උබ ආගමයි, ගෘහ නීර්මාන ශිල්පයයි පටලවගෙන. මමත් ඔය කාර්දිනල් මැල්කම් ගේ වැඩ වලට විරුද්දයි.. කතොලික චාරිත්‍ර පන්සලට ගෙන ඒමත්, පන්සලේ චාරිත්‍ර පල්ලියට ගෙන ඒමත් සහජීවනය නොවේ. ඒක එකාට අනන්‍ය වූ සන්ස්කෘතීන් කවලම් කිරීම ඉතිහාසය විකෘති කිරීමකට වඩා අච්චාරුවක් ඊලග පරම්පරාවට. උබ කිව්ව ඉතිහාසය විකෘති කීරීම ගැන සදහනක් කලොත් ඔය වගේම ඉතිහාසය විකෘතිකිරීමක් උනා සින්හලේ රාජවන්ශයේ අන්තිම කාලේ. සතර දේවාල කියලා අද දලදා මාලිගාව වටේ තියන දේවාල්. දලදා පෙරහැරට අලි ඇත්තු ගෙනත් කාවඩි නටවන දේවාල, එදා නායක්කර වන්ශිකයන්ට උබ අද කියනවා වගේම ඉතිහාසය විකෘති කිරීමක්. නමුත් අද ඉන්න බෞද්ද උපාසික අම්මෙකුට කිව්වොත්, අම්මේ ඔය සතර දේවාල කියන්නේ බෞද්දයන්ට අයිති දෙයක් නෙමෙයි, අම්මා ගිහින් බුදුන් වැදලා එන්න මාලිගාවට ගිහින්, හැබැයි දෙයියො වදින්න එපයි කියලා. ඒ අම්මා මොනවා කියයිද?