ධාතුන් වහන්සේලා බෙදාගත් ආකාරය....

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ධාතුන් වහන්සේලා බෙදාගත් ආකාරය....

    [FONT=&quot]බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනයෙන් පසු අති උතුම් ධාතුන් වහන්සේලා බෙදාගත් ආකාරය..
    [/FONT]
    [FONT=&quot]
    856d1fda-e925-4bc7-89c6-cc0105eeaff9-2060x1374.jpeg
    856d1fda-e925-4bc7-89c6-cc0105eeaff9-2060x1374.jpeg
    [/FONT]
    dharmachakra_mudra_by_stefanievanloon-d79xszj.png

    856d1fda-e925-4bc7-89c6-cc0105eeaff9-2060x1374.jpeg
    [FONT=&quot]බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය වන මොහොතේම ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වු මහා ඍර්ධිමය හැකියාවක් ඇති ඛේම මහරහතන් වහන්සේ චිතකයෙන් සර්වඥයන් වහන්සේගේ යටි වම් දළදා වහන්සේගේ රැගෙන කාලිංග දේශයට වැඩම කලා. ඒ උතුම් දළදා වහන්සේ තමයි අද ශ්‍රී ලංකා ද්වීපය තුල මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ සිටින්නේ.

    [/FONT]
    [FONT=&quot]ඒ විතරක් නෙමෙයි චිතකයට ගිනි දැල්වෙද්දීම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වු මහා ඍර්ධිමය [/FONT][FONT=&quot][FONT=&quot]හැකියාවක් ඇති [/FONT]මහරහතන් වහන්සේ නමක් වන සර්භූ නැමති තෙරුන් වහන්සේ සර්වඥයන් වහන්සේගේ ග්‍රීවාස්ථී ධාතුන් වහන්සේගේ රැගෙන ලංකාවට වැඩම කලා.

    [/FONT]
    [FONT=&quot]ග්‍රීවාස්ථී ධාතුන් වහන්සේ කියල කියන්නේ බුදුරජාණන් වහන්සේගේ හිස් කබලෙහි පටන් උරහිස දක්වා බෙල්ලෙහි පිහිටි කශේරුකා හතකින් යුතු ධාතූන් වහන්සේලායි.
    [FONT=&quot][/FONT]එදා සරභූ මහරහතන් වහන්සේ සර්වඥයන් වහන්සේගේ ග්‍රීවාස්ථී ධාතුන් වහන්සේගේ රැගෙන අහසට පැන නැගී පන්සීයක් මහරහතන් වහන්සේලා සමගින් ලංකාවේ මහියංගනයට වැඩම කලා.
    සුමන සමන් දෙවියන් විසින් බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා තැන්පත් කොට ඉදිකරනු ලැබූ මහියංගන චෛත්‍ය රාජයාණන් වහන්සේ තුල සර්වඥයන් වහන්සේගේ ග්‍රීවාස්ථී ධාතුන් වහන්සේ තැන්පත් කොට ඍර්ධිබල සම්පන්න සීවලී සහ සුවන යන සාමනේර මහරහතන් වහන්සේලා ලවා නාග ලෝකයෙන් ගෙන එන ලද මේඝ වර්ණ පාෂාණයන් ග්‍රීවාස්ථී ධාතුන් වහන්සේ වටා තැන්පත් කොට දොළොස් රියනක් උසට [FONT=&quot]ස්[/FONT]ථූපය කරවා කුසිනාරා නුවරට වැඩම කලා.

    [/FONT]
    [FONT=&quot]ඒ විතරක් නොවෙයි එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය වන මොහොතේ දස දහස් ලෝක ධාතුවලින් පැමිණි දෙවියන් අනෙකුත් දන්ත ධාතූන් වහන්සේලාද කේශ ධාතූන් වහන්සේලාද ලෝම ධාතූන් වහන්සේලාද රැගෙන ගිය බව බුද්ධවංශ පාළියෙහි ධාතූන් වහන්සේලා බෙදාදීම පිළිබඳව සඳහන් වෙන කාතාවේ සඳහන් වෙලා තියනවා.

    [/FONT]
    [FONT=&quot]බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දැවී අවසන් වනවාත් සමගම අහසෙන් මතුවුණු ජල ධාරාවන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කල චිතකය මතට පමණක් ඇදහැළෙමින් චිතකයේ ගිනි නිමී ගියා.
    ඉතාමත්ම ආශ්චර්‍යමත් ලෙස චිතකය වටා තිබුණු සල් ගස්වල අතුවලින් ජල ධාරාවන් මතුවී චිතකය දෙසට අතු නැමී චිතකයේ ගිනි නිමී ගියා. මල්ල රජ දරුවන්ද නොයෙක් සුවඳ කුඩු මිශ්‍ර කල ජලය චිතකයට ඉසිමින් චිතකයේ ගිනි නිමා දැමුවා.[/FONT]

    [FONT=&quot]චිතකයේ ගිනි නිමී ගියාට පසුව මල්ල රජ දරුවන් ධාතූන් වහන්සේලා සහිත රං දෙන අලංකාරවත් ලෙස සැරසූ ඇතෙකුගේ පිටමත තබාගෙන පෙරහැරකින් ඇතුළු නුවරට වැඩම කරවා ඉතා අලංකාරවත් ලෙස සරසන ලද මණ්ඩපයක රං දෙන තැන්පත් කොට දින හතක් පුරාවටම පුද පූජාවන් පැවැත්වුවා.

    [/FONT]
    [FONT=&quot]බුදුරජාණන් වහන්සේ මල්ල රජ දරුවන්ගේ උපවර්ථන සාළ වනෝද්‍යානය තුල පිරිනිවන් පෑවා යන ආරංචිය මුළු දඹදිව් තලය පුරා වේගයෙන් පැතිර ගියා.
    අජාසත්ත රජතුමාටත් අනෙකුත් ජනපදවල රාජ්‍ය කරමින් සිටි රජවරුන්ටත් ඒ පණිවුඩය දැනගන්නට ලැබුනා. බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් භාගයක්ම තැන්පත් කරලා චෛත්‍යක් හදලා වන්දනා කරනවා ධාතූන් වහන්සේලාගෙන් භාගයක්ම ලැබීමට මම සුදුස්සෙක් යන අදහසින් අජාසත්ත රජතුමා මහා සේනාවක් රැගෙන කුසිනාරා නගරය බලා පිටත් වුනා.[/FONT]

    [FONT=&quot]මේ ආකාරයටම විශාලා මහනුවර ලිච්ජවී රජදරුවන්ද කිඹුල්වත්පුරයේ ශාඛ්‍යවංශිකයන්ද අල්ලකප්ප නුවර බුලී රජදරුවන්ද රාම ග්‍රාමයේ කෝලිය රජදරුවන්ද චේතදීප නගරයේ බ්‍රාහ්මණයන්ද පාවා නුවර මල්ල රජදරුවන්ද ධාතූන්වහන්සේලා කෙසේ හෝ ලබාගන්නවා යන අදහසින් සි[FONT=&quot]වු[FONT=&quot]ර[/FONT][/FONT]ඟ සේනාවන් සමග පැමිණ [FONT=&quot]කු[/FONT]සිනාරා නගරය වටා කඳවුරු බැදගෙන තමන් හට ධාතුන් වහන්සේලා ලබා දෙන්න යැයි පණිවුඩකරුවන් යවමින් කුසිනාරාවේ මල්ල රජදරුවන්ගෙන් ඉල්ලීම් කලා.

    [/FONT]
    [FONT=&quot]දඹදිව රජදරුවන්ගේ රාජකීය ශිල්ප ශාස්ත්‍ර උගන්වන ආචාර්‍යවරයෙකු වූ ද්‍රෝණ නැමැති බමුණා රජදරුවන් අතර ඇතිවූ මේ වාදය දැක බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ ස්ථානයේ මේ ආකාරයෙන් වාද විවාද කරගැනීම කිසිසේත්ම සුදුසු නැත. තවත් ප්‍රමාද වුනොත් ධාතූන් වහන්සේලා බෙදගැනීම පිණිස රජදරුවන් අතර කෝලාහල පවා ඇතිවිය හැකියැයි කල්පනා කර ධාතූන් වහන්සේලා බෙදාදීමේ කටයුත්තට මැදිහත් වුනා.

    ඒ අනුව ද්‍රෝණ බමුණා විසින් බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා සමසේ කොටස් අටකට බෙදාදීමට සියළුදෙනාම එකඟ කරගත්තා.[/FONT]

    [FONT=&quot]ධාතූන් වහන්සේලා ඉල්ලමින් පැමිණි රජ දරුවන් සියළුදෙනාම ද්‍රෝණ බමුණාගේ යෝජනාවට එකඟ වී සර්වඥ ධාතූන් වහන්සේලාව සමසේ කොටස් අටකට බෙදා එක කොටස බැගින් ලබාගැනීමට එකඟවුනා.

    එදා සර්වඥ ධාතූන් වහන්සේලාව බෙදා දීම පිණිස ද්‍රෝණ බමුණා විසින් රන් දෙන විවර කරනවාත් සමගම ඒ අසල සිට රන් දෙන තුලට එබී බැලූ බොහෝ දෙනෙක් රන් දෙන මත ඉතිරිව තිබුණු සර්වඥයන් වහන්සේගේ අස්ථි ධාතූන් වහන්සේලා දැක හඬා වැළපෙන්නට වුනා.

    [/FONT]
    [FONT=&quot]අහෝ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුතු රන්වන් ශරීරයකින් යුතුව වැඩසිටි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය දැන් නැත රන් දෙන තුල ඉතිරිව ඇත්තේ බිඳීගිය අස්ථි ධාතූන් වහන්සේලා පමණයි යනුවෙන් හඬන්නට වැළපෙන්නට වුනා.
    රජදරුවන් හඬාවැටෙද්දී ඒ ප්‍රමාදය දැකපු ද්‍රෝණ බමුණා රන් දෙන තුල තිබුණු බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා දෙනම රැගෙන එක් දළදාවක් කිසිවෙකුටත් නොපෙනෙන පරිදි හිසේ බැඳගෙන සිටි ජටාව තුල සඟවාගත්තා. අනෙක් දකුණු දළදාව බිමට දමා පාදයෙන් වසාගත්තා. ඒ විතරක් නෙමෙයි සර්වඥයන් වහන්සේගේ වම් උඩු දළදා වහන්සේ රැගෙන තමන් හැඳ සිටි වස්ත්‍ර අතර ඉනෙහි සඟවාගත්තා.
    මේ ආකාරයට දන්ත ධාතූන් වහන්සේලා තුන් නමක් රැගෙන වෙන වෙනම සඟවාගත්තේ එක දන්ත ධාතුන් වහන්සේ නමක් හරි තමන්ට ඉතුරු වෙයි යන අදහසිනුයි.

    [/FONT]
    [FONT=&quot]බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න මොහොතකට පෙර ශ්‍රී දේහය ආදාහනයෙන් පසු ධාතුන් වහන්සේලා විසිරීමට කල අධිෂ්ඨානයට අනුව ධාතුන් වහන්සේලා විසිරී තිබුනේ මේ ආකාරයටයි.

    [/FONT]
    [FONT=&quot]විශාලතම ධාතුන්වහන්සේ හැටියට ළලාට ධාතුන් වහන්සේත් අකු ධාතුන් වහන්සේ දෙනමත් දලඳා වහන්සේලා හතර නමකුත් නොවිසිරී නොබෙදී නොකැඩී ඒ ආකාරයෙන්ම පැවතුණා. අනෙක් සියළු අස්ථි ධාතුන් වහන්සේලා ඉතා කුඩා කුඩා කොටස් යටතේ කැඩී බිඳී විසිරී ගොස් තිබුණා.

    [/FONT]
    [FONT=&quot]ඒ අතර විශාල ප්‍රමාණයෙන් යුතුව කුඩාකොටස් වලට කැඩී බිඳී වෙන්වී ගිය සර්වඥ ධාතුන් වහන්සේලා මුං පියල්ලක් තරම් ප්‍රමාණයෙන් යුතුව බිඳී ගොස් තිබුණා. එවැනි ධාතුන් වහන්සේලා ද්‍රෝණ බමුණාගේ ධාතු බෙදූ රන් නැලියෙන් පුරවා පහක් තිබුණා.
    මුං පියල්ලක් තරම් ප්‍රමාණයෙන් යුතුව බිඳී ගොස් තිබුණ සර්වඥ ධාතුන් වහන්සේලා රන්වන් පැහැයට හුරුව බැබළෙමින් පැවතුන බව බුද්ධවංශ පාළියෙහි සදහන් වෙලා තියනවා.[/FONT]

    [FONT=&quot]බිදී ගිය ධාතුන් වහන්සේලා අතර මධ්‍යම ප්‍රමාණයෙන් යුතුව කැඩී බිඳී වෙන්වී ගිය සර්වඥ ධාතුන් වහන්සේලා කඩ සහල් ප්‍රමාණයෙන් යුතුව බිඳී ගොස් තිබුණා. එනම් හාල් ඇටයක් දෙකට කැඩූ ප්‍රමාණයෙන් යුක්තව බිඳී තිබුණා. එවැනි ධාතුන් වහන්සේලා මුතු පැහැයෙන් යුක්ත බවත් ද්‍රෝණ බමුණාගේ ධාතු බෙදූ රන් නැලියෙන් පුරවා පහක් තිබුණ බවත් සඳහන් වෙලා තියනවා.[/FONT]
    [FONT=&quot]ඒ අනුව බලද්දී බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුරෙහි බිඳීගිය සර්වඥ ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයෙන් ධාතු නැලි පහකුත්, මධ්‍යම ප්‍රමාණයෙන් ධාතු නැලි පහකුත්, කුඩා ප්‍රමාණයෙන් ධාතු නැලි හයකුත් වශයෙන් නැළි දාසයක් ඉතිරිවී තිබුණා. ඒ අනුව ධාතුන් වහන්සේලා ලබාගැනීමට පැමිණි රජවරුන් අට දෙනෙකුට එක රජ කෙනෙක්ට නැළි දෙක බැගින් සමසේ බෙදා දුන්නා.

    [/FONT]
    [FONT=&quot]ද්‍රෝණ බමුණා විසින් ධාතුන් වහන්සේලා බෙදූ භාජනයෙන් දෙකක් එක ද්‍රෝණයක් ලෙස සලකනවා. ඒ අනුව බලද්දී නැළි දාසයක් ද්‍රෝණ අටක් ලෙස සැලකෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ධාතුන් වහන්සේලා රන් නැළියෙන් දෙක බැගින් එනම් ද්‍රෝණයක් [/FONT]
    [FONT=&quot]අජාසත්ත රජතුමාටත් [/FONT]
    [FONT=&quot]විශාලා මහනුවර ලිච්ජවී රජදරුවන්ටත් [/FONT]
    [FONT=&quot]කිඹුල්වත්පුරයේ ශාඛ්‍යවංශිකයන්ටත් [/FONT]
    [FONT=&quot]අල්ලකප්ප නුවර බුලී රජදරුවන්ටත් [/FONT]
    [FONT=&quot]රාම ග්‍රාමයේ කෝලිය රජදරුවන්ටත් [/FONT]
    [FONT=&quot]චේතදීප නගරයේ බ්‍රාහ්මණයන්ටත් [/FONT]
    [FONT=&quot]පාවා නුවර මල්ල රජදරුවන්ටත් සමසේ බෙදාදුන්නා.

    [/FONT]
    [FONT=&quot]ඉහත් කී රජදරුවන් තමන්ට ලැබුණු සර්වඥ ධාතුන් වහන්සේලා ඉතාම ශ්‍රද්ධා ගෞරවයෙන් වඩමවාගෙන ගොස් තම තමන්ගේ රාජධානිවල චෛත්‍ය සාදා සර්වඥ ධාතුන් තැන්පත් කොට වන්දනා මාන කලා.[/FONT]
    [FONT=&quot]ද්‍රෝණ බමුණා විසින් සගවාගත් දන්ත ධාතුන් වහන්සේලාට සිදුවූයේ කුමක්දැයි ඊලඟ ත්‍රෙඩ් එකෙන් බලමු….

    [FONT=&quot][FONT=&quot]පහළින් [FONT=&quot]ඇති [FONT=&quot]ත්‍රෙඩුත් [FONT=&quot]කියවන්න...[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]


    මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ බුදුරජාණන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා බෙදී විසිරුණු අයුරු

    බුදුරජානන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කල අයුරු
     
    Last edited:

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    hugaak watina lipiyak mata therum ganna beri samahara dewal thiyanawa ekiyanne piliganna beri dewal ape budu dahame thiyanawa hugaak. thawa deyak aththama keewoth api monawada oya kiyana gaatha kiyala matanam therenne nehe mokada ewage therum danne ape bauddhayangen keeyen keedenada? ewage artha denagena api wedum pidum karanawanam watiunawa kiyalai hithanne nethnam ewa apita sinhalata pariwarthanaya karala dunnanam watinawa neda?
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    hugaak watina lipiyak mata therum ganna beri samahara dewal thiyanawa ekiyanne piliganna beri dewal ape budu dahame thiyanawa hugaak. thawa deyak aththama keewoth api monawada oya kiyana gaatha kiyala matanam therenne nehe mokada ewage therum danne ape bauddhayangen keeyen keedenada? ewage artha denagena api wedum pidum karanawanam watiunawa kiyalai hithanne nethnam ewa apita sinhalata pariwarthanaya karala dunnanam watinawa neda?
    ඔව් බන් උබ කිය එකත් ඇත්ත.. අපිට නම් දහම් පාසලෙන් පාලි ඉගැන්නුවා.. ඒ නිසා චුට්ටක් තේරුම් ගන්න පුළුවන්..
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    සාදු.... සාදු... සාදු....!!
    You must spread some Reputation around before giving it to Ashman again.