"නමෝ ........" කියා කියන්න පුළුවන්ද?

Jun 17, 2013
182
57
0
නැකත් කරුවන් කට්ටඩින් ආදි සියලු මිත්යාදෘශ්ටියේ නියැලෙන්නන් බෞද්ධ අයිසින් තවරා ගනී .මොකද ඔවුන්ගේ මිනිස්සු මුලාකරන වැඩ වලට බෞද්ධ බැටලු හම පොරවා ගැනීම වාසි දායක නිසාය. මේ නැකත් රාලද ජනාදිපතිවරණයෙන් දිනනේ කවුද ප්‍රශ්නයට උත්තර දීගත නොහැකිව පැනගොස් නැවත් ආගමික ත්‍රෙඩ් එකකින් කරලියට පැමින තිබේ.
 
panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    Sirawta nakatha uba wage adahas tiyena un tamai aagam walata mini maraganne
    ubala MUSLIM unta baninawa neyda aagam nisa Mini maragannawa kiyala , uba mini maruwe nathath balapn ubata mey aagamaka tiyena wachanayak nisa kochara tharaha gihinda ube yaaluwa ekka.. tawa koheda tawa monawa hari Buddhism ekata kiuwa nam.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    රතු කොලුවා;17747253 said:
    නැකත් කරුවන් කට්ටඩින් ආදි සියලු මිත්යාදෘශ්ටියේ නියැලෙන්නන් බෞද්ධ අයිසින් තවරා ගනී .මොකද ඔවුන්ගේ මිනිස්සු මුලාකරන වැඩ වලට බෞද්ධ බැටලු හම පොරවා ගැනීම වාසි දායක නිසාය. මේ නැකත් රාලද ජනාදිපතිවරණයෙන් දිනනේ කවුද ප්‍රශ්නයට උත්තර දීගත නොහැකිව පැනගොස් නැවත් ආගමික ත්‍රෙඩ් එකකින් කරලියට පැමින තිබේ.

    නැකත්රාළ යනු සුමනදාස අමරසිංහයි :lol:
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    එතකොට උඹලා රාගම ජාතික බැසිලිකාවේ තියෙන ඒවාට මොනවද කියන්නේ. මමනම් හිතන්නේ ඒවාට විරෝධය එන්න ඕනේ කතෝලික සහෝදරයන්ගේන්මයි. මම ඒ වගේ agenda වලට හදපු පල්ලි දැකල තියෙනවා ඇත් වැට වලාකුල් වැට පත්තිරිප්පුව වගේ කැලි එක්ක. ඒවා ගත්තට කමක් නෑ කියමුකෝ එත් මචන් ඉතිහාසය විකෘති කරන එක වැරදියි නේද? උඹල සිංහලයෝ උනාට සිංහල අවුරුද්දවත් සමරනවද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මෙව්වා හර සුන් කතා බන්. ඔයිට වැඩිය දේවල් අල්ලගෙන සින්හල කතොලික සින්හල බෞද්ද කොටවලා ආතල් ගත්ත උන් එලකිරියෙත් හිටියා සැබැ ලොකෙත් හිටියා. අද උන් ඔක්කොම අලුයම ලූ කෙල පිඩක් සේ, හිරු දුටු පිනි බිදු සේ නොපෙනී ගිහින්. වාශ්ප වෙලා. මේ සා විශාල ජාතික කැක්කුමක් ඇති සාස්තර උන්නාන්සේ කියහන්කො, ඇයි "lord budhdha" කියලා ඉන්ග්‍රීසියෙන් බුදු හාමුදුරුවො අමතන්නේ කියලා. දැන් කියයි අපි නම් කියන්නේ නැ කියලා. මම අබියොග කරනව දෙමලෙක් හැටියට. උබලා (සින්හල ) උන් විතරයි lord යන විශේශන පදය දාන්නේ budhdha කියලා නොකියා. යුරොපිය ජාතිකයො, ඇමෙරිකන් උන් කියන්නේ නිකන්ම budhdha කියලා. දැන් ඔනැම රොබින්හුඩ් බලපු පොඩි දරුවෙක් දන්නවා lord කියලා ඉන්ග්‍රීසි යෙදුම යොදන්නේ කාටද කොයි වගේ චරිත වලටද කියලා. මේකෙන් ඔප්පුවෙනවනේ, බාශාවක් ආවේනික නැ කියලා ආගමකට.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    එතකොට උඹලා රාගම ජාතික බැසිලිකාවේ තියෙන ඒවාට මොනවද කියන්නේ. මමනම් හිතන්නේ ඒවාට විරෝධය එන්න ඕනේ කතෝලික සහෝදරයන්ගේන්මයි. මම ඒ වගේ agenda වලට හදපු පල්ලි දැකල තියෙනවා ඇත් වැට වලාකුල් වැට පත්තිරිප්පුව වගේ කැලි එක්ක. ඒවා ගත්තට කමක් නෑ කියමුකෝ එත් මචන් ඉතිහාසය විකෘති කරන එක වැරදියි නේද? උඹල සිංහලයෝ උනාට සිංහල අවුරුද්දවත් සමරනවද?

    බැසිලිකාවක් කියන්නෙ ලෝකය පුරාම ප්‍රචලිත වෙන ගොඩනැඟිල්ලක්. ඉතින් ඒක නිසා අනන්යතාවයක් දෙන්න දරපු උත්සාහයක් වෙන්න පුළුවන්. සාමාන්‍යෙයන් පසුකාලීනව ඉදිවෙච්ච බැසිලිකා දුටු පමණින්ම අහවල් බැසිලිකාව කියලා හඳුනාගත හැකි වෙන ලෙස ස්වදේශීය වෙනස්කම් සහිතව ඉදිකළා වෙන්න පුළුවන්. මුස්ලිම් පල්ලිවල ආකෘතිය රැගත් බැසිලිකාත් ලෝකෙ තියෙනවා.

    ගොක්කොල සැරසිලි, සේසත්, පල්ලියක කටයුතු වලට යොදාගැනීම

    මේවා පල්ලියට ඇතුළු උනේ හැට ගණන්වල සිදුවෙච්ච දෙවන වතිකානු මන්ත්‍රණ සභාවෙන් පස්සෙ. එහිදී රෝමානු සම්ප්‍රදායන්ම ඉදිරියට ගෙනියනවාට වඩා දේශීය දේවලට මුල්තැනදීම දිරිමත් කෙරුනා. දිව්‍ය පූජාවද දේශීය භාෂාවෙන් කිරීමට අවසර ලැබුණා.

    එකම පරිසරයක් ඇතුළෙ ආගම් කිහිපයක් තියෙනකොට එකිනෙක අතර ලක්ෂණ හුවමාරු වෙන එක සාමාන්‍ය දෙයක්.

    මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. මේක හැමෝගෙන්ම. ලාංකීය කතෝලිකයාට ලාංකීයත්වය ලෝකයට ප්‍රදර්ශනය වෙන පරිදි පල්ලියක් හදන්න ඕනෑ වෙනවා. ඒ සඳහා යොදාගතහැකි සංකේත මොනවාද? ඉපැරණි සිංහල කැටයම්, සංකේත සියල්ලම බෞද්ධද? ??????
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නමෝ -

    න - නරකයෙන් මුදවාගන්නා
    මෝ - මෝක්ෂය

    න - නරේන්ද්‍ර
    මෝ - මෝඩි

    :rofl:

    (Just for fun)

    (මේ වගේ වචන නියම බුදු දහම නෙමෙයි බන්. නියම බෞද්ධ ශ්‍රාවකයා කල යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමයි.)
     
    true
    (දැන් කියපන් මාත් සර්වාගමික පුට්ටුවෙක් කියලා)
     
    ඔච්චර විග්‍රහා ඔනැ මචන්. වෙසක් පොය නිවාඩු දවසක් නෙමෙයි මැතක් වෙනකන්.( මට දින වකවානු මතක නැ, ඔනැ කෙනෙකුට හොයලා බලන්න පුලුවන් )
    ලන්කාවේ බෞද්ද මිනිස්සු වෙසක් උත්සවේ සැමරුවේ නැ බකට්, වෙසක් කූඩූ බක්ති ගීත කියලා. හොයලා බලහන් මේවා බෞද්ද මිනිස්සු උස්සපු එවා නෙමෙයිද කියලා. බක්ති ගීත ඉස්සුවේ නත්තල් කැරොල් වලින්. වෙසක් කූඩූ බකට් ඉස්සුවේ චීනේ නව අවුරුදු චාරිත්‍ර වලින්. මෙව්වා බොරු නම් වරෙන් වාදෙකට ත්ජ්‍රේඩ් එකක් ඇරලා මම එලිවෙනකන් කතා කරන්නම්. හැබැයි කුනු හර්ප, ශාස්තෲන්ට අපහාස කිරීම් නැතුව ශිශ්ට විදියට කතා කරමු.
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    nakathata pissu thada wegena enawa wage... anawashya dewal adagena agam beda karana eka papayak yako.... thota agamen kiyala deela thiyenne wairaya pathurawannada...
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    එතකොට උඹලා රාගම ජාතික බැසිලිකාවේ තියෙන ඒවාට මොනවද කියන්නේ. මමනම් හිතන්නේ ඒවාට විරෝධය එන්න ඕනේ කතෝලික සහෝදරයන්ගේන්මයි. මම ඒ වගේ agenda වලට හදපු පල්ලි දැකල තියෙනවා ඇත් වැට වලාකුල් වැට පත්තිරිප්පුව වගේ කැලි එක්ක. ඒවා ගත්තට කමක් නෑ කියමුකෝ එත් මචන් ඉතිහාසය විකෘති කරන එක වැරදියි නේද? උඹල සිංහලයෝ උනාට සිංහල අවුරුද්දවත් සමරනවද?
    ලංකාවේ පලමු කිතු රජු මුගලන් ලු සංඝමිත්තා කුමරිය කුරුසයට වන්දනාමාන කරාළු
    http://www.elakiri.com/forum/showthread.php?t=1465290
    පු*ක පොලොවේ ගහගෙන මැරෙන්න හිතෙනවා කුරුස කාරයොන්ගෙ ගොන් ආතල් දැක්කම
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නමෝ -

    න - නරකයෙන් මුදවාගන්නා
    මෝ - මෝක්ෂය

    න - නරේන්ද්‍ර
    මෝ - මෝඩි

    :rofl:

    (Just for fun)

    (මේ වගේ වචන නියම බුදු දහම නෙමෙයි බන්. නියම බෞද්ධ ශ්‍රාවකයා කල යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමයි.)
    මම අදටත් විශ්වාස කරන දෙයක් මචන් ජෙසන්.. බුදු හාමුදුරුවන්ගේ නියම දර්මික කරුනු තෙරුම් අරගෙන තියෙන්නේ සුද්දො. උන් දානේ දෙන්නේ නැ. ලෞකික පුහු වැඩ නැ. අඩ බෙර ගැහිලි නැ. නමට බෞද්ද ටොක් නැ. ආමිස පූජාවට වඩා උන් දර්මයේ කරුනු තෙරුම් අරගෙන ඉන්නවා. නියත වශයෙන්ම බුදුන් යුරොපයේ පහල උනානම් අද සුද්දා කියලා නිම කරන්න බැරි තරම් විශිශ්ට ජාතියක්. අපේ හරක් තාමත් වචන, පන්සල්, විහාර පස්සේ එලවනවා නිර්මල බුදුන්ගේ මාර්ගය පැත්තක තියලා
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔච්චර විග්‍රහා ඔනැ මචන්. වෙසක් පොය නිවාඩු දවසක් නෙමෙයි මැතක් වෙනකන්.( මට දින වකවානු මතක නැ, ඔනැ කෙනෙකුට හොයලා බලන්න පුලුවන් )
    ලන්කාවේ බෞද්ද මිනිස්සු වෙසක් උත්සවේ සැමරුවේ නැ බකට්, වෙසක් කූඩූ බක්ති ගීත කියලා. හොයලා බලහන් මේවා බෞද්ද මිනිස්සු උස්සපු එවා නෙමෙයිද කියලා. බක්ති ගීත ඉස්සුවේ නත්තල් කැරොල් වලින්. වෙසක් කූඩූ බකට් ඉස්සුවේ චීනේ නව අවුරුදු චාරිත්‍ර වලින්. මෙව්වා බොරු නම් වරෙන් වාදෙකට ත්ජ්‍රේඩ් එකක් ඇරලා මම එලිවෙනකන් කතා කරන්නම්. හැබැයි කුනු හර්ප, ශාස්තෲන්ට අපහාස කිරීම් නැතුව ශිශ්ට විදියට කතා කරමු.

    ඇත්ත ... මමත් කියන්න උත්සහ කලේ ඒක තමයි මචං, සමහරක් බෞද්ද මිනිස්සු හිතන්නේ දේශීය සංස්කෘතික නිර්මාණ සියල්ලම අයිති බෞද්දයන්ට විතරයි කියලනේ ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබලා නෙමෙයි බන් කැගහනවා නම් කැ ගහන්න ඔනේ. අපේ කුරුක්කල් පූජකවරු. මෙන්න ලිස්ට් එක දෙමල හින්දු චාරිත්‍ර ඇදහිලිවලින් කතොලික අය ගත්තු වචන. ඒත් අපි උන් එක්ක තරහා නැ. උන්ගෙන් පෘතුග්‍රීසීන් ගෙන් අපිට ලැබිච්ච දේවලුත් බොහොයි..

    මුනිද්‍රයා, මුනිවරිය වගේ යෙදුම් යොදනවා කතොලික අය සාන්තුවරයන්ට ගෞරවයට. ඔකේ "මුනි" කියන වචනේ දෙමල හින්දු උත්තමයන් හදුන්වන වචනයක්.
    රාජේශ්වරියනි කියලා වචනයක් පාවිච්චි කරනවා එයාලා මඩු මැනියන් අමතන්න. ඒක දෙමල ආබාශය ලැබූ වචනයක්. ඒ අගේම පිලිම සුරුවම් වල ඇදුම් ආයිත්තම් වල රත්තරන් නූලෙන් වැඩදාපු වයිවාරන සලු පිලි ඇන්දීම තනිකරම කොවිල් සම්ප්‍රදායට අයිති වැඩක්. ඒක අද මඩු පල්ලි ගියොත් බැලුවැකි/ ඒ වගේම "සොරොලේ" යනව කියලා පිලිමයක් අරගෙන වීදී වටේ යැම දෙමල අපේ චාරිත්‍රයක්. තව ඔනැ තරම් කීවැකි. යාතිකා, ලතොනි පසන් මේ වගේ ගොඩක් දේවල්වල දකුනු ඉන්දියානු කර්නාටක බලපැම තියනවා. එහෙමයි කියලා අපි කොවිල් වලින් කතොලික උන්ව විවේචනය කරනවද බාශාවක් ඇදලා..
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    බැසිලිකාවක් කියන්නෙ ලෝකය පුරාම ප්‍රචලිත වෙන ගොඩනැඟිල්ලක්. ඉතින් ඒක නිසා අනන්යතාවයක් දෙන්න දරපු උත්සාහයක් වෙන්න පුළුවන්. සාමාන්‍යෙයන් පසුකාලීනව ඉදිවෙච්ච බැසිලිකා දුටු පමණින්ම අහවල් බැසිලිකාව කියලා හඳුනාගත හැකි වෙන ලෙස ස්වදේශීය වෙනස්කම් සහිතව ඉදිකළා වෙන්න පුළුවන්. මුස්ලිම් පල්ලිවල ආකෘතිය රැගත් බැසිලිකාත් ලෝකෙ තියෙනවා.

    ගොක්කොල සැරසිලි, සේසත්, පල්ලියක කටයුතු වලට යොදාගැනීම

    මේවා පල්ලියට ඇතුළු උනේ හැට ගණන්වල සිදුවෙච්ච දෙවන වතිකානු මන්ත්‍රණ සභාවෙන් පස්සෙ. එහිදී රෝමානු සම්ප්‍රදායන්ම ඉදිරියට ගෙනියනවාට වඩා දේශීය දේවලට මුල්තැනදීම දිරිමත් කෙරුනා. දිව්‍ය පූජාවද දේශීය භාෂාවෙන් කිරීමට අවසර ලැබුණා.

    එකම පරිසරයක් ඇතුළෙ ආගම් කිහිපයක් තියෙනකොට එකිනෙක අතර ලක්ෂණ හුවමාරු වෙන එක සාමාන්‍ය දෙයක්.

    මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. මේක හැමෝගෙන්ම. ලාංකීය කතෝලිකයාට ලාංකීයත්වය ලෝකයට ප්‍රදර්ශනය වෙන පරිදි පල්ලියක් හදන්න ඕනෑ වෙනවා. ඒ සඳහා යොදාගතහැකි සංකේත මොනවාද? ඉපැරණි සිංහල කැටයම්, සංකේත සියල්ලම බෞද්ධද? ??????

    උඹ හරි මචන් එත් මම දාපු පොස්ට් එක ආයෙත් කියවපන්, මම කියන්නේ සිංහල සංස්කෘතික ලක්ෂණ ගත්තට කමක් නෑ මොකද උඹලා ක්‍රිස්තියානි වෙන්න කලින් සිංහල බෞද්ධ. ආගම විතරයි නේද වෙනස් උනේ. හැබැයි උඹලගේ බොහොමයක් සිංහල සංස්කෘතියෙන් ලැබුණු සිරිත් විරිත් පිළිපදිනවද?

    හරි ඒවා පිළිපදින එක උඹලගේ කැමැත්ත කියමුකෝ.

    මගේ ප්‍රශ්නය උනේ ඉතිහාසය විකෘති කරන එක ගැන. හිතපන් බසිලිකාවට එන ඔක්කොම නුගත්තු නෙවෙයිනේ ඒක වැරදියි කියල දන්න එවුනුත් ඉන්නවා. උඹලගේ අනිත් ප්‍රධාන පල්ලිවලත් ඔය තැටිය වාදනය කරලා බොරු ඉතිහාසයක් මවාපාන්නේ නෑනේ. හැබැයි ඔතනට විරුද්ධ වෙන්නෙත් නෑ නේද? ඕකට බෞද්ධයෙක් විරුද්ධ උනාම එතන ආගම් වාදය.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම අදටත් විශ්වාස කරන දෙයක් මචන් ජෙසන්.. බුදු හාමුදුරුවන්ගේ නියම දර්මික කරුනු තෙරුම් අරගෙන තියෙන්නේ සුද්දො. උන් දානේ දෙන්නේ නැ. ලෞකික පුහු වැඩ නැ. අඩ බෙර ගැහිලි නැ. නමට බෞද්ද ටොක් නැ. ආමිස පූජාවට වඩා උන් දර්මයේ කරුනු තෙරුම් අරගෙන ඉන්නවා. නියත වශයෙන්ම බුදුන් යුරොපයේ පහල උනානම් අද සුද්දා කියලා නිම කරන්න බැරි තරම් විශිශ්ට ජාතියක්. අපේ හරක් තාමත් වචන, පන්සල්, විහාර පස්සේ එලවනවා නිර්මල බුදුන්ගේ මාර්ගය පැත්තක තියලා

    ඇත්තම කියනවා නම් අපේ අම්මලා තාත්තලා වුනත් දානයක් දෙන්නේ ඒ වගේ 10 ගුණයක් විතර ඒ පිනෙන් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්. ඒකනේ හොඳම හොඳ හාමුදුරු කෙනෙක් හොයන්නේ දානේ දෙන්න. නැත්නම් පින අඩුයි. ඒ කියන්නේ return එක අඩුයි. දානය යනු බුදු දහමට අනුව අත් හැරීමයි. අපේ කට්ටිය දානේ දෙන්නේ fixed deposit දානවා කියලා හිතාගෙන. :rofl::rofl::rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උඹ හරි මචන් එත් මම දාපු පොස්ට් එක ආයෙත් කියවපන්, මම කියන්නේ සිංහල සංස්කෘතික ලක්ෂණ ගත්තට කමක් නෑ මොකද උඹලා ක්‍රිස්තියානි වෙන්න කලින් සිංහල බෞද්ධ. ආගම විතරයි නේද වෙනස් උනේ. හැබැයි උඹලගේ බොහොමයක් සිංහල සංස්කෘතියෙන් ලැබුණු සිරිත් විරිත් පිළිපදිනවද?

    හරි ඒවා පිළිපදින එක උඹලගේ කැමැත්ත කියමුකෝ.

    මගේ ප්‍රශ්නය උනේ ඉතිහාසය විකෘති කරන එක ගැන. හිතපන් බසිලිකාවට එන ඔක්කොම නුගත්තු නෙවෙයිනේ ඒක වැරදියි කියල දන්න එවුනුත් ඉන්නවා. උඹලගේ අනිත් ප්‍රධාන පල්ලිවලත් ඔය තැටිය වාදනය කරලා බොරු ඉතිහාසයක් මවාපාන්නේ නෑනේ. හැබැයි ඔතනට විරුද්ධ වෙන්නෙත් නෑ නේද? ඕකට බෞද්ධයෙක් විරුද්ධ උනාම එතන ආගම් වාදය.

    උබ ආගමයි, ගෘහ නීර්මාන ශිල්පයයි පටලවගෙන. මමත් ඔය කාර්දිනල් මැල්කම් ගේ වැඩ වලට විරුද්දයි.. කතොලික චාරිත්‍ර පන්සලට ගෙන ඒමත්, පන්සලේ චාරිත්‍ර පල්ලියට ගෙන ඒමත් සහජීවනය නොවේ. ඒක එකාට අනන්ය වූ සන්ස්කෘතීන් කවලම් කිරීම ඉතිහාසය විකෘති කිරීමකට වඩා අච්චාරුවක් ඊලග පරම්පරාවට. උබ කිව්ව ඉතිහාසය විකෘති කීරීම ගැන සදහනක් කලොත් ඔය වගේම ඉතිහාසය විකෘතිකිරීමක් උනා සින්හලේ රාජවන්ශයේ අන්තිම කාලේ. සතර දේවාල කියලා අද දලදා මාලිගාව වටේ තියන දේවාල්. දලදා පෙරහැරට අලි ඇත්තු ගෙනත් කාවඩි නටවන දේවාල, එදා නායක්කර වන්ශිකයන්ට උබ අද කියනවා වගේම ඉතිහාසය විකෘති කිරීමක්. නමුත් අද ඉන්න බෞද්ද උපාසික අම්මෙකුට කිව්වොත්, අම්මේ ඔය සතර දේවාල කියන්නේ බෞද්දයන්ට අයිති දෙයක් නෙමෙයි, අම්මා ගිහින් බුදුන් වැදලා එන්න මාලිගාවට ගිහින්, හැබැයි දෙයියො වදින්න එපයි කියලා. ඒ අම්මා මොනවා කියයිද?
     
    මචන් උඹයි ආගමයි, සංස්කෘතියයි, ඉතිහාසයයි පටලවාගෙන ඉන්නේ. ආගමත් අකුරටම පිළිපදින අය අල්පයි ඒක හැම ආගමකටම පොදුයි. සංස්කෘතිය කියන දේ හැමදාම එකම විදිහට පවතින්නේ නෑ ඒක කාලයත් එක්ක වෙනත් ආභාෂ ලබමින් පෝෂණය වෙනවා.

    හැබැයි ඉතිහාසය කියන්නේ සිදුවූ දේවල්. ඒවා වෙනස් කරන්න බෑ රටක පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව පුරාවිද්‍යාත්මක දෙපාර්තමේන්තුවෙන් ඇඳුනු චිත්‍රයක් තිබෙනවා. ඒවා විකෘති කරන එක උඹ සංස්කෘතිය වෙනස් කිරීමට වඩා සාධාරණිකරණය කරන්නේ කොහොමද?