"නමෝ ........" කියා කියන්න පුළුවන්ද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ කියන දේ තුල ලොකු තේරුමක් තියෙනවා ...මන් දන්නේ නැහැ ඒ දේ ගැන ඔයාට නිවැරදි අර්ථයක් , වැටහීමක් තියෙනවද කියලා...මිත්‍යාමත වල සිටින්නන් ගෙන් ධර්මය ආරක්ෂා කරගැනීම හා බැදීම් අතහැර ගැනීම අතර ඇති සම්බන්ධය පැහැදිලි නැත....:dull::dull:

    ආගමවාදය අත්හැර නිවැරදි දේ නිවැරදි දේ ලෙසත් වැරදි දේ වැරදි දේ ලෙසත් දකිමු.....මෙය තම නැණ පමණ වටහාගනිත්වා....:yes::yes:

    ආගම කියන දේ වෙනුවෙන් හරි තව කෙනෙක් එක්ක වෛර බැඳ ගැනීම කොචර දුරට හොද දෙයක් කියල ඔය හිතනවද? මට ඇත්තටම බුදු හාමුදුරුවෝ දේශනා කරපු ඒ බැඳීම ඇත හැරීම කියන එක ගැන ලොකු අදහසක් නැහැ..නමුත් සරල විදිහට දන්නවා එතුමා කිව්වේ කිසිම දෙයකට බැඳෙන්න එපා කියල...ආගම පිළිබඳව උනත් එක එහෙම වෙන්න ඕනේ කියලයි මම හිතන්නේ? මොකද බුදු හාමුදුරුවෝ එක දේශනා කලේ අපිට එයින් ජිවිතයට අවශ්‍ය දේ අරගෙන හරි මග යන්නයි..නැතුව එක බදාගෙන මේක මගේ, මේක අපේ කියන්න නෙමෙයි..

    අනික නමෝ කියන වචනය බෞද්ද දහමට හානියක් නොවෙන අකාරයෙන් යොදාගන්නවානම්, එයින් බුදු දහමට අපහාසයක් හෝ, බුදු දහමට කිසිම බලපෑමක් වෙන්නේ නැත්තම්, අයි ඔච්චර ඔය වචනෙකට අයිති වාසිකම් කියාගන්න හදන්නේ? ඔයාල ආගම කියන දේ ජීවිතය තුල පිලි පදින්නේ නැහැ...වචනය එක්කත් බැඳීමක් ඇති වෙලා..මේ වචනය අපේ..අපේ ආගමට විතරයි මේක පාවිච්චි කරන්න පුළුවන්...වෙන අයට බැහැ..හොඳට බලන්න මෙතන තියෙන්නේ මොකක්ද කියල? මේ ආගම රැකගනීමද? නැත්තම් අනිත් ආගම් කෙරෙහි ඉරිසියාවෙන් කියන දෙයක් ද?


    ඇයි අපි අවුරුදු ගානක් තිස්සේ ජාතික ගීය තුල නමෝ නමෝ කියද්දී ඔය කියන ඕනෑකම ආවේ නැත්තේ? එහෙමනනම් ජාතියක් විදිහට අපි බුදු දහමට කරලා තියෙන හානිය සුළු පටු නැහැනේ? ජාතික ගීය කියද්දී ඕනෙම පොඩි ළමයෙක්ට උනත් තේරෙනවා එතනදි නමෝ කියන්නේ නමස්කාර වේවා! කියන අදහසයි කියන එක..ඉතින් ඔය වචනය බුදු දහමේදී වෙන අර්තකතනයක් දෙනවා වෙන්න පුළුවන්...එක වෙන්න පුළුවන්නේ? එක වචනෙකට එක අර්ථයයි තියෙන්නේ කියල එකක් නැහැ කොහෙවත්..මම විස්වාස කරනවා ජාතික ගීය ලියපු ආනන්ද සමරකෝන් මහත්මයට මේ එළකිරියේ තෙපර බාන උදවියට වඩා යම්කිසි දැනුමක් තියෙන්න ඇති කියල භාෂාව සහ සාහිත්‍ය ගැන...එක වචනයක් ගැන ලොකුවට පුරසාරම් දොඩන එක්කෙනකුට වඩා මේ ජාතික ගීය බොහෝ උගත්, බුදුදහම පිලිබද දැනීම, ඒ වගේම සිංහල බාෂාව, සාමාන්‍ය දැනීම හොදට තියෙන පුද්ගලයෝ සිය දහස් ගානක්, වාරයක් මේ ජාතික ගීය කියල ඇති, අහල ඇති..


    අවසාන වශයෙන් වැදගත් වෙන්නේ මේකයි, අපි වචනයක් අල්ලන් දඟලන එකෙන් වෙන්නේ ආගම් අතර තේරුමක් නැති වාද බේද ඇති වෙන එක විතරයි..නමුත් සැබෑ ලෙසම සිදු විය යුත්තේ මිනිසා කුමන ආගමක් ඇදහුවත් මේ ජිවත් වන කෙටි කාලය තුල ඉරිසියාව, ක්‍රෝධය ඉවත දමල මිනිසුන් වශයෙන් සහජීවනයෙන් කටයුතු කිරීමයි..Hope you all got my point :yes:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    එකටම කියන්න තියෙන්නේ කතෝලිකයෙක් හැටියට සහ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන මට ඇත්තටම මේවගේ ලිපි දැක්කහම ගොඩක් කලකිරීමක් සහ වේදනාවක් ඇති වෙන්නේ.මට ඔබතුමාගෙන් අහන්න තියෙන්නේ බොහොම පොඩි ප්‍රශනයක් විතරයි.ඔබ බුදුන් ගේ දර්මය අනුව යනවද? සියලු සත්වයෝ නිදුක් වෙත්ව සුවපත් වෙත්වා කියන ඉතාම නිර්මල උසස් දහමක් අදහන ඔබ ඔබේ යාළුවගේ කතාවට රතු කට්ට පනවා ගන්න තරම් ඔබේ කිරියාව බලවත් වෙලා තියනවා. එතොකොට ඔබ හිතන විදියට අපි ශ්‍රී ලන්කියයෝ නොවෙමුද?එය එක වචනයක් විතරක් නොවන්නේද?ඔබ වචනයක් නිසා ඔබේ කිර්යවෙන් කෙතරම් කේන්තියක් පිට කරලා තියනවද?මම කිව්වා ඒවා ගැන හිතුවොත් ,ඔබේ කේන්තිය නිසා ඔබ කෙතරම් පව් ඇති කරගෙන තියනවද? මිත්‍රයා මෙච්චර පටු විදියට මේ ලෝකය ගැන දකින්න එපා.බාෂාව යනු ආගමකට අයිති දෙයක් නොවේ.එය මිනිසුන් අදහස් හුවමාරු කරගැනීමට යොදා ගන්න මාද්‍යක් පමණි.ඉංග්‍රීසි වචන අයිති සුද්දන්ට ඒවා තොපිට කතා කරනන් බැ,මේ වගේ සියලු ජාතීන්ගේ තම තමුන්ගේ බාශා අනෙක් අයට පාවිච්චි කරනන් එපා කිව්වොත් කොහොමද අදහස් හුවමාරු කරන්නේ.?
    බුදුන්ගේ ගුණ,බුදුන් වරනනා කොහොමද ඉංගිරිසයෙන් කරන්නේ?ඒවා ජේසු තුමා හෝ වෙනත් ආගමික නායකයන් ට ගරු කිරීමට යොදා ගත වචන කිවහොත් ඔබ කෙසේ නම් ඔබේ අදහස් ඉංගිරිසයෙන් වෙන අයෙකුට පැහැදිලි කරන්නේ? ඔබ සදාතනික ජිවිතයක් ගත කරන්නෙකු සේ මේ වචනේ "මගේ දර්මයේ විතරයි "වෙන එක බල්ලෙක් ටවත් පවිච්චි කරනන් බැරිය" යන විදිය සදාතනික බවක් ඇති කරනන් හදන්නේ.සියලු දේ නැසෙන සුලුයි මිත්‍රයා.මම මේ වගේ දේවල් දැකීමෙන් කලකිරීමක් විතරයි ඇති වන්නේ ඔබල වගේ පටු අදහස් ඇති අය ජාති බේද ඇති කිරීමට මුල් වෙනවා. ආගමික නායකයන් කෙතරම් පිරිසිඳු දහමක් ඇති කරත් ඔබ වැනි අයගේ හැසිරීම නිසා එම දහම අපිරිසිදු වීමක් පමණයි සිදු වන්නේ.

    kendara bayiyata owa therum ganna ba bn :lol::rofl:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අපේ කාලයේ රහතන්වහන්සේ නමක් !!!!
    Acariya_Mun__A_Spiritual_Biography-sinhala.jpg

    මම ඉගෙන ගත්තේ කර්ම ස්ථාන 5ක් පමණි එය මගේ ආචාර්යවරයා උපසම්පදා වීමේදී කිය දුන්නාහ .
    එය තවමත් මා ලග ඇත මගේ ජීවිතය රැක ගැනීමට මට අවශ්‍ය එපමණයි එය මා ඔබෙන් දුර්වල කරන්නේ නැ . ඔබ උගත් තරම දුර්වලයි ඔබ පුර්ෂයේද ?ඔබ මහා කෙනෙක්ද ? ඇයි මෙතරම් බොළද ? ඔබ ලෙඩ වූ විට ඔබගේ පුර්ෂ ශක්තිය නැත . ඔබ සතු කිසි ධර්මයක් ද නැත ඔබගේ අංග ස්ත්‍රී අංග වලට මාරු කරගනු මැනවී . එවිට ඔබගේ ශාරීරික පරිවර්තනයද සම්පුර්ණ වී ඔබ පරිනාමය වනු ඇත . ඔබ ස්ත්‍රීයෙක් බව දුටු විට ඔබගේ උන එතරම් ඔබට වද නොදේවි !!මේ වැනි ගැබුරු විවේචනයන් වලට භාජනය වන භික්ෂුවන් නැවත අඩාගෙන ගොස් සතිය පිහිටුවා භාවනාව වැඩි දියුනුකරගැනීමට මහන්සි වන්නේ ආචාර්ය මන් හට ඔහුන්ගේ සිත කියවන්නට හැකි බව දන්නා බැවිනි ....

    http://www.goodreads.com/book/show/17375395
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එතකොට මචන් අපේ ජාතික ගීයෙත් තියෙන්නේ "නමෝ නමෝ මාතා" කියලා ඒක එතකොට වැරදි භාවිතයක්නේද?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හොද ත්‍රෙඩ් එකක් . භාෂාව කියන්නේ මිනිස් සන්නිවේදනයේ ප්‍රබලම මාද්‍ය. මම හිතනවා එක ආගමික වශයෙන් වෙන් කරන්න බැහැ කියලා. භාෂව කියන දේ භාණ්ඩය වගේ මට අයිති. ඔයට අයිති නැහැ කියලා කියන්න පුලුවන්ද. එහෙම අපි භාෂාවේ වචන සදහා සිම මයිම් දාන නීති දාන එක ප්‍රයෝගික නැහැ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතින් "නමෝ" යන වචනයෙන් හුදෙක් නමස්කාර කල හැක්කේ නිර්වානයට මග පෙන්වන මහා උතුමෙකුට පමනය. දෙවි කෙනෙක්ටවත් නමෝ කියා වන්දනා කල නොහැක. මන්ද නිර්වානය හා දේවත්වය යනු අහසට පොලව මෙන් වෙනස් දෙයකි. ඉතින් ඔබත් කල්පනා කර බලන්න මේ වැනි වැරදි ඔබට අනන්තවත් හමුවනු ඇත. අන්‍යාගමික මිතුරන්ට කිව යුත්තේ මේ ලෙස වචන සංකේත භාවිතයෙන් සිදුවන්නේ අපගේ සිත් රිදීමක් මිස ආගමික සහජීවනය වර්ධනය වීමක් නම් නොවේ

    මේ රතුපටික් කියලා තියන එක ස්සපෙක්ෂයි. එක ඔබට හිතලුවක් වෙන්න් පුළුවන්. අපි දෙමාපියන්ට පාද නමස්කාර කරනවා. එත් සමහරවිට දෙමාපියන් උතුම් නොවන්න පුලුඋවන්. එක බලපාන්නේ පුද්ගලයාගේ හිතේ ඇති ශ්‍රදදාවත් එක්ක
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    නැකැත් රාල;17740889 said:
    උඹ දැක්කද දන්නේ නෑ ඉස්සෙල්ල එකෙක් ගොං ප්‍රශ්නයක් අහලා තිබ්බා මුල් අකුරු දෙක විතරක් අරන් කියලා. මම ඌට උත්තර දෙන්න ගියේ නෑ ඌ ගමේ අනාතයෙක් කියලා තේරුන නිසා.. හින්දුන් පාවිච්චි කරන්නෙත් අර වචන දෙකේ මුල් අකුරු ගත්තෙත් එකම හේතුවකට ඒ තමයි නමෝ කියන ශබ්ධය ඕම් ශබ්ධය වගේම අපේ ශරීරයේ චක්‍ර අවධි කිරීමේ හැකියාව තියන ශබ්ධයක්. දිනපතා උදෑසන නමස්කාරය කියමින් භාවනා කරලා බලන්න සතියක්. වෙනස තේරෙයි. අන්න ඒ නිසයි නමෝ කියන වචනය මන්ත්‍ර වල යෙදෙන්නේ...
    නමෝ කියන වචනයේ තියෙන තේරුම දැන ගත්තෙත් උඹ නිසා වැදගත් ලිපියක් ජයවේවා !!

    මගේ ගානේ ටැග් 2ක් :-

    සිත් සුවපත්වේවා!

    නමො බුද්ධාය
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    නැකැත් රාල;17742387 said:
    ඔව් මචන් ගැලපෙන්නේ නෑ. ඒක වැරදියි නමස්කාර කියන අර්ථය තිබ්බට ඒකේ මුල ගැන නොහිතා දාපු දෙයක්. නමුත් නොදන්න කම නිසා භාවිතා වෙනවා.. දැන් මේවා වෙනස් කරන්න බැරි වෙයි නමුත් අඩුම ගානේ වැරැද්දක් කියලා හරි මිනිස්සු දැනගත යුතුයි. මම කියන්නේ නමෝ වචනය පාවිච්චි කරන්න එපා කියන එක නෙමෙයි මචන් ඒක පෘතක්ජන පුද්ගලයෙක්ට නමස්කාර කිරීමට යොදාගැනීම සුදුසු නෑ කියලා..

    සිංහල ජාතික ගීයෙ තියන වචනයක් සිංහලයෙක් ඒ අර්ථයෙන් ගන්න එකේ වරදක් මමනම් දකින්නෙ නෑ බං.හිතපන්කෝ උපන්දා ඉඳල අපිට ඇහිච්ච දේ ඒ අදහසින් භාවිත කිරීම වරදක්ද කියල.උඹ වචනවල තේරුම ගැන කියපුව ගැන හරි වැරදි මම දන්නේ නෑ.මට ඒ ගැන දැනුමක් නැහැ අවංකවම.නමුත් හිතපන්කො අපි බෞද්ධයො හැටියට කියනවා නේද චේතනාව තමයි මුල් වෙන්නේ කියල? ඉතින් මචං උඹ හිතනවද උපන්දා ඉඳන් මාතෘ භූමියට නමස්කාරයක් විදියට නමෝ නමෝ මාතා කියපු සිංහල පිරිස් තමන්ගේ ආගමික නායකයෙක්ට ශාස්තෘවරයෙක්ට නමෝ කියන වචනය යොදද්දී අමුතුවෙන් ඒ පුද්ගලයට උඹ කියපු "මෝක්ෂය වෙත පමුණුවන" යන අදහසින් අමතනව කියල?
    සිංහල භාෂාවෙ යෙදුමක් තියනවනෙ "කෙල වෙනව" කියල.ඒක අපිට පරම්පරාවකට දෙකකට කලින් කෙනෙක්ට කිව්වනම් අමු තිත්ත කුණුහරපයක් වගේ තේරුම් ගනියි.නමුත් ඒක දැන් සමාජයේ පාවිච්චි වෙන්නෙ කුණුහරපයක් විදියට නෙමෙයි.ඒක සාමාන්‍ය යෙදුමක් බවට පත් වෙලා
    නමෝ කියන වචනයත් පාලියෙන් කොහොම යෙදුවත් ඒක සිංහලයට හැරෙද්දී නමස්කාරයක් වෙනුවෙන් යෙදෙන්නක් බවට පත් වෙලා.උඹ ඕක කියනකම් මමත් හිතාගෙන හිටියේ එහෙමයි:(.උඹ කියපු තේරුම දැනගෙන ඉන්න පිරිස බොහොම අතලොස්සක් වගෙයි මට හිතෙන්නෙ.ඉතින් බෞද්ධයො වෙච්ච අපි බහුතරයක් ඒ වචනය නමස්කාරය සඳහා යෙදෙන්නක් කියල හිතනවානම් ක්‍රිස්තියානි කතෝලික උදවිය අර පාලි අදහසින් ඒ වචනය යොදයි කියල හිතනවද?

    ප.ලි. කෙල වෙනවා කියන වචනය යොදා ගත්තේ වචනයක තේරුම විවිධ ආකාරයෙන් වෙනස් විදියට යෙදෙන්න පුළුවන් කියල පෙන්නන්න මිසක් නමෝ කියන වචනය එකට සමාන කළා නෙමෙයි
    කාලෙකට අපි සමහරුන්ට ලංකාවෙ හිටියට ලංකාව ගැන කැක්කුමක් නෑ කියල කෑ ගහනව.තව කාලෙකට සමහරුන්ට උපන්දා ඉඳල කියපු සිංහල භාෂාවේ වචනයක් අල්ලාගෙන ඕක අපේ ඕක අපේ තොපි කිව්වොත් වැරදියි කියනවා.:(
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කමක් නැහැ...පාවිච්චි කරන්න...මල්වතු අස්ගිරි මහා පාප් වහන්සේ කියල කියන්නද දැන් හිතන් ඉන්නේ? නැත්තම් කොහොමද? :lol: take it easy dude..



    පිස්සුද බන් අපි හාමුදුරුවන්ට පාප් කියලා නිගා දෙන්නේ නෑ පන්සලේ ඇබිත්ති කොල්ලට තමා දාන්න හිතන්නේ පාප් කියලා. මොකද උඹලා පියතුමා කියන වචනේ අතෑරියට අපි හාමුදුරුවන්ට අපේ ක්‍රමේට කතා කරනවා.. නමුත් සහජීවනය ඕනෙම නිසා ඇබිත්තියාගේ නම මාරු කරලා උඹලගේ වචනේ ගන්නම්.. වචනයක් ගත්තට අවුලක් නෑ නේද බන්..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නැකැත් රාල;17745708 said:
    පිස්සුද බන් අපි හාමුදුරුවන්ට පාප් කියලා නිගා දෙන්නේ නෑ පන්සලේ ඇබිත්ති කොල්ලට තමා දාන්න හිතන්නේ පාප් කියලා. මොකද උඹලා පියතුමා කියන වචනේ අතෑරියට අපි හාමුදුරුවන්ට අපේ ක්‍රමේට කතා කරනවා.. නමුත් සහජීවනය ඕනෙම නිසා ඇබිත්තියාගේ නම මාරු කරලා උඹලගේ වචනේ ගන්නම්.. වචනයක් ගත්තට අවුලක් නෑ නේද බන්..

    අවුලක් නැහැ මචන් :cool:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    නැකැත් රාල;17740439 said:
    උඹලා ඇයි බන් අපේ ආගම සම්භන්ධ වචන උඹලගේ ආගම සම්භන්ධ දේට පාවිච්චි කරන්නේ. දිනක් මම මගේ අන්‍යාගමික මිතුරෙක්ගෙන් ඇසීමි. ඒක මාර මගුලක්නේ සිංහල වචන අපිටත් පාවිච්චි කරන්න අයිතියක් තියනවා... මගේ රතු කට්ට පැන්නේ මෙවේලේය. ඒවා ලස්සන නිසා පාවිච්චි කරනවා හෝ වෙන යමක් කිවා නම් මට කේන්තියන්නේ නැත. නමුත් අයිතිවාසිකම් කීම නිසා මට ඔහු ගැන මහත් අපුලක් දැනිනි.
    ආගම් වලට වචන ලියල දීල තියෙනවද? UN එකෙන්ද ලියල දුන්නෙ??
    ශිෂ්ට ලෝකයේ නම් ආගමකට වචන අයිති යැයි කීම පුකෙන්ද හිනා යන කාරණයකි.


    නැකැත් රාල;17740439 said:

    එතකොට නමෝ කියන වචනේ සිංහලද? මම ඇසීමි. නැතුව නමෝ කියන්නේ නමස්කාර කරනවා කියන එක. නොදන්න මගුල් කියවන්න එපා පොල් බූරුවෝ දන්නේ නැත්තන් අහගනින් කියා මා මිතුරාට නමෝ යන්නෙහි අර්ථය පෙන්වා දුන්නෙමි.. නිකන් ආගම්වාද ඇති කරන්න එපා බන් ඔහු මට කියා ලෙස්සා ගියේය. කතෝලික සහෝදරයන් මුසල්මානුවන් ආගම ඇදහීම නම් මට කොහෙත්ම ගැටලුවක් නැත.. නමුත් බෞද්ධ අපට සංවේදී දෑ විකෘති කිරීම හා සමහර වචන හා සංකේත භාවිතයට නුසුදුසු තැන්වලදී භාවිතා කිරීම සිත රිදවන කාරනයකි.

    මාගේ සියලූම මිතුරන්ගෙ දැන ගැනීම පිනිස නමෝ යන වචනය විග්‍රහ කරමි (නමස්කාරයේ සෑම වචනයකටම මෙවැනි අර්ථයක් ඇත, දැනගැනීමට කුකුසක් ඇති අය වේ නම් වෙනම ලිපියකින් කියා දිය හැක).

    නමෝ යන වචනය සිංහල වචනයක් නොවේ. එය පාලි වචනයකි එය භාවිතා කිරීමට පෙර එහි අර්ථය දැනගැනීම වඩා යහපත්ය. නමෝ යන වචනය මුලින්ම සඳහන් කළේ සාතාගිරි යක්‍ෂයා විසිනි. දිනක් මොහු යක්‍ෂ සමාගමට යෑමට අහසින් ගමන් කරන අතර ජය ශ්‍රී මහා බෝධිය උඩින් යෑමට පිටත් විය. එහෙත් බුදුරජාණන් වහන්සේට ඉහළින් කිසිම අයෙකුට මේ ලෝකයේ ගමන් කළ නොහැකිය. එය ධර්මතාවයකි. මේ අනුව යක්‍ෂයා තුන් වතාවක් උත්සාහ කළද නොහැකි විය. අනතුරුව බෝධි මූලයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේ මෝක්ෂය අවබෝධ කල සම්මා සම්බුදු රජානන් වහන්සේ බව දැන ‘නමෝ’ කියා වන්දනා කළහ. නරකයෙන් මුදවාගන්නා යන වාක්‍යයෙන් "න" ශබ්ධයද මෝක්ෂය හෙවත් නිවන වෙත පමුනුවන යන්නෙන් "මෝ" ශබ්ධයද ගෙන නමෝ ලෙසින් වන්දනා කලේය.

    ඉතින් "නමෝ" යන වචනයෙන් හුදෙක් නමස්කාර කල හැක්කේ නිර්වානයට මග පෙන්වන මහා උතුමෙකුට පමනය. දෙවි කෙනෙක්ටවත් නමෝ කියා වන්දනා කල නොහැක. මන්ද නිර්වානය හා දේවත්වය යනු අහසට පොලව මෙන් වෙනස් දෙයකි. ඉතින් ඔබත් කල්පනා කර බලන්න මේ වැනි වැරදි ඔබට අනන්තවත් හමුවනු ඇත. අන්‍යාගමික මිතුරන්ට කිව යුත්තේ මේ ලෙස වචන සංකේත භාවිතයෙන් සිදුවන්නේ අපගේ සිත් රිදීමක් මිස ආගමික සහජීවනය වර්ධනය වීමක් නම් නොවේ.

    ඔය කතාව දන්නේ ඔබත් තව කීප දෙනෙකුත් පමණක් වියයුතුය. ඔය කතාව ලෝක සම්මතයක් ද? ජාතික ගීයෙත් තියෙනව නේද? එකත් වෙනස් කරනවද? විහිලුකාරයෙක් වෙන්න එපා.
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ow ow mewa unta kiyala denna one....ape ewa horakam karala...theruma danneth nathuwa ohe kiyawanawa...

    anyway...kiyala dunnata bohoma isthuthi....
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    ආගමි වලට අපහස කරන්න එපා..:no: ආගම නොවෙි මෙතන ප්‍රශ්නේ මිනිස්සුයි...මිනිස්සුන්ගේ ගතිගුනයි ප්‍රශ්නේ..:yes:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    කමක් නැහැ...පාවිච්චි කරන්න...මල්වතු අස්ගිරි මහා පාප් වහන්සේ කියල කියන්නද දැන් හිතන් ඉන්නේ? නැත්තම් කොහොමද? :lol: take it easy dude..

    බුදු රජාණන් වහන්සේ සියලු දේටම තියෙන බැඳීම් අතහැරලා, අනිත් අයටත් එහෙම කරන්න කියල ඉගැන්නුවා..ඒ දහම නමට හරි අනුගමනය කරන උබල මෙතැන ඉදන් පොර talk දෙනවා උබලගේ වචනයක් අරන් ලු..ඒ වචනෙට අයිතිවාසිකමුත් කියනවා..වචනේටත් බැඳීම ඇති කරගෙන..



    ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී....... ලංකා
    නමෝ නමෝ නමෝ නමෝ මාතා

    සුන්‍දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා

    ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
    අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
    පිළිගනු මැන අප භක්‍තී පූජා
    නමෝ නමෝ
    මාතා


    අප ශ්‍රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

    ඔබ වේ අප විද්‍යා
    ඔබ මය අප සත්‍යා
    ඔබ වේ අප ශක්‍ති
    අප හද තුළ භක්‍තී
    ඔබ අප ආලෝකේ
    අපගේ අනුප්‍රාණේ
    ඔබ අප ජීවන වේ

    අප මුක්‍තිය ඔබ වේ


    නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා

    ඥාන වීර්‍ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා

    එක මවකගෙ දරු කැල බැවිනා

    යමු යමු වී නොපමා

    ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා

    අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

    :no::no::no::no::no:

    බෞද්දයෙනි, ජාතික ගීය වර්ජනය කරනු!! - නැකත් රාල :lol: :sorry:



    නෑකතගේ තවත් පශ්චාත් බගයෙන් හිනා යන කරුණකි.. :rofl::lol::lol:
    :P
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    එකටම කියන්න තියෙන්නේ කතෝලිකයෙක් හැටියට සහ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන මට ඇත්තටම මේවගේ ලිපි දැක්කහම ගොඩක් කලකිරීමක් සහ වේදනාවක් ඇති වෙන්නේ.මට ඔබතුමාගෙන් අහන්න තියෙන්නේ බොහොම පොඩි ප්‍රශනයක් විතරයි.ඔබ බුදුන් ගේ දර්මය අනුව යනවද? සියලු සත්වයෝ නිදුක් වෙත්ව සුවපත් වෙත්වා කියන ඉතාම නිර්මල උසස් දහමක් අදහන ඔබ ඔබේ යාළුවගේ කතාවට රතු කට්ට පනවා ගන්න තරම් ඔබේ කිරියාව බලවත් වෙලා තියනවා. එතොකොට ඔබ හිතන විදියට අපි ශ්‍රී ලන්කියයෝ නොවෙමුද?එය එක වචනයක් විතරක් නොවන්නේද?ඔබ වචනයක් නිසා ඔබේ කිර්යවෙන් කෙතරම් කේන්තියක් පිට කරලා තියනවද?මම කිව්වා ඒවා ගැන හිතුවොත් ,ඔබේ කේන්තිය නිසා ඔබ කෙතරම් පව් ඇති කරගෙන තියනවද? මිත්‍රයා මෙච්චර පටු විදියට මේ ලෝකය ගැන දකින්න එපා.බාෂාව යනු ආගමකට අයිති දෙයක් නොවේ.එය මිනිසුන් අදහස් හුවමාරු කරගැනීමට යොදා ගන්න මාද්‍යක් පමණි.ඉංග්‍රීසි වචන අයිති සුද්දන්ට ඒවා තොපිට කතා කරනන් බැ,මේ වගේ සියලු ජාතීන්ගේ තම තමුන්ගේ බාශා අනෙක් අයට පාවිච්චි කරනන් එපා කිව්වොත් කොහොමද අදහස් හුවමාරු කරන්නේ.?
    බුදුන්ගේ ගුණ,බුදුන් වරනනා කොහොමද ඉංගිරිසයෙන් කරන්නේ?ඒවා ජේසු තුමා හෝ වෙනත් ආගමික නායකයන් ට ගරු කිරීමට යොදා ගත වචන කිවහොත් ඔබ කෙසේ නම් ඔබේ අදහස් ඉංගිරිසයෙන් වෙන අයෙකුට පැහැදිලි කරන්නේ? ඔබ සදාතනික ජිවිතයක් ගත කරන්නෙකු සේ මේ වචනේ "මගේ දර්මයේ විතරයි "වෙන එක බල්ලෙක් ටවත් පවිච්චි කරනන් බැරිය" යන විදිය සදාතනික බවක් ඇති කරනන් හදන්නේ.සියලු දේ නැසෙන සුලුයි මිත්‍රයා.මම මේ වගේ දේවල් දැකීමෙන් කලකිරීමක් විතරයි ඇති වන්නේ ඔබල වගේ පටු අදහස් ඇති අය ජාති බේද ඇති කිරීමට මුල් වෙනවා. ආගමික නායකයන් කෙතරම් පිරිසිඳු දහමක් ඇති කරත් ඔබ වැනි අයගේ හැසිරීම නිසා එම දහම අපිරිසිදු වීමක් පමණයි සිදු වන්නේ.

    අනේ මන්දා බං, අපේ සිංහලයෝම තමයි මුලින්ම ආගම් වාදේ ඇති කරගෙන තමන්ගේ ජාතියේ උන් එක්කම ඇන කොටා ගන්න හදන්නේ .. බුදු හාමුදුරුවෝ සියලු සත්වයෝ නිදුක් වේවා සුවපත් වේවා කිව්වට ක්‍රිස්තියානි ආගමයි මුස්ලිම් ආගමයි අදහන අය ඒකට අයිති නැහැ වගේ සමහර බවුද්දයෝ හිතන්නේ එහෙමයි , මම නම් එහෙම අයට කියන්නේ උප්පැන්නේ බවුද්දයෝ කියලා .. බුද්දහගම ගැන හරියට දන්න අය එහෙම කථා කරන්නේ නැහැ සකල සත්වයාටම කරුණාව දක්වපු ඒ උත්තමයාගේ චරිත කතාවවත් නොදන්නා වසලයෝම තමයි බුදු දහමේ නමත් කැත කරමින් ආගම් වාදේ අවුස්සන්නේ ..
     
    Last edited: