ධනංජය, නෙදර්ලන්තය, පබ්ජී සහ ක්‍රිකට්...

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C
    392754634_311930498119563_3178006915252416958_n.jpg


    දකුණු අප්‍රිකාව සමග තරගයෙන් නෙදර්ලන්තය ජය ගත්තා.

    ඒක බලන් ඉන්න ආස හිතුනු, පෙරළිකාර ජයක්.

    ලෝක කුසලානය පුරාවටම දුර්වලම කණ්ඩායම විදියට ලේබල් වුණු රට නෙදර්ලන්‍තය.

    හැම කණ්ඩායමක්ම නෙදර්ලන්ත තරගයෙන් ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙනවා.

    ඒක නෙදර්ලන්තයත් දන්නවා.

    හැබැයි නෙදර්ලන්තය පිටියට එන්නේ පරදින්න නෙවෙයි.

    ඔවුන් කණ්ඩායම් රැස්වීම් වල පුහුණුකරුවො, විශ්ලේෂකයො ලබා දෙන සැලසුම් කොල වල ලියාගෙන පිටියට පවා ගේනවා.

    ප්‍රතිවාදීන් හොඳ තැනක ඉද්දි, හැමෝම එකතු වෙලා ඒ කොල කියවනවා.

    ප්‍රතිවාදීන්ගේ සෑම පිතිකරුවෙකු පිළිබඳවම ලියූ සැලසුමක් ඔවුන් සතුව තියෙනවා.

    ඔවුන් ඒ සැලසුම් ක්‍රියාත්මක කරනවා.

    නෙදර්ලන්තය ලෝක කුසලානය සරලව අරගෙන නැහැ. ඔවුන් දිනන්න ක්‍රීඩා කරනවා.

    ඊයේ තරගයේ නෙදර්ලන්තය ජයග්‍රාහී තැනක සිටිය දී, විචාරක අසුනේ සිටි සංජේ මංජේකාර් අපූරු කතාවක් කියනවා.

    'නෙදර්ලන්තයේ ඊළග තරගය ශ්‍රී ලංකාව සමගයි, ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගය බලමින් ඉන්නවා ඇති. අනිවාර්යෙන්ම ඔවුන් කනස්සලට පත් වී ඇති' යැයි සංජේ මංජේකාර් කිව්වා.

    ඒ මොහොතේත් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක ධනංජය ද සිල්වා, තමන්ගේ ලයිව් ස්ට්‍රීමිං මිතුරන් සමග ෆේස්බුක් ඔස්සේ සජීවීව 'පබ්ජී' (PubG) ක්‍රීඩා කරනවා.

    ධනංජය ද සිල්වා ට අනුව ඔහුගේ ප්‍රියතම දේ වීඩියෝ ගේම්ස් ක්‍රීඩා කිරීම.

    නමුත් රැකියාවක් ලෙස ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේත් යෙදෙනවා.

    සිය උප නායකයා සහ කණ්ඩායම් සගයා ක්‍රීඩා කරන අයුරු, හිටපු නායක සහ ජ්‍යේෂ්ඨ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සජීවීව නැරඹූවා.

    ඉතිරි ක්‍රීඩකයන් ද ඒ මොහොතේ එක්කො සමාජ ජාලා වල හෝ සමාජ ශාලාවකට වී ඉන්න ඇති.

    සංජේ මංජේකාර් කියූ ලෙස ඔවුන් කිසිවෙක් නෙදර්ලන්ත දකුණු අප්‍රිකා තරගය නැරඹූවේ නැති බවත්, එහි ප්‍රතිඵල දැක කනස්සලට පත් වුණේ නැති බවත් විශ්වාසයි.

    මේ සමස්ත සිදුවීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අද පත් වී ඇති අර්බුධය හොඳින් පැහැදිලි කරනවා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සතු දරුණුම අර්බුධය නම් ක්‍රීඩකයන්ගේ වෘත්තීමයභාවයේ ඇති මේ ගැටලුවයි.

    මෙරට ක්‍රීඩකයන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ අරමුණ රට නියෝජනය කිරීම හෝ තරග ජය ගැනීම හෝ ක්‍රීඩාවට ඇති ආසාව නෙවෙයි.

    ඔවුන් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ මූල්‍යයමය වරප්‍රසාද වෙනුවෙන්.

    ඔවුන් සියලූම දෙනාගේ ජීවිතයේ පළමු ආදරය ක්‍රිකට් නෙවෙයි.

    ඔවුන් වෙනත් ආශාවක් සංතෘප්ත කරගැනීමට අවශ්‍ය මූල්‍යයමය ප්‍රතිලාභ ලබා ගැනීමට පමණක් ක්‍රිකට් ක්‍රීඩා කරනවා.

    ධනංජය ද සිල්වා ප්‍රිය කරන්නේ වීඩියෝ ගේම් ක්‍රීඩා කරන්න.

    ඒ වෙනුවෙන් සහ ජීවත් වීමට ඔහුට මුදල් අවශ්‍යයි.

    ඒ මුදල් උදෙසා ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරනවා.

    සෙසු ක්‍රීඩකයන්ටත් එවැනි ප්‍රිය කරනා දෑ, හීන සහ ඉලක්ක තියෙනවා.

    එම හීන සහ ඉලක්ක සපුරාගැනීමට ක්‍රිකට් වටිනා රැකියාවක්.

    ක්‍රිකට් ක්‍රීඩාව වටා විශාල මුදලක්, ප්‍රසිද්ධියක්, ජනප්‍රියත්වයක්, සිවිල් බලයක් සහ ජීවන ‍රටාවක් බැඳී තියෙනවා.

    මෙරට වත්මන් ජාතික කණ්ඩායමේ අතිබහුතරයක් ක්‍රීඩකයන් බැඳී සිටින්නේ ක්‍රිකට් සමග ලැබෙනා මේ ජීවන රටාවට මිසෙක ක්‍රිකට් ක්‍රීඩාවට නෙවෙයි.

    මිනිස්සු උවමනාවෙන් කරන්නේ, ලැබෙනා හැම මොහොතකම සුදානම් වෙන්නේ තමන්ගේ ඇඟේ තියෙන, තමන් ආසා කරන දේවල් වලදී විතරයි.

    බහුතරයක් මිනිස්සු රැකියා කරන්නේ, ඉන් ලැබෙනා වැටුපට ඇති ආශාව නිසා මිසෙක රැකියාව කිරීමට ඇති ආශාව නිසා නෙවෙයි.

    අවාසනාවට සෙසු සෑම රටකම ක්‍රීඩකයන්ගේ ආදරය, උවමනාව සහ ආශාව ක්‍රිකට් වෙද්දි, මෙරට ජාතික කණ්ඩායමට එය රැකියාවක් පමණයි.

    නෙදර්ලන්‍ත ක්‍රීඩකයන් සෑම තරගයකම කොල පෙරලමින් ක්‍රීඩා කරද්දී, ඕනෑම පරාජයකට පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිනාසෙමින් සිටින්නේ ඒකයි.

    ක්‍රීඩකයෙකුගේ තාක්ෂණික දුර්වලතාවයක් පුහුණුකරුවන්ට නිවැරදි කිරීමට පුලුවන්.

    නමුත් ක්‍රීඩකයෙකුගේ ආකල්ප දුර්වලතාවයක් පිටස්තර පුද්ගලයන්ට නිවැරදි කිරීමට බැහැ.

    ඕනෑකම, උවමනාව, දේශප්‍රේමය බලෙන් ලබා දිය හැකි දේවල් නෙවෙයි.

    මෙරට ක්‍රිකට් ක්‍රීඩාව කිසිදා යළිත් ගොඩනැගිය නොහැකි බව තතු දත්තො කීමට ඇති හේතුව ඒකයි.

    - ඉරේෂාන් සිරිවර්ධන -

    393258203_637363121908640_3316273461373450964_n.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,985
    152,975
    113
    මං නම් බනින්නෙ මුන් වගේ කිසිම ටැලන්ට් එකක්, විනයක් නැති කාලකණ්ණි හැත්තකට හුරේ දාන මරිමෝල්, බ්‍රේන්ඩෙඩ්, ක්‍රිකට් ෆෑන්ස්ලා කියාගෙන ඉන්න ගොබ්බයො ටිකට. ඕකුන් මුන්ව උඩ දාන නිසා තමයි සිරි ලංකන් ක්‍රිකට්වලට මෙච්චරටම කෙළවෙලා තියෙන්නෙ. 🤬🤬🤬
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C
    මං නම් බනින්නෙ මුන් වගේ කිසිම ටැලන්ට් එකක්, විනයක් නැති කාලකණ්ණි හැත්තකට හුරේ දාන මරිමෝල්, බ්‍රේන්ඩෙඩ්, ක්‍රිකට් ෆෑන්ස්ලා කියාගෙන ඉන්න ගොබ්බයො ටිකට. ඕකුන් මුන්ව උඩ දාන නිසා තමයි සිරි ලංකන් ක්‍රිකට්වලට මෙච්චරටම කෙළවෙලා තියෙන්නෙ. 🤬🤬🤬
    taamath munwa uda daana un oona tharam innawa.

    අවාසනාවට සෙසු සෑම රටකම ක්‍රීඩකයන්ගේ ආදරය, උවමනාව සහ ආශාව ක්‍රිකට් වෙද්දි, මෙරට ජාතික කණ්ඩායමට එය රැකියාවක් පමණයි.

    නෙදර්ලන්‍ත ක්‍රීඩකයන් සෑම තරගයකම කොල පෙරලමින් ක්‍රීඩා කරද්දී, ඕනෑම පරාජයකට පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිනාසෙමින් සිටින්නේ ඒකයි.

    ක්‍රීඩකයෙකුගේ තාක්ෂණික දුර්වලතාවයක් පුහුණුකරුවන්ට නිවැරදි කිරීමට පුලුවන්.

    නමුත් ක්‍රීඩකයෙකුගේ ආකල්ප දුර්වලතාවයක් පිටස්තර පුද්ගලයන්ට නිවැරදි කිරීමට බැහැ.

    ඕනෑකම, උවමනාව, දේශප්‍රේමය බලෙන් ලබා දිය හැකි දේවල් නෙවෙයි.

    මෙරට ක්‍රිකට් ක්‍රීඩාව කිසිදා යළිත් ගොඩනැගිය නොහැකි බව තතු දත්තො කීමට ඇති හේතුව ඒකයි.

    ------ Post added on Oct 18, 2023 at 10:29 AM
     

    rajamawatha

    Active member
  • Dec 7, 2018
    108
    90
    28
    ඒ ව ්ගේද බන් worldcup match අස්සේ බඩු ගහල නඩු දාගෙන ඒකත් දිනල තව බඩුවකුත් අරන් ඇවිත් Cricket Ban ඒකත් අයින් කර ගත්තානෙ. මේ Squd ඒකේ බැටෙක් injured වුනොත් team ඒකට ගත්තත් පුදුම වෙන්න දෙයක් නෑ .ඒහෙම tallent අනෙක් team වට උන්ට තියනවද?
     

    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    mama nam 2007 n passe SL matches balannema ne. onema nam match summary beluwa. 2015n passe ehemawath ne. anith ayatath kiyanna tiyenne oya welawe thamange wedak karaganna kiyala. match eka balana welawa + ita passe kattiya ekka set wela feedback dena time eka me okkoma beluwama kale aparadde. mokada api cheer kalata mun gahanne rata wenuwen nemei. un okkoma wage thamange weda karagannawa. anith peththata lejjawak nethi kalakanni set ekak. ara kalin comment ekaka tibba wage team eke attitude hadanne nethuwa, salli kutti balan inna board eke un pannala danne nethuwa monawa kalath hariyanne ne. Murali lagadi kiwwa phone kathawath eththa.

    ekatath ekka 2004 wenakan exam kale benum aha aha match balapuwa mathak weddi edenawa.

    mechchrai kiyanna tiyenne. onna oya magula atherala thamange wena wedak bala ganilla. ekko women cricket balapalla. ehema beri nam wena ratakata cheer karapalla.

    P.S.
    Venkatesh lata ellagena gahapu apita den Indian karayangen mehema katha ahanna wela tiyenne.

    1697613150276.png
     
    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,679
    113
    Ursa Major
    මං නම් බනින්නෙ මුන් වගේ කිසිම ටැලන්ට් එකක්, විනයක් නැති කාලකණ්ණි හැත්තකට හුරේ දාන මරිමෝල්, බ්‍රේන්ඩෙඩ්, ක්‍රිකට් ෆෑන්ස්ලා කියාගෙන ඉන්න ගොබ්බයො ටිකට. ඕකුන් මුන්ව උඩ දාන නිසා තමයි සිරි ලංකන් ක්‍රිකට්වලට මෙච්චරටම කෙළවෙලා තියෙන්නෙ. 🤬🤬🤬
    They are talented but lack a cause or a goal; they need proper guidance, a proper leader to follow, and a cause. That's what Arjun did.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,985
    152,975
    113
    They are talented but lack a cause or a goal; they need proper guidance, a proper leader to follow, and a cause. That's what Arjun did.
    International level එකට හරියන ටැලන්ට් එකක් එකෙකුටවත් නෑ. කණාපල්ලම් ගහලා මැච් 2-3 ක රන්ස් ටිකක් හරි විකට් ටිකක් හරි ගන්න එක කරන්නෙ දැන් ටීම් එකේ ඉන්න හැමඑකාම. තමන්ගෙ අඩුපාඩු හරිගස්ස ගන්න කිසිම උවමනාවකුත් නෑ. තිලාන් සමරවීර මුලින් ටීම් එකට ආවෙ ස්පිනර් කෙනෙක් විදිහට. අන්තිමට ටීම් එකෙන් ගියේ ලංකාවෙ හිටපු හොදම ටෙස්ට් බැට්ස්මන් කෙනෙක් විදිහට. ස්ටීවන් ස්මිත් ගත්තත් ඕකමයි. ඒ මිනිස්සුන්ට් ක්‍රීඩාව ගැන තිබ්බ උනන්දුව නිසා තමයි ක්‍රිකට්වල තමන්ට ගැළපෙනම ප්ලේස් එක හොයාගෙන ඒකට මහන්සිවෙලා ඒ ටැලන්ට් එක දියුණු කරගෙන රට වෙනුවෙන් සෙල්ලම් කරේ. ඒකට අපේ දැන් ඉන්න ලොන්තයො ටික. නොදකින්. 🤮 🤮🤮
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    pubg ගහන එකේ නම් අවුලක් නෑ ඉතින්. උන් දවසම ප්‍රැක්ටිස් කරන්නේ නෑ නේ.
    හැබැයි NED මැච් එකවත් බලන්න තිබ්බ වැඩක් නැත්නම්
    Anit players la play karana ewa nobala komada ban teams gena idea ekak ganne?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,813
    113
    සේදවත්ත
    බෝඩ් එකේ උන් බඩු ගහනවා, ටීමේ එකේ උන් ටින්ඩර් එකේ බඩු ගහනවා සිගා ගහනවා පග්පී ගහනවා ඉතින් අවුලක් නෑනේ.

    රටක් දියුනුවක් වෙන්න හොද පාලන ක්‍රමයක් එපැයි ඒක ආයාලේ ආතල් ගන්නකොට අනික් ඒවත් ඒම තමා පුදුම වෙන්න එපා