දේවතානුස්සතිය ලෙසින් සිංහලට පරිවර්තනය කර ඇති බවත්, මගධි භාෂාවෙන් ද්වයතා අනුස්සතිය ඇති නමුත් සිංහලෙන් එය ඇත්තේ දේවතානුස්සතිය ලෙසත්. මේ භික්ෂූන් වහන්සේ එසේ පරිවර්තනය කල ස්වාමීන් වහන්සේලාව යම් ආකාරයක ගැරහීමටත් ලක් කරනවා. ඉතින් අන්ධයො ටිකක් අලියව අතගාල අලිය ගැන කිව්ව විස්තර වගේ දෙයක් නම් ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයෙ තියෙන්නෙ, මේ භික්ෂූවගේ මේ ප්‍රකාශයන් අහලා අපට තේරුම් ගන්න තියෙන්නේ මේ භික්ෂූන් වහන්සේ අන්ධ පමණක් නොව තවත් යමකින් අඩු බවයි - උදාහරනයකට අන්ධ සහ බිහිරියී. ඇයි මෙසේ පවසන්නේ? මේ භික්ෂූව කියන මේ කාරණාවන් කිහිප ආකාරයකින් ඇත්ත නොවන නිසා. මම කලින්ම පෙන්නුවා ත්‍රිපිටකයේ පාලියෙන් ද්වයතාවය යන්න ඇති බවත්, දේවතානුස්සතිය යන්න ඇති බවත්. සිංහල පරිවර්තනයෙත් එසේම තියෙනවා. ද්වයතාවයත් තිබෙනවා, දේවතානුස්සතියත් තියෙනවා. සිංහල පරිවර්තනයේ ඇති ද්වයතාවය නොදකින මේ භික්ෂූන් වහන්සේ එය නැතැයි කියන නිසා අන්ධයි. පාලියෙන් ඇති දේවතානුස්සතියත් ඇති කොම්බුවත් නොදකින මේ භික්ෂූන් වහන්සේ සිංහලෙන් අළුත් දෙයක් ඇතැයි කියන නිසා නැති අළුත් දේ ඇති ලෙස දකින මේ භික්ෂූන් වහන්සේගේ දැකීම විකෘතියී. ඉතින් මෙහෙම උනාම මේ භික්ෂූන් වහන්සේ සිංහලෙන් ඇති හා නැති දේ දන්නෙත් නැහැ, පාලියෙන් ඇති හා නැති දේ දන්නෙත් නැහැ. නොදැන කරලා තියෙන්නෙ මොකක්ද? බුදු රජානන් වහන්සේ දේශනා කරන ලද දේවතානුස්සතිය නැති දෙයක් විදිහට පවසලා, ඇති ඒ කරුණ නිවැරදිව පරිවර්තනය කර ඇති ස්වාමීන්වහන්සේලාටත් දෝශාරෝපණය කරලා තමන්ගේ අඥානකම ප්‍රදර්ශනය කිරීම තමයි කරලා තියෙන්නේ. මෙසේ කලාම මොකද වෙන්නෙ? ඒ අඥාන ප්‍රකාශ අසා ඒවා පිළිගන්න අයත් පිරිසිදු බුද්ධ දේශනාවෙන් පිට පනිනවා, ඵලවත් දේවතානුස්සතියට ගරහනවා, ඒ යහපත් දේ අන් අයට පවසන අයටත් ගරහනවා. ඉතින් ඒසේ අඥානකම පවසන මේ භික්ෂූන් වහන්සේත්, ඒ අඥානකම පිළිගත් අන් අයත් එපරිද්දෙන්ම කරලා බහුල ලෙසින්ම පව් රැස් කර ගන්නවා. මේ හොද උදාහරණයක් සම්බුද්ධ ශාසනය වහා වහා කැඩී බිදී යන ස්වභාවයකට පත්කරන ආකාරය තේරුම් ගන්න. මෙවන් අඩුපාඩු, වැරදීම් මා අතින් උනත් වෙන්න පුළුවන්. වැරදුනොත් මමත් ඉක්මනින් නිවැරදි වන, අන් අයත් ඉක්මනින් නිවැරදි වන, මේ පිරිහීම වලකින ආකාරයක් නිසා තමයි මම කීවේ "ත්‍රිපිටක ධර්මය මූලාශ්‍ර කරගෙන ඒ දහම් අවබෝධ කරන්න උත්සාහ නොගෙන, මම හෝ අන් භික්ෂූන් වහන්සේලා හෝ වෙන යම් අයෙක් හෝ පවසන දේ මූලාශ්‍ර කරගෙන දහම් අවබෝධ කරන්න ගියොත් ඒ ආකාරය සම්බුද්ධ ශාසනයේ වහ වහා අතුරුදහන් විමට හේතුවක් වෙනවා, සම්බුද්ධ ශාසනය වහ වහා කැඩී බිදී යන ස්වභාවයකට පත්වෙනවා." යන්න. මෙවන් කාරණාවන් ගැන බුදු රජානන් වහන්සේ විසින්ම දේශනා කරණ ලද කරුණු මනා සේ සූත්‍ර සහ විනයට ගැළපෙන ලෙසින් ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ පවතිනවා. ඒ නිසා තමයි මම කියන්නේ දොස් පැවතුනත් උත්සාහයක් ගෙන අඩු තරමින් සිංහලෙන් ත්‍රිපිටකයේ ඇති දේ කියවන්න කියලා. මොකද පවතින සිංහල පරිවර්තනය තවමත් හොදින්ම පවතින්නේ ගැටළු ලිහා ගන්නා දිශාවකට, ආකාරයකට යොමුව නිසා.

    දොස් පැවතීම අභාග්‍යයක්. දොස් නිසා පැහැදිලි බව අඩුවෙනවා, සමහරක් විට ගමන වැරදෙනවා. සියුම් ධර්මයක් නිසා පවසා ඇති දහම් කරුණු වල ඉස්පිල්ලක්, පාපිල්ලක් වෙනස් උනොත් සමහරක් විට මතුවන අර්ථය වෙනස්. මේ නිසා බහුල ලෙසින් සසඳා බලාම තමයි වටහා ගන්නා ලද කරුණක අර්ථය නිවැරදිව වටහා ගත්තාදැයි දැනගන්න පුළුවන් වන්නේ. පිරිසිදු රත්තරන් වලට යම් පමණක් හෝ තඹ කලවම් වී ඇත්නම්, ඒ තඹ ඉවත් කිරීමත් පහසු නැත්නම් අපි දැනගන්න ඕනෑ අඩුතරමින් ඒ පවතින ස්වභාවයෙන්වත් ඇති දේ රැකගන්න.

    ඉතින් කොහොමද සම්බුද්ධ ශාසනය රැකගන්නේ? වෙන අයෙක් කියන දේ නොවෙයි, බුදු රජානන් වහන්සේම ඒ ගැන බහුල ලෙසින් පවසලා තියෙනවා. ඒ ගැන ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයෙත් හොදින්ම පවතිනවා. නමුත් සිංහල පරිවර්තනයේ දොස් නිසා ත්‍රිපිටකය කියවන්න එපායැයි කීවොත් එය පිළිගන්නා අය කුමක්ද කරන්නෙ? ඔවුන් අඩු තරමින් සිංහලෙන් පැහැදිලිව ඇති කොටස් වත් දකින්නේ නැහැ. එතැනින්ම ඔවුන් බුදු රජානන් වහන්සේ පැවසූ සම්බුද්ධ ශාසනය රැක ගන්නා ආකාරය දැන ගන්නෙත් නැහැ, අපැහැදිලි බවින් මිදි පැහැදිලි බවට එන ආකාරය දැනගන්නෙත් නැහැ, ත්‍රිපිටකයෙන් පිට ධර්මය හොයන්න යෑම නිසා තවත් අවුල් දහම් මයි ඔවුන්ට හම්බ වෙන්නේ, ඒ දහම් හරිද වැරදිද කියලා ඔවුන්ටම තේරුම් ගන්න හැකියාවත් අඩුවෙනවා, එතැනින්ම ඔවුන් ලොකු අමාරුවක වැටෙනවා.

    උදාහරණයක් ලෙස මට මතක් වෙනවා ටික කාලයකට කලින් අපේ රටේ භික්ෂූන් වහන්සේලා මහා ඝෝෂාවක් නැඟුවා මහජන මත විමසුමකින් බෞද්ධ පුනර්ජීවනය ඇති කරවන්න ගිය ආකාරයක් ගැන. මහානායක ස්වාමීන් වහන්සේලාගේ සුභාශිංසන ඇතුළුවූ ඒ යම් ප්‍රකාශනයක් මමත් කියවලා බැලුවා. එහි ලියා තිබූ මහජන මතයට අනුව බෞද්ධ පුනර්ජීවය කරන හැටි දැක්කාම මට මතක් උනේ මේ පිරිසට බුදු රජානන් වහන්සේගේ මතය විමසන්න, අඩු තරමින් දකින්න වත් නොලැබුනේ කවර හේතුවක් නිසාද කියලා. මොකද ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයෙත් ඒ කරුණු ගැන බෙහෙවින් සහ පැහැදිලිව සදහන්. ත්‍රිපිටකයේ පාලියෙන් ඇති දේත් නොදන්නා, සිංහලෙන් ඇති දේත් නොදන්නා භික්ෂූන් තමන්ගේ ශාස්තෘන් වහන්සේ හැර මහජන මතයෙන් බෞද්ධ පුනර්ජීවනය කරන හැටි ගැන ලියා තිබූ දේ නම් භයානකයි. මේ පිරිසට තේරිලා නැහැ සම්මා සම්බුදු රජානන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙලා ඒ ධර්මයට, ඒ විනයට අනුව ප්‍රතිපදාව පිරීම වෙනුවට නාමිකව බුදුන් සරණ යන්නෙමැයි පවසමින් හුදී ජනයා ශාස්තෘ බවින් සැලකුවාම මොකද වෙන්නේ කියලා. අඩු තරමින් ත්‍රිපිටකයේ සිංහලෙන් ඇති දේ වත් නොකියවන විට, නොපිළිගන්නා විට, නොපිලිපදිනා විට ඔහොම වෙනවා. එවන් දේට සුභාශිංසන ලබා දෙන මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මෙවන් භික්ෂූන් වහන්සේලා මතු කොහේ යයිද? මේත් අඩු තරමින් ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයවත් කියවිය යුත්තේ ඇයිදැයි තේරුම් ගන්න කාරණාවක්.

     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    http://deshana.sirisaddharmaya.net/


    මේ පොත් ටික පුලුවන්නම් කියවල බලල අවසාන වශයෙන් අදහසක් ඉදිරිපත් කරන්න.ඔක්කොම කියවන්න අමාරුනම් අඩුම ගානෙ පලවෙනියට තියෙන පොතවත් කියවන්න.
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    http://deshana.sirisaddharmaya.net/


    මේ පොත් ටික පුලුවන්නම් කියවල බලල අවසාන වශයෙන් අදහසක් ඉදිරිපත් කරන්න.ඔක්කොම කියවන්න අමාරුනම් අඩුම ගානෙ පලවෙනියට තියෙන පොතවත් කියවන්න.

    ඔබ මේ පවසන්නේ නොකල යුතු ආකාරයේ දෙයක් කරන්න.

    කවරෙක් දේශනා කලත් අපි දහම් දේශනාවක් අසන්න යනවානම් ඒ ඇසිය යුත්තේ මේ දේශනාව ඇසීමෙන් දහම් අවබෝධය ලබන්නෙමි යන අදහසින්. එසේ නැතිව මේ දහම් දේශනාව අසා ඒ ගැන අදහස් ප්‍රකාශ කරන්නෙමි යැයි අසන්න යන කෙනා තමන්ට ඵලවත් නොවන දෙයක් කරන්න යොමුවෙනවා සේම අසන ධර්මය හරියට තිබුනත් වැරදියැයි ලෙහෙසියෙන්ම පටලවා ගන්නවා. අන් අයෙක් ලියා ඇති ධර්ම කරුණක් කියවන්න යනවා නම් ඒත් කියවිය යුත්තේ නොපසක් කල දහම් පසක් කිරීමට එය උපකාර කරගන්නෙමි යන අදහසින්. එසේ අසන විට, එසේ කියවන විට තමන් ඵලවත් දෙයක් කරන බව ඒ තැනැත්තා දන්නවා සේම අර්ථය ග්‍රහනය කරගැනීම අරමුණ බැවින් නිවැරදි දහම් ඇසෙනවානම්, නිවැරදි දහම් කියවනවානම් ඒ අර්ථය පහසුවෙන්ම ග්‍රහනය කර ගන්නවා.

    එසේ අසන විට හෝ කියවන විට යම් ඒ කියන හෝ ලියා ඇති දේ දෝෂයක් දැක්කොත් ඒ කියන හෝ ලියන ලද අයගේත්, ඒ දොස් සහිත දහම් අසන හෝ කියවන අන් අයගේත් මතු යහපත පිනිස, මතු නිවැරදි බව පිනිස සුදුසු නම් හා සුදුසු ආකාරයකින් සුදුසු අවස්ථාවකදී ප්‍රතික්‍රියා දැක්වීමත් යහපත්.

    අන් කරුණක් නම් මම ත්‍රිපිටක ධර්මයම මූලාශ්‍ර කොට සැලකීමේ වැදගත්කම දැකීම. මේ නිසා මම භික්ෂූන් වහන්සේලා පවසන හෝ ලියා ඇති අන් දේ ත්‍රිපිටක ධර්මය පැහැදිලි කරගැනීමට උපකාර කරගන්නවා මිස භික්ෂූන් වහන්සේලා මෙකල පවසන හෝ ලියන දේ මූලාශ්‍ර කොට ඒ දේවල් බහුල ලෙසින් අසන්න හෝ කියවන්න යොමුවන්නේ නැහැ. මෙසේ කරන්නේ අන් අය හෝ අන් අය ලියන, කියන දේ පහත් යැයි සලකන නිසාවකින් නම් නොවෙයි.

    ඔබට ත්‍රිපිටකයේ හෝ යම් පුද්ගලයෙක් ලියන, කියන කාරණාවන්වල සත්‍ය අසත්‍ය බව දැනගැනීමට උවමනානම් බෙහෙවින්ම ඵලවත් වූ ඒ උවමනාව සපුරා ගැනීම පිනිස ඔබ තුලම ඒ හැකියාව ඇති කර ගැනීමට වීර්යය කරන්න. යම් අයෙක් හෝ පිරිසක් කියන දේ අහලා පිළිගැනීම හෝ නොපිළිගැනීම යන්නට වඩා තමා තුලම ඒ හැකියාව ඇති කර ගැනීම අපහසුයි තමයි, නමුත් එසේ නැතිව දහම් අවබෝධ කරනවා කියන දේ වෙන්නේ නැති දෙයක්.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මෙම වීඩියෝවේ විනාඩි 30න් ඉදිරියට ඇති කොටසේ මේ භික්ෂූන් වහන්සේ සඳහන් කරනවා මගධි භාෂාවෙන් ඇති ද්වයතාවය යන්නට කොම්බුවක් එක් කර දේවතානුස්සතිය ලෙසින් සිංහලට පරිවර්තනය කර ඇති බවත්, මගධි භාෂාවෙන් ද්වයතා අනුස්සතිය ඇති නමුත් සිංහලෙන් එය ඇත්තේ දේවතානුස්සතිය ලෙසත්. මේ භික්ෂූන් වහන්සේ එසේ පරිවර්තනය කල ස්වාමීන් වහන්සේලාව යම් ආකාරයක ගැරහීමටත් ලක් කරනවා. ඉතින් අන්ධයො ටිකක් අලියව අතගාල අලිය ගැන කිව්ව විස්තර වගේ දෙයක් නම් ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයෙ තියෙන්නෙ, මේ භික්ෂූවගේ මේ ප්‍රකාශයන් අහලා අපට තේරුම් ගන්න තියෙන්නේ මේ භික්ෂූන් වහන්සේ අන්ධ පමණක් නොව තවත් යමකින් අඩු බවයි - උදාහරනයකට අන්ධ සහ බිහිරියී. ඇයි මෙසේ පවසන්නේ? මේ භික්ෂූව කියන මේ කාරණාවන් කිහිප ආකාරයකින් ඇත්ත නොවන නිසා. මම කලින්ම පෙන්නුවා ත්‍රිපිටකයේ පාලියෙන් ද්වයතාවය යන්න ඇති බවත්, දේවතානුස්සතිය යන්න ඇති බවත්. සිංහල පරිවර්තනයෙත් එසේම තියෙනවා. ද්වයතාවයත් තිබෙනවා, දේවතානුස්සතියත් තියෙනවා. සිංහල පරිවර්තනයේ ඇති ද්වයතාවය නොදකින මේ භික්ෂූන් වහන්සේ එය නැතැයි කියන නිසා අන්ධයි. පාලියෙන් ඇති දේවතානුස්සතියත් ඇති කොම්බුවත් නොදකින මේ භික්ෂූන් වහන්සේ සිංහලෙන් අළුත් දෙයක් ඇතැයි කියන නිසා නැති අළුත් දේ ඇති ලෙස දකින මේ භික්ෂූන් වහන්සේගේ දැකීම විකෘතියී. ඉතින් මෙහෙම උනාම මේ භික්ෂූන් වහන්සේ සිංහලෙන් ඇති හා නැති දේ දන්නෙත් නැහැ, පාලියෙන් ඇති හා නැති දේ දන්නෙත් නැහැ. නොදැන කරලා තියෙන්නෙ මොකක්ද? බුදු රජානන් වහන්සේ දේශනා කරන ලද දේවතානුස්සතිය නැති දෙයක් විදිහට පවසලා, ඇති ඒ කරුණ නිවැරදිව පරිවර්තනය කර ඇති ස්වාමීන්වහන්සේලාටත් දෝශාරෝපණය කරලා තමන්ගේ අඥානකම ප්‍රදර්ශනය කිරීම තමයි කරලා තියෙන්නේ. මෙසේ කලාම මොකද වෙන්නෙ? ඒ අඥාන ප්‍රකාශ අසා ඒවා පිළිගන්න අයත් පිරිසිදු බුද්ධ දේශනාවෙන් පිට පනිනවා, ඵලවත් දේවතානුස්සතියට ගරහනවා, ඒ යහපත් දේ අන් අයට පවසන අයටත් ගරහනවා. ඉතින් ඒසේ අඥානකම පවසන මේ භික්ෂූන් වහන්සේත්, ඒ අඥානකම පිළිගත් අන් අයත් එපරිද්දෙන්ම කරලා බහුල ලෙසින්ම පව් රැස් කර ගන්නවා. මේ හොද උදාහරණයක් සම්බුද්ධ ශාසනය වහා වහා කැඩී බිදී යන ස්වභාවයකට පත්කරන ආකාරය තේරුම් ගන්න. මෙවන් අඩුපාඩු, වැරදීම් මා අතින් උනත් වෙන්න පුළුවන්. වැරදුනොත් මමත් ඉක්මනින් නිවැරදි වන, අන් අයත් ඉක්මනින් නිවැරදි වන, මේ පිරිහීම වලකින ආකාරයක් නිසා තමයි මම කීවේ "ත්‍රිපිටක ධර්මය මූලාශ්‍ර කරගෙන ඒ දහම් අවබෝධ කරන්න උත්සාහ නොගෙන, මම හෝ අන් භික්ෂූන් වහන්සේලා හෝ වෙන යම් අයෙක් හෝ පවසන දේ මූලාශ්‍ර කරගෙන දහම් අවබෝධ කරන්න ගියොත් ඒ ආකාරය සම්බුද්ධ ශාසනයේ වහ වහා අතුරුදහන් විමට හේතුවක් වෙනවා, සම්බුද්ධ ශාසනය වහ වහා කැඩී බිදී යන ස්වභාවයකට පත්වෙනවා." යන්න.


    Skylark ගනන් ගන්න එපා මේ චීවර දාරියා තමයි බුදුන් උපන්නේ ලංකාවේ කියලා පොඩි කෙඳිරියක් දැම්මෙ. ඒක කවුරුත් ගනන් ගන්නේ නැති වුනාම, "මම රහත්, මම සමාධියෙන් ත්‍රිපිටකයේ ඇත්ත තේරුම දැක්කා" කියලා මෝඩ ගොබ්සන් ලා ටිකක් රවට්ටගෙන දැන් හොඳට ඉන්නවා. මේ චීවර දාරියාට විරුද්දව නඩුවකුත් වැටිලා, ඔහුගේ පොතුත් තහනම් කලා. ඔන්න රහත් වූ අපේ චීවර දාරියාගේ තරම!:D

    'අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජම්බුද්වීපයයි' තේමාව යටතේ මීවනපලානේ සිරිධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලූ ග‍්‍රන්ථ පුස්තකාලවලින් වහාම ඉවත් කරන්නැයි හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් පුස්තකාල මණ්ඩලයට නියෝග කළේය.

    හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට මිට දැනුම් දී තිබුණේ එකී ග‍්‍රන්ථවලින් බුදු දහම විකෘති කර තිබේ දැයි වාර්තාවක් සපයන ලෙසයි.

    එම වාර්තාව ඊයේ ඉදිරිපත් කෙරුණු අතර එහි සඳහන් වුයේ එකී ග‍්‍රන්ථවලින් බුදු දහම විකෘති කර තිබෙන බවයි.

    ඒ අනුව, අධිකරණ විසින් මීවනපලානේ සිරිධම්මාලංකාර හිමියන් නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කල අතර, උන්වහන්සේ විසින් රචිත සෙසු ග‍්‍රන්ථද පුස්තකාලවලින් ඉවත් කරන ලෙස නියෝග කළේය.

    එකී ග‍්‍රන්ථ යළි මුද්‍රණය කිරීම නතර කරන්නැයි අධිකරණය විසින් රජයේ මුද්‍රණාලයට ද නියෝග කළේය.

    කෙසේවෙතත් රුපියල් 50,000 ක ශරීර ඇපයක් මත උන්වහන්සේ මුදාහළ මහේස්ත්‍රාත්වරයා, නඩුව ලබන මස 05 වනදා යළි කැඳවීමට නියම කළේය.

    මීවනපලානේ සිරිධම්මාලංකාර හිමියන් විසින් රචිත ග‍්‍රන්ථ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශන මෙහෙයවනු ලබයි.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ජිංතක ජිල්ලබකිට;19679737 said:
    Skylark ගනන් ගන්න එපා මේ චීවර දාරියා තමයි බුදුන් උපන්නේ ලංකාවේ කියලා පොඩි කෙඳිරියක් දැම්මෙ. ඒක කවුරුත් ගනන් ගන්නේ නැති වුනාම, "මම රහත්, මම සමාධියෙන් ත්‍රිපිටකයේ ඇත්ත තේරුම දැක්කා" කියලා මෝඩ ගොබ්සන් ලා ටිකක් රවට්ටගෙන දැන් හොඳට ඉන්නවා. මේ චීවර දාරියාට විරුද්දව නඩුවකුත් වැටිලා, ඔහුගේ පොතුත් තහනම් කලා. ඔන්න රහත් වූ අපේ චීවර දාරියාගේ තරම!:D


    Mehema liyala loku hapankamak kala kiyala hitanna epa. Tamunta meawa gewanna wenawa
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    මේ සම්බුද්ධ ශාසනයේ පුද්ගලයින්ගේ හැසිරීම පිළිබඳව ද්වයතාවයක් පවතිනවා. ඒ කවරක්ද යත්,

    1. භික්ෂු, භික්ෂුනී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස එකිනෙකාව ප්‍රිය අයුරින් දකිමින්, එකිනෙකාට ප්‍රිය අයුරින් කතා බස් කරමින්, ඇන කොටා ගන්නේ නැතිව, අඩුපාඩුවක් දැක්කොත් දොස් පවර පවරා ඉන්නේ නැතිව ඒ අඩුපාඩුව සකස් කරගන්න උදව් කරමින්, කිරි සහ දිය මෙන් එක්ව සිටීම. මේ පළමු ආකාරයයි.

    2. පාපී ස්වභාව ඇති වරදෙහි නිවැරදි බවට නොපැමිණෙන යම් කිසි අසත්පුරුෂයෙක් ඇත්නම් භික්ෂු වේවා, භික්ෂුනී වේවා වහ වහා පැවිද්දෙනුත් බැහැර කිරීම සහ ගිහිව ඉන්නා එවන් අසත්පුරුෂයින්ගෙන් ඈත්ව සිටීම (ඔවුන් සමඟ කිරි හා දිය මෙන් එක්ව නොසිටීම). මේ දෙවන ආකාරයයි.

    මේ පළමු ආකාරයේ හැසිරීමක් නොමැතිනම් එය විද්‍යාව ඉපදීමට නුසුදුසු කාරණාවක් වෙනවා. බුදු රජානන් වහන්සේ ඒ ගැන පවසා ඇති එක් තැනක් තමයි අසමය - සමය සූත්‍රය (http://thripitaka.org/view/sp/sp14/126). මෙහි සංඝයා අතර එකමුතු බවේත්, ගිහියන් අතර එකමුතු බවේත් වැදගත්කම දැක්වෙනවා.

    ඉහත දැක්වූ දෙවන ආකාරයේ හැසිරීමක් නැත්නම් ඒ අසත්පුරුෂයින් තියෙන ප්‍රිය ස්වභාවයත් නැතිකර දමනවා, විද්‍යාවත් නැති කර දමනවා. ඒ නිසා තමයි බුදු රජානන් වහන්සේ ඉන්නා තැනදීම මුගලන් තෙරනුවන් සිවුරක් ඔතාගෙන හිටි පුද්ගලයෙක්ව අතින් ඇදගෙන ගොස් පන්සලෙන් එලියට නෙරා දොර අඟුළුත් දාන්නේ. මේ ගැන උපෝසථ සූත්‍රයේ (http://thripitaka.org/view/sp/sp16/114) සඳහන්.

    ඔබ "ගොබ්සන්" යන වචනය පාවිච්චි කරන්න ඇත්තේ කවර හේතුවක් නිසාදැයි මට යම් වැටහීමක් තිබෙනවා. ධර්ම දේශනා වල මාතෘකා දැකලා මමත් මේ ස්වාමීන් වහන්සේගේ බණ අසන්න පොඩ්ඩක් උත්සාහ ගත්තා. මම වැඩිය අහන්න ගියේ නැහැ. මොකද මට ඉක්මනින්ම කුකුසක් ඇතිවුනා මේ ස්වාමීන් වහන්සේගේ බණ ඇසීමෙන් යම් අයෙක් පැහැදීමට පත්වෙනවානම් ඒ කුමක් අරභයා ඇතිවන පැහැදීමක් විය හැකිදැයි යන්න. කෙසේ නමුත් භික්ෂූන් වහන්සේලාගේ දහම් දෙසීමේ හැකියාවේ මඳ බව හෝ කිසිම දහම් දෙසීමක් නොකර හිටියත් ඒ කාරණාවන් ඔවුන් ගැරහීමට හෝ ඔවුන් අවතක්සේරු කිරීමට කරුණක් නොවෙයි. මෙවන් විටෙකදී එවන් දහම් දෙසීමකදී පැහැදෙන අසන්නන්ගෙන්ම විමසා බැලීම වටිනවා කවර කාරණාවක් අරභයා ඔවුන් තුල පැහැදීම හටගන්නවාද කියා.

    මුලින්ම දැක්වූ කරුණු දෙකම ගැන වැඩි වැඩියෙන් විමසා බලන්න. ඔබ සුදුසු යැයි හිතනවානම් ඔබ සුදුසු යැයි හිතක කලෙක පින්වත් sgrdk1 එක්ක උනත් මිතුරු බචක් ඇති කරගන්නවා නම් මම කැමතියී.

    බුදු රජානන් වහන්සේගේ පරිනිර්වානයෙන් සෑහෙන කලක් දැන් ඉක්ම ගොස් තිබෙනවා. මේ වන විට සමාජය බෙහෙවින්ම විපරීත අදහස් සහිතයි. උදාහරණයකට සිල්වතා මෝඩයා සේ හිතනවා, දුසිල්වතා සිල්වතා සේ හිතනවා, ධර්මය අන් අයට බෙදා දෙන්නා තමන්ගේ දන්නා බව අන් අයට හඟවන්න උත්සාහ ගන්නා පුද්ගලයෙකු ලෙස දකිනවා. සෑහෙන කලක් සමාජයම දහමින් ඈත්ව සිටීම නිසා හරි යැයි හිතාගෙන අපි අපිම බොරුත් එක්ක දහම් බෙදනවා (වෙන කරන්න විදිහකුත් නැහැ නොවැ), ඊට පස්සෙ අපි අපිම බැණගන්නවා (මෙතනත් වෙන කරන්න විදිහක් නැහැ නොවැ). හොඳ වෙලාවට මේ කාරණා මෙහෙමයි කියලා අපට තේරුම් ගන්න ත්‍රිපිටකය තිබෙන්නේ. මේ විපරීත බවින් මිදී ඉහත දැක්වූ කාරණා දෙකේම අභිවෘද්ධියක් ඇති කරගන්න නම් එක් කාරනාවක බහුල බවක් ඇති කිරීමෙන් පුළුවන්. ඒ තමයි මහා වැස්සකින් දෝරෙ ගලාගෙන යන ගංගාවක් ලෙසින් ත්‍රිපිටක ධර්මයම හැම තැනම බෙදීම. ත්‍රිපිටක ධර්මය ඒ වෙත ඇදී එන අයව පිරිසිදු කරනවා. බහුල ලෙසින් ආවොත් බහුල ලෙසින් පිරිසිදු කරනවා. ඒ පිරිසිදු කිරීම හේතුවෙන්ම එවිට අපට දහම් කරුණු ගැන රන්ඩු කරගන්න ඇති උවමනාවත් අඩුවෙනවා. ඒ පිරිසිදු කිරීම හේතුවෙන්ම එවිට අපි බොහෝ පිරිසකට ඉහත දැක්වූ පළමු කරුණේ මෙන් කිරි සහ දිය ලෙස එක්ව ඉන්නත් පුළුවන්. එසේම දෙවන කරුණේ දැක්වූ පරිදි පල් නොවෙන ලෙස ඒ කිරි සහ දිය රැක ගන්නත් පුළුවන්. එතැන අසමය - සමය සූත්‍රයේ මෙන් ගෞතම බුදුන් දෙසූ අනුත්තර විද්‍යාව පහසුවෙන්ම වැඩෙනවා. කියන්න ලෙහෙසියී තමයි. සමහරක් විට මේක සෝබන කතාවක් වගේ පේන්නත් පුළුවන්. හැබැයි මෙයිට වඩා වෙනස් විදිහකට ගොඩක් දෙනා විද්‍යාව උපදවනවා කියන එක නම් බොරු. මෙතැනට යන්නේ නැතිව කොච්චර බණ කිව්වත් ඒ උත්සාහයේ ප්‍රතිඵලය පෙනේරෙකට දාන වතුරෙන් පෙනේරේ රැදෙන වතුර ප්‍රමානය හා සමානයි - පොඩ්ඩ වෙලාවකට තෙත වෙයි, වැඩි වතුර ප්‍රමානයක් අපතේම තමයි.

    අසමය - සමය සූත්‍රය කිහිප විටක් කියවා බැලීම වටිනවා. සුළු පිරිසක් පිරිසිදු දහමට නැඹුරු කලාට නම් මදි. සූත්‍රයට අනුව තමන්ට එගොඩට යන්න ඕනෑ නම් අන් අයගේ එකමුතුකම ඒකට බලපාන ප්‍රධාන සාධකයක්. ඒක එහෙම්මමයි කියලා එකවර සමහරෙකුට නොතේරෙන්න පුළුවන්. නමුත් විමසුවොත් එහෙමමයි කියලා තේරෙනවා. අඩු තරමින් පස්සේ හරි වැටහේවි. ඒ නිසා නුවනැත්තෝ අන් අයගේ එකමුතුකම ගැනත් වෙහෙසෙත්වා! කොහොමද එකමුතු කරන්නේ? පෙර කීවා සේ බහුල දෙනා තෙත් කරන ත්‍රිපිටක ධර්ම ගංගාවක් හදලා මිස ඒක කරන්න වෙන ක්‍රමයක් මට නම් වැටහෙන්නේ නැහැ.

    Skylark
     
    Last edited:

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මම අසා තිබෙනවා කිරිබත්ගොඩ ඤානාන්ද හිමියන්ගේ මහමෙව්නා අසුපුව පැත්තෙනුත් දෙව්ලොව කෙරෙහි හිත පිහිටුවීමක් ගැන. මම කිරිබත්ගොඩ ඤානන්ද හිමියන් කරන හැම දෙයක්ම අගය කරන අයෙක් නොවෙයි. එහිමියන් කරන හැම දේම ගරහන අයෙකුත් නෙවෙයි. කිරිබත්ගොඩ ඤානාන්ද හිමියන් කරන කියන සමහරක් දේ බෙහෙවින්ම අගය කල යුතුයි. ඒ හිමියන් බෙහෙවින්ම උත්සාහ වන්තයි. බොහෝ පිරිස් සුමඟට යොමු කිරීමට ඒ හිමියන් කටයුතු කරනවා. නමුත් මම ඒ හිමියන් කරන කියන හැම දේම අගය කරන්නේ නැහැ. ගැරහීමට සුදුසු දේත් බොහොමයි. මේ මහමෙව්නාවෙන් කියවෙන (අන් සමහර අයත් පවසනවා ඇති) මරනින් මතු දෙව්ලොව ඉපදීමට දෙව්ලොව කෙරෙහි හිත පිහිටුවීම යන කරුණත් ගැරහීමට සුදුසු කාරනාවක්. ඒ අදහසේ එල්ඹ ඉන්නා අය චතුරාර්ය සත්ය්‍ය අවබෝධයට පමා වීමමයි සිදුවන්නේ. සමහරක් අය දුගතියේ වැටීමටත් මෙය කාරනාවක්. බුදු රජානන් වහන්සේ ගරහන ලද කාරනාවක් සුදුසු යැයි පැවසීමත්, ඊට බොහෝ අය යොමුකිරීමත් සුදුසු දෙයක් නොවෙයි. ඉන් තමන්ට සේම බොහෝ අයට අයහපතක් සිදුවෙනවා. සම්බුද්ධ සාසනයේ අතුරුදහන් වීමටත් එය රුකුල් දෙන කරුණක්. එහිමියන්ටත් අන් අයටත් මේ පටලවා ගැනීමෙන් මිදෙන්න හැකි නම් එය බෙහෙවින්ම යහපත් කාරනාවක්.

    දෙවි ලොවට සිත පිහිටවීම නරක දෙයක් නෙමෙ නේද? මොකද දෙවි ලොව මාර්ගපල ලාබී දෙවිවරුන් සිටින නිසා ඔවුන් ගෙන් දර්මය අස නිවන් ලබීමේ අවස්තාව උදා කර ගනීමේ අදහසඉන් දෙවි ලොවට සිත පිහිටුවා ගෑනීම යහපතක් නේද?
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    දෙවි ලොවට සිත පිහිටවීම නරක දෙයක් නෙමෙ නේද? මොකද දෙවි ලොව මාර්ගපල ලාබී දෙවිවරුන් සිටින නිසා ඔවුන් ගෙන් දර්මය අස නිවන් ලබීමේ අවස්තාව උදා කර ගනීමේ අදහසඉන් දෙවි ලොවට සිත පිහිටුවා ගෑනීම යහපතක් නේද?

    පින්වත් asliyanage,

    පිහියකින් ප්‍රයෝජන ඇති අයෙක් එම පිහියේ මිටෙන් අල්ලා එම කාරිය කලොත් පිහිය එම පුද්ගලයාට යහපත් දෙයක්. නමුත් පිහි තලයෙන් අල්ලා එම කාරිය කරන්න ගියොත් පිහිය එම පුද්ගලයාට අයහපත් දෙයක්. ඒ වගේ තමයි මේ දෙව් ලොව හිත පිහිටුවීම යන කාරණාව. දෙව් ලොව හිත පිහිටුවීම්න් දෙව් ලොව මාර්ගඵල ලාභී දෙවිවරුන් සිටින නිසා ඔවුන්ගෙන් ධර්මය අසා නිවන් ලැබීමේ අවස්ථාව උදා කර ගැනීමේ අදහස පිහි තලයෙන් අල්ලා පිහියකින් ගත යුතු ප්‍රයෝජනය ගන්න යනවා වැනි වැඩක්.

    බුදු රජානන් වහන්සේ නකුලමාතුමනාපකායික සූත්‍රයේ http://thripitaka.org/view/sp/sp16/229 මෙන් බොහෝ දහම් දේශනා කර තිබෙනවා.

    බුදු රජානන් වහන්සේ යවකලාපී සූත්‍රයේ http://thripitaka.org/view/sp/sp10/409 මෙන් ලෙසත් දහම් දේශනා කර තිබෙනවා.

    මේ සූත්‍ර දෙකම හොදින් කියවා බලා දෙව් ලොව හිත පිහිටූවීම යන කාරණාව ගැන මේ සූත්‍ර දෙක ඇසුරෙන් ඔබට වැටහෙන ආකාරය විස්තර කරන්න.

    Skylark