නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
1934248_1079457835410024_9216488409076313305_n.jpg






සුබ නත්තලක්...!
 

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :):)

    pattai bro

    ස්තූතියි සහෝ


    :):)
    ඔන්න බලහන් උඹ හදපු ඔය සුරුවම තියන ස්ටෑන්ඩ් එක අම්මා මැස්සෙකුටවත් වහන්න දෙන්නෙත් නැ. උඹලගේ අම්මට පුදුම විදිහට වටිනවා ඕක. මොකද උඹ මහන්සි වෙලා හදපු නිසා. ගෙදරට එන හැමෝටමත් ඕක කියනව දැන්...

    ඒ හැම වෙලාවකම සතුටු කඳුලින් ඇස් පිරිලා තියෙයි!! :)

    උඹ කිව්ව හරියටම හරි මචන්..
    නත්තල ඉවර උන ගමන්ම වගේ අම්ම ඒක තාත්තට කියල ඉටි කවරෙකට දාල පෙට්ටියකට දාල අරන් තියල දූවිලි වදිනව කියල...:)

    ලයිට් දාල තියෙද්දි ගෙදරට කවුරුහරි ආව ගමන් අනිවාර්යෙන් ඕක තියෙන තැනට ගිහින් බලනව.. අහන්නත් කලින්ම කියනව ඒක නත්තලට මම හදල දීපු එකක් කියල...

    එල මචං ;)
    +REP
    සුභ නත්තලක්!

    එසේම වේවා මචන්..:)

    [FONT=&quot]ආයි දවසක හම්බ වෙමු.
    හැමෝටම සුබ නත්තලක්...!
    [/FONT]

    :):):):)

    1934248_1079457835410024_9216488409076313305_n.jpg


    සුබ නත්තලක්...!

    එසේම වේවා..!:)

    පට්ටයි මචන්..
    සුබම සුබ නත්තලක් වේවා.
    +

    බොහොම ස්තූතියි මචන්...
    සුබ නත්තලක්..!

    පට්ටයි මචන්..
    සුබම සුබ නත්තලක් වේවා.

    ස්තූතියි සහෝ...
    සුබ නත්තලක්..!

    Maru bn ela kollek

    :):):)
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    [FONT=&quot]තාත්තයි මමයි බුද්ධාගමේ උනත් අම්ම ක්‍රිස්තියානි ආගමේ..[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]මීට මාසෙකට විතර කලින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගෙදරට අලුතෙන් ගෙනාව[/FONT] [FONT=&quot]බුදුගෙට ලයිට් එකක් හයි කරද්දි අම්ම මගේ ලඟට ඇවිත් කිව්ව[/FONT],
    [FONT=&quot]පුළුවන්නං මගේ අර සුරුවම තියා ගන්නත් මොකක් හරි හදල දෙනවද කියලා...:yes:[/FONT]

    [FONT=&quot]මොකද ඒක තියා ගන්න හරි හමක් තැනක් හදල දෙන්න තාත්තටයි මටයි දෙන්නටම ටිකක් අතපසු වෙවී තිබුණ දෙයක්...:sorry:[/FONT]
    [FONT=&quot]මේ තියෙන්නෙ ගෙදර එහාට මෙහාට වෙවී තිබුණ පුංචි සුරුවම..:nerd:[/FONT]


    25foy7p.jpg



    [FONT=&quot]අම්ම[/FONT][FONT=&quot] මගෙන් බලාපොරොත්තු උනේ පොඩි දෙයක් උනත් මට ටිකක් විතර වෙනස් දෙයක් කරන්න ඕනෙ උනා..:rolleyes:[/FONT] [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඉතින් මම ඒකට[/FONT][FONT=&quot] LED[/FONT][FONT=&quot] ලයිට් වලින් එළියක් එකතු කරන්න උත්සහ කළා...:cool:[/FONT]


    1zb72vp.jpg




    [FONT=&quot]මුළින්ම කළේ [/FONT][FONT=&quot] LED[/FONT][FONT=&quot] ටික සීරියස් කරල මේ විදිහට පාස්ස ගත්ත එක..[/FONT]
    [FONT=&quot]Power pack[/FONT][FONT=&quot] එකෙන් වොට් [/FONT]12[FONT=&quot]කින් පත්තු කර ගන්න ඕනෙ නිසා පොඩි රෙසිස්ටර් දෙකකුත් පාවිච්චි කළා[/FONT].:yes:


    292o4ch.jpg





    [FONT=&quot]යටට පාවිච්චි කරපු ලයිට් එක "මල්ටි කලර්" එකක්.:cool: ඒ කියන්නේ ඒකේ පාටවල් බොහෝම හිමීට මාරු වෙනවා.. මේ තියෙන්නෙ ඒක[/FONT]


    p82ut.jpg



    o94cpc.jpg


    [FONT=&quot]මෙන්න මේ විදිහට තමයි හයි කර ගන්න ඕනේ උනේ..[/FONT]


    29y5j5.jpg




    [FONT=&quot]ලයිට් ටික පාස්ස ගත්තට පස්සේ වැඩ කරනවද කියල බැලුවා..[/FONT]
    [FONT=&quot]දෙයියනේ කියල හිතුවටත් වැඩිය සාර්ථක විදිහෙ එළියක් ලැබුණා...:yes:[/FONT]


    2mgjxhc.jpg




    op0cg8.jpg




    2hnubd3.jpg




    [FONT=&quot]ඊළඟට මට ඕනේ උනේ මේක තියන්න ස්වභාවික විදිහට පේන තැනක් හදන්න...[/FONT]
    [FONT=&quot]මොකද මම දැකල තිබුණ ගොඩක් පල්ලි වල මේ පිළිමේ තිබුණෙ ගල් ගුහාවක් වගේ තැනක නිසා:)[/FONT]
    [FONT=&quot]ඒක නිසා මමත් මේකට ගල් ගුහාවක් වගේ තැනක් හදන්න තීරණය කළා..:dull:[/FONT]
    [FONT=&quot]ගෙදර වැඩ වගයකට ගෙනාව කළුගල් වගයකුයි[/FONT], [FONT=&quot]සිමෙන්තියි තිබුණ නිසා මගේ තීරණේ ක්‍රියාතමක කරන්න දෙපාරක් හිතුවෙ නෑ...:P[/FONT]


    29nymvk.jpg





    339u137.jpg



    [FONT=&quot]මට තිබුණ ලොකුම උවමනාව මේක අපේ[/FONT][FONT=&quot]අම්මට නොපෙනෙන්න හොරෙන් ම[/FONT][FONT=&quot] හදල[/FONT][FONT=&quot] ඉවර[/FONT][FONT=&quot] කරන[/FONT][FONT=&quot] එක...:confused: මම ඉතින් [/FONT][FONT=&quot]ෂේප් එකේ[/FONT][FONT=&quot] තාත්තට විස්තරේ කියල සපෝට් එකක් ඉල්ල ගත්ත..:P[/FONT][FONT=&quot] ඉතින් අම්ම උයන පිහන අතරෙ සිමෙන්ති අනන වැඩ කර ගන්න ඕනේ කරන බඩු ටික සැරින් සැරේට තාත්තයි මමයි මාරුවෙන් මාරුවට[/FONT], [FONT=&quot]අපේ ගෙදර ස්ලැබ් එක උඩට ගෙනිච්චා..:rolleyes: ඒ වගේම අම්මට උඩට නගින එකත් තහනම් කළා..:eek:

    [/FONT]
    [FONT=&quot]තවත් අව්ලකට තිබුණේ මම සිමෙන්ති වැඩ ගැන මෙලො මල දානයක් නොදැන හිටිය එක...:( අඩුම ගානේ මේසන් හැන්දවත් හරියට අල්ලගන්න තේරෙන්නේ නෑ... :sorry:[/FONT][FONT=&quot] සිමෙන්ති ගන්නකොට සිමෙන්ති වලින් බාගයක්ම බිම...:shocked: කොහොමහරි අන්තිමට මෙන්න මේ වගේ එකක් අටව ගත්තා.. :sorry:[/FONT]

    efghp5.jpg




    mwtdv7.jpg




    3509nyc.jpg




    2h54djl.jpg



    [FONT=&quot]ඒත්[/FONT] [FONT=&quot]වේලෙන්න කලින් අත පත ගාන්න ගිහින් මම ඒක බොහෝම ලස්සනට විනාස කර ගත්තා... :angry:[/FONT]


    15ry6hs.jpg



    2yyqeyx.jpg



    [FONT=&quot]ඊට පස්සේ වැස්සෙන් බේර ගන්න[/FONT][FONT=&quot] කියලා[/FONT][FONT=&quot] , වේලෙන්න කලින් ඒක අයින් කරන්න ගිහින් තාත්තගේ අතින් ආයි සැරයක්[/FONT][FONT=&quot]විනාස උනා..:sorry::sorry:[/FONT]
    [FONT=&quot]කොහොමහරි දවස් දෙක තුනක් දඟලල දඟලල මෙන්න මේ වගේ එකක් ආයෙත් හදා ගත්තා..:dull:[/FONT]
    [FONT=&quot]හැබැයි කලින් එකට වැඩිය ටිකක් ප්‍රමණෙන් ලොකු වැඩි උනා..:eek:[/FONT]

    16c0rxh.jpg





    149pp8g.jpg




    j9rgbb.jpg



    [FONT=&quot]ඊට පස්සේ කලු පාට තීන්ත ගෑවා.. :cool:[/FONT]


    2vnnsdi.jpg




    i1hcgj.jpg



    [FONT=&quot]තීන්ත වේලෙන්න කලින්[/FONT], [FONT=&quot]සිල්වර් ඩස්ට් පැකට් දෙකක් කඩදාසියකට දාල තැනින් තැනට ඉස්සා. ඒක කලු පාටත් එක්ක මික්ස් උනාම අමුතුම විදිහකට දිලිසෙනවා..:rolleyes:[/FONT]
    [FONT=&quot]හැබැයි ඒ වෙලාවෙනං මම තමයි වැඩියෙන්ම දිලිසි දිලිසි හිටියෙ..:rofl:[/FONT]




    16iuyie.jpg




    wugv9g.jpg



    [FONT=&quot]කොහොමහරි තිනර් කාලේ බෝතලේකිනුත් කාලයි සම්පූර්ණයෙන්ම තීන්ත ගාල ඉවර කරන්න ගියේ[/FONT][FONT=&quot]..:yes: [/FONT][FONT=&quot]ඒඋනත් ඇඟේ[/FONT][FONT=&quot]ගෑවුන තීන්ත යවන්න ඉතුරු තිනර් තුන් කාලම ගියා.[/FONT][FONT=&quot]:lol: [/FONT][FONT=&quot]මේක හොරෙන් කරපු වැඩක් නිසාම හොඳයි ඉතින්..:P[/FONT]
    [FONT=&quot]මම අර කලින් කිව්ව වගේම ස්ව්භවික ගතියක් ඉස්මතු කර ගන්න උත්සහ කරපු නිසා[/FONT], [FONT=&quot]ගෙදර තිබුණ ප්ලාස්ටික් කොළ වගයක් මල්ටිබොන්ඩ් ගම් වලින් තැනින් තැන අලෙව්වා.. :)[/FONT]


    soo3k6.jpg



    [FONT=&quot]ඒ වගේම ප්ලාස්ටික් සත්තු ටිකකුත් ඇලෙව්වා..:)[/FONT]
    [FONT=&quot]එක පාරටම ගම් වලින් අලවන්න අමාරු නිසා මුලින්ම කලේ ගම් ගාල ක්ලේ ගුලියක් තියල තද කරපු එක..:P පස්සේ හිමීට ක්ලේ ගුලිය අයින් කරල දැම්මා[/FONT]…:yes:


    108dceu.jpg




    23mlj54.jpg



    [FONT=&quot]ගම් වලින් ඇලෙව්වොත් හදිස්සියකදි එහා මෙහා කර ගන්නවත් බැරි වෙන නිසා සුරුවම නං ක්ලේ ගුළියකින්ම තද කළා විතරයි..:yes:[/FONT]
    [FONT=&quot]සත්තු ටිකයි[/FONT], [FONT=&quot]ගස් ටිකයි ඇලෙව්වට පස්සේ[/FONT], [FONT=&quot]සුරුවමත් මැදින් තියලා[/FONT], [FONT=&quot]ගල් ගුහාවේ වැඩ ටික මේ විදිහට සම්පූර්ණ කර ගත්තා...:)[/FONT]


    2hoyyvc.jpg




    ibb020.jpg



    [FONT=&quot]උඩට කරන්ට් එක ගන්න ක්‍රමයක් තිබුනේ නැති නිසා[/FONT][FONT=&quot] පහළට අරගෙන මේකෙ ලයිට් ටික හරියට හදා ගන්න අම්ම නැති වෙන වෙලාවක් බල බල තවත් දවස් දෙක තුනක්ම හිටියා..:eek:[/FONT]
    [FONT=&quot]නොහිතපු විදිහට මට පුංචි අකරතැබ්බියකට මූන දෙන්නත් උනා..:([/FONT]
    [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]වැස්ස දවසක රෙදි වගයක් දාන්න උඩට ආපු වෙලාවක මගේ වැඩේ ගෙඩිය පිටිං අම්මගේ අතටම අහු උන එක…:shocked:[/FONT]
    [FONT=&quot]ඒකෙන් නත්තලට අම්මට දෙන්න හිටිය තෑග්ග මට කලින්ම දෙන්න උනා.[/FONT].:confused:


    ipo651.jpg




    15nn2ps.jpg





    296eyo0.jpg



    ibb020.jpg



    [FONT=&quot]ඒ කොහොම උනත්
    අම්ම [/FONT]
    [FONT=&quot]මගෙන්[/FONT][FONT=&quot] පුංචියට බලාපොරොත්තු උන දේ[/FONT], [FONT=&quot]බලාපොරොත්තු නොවුනු වෙලාවක[/FONT], [FONT=&quot]ටිකක් ලොකුවට දෙන්න මට පුළුවන් උනා...:yes:[/FONT]


    ඔන්න අන්තිමට මගේ වැඩේ මේ විදිහට ඉවර කළා...


    of8pbs.jpg




    2llhidk.jpg




    14o6kqa.jpg




    icrbrp.jpg




    xlvudw.jpg




    i35o5f.jpg




    9lg85s.jpg




    2wqbd05.jpg




    24qppnr.jpg




    1zd85xy.jpg




    sl41u1.jpg


    [FONT=&quot]ඔන්න මගේ දවස් ගානක මහන්සියේ ප්‍රතිඵල...:)[/FONT]
    [FONT=&quot]සෑහෙන දුරට[/FONT] [FONT=&quot]සාර්ථකයි වගේ නේද...

    [/FONT]
    [FONT=&quot]අම්ම මේක දිහා බලාගෙන හිනා වෙන ගමන්[/FONT], [FONT=&quot]මගේ මූන දිහත් බලල[/FONT]
    [FONT=&quot]ඔයාට වරදින්නේ නෑ පුතේ කියද්දි මගේ ඇස් වලින් කඳුලු ආවේ ඇයි කියලනං මට තාම තේරෙන්නේ නෑ...

    හැබැයි පුංචි වටිනාකමකුත් එක්ක මගේ නත්තල් තෑග්ග අම්මට දී ගන්න ලැබුණු එක ගැන නං මටත් සෑහෙන සතුටුයි...:yes:

    ආයි දවසක හම්බ වෙමු.
    හැමෝටම සුබ නත්තලක්...!

    [/FONT]


    පට්ට ලස්සනයි මල්ලි..............
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    උබලගේ පුංචි පවුලත් සුරුවම වගේම ලස්සනයි මචන්.:):):)
    සුබ නත්තලක් වේවා.:):):)