නලින්ද සිල්වා අභාවප‍්‍රාප්ත වේ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,560
    75,416
    113

    මේකට දීපු උත්තර දන්නවද.. මට පේපර් එකට ප්‍රශ්න හදල දෙන්ඩ කීව මිසක් විනාඩි 20න් උත්තර ලියන්ඩ පුළුවන් ප්‍රශ්න හදන්ඩ කියල කව්රුත් කිවේ නෑ :baffled:

    Typical adukuley heena maana ponnayek ban. Mata mathakai oya paper eka nisa bright potential thibba godak unta kela una. Oya wage un tama ban campus wala inne. Unta real life eka crack karaganna beri nisa pipeline ekey madata awilla thaga daanawa. Hariyata ara drill sargentla wage.

    දැන් එතකොට උ පරශ්න හදන්නේ AL පෙපරේට කියල දැනගන ඉඳලම නැද්ද?
    Pakeer ego ekak tiyena ekak ban.
    ------ Post added on May 6, 2024 at 11:21 AM
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මීට මාස කිහිපයකට පෙර, දුරු රටකදී, සරසවියේ අපට වඩා වසර කිහිපයක් පහල කණ්ඩායමක සිටි මිතුරෙකු හමුවිය. අප හා එකට ඉගෙන ගත් බොහෝ දෙනෙකු දිගු කලකට පසු හමු වුනත් අපගේ කතිකාවත එක අවස්ථාවකදී අනිවාර්යයෙන්ම යම් පොදු මාතෘකාවකට පිවිසෙයි.
    "ඔබ ඩොක්ටර් නලීන් ගැන අද දවසේ සිතන්නේ කෙලෙසද?" ඔහු ඉංග්‍රීසි බසින් මගෙන් ඇසීය.
    "He is one of the rare characters that I have met with 50 shades of grey" මා දුන් පිළිතුර ඉංග්‍රීසි බසින්ම ලිව්වේ එය අර්ථාන්විත වන්නේ එවිට පමණක් නිසාය. මන්ද ඒ නමින් ජනප්‍රිය ඉංග්‍රීසි චිත්‍රපටයක් ටික කලකට පෙර තිරගත වීම නිසාය.
    පෞද්ගලිකව මා මහාචාර්ය නලීන් ද සිල්වා දකින්නේ සුදු පැහැයේ සිට කළු පැහැය තෙක් වූ සියළුම අළු වර්ණයන්ගේ සංකලනයක් ලෙසටයි. ඊට හේතු පාදක වන කාරණා බොහෝ ඇත.
    අදටත් අප බොහෝ දෙනෙකුට ඔහු ඩොක්ටර් නලීන්ය. ඒ අපට උගන්වන කාලයේ හෙතෙම ආචාර්යවරයෙකු වීමයි. ඔහු මහාචාර්ය පදවියෙන් පිදුම් ලබන විට අප පළමු උපාධිය නිමවා තිබුණ බව යාන්තමට මතකය. අපගේ මිත්‍ර සමාජයේදී ඔහු අපට "මහ නලියා" විය. මන්ද අපේ රැහේ තවත් නලීන් ද සිල්වා කෙනෙක් සිටි බැවිනි. ඒ පසු කලෙක කොළඹ සරසවියේ රසායන විද්‍යා මහාචාර්යධූරයට පත් වූ (දැන් SLINTEC ආයතනයේ සේවය කරන) නලීන් ද සිල්වාය. අපට වසරක් ඉහල කණ්ඩායමේ සිටි ඔහු "බටු නලියා" විය. ඒ ඔහු එතරම් උස් මහත් නොවූ බැවිනි.

    එය 1987 වසරේ ජනවාරි මාසය වන්නට ඇතැයි මම සිතමි. බ්‍රහස්පතින්දා දින පස්වරු 1-2 අතර ව්‍යවහාරික ගණිතය දේශනයට මා පිය නැගුවේ අලස ආකාරයෙනි. ඊට පෙර දවස් කිහිපයේ පැවති දේශන කිසිවක මෙලෝ දෙයක් නොතේරුණු අතර දේශනය අරඹා විනාඩි 10ක් යද්දී මගේ ඇස් දෙක පියවෙන්න පටන් ගනියි.
    ආචාර්ය නලීන් ද සිල්වා නැමති දේශකයෙක් පැමිණ සිය කතාව ඇරඹීය. එතැන් සිට 2010 වසරේ ජනවාරියේදී මා කොළඹ සරසවියේ ආචාර්ය පදවියෙන් සමුගන්නා තෙක්, මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්නයන් හැරුණු කොට මට හමු වූ දක්ෂතම ගුරුවරයා ඔහුය. දේශනය පවතින පැයක කාලයෙන් ඔහු ව්‍යවහාරික ගණිතය උගැන්වූයේ හරියටම විනාඩි විස්සකි. ඉතිරිය ඔහු විෂයට කිසිසේත්ම අදාළ නොවන කරුණු කීමටත් තමාට රිසි සේ අන්‍යයන්ට පහර දීමටත් යොදාගත්තේය. එහෙත් විෂය ඉගෙන ගන්නා අයෙකුට මේ විනාඩි විස්සේ පාඩම හොඳටම ඇතිය. වෙනත් බොහෝ දේශකයන් පැයම කතා කලත් ශිෂ්‍යයාගේ ඔලුවට යන්නේ විනාඩි 5 ක කරුණුය.
    මේ දේශනය කෙතරම් සිත්ගත්තා දැයි කිවහොත් මම ඊට පසු සතියේ සිටම බදාදා කෑම පැයේදී NBLT ශාලාවේ පැවැත්වෙන ගවේෂකයෝ දේශනයට සහභාගී උනෙමි. එය පවත්වන්නේ ආචාර්ය නලීන් විසිනි. එවකට ගවේෂකයෝ සංගමයේ සභාපති (මට මතක ඇති ආකාරයට) වුයේ ගෙවිඳු කුමාරතුංගය. ඔහුගේ ආරාධනයෙන් මා ගවේෂකයෝ සංගමයේ සාමාජිකත්වය ලැබූ අතර එහි කමිටු නිලධාරියෙකු ලෙසද පත් වූ බවක් යන්තමින් මතකය. මේ වන විට මා ආචාර්ය නලින්ද සිල්වාගේ හොඳ ගෝලයෙකු විය. ගවේෂකයෝ කණ්ඩායම සමග අනුරාධපුර යුගයේ වැව් පොකුණු පිළිබඳව ගවේෂණයක් කිරීමටද මම ඉදිරිපත් වී සිටියෙමි.
    ආචාර්ය නලීන් ද සිල්වා ජාතික චින්තනය පිළිබඳව පලකරන අදහස් කෙතරම් මගේ සිත් ගත්තත් ඔහු එය ඉදිරිපත් කරන ආකාරයත්, දේශන අතරතුර ඔහු සමහර සිසුන්ව සමච්චලයට සහ අපහසුතාවයට ලක් කරන ආකාරයත් ආචාර්යවරයෙකුට නොගැළපෙන බව මට දිනෙන් දිනම පෙනී යන්න විය. විශේෂයෙන්ම අප අතර සිටි අන්‍යාගමික (බෞද්ධ නොවන) සිසු සිසුවියන් ඔහුගේ නිර්දය ප්‍රහාරයන්ට ඉලක්ක විය. අපගේ වසරේම ඉගෙනුම ලැබූ සුනිල් සහෝදරතුමා (ඔහු කිතුණු පූජකතුමෙකි) ආචාර්ය නලීන්ගේ නිරන්තර ගොදුරක් විය. මේ නිසා ක්‍රමයෙන් මට ආචාර්ය නලීන් පිළිබඳව තිබූ සුභවාදී ආකල්ප හීන වන්නට විය.

    Chandima Gomes


     
    • Like
    Reactions: sarika406

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,447
    100,434
    113

    මේකට දීපු උත්තර දන්නවද.. මට පේපර් එකට ප්‍රශ්න හදල දෙන්ඩ කීව මිසක් විනාඩි 20න් උත්තර ලියන්ඩ පුළුවන් ප්‍රශ්න හදන්ඩ කියල කව්රුත් කිවේ නෑ :baffled:

    පේපර් එකක් තනි කෙනෙක් හදන්නේ නෑනේ. ඔව්ව දාන්න කලින් කමිටුවකින් බලනව නේ.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,199
    11,229
    113
    Forest
    නිවන් සුවය පතමි.

    ගණිතයෙන් සැබැ දක්ෂයෙක්. අතිදක්ෂයෙක්. ගණිතය ගැන දැනුම ගැන කිසිම වාදයක් නැ.

    නමුත් ඒ කාලේ දර්ශණය පටලවාගෙන අමුතු පාරක( වැරදි පාරක්මවය කියන්න අපිට අයිතියක් නැ) ගිහින් කරන්න තිබ්බ සිරාම වැඩ ටික නැතිකරගත්තා. හරි ගණන් පාරේ ගියානම් මිනිහා හොකින්ස් ලෙවල් එකේ නවතින්නේ.

    ඒ වගේම කියන්න ඕනා අමුතු පාරෙ ගියාට පස්සේ, මෙයා පසුකාලිනව ආටිකල් ලියා විද්‍යාව කියලා කියපු කතා ගොඩක් පිරටරට අයගේ කතා ටිකක්. ඉංග්‍රිසි බැරි අයට සිංහලෙන් හරවලා කියව්වා.
    පැහැදිලි මදි. Hawking level එක කියන්නේ රෝද පුටුව ගැනද, මොකද ඇකඩමික් ලෙවල් එකනන් වෙන්න බෑ ලාවටවත් 🤔
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    පැහැදිලි මදි. Hawking level එක කියන්නේ රෝද පුටුව ගැනද,

    එමයෝට්‍රොපික් ලැටරල් ස්ක්ලේරොසිස් යන දරුණු දෙයක් ගැන විහිලුව⁣ට වත් ගන්න හිතන්න දෙයක් නෙවෙයි .
    කිසිම රෝගියෙක් ඒක හිතලා කරගන්නේ නැ. ඔවුන් ගෙවන කෙටි වගෙම වේදනාකාරි ජිවිතය අපි දකිනවා. ඒ නිසා මෙ වගේ කතා විහිලුවටවත් කියන්න එපා කිසිම වෙලාවක.

    මොකද ඇකඩමික් ලෙවල් එකනන් වෙන්න බෑ ලාවටවත් 🤔
    හරි ගණන් පාරේ ගියානම්
    කියන එක දැක්කාද? නලින්දයා මෝඩයෙක් නෙවෙයි, හොද පොටෙන්ෂල් එකක් තියන මිනිහෙක්. මිනිහාගේ තීසිස් ඉදන් කරපු වැඩ හරිහමන් විදිහට කල්පනා කලොත් මිනිහාගේ පොටෙන්ෂල් එක තේරෙනවා. වැඩේ කියන්නේ ලංකාවම නලින්දයාව දැක්කේ ට්‍රැක පැන්නට පස්⁣සේ. ලංකාවේ කැම්පස් පවා.
    මිනිහා ඉතින් වැරදි පාරෙ ගිහින් ට්‍රැක පන්නගත්ත එකෙ වැරැද්ද උගේ. ඒ නිසා ඉතින් විනාසයකින් නැවතුනෙ.
     
    • Like
    Reactions: kingcapton

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මේ අතර දේශන ශාලාවෙන් පිටතද යම් පරිවර්තනයක් සිදුවෙමින් තිබුණි. ආචාර්ය නලීන්ගේ පසු පස යන ගෝල බාලයන් පිරිසක් නිර්මාණය වෙමින් පැවතුනි. ඔවුන්ගෙන් කී දෙනෙක් තම ආචාර්යවරයාගේ දර්ශනය තේරුම් ගෙන තිබුණාදැයි මම නොදනිමි. එහෙත් ඔවුන්ට ඒකරාශී වන්නට "නලීන් සහ ජාතික චින්තනය" හොඳ වේදිකාවක් විය. ආචාර්ය නලීන් දේශන ශාලාව තුල යම් සිසුවෙකු වෙත ප්‍රහාරයක් එල්ල කල විට මෙම ගෝල බාල පිරිස එය දේශන ශාලාවෙන් පිටත ප්‍රතිරූපණය කරන්නට විය. මෙය මගේ දැඩි කලකිරීමට හේතු වුවත් ගුරුවරයෙකු ලෙස ආචාර්ය නලීන් වෙත තිබු ඇල්ම නම් අඩු නොවීය.
    මේ අතර එක් දිනක් ව්‍යවහාර ගණිතය දේශනය අතරතුර ආචාර්ය නලීන් අමනුෂ්‍ය බලවේග පිළිබඳව කතා කිරීමට පටන් ගත්තේය.
    "තමුසේ මොකද හොල්මන් අවතාර ගැන හිතන්නේ" ඔහු මා දෙසට ඇඟිල්ල දිගු කරමින් ඇසීය.
    "ඕවා මහා පිස්සු මනස්ගාත සර්" මම කිසිවක් නොසිතාම උත්තර දුනිමි.
    තරමක රෞද්‍ර මුහුණක් මවා ගත් ඔහු "තමුසේ කොහොමද එහෙම කියන්නේ" යැයි ඇසීය.
    මට කිසිවක් සිතා ගත නොහැකි විය. එහෙත් එක වරම ඊට ටික කලකට පෙර අපේ ගෙදර ඇතිවූ කතා බහක් මතකයට ආවෙන් මම මෙසේ කියන්න පටන් ගතිමි. "ඇයි සර්, කාලෝ ෆොන්සේකයි, කොවුර් මහත්තයයි ඕපන් චැලේන්ජ් එකක් කලේ...." මට කිව හැකි වුයේ එපමණකි.
    "ආ තමුසේ, තමුසේ තමයි එහෙනම් මේ බැච් එකේ ඉන්න හේතුවාදී ඒජන්තයා. තමුසෙගෙයි කාලෝ ෆොන්සේකගෙයි ඔළුගෙඩි දෙක අල්ලලා බිත්තියේ හප්පනවා, මේක ඇතුලේ ඔය හේතුවාදී උලව් අටවන්න ආවොත්". ඇස් ගෙඩි උලුප්පන් දත් මිටි කමින් ඔහු මහා හඬින් ගුගුලේය.
    අන්ද මන්ද වූ මා කිසිවක් කියා ගත නොහැකිව බලා සිටියදී ඔහු විනාඩි පහක් පමණ එක දිගටම බැන වැදුනේය. ඔහු කතාව අවසන් කලේ මගේ දෙසට ඇඟිල්ල දිගු කර "ඔළු දෙකේ බූරුවා" යයි කියමිනි. එතැන් පටන් මම සරසවියේ සිසුවෙකුව සිටි මුළු කාලය තුලම ආචාර්ය නලින් ද සිල්වාගේ නිරන්තර අපහාස, උපහාස, ගර්ජනා වලට ලක් වුයෙමි.
    එදා එම දේශන ශාලාවෙන් පිටතට පැමිණෙන විට මා ලේබල් කිහිපයකට පාත්‍ර වී සිටියේය. ගෝල බාලයන්ට ආචාර්ය නලීන්ගේ හේතුවාදී ලේබලය පිළිබඳව එතරම් සැලකිල්ලක් නොවිය. ඒ වෙනුවට ඔවුන් මුද්‍රණය කර තිබුනේ වෙනත් නාමකරණ කිහිපයකි. CID කාරයා, සිරිකොතෙන් පඩිගන්නා ඒජන්තයා, ආණ්ඩුවේ ඔත්තුකාරයා මින් කිහිපයකි.
    එවන විට මා සිරිකොත යනු කුමක්දැයි දැන සිටියේද නැත. "මොකක්ද මචං සිරිකොත කියන්නේ?" මා මිත්‍ර උපුල් ප්‍රනාන්දුගෙන් ඇසුවා තවම මතකය. ඇත්තෙන්ම එකල මට මේ ලේබල යම් ආශ්වාදයක් ගෙන දුනි. සමහරුන් මා සමග කතා කරන්නත් බිය ගතියක් දැක්වීම මට බෙහෙවින් විනෝදජනක විය. එහෙත් ඒ ලේබල් වල ඇති බියකරු බව තේරුම් ගැනීමට මට වැඩි කලක් නොගියේය. එජාප-ජවිපෙ භිෂණය රට වෙලාගත්තේය. වසර තුනකට සරසවි වැසී ගියේය.
    ආචාර්ය නලීන් ද සිල්වා නිකම්ම නිකම් ගුරුවරයෙකු නොවෙයි. ඔහු පවුරු බිඳින්නෙකි. විද්‍යා විෂය උගෙන සරසවියට පිවිසෙන බොහෝ දෙනෙක් තමා වටා විශාල පවුරක් බැඳගෙන පැමිණෙන්නේය. ඒ පවුර තුල සිටින්නේ බටහිර විද්‍යාවේ වහලෙකි. ඒ වහලා බටහිර විද්‍යාව ගැනද කිසිවක් නොදනී. පළමු වසර මැද භාගය වන විට බොහෝ දෙනෙකුගේ මේ ස්වයං-සිර කුටිය නලින් ද සිල්වා කඩා බිඳ දමයි. මේ සමගම ඈත ක්‍ෂිතිජය දක්වා සිසුවාගේ නිම් වළලු පුළුල් වේ. මෙය ඉතා ආශ්වාදජනක අත්දැකීමකි. එහෙත් ඔහුගේ බොහෝ ගෝල බාලයෝ නලීන් කඩා දැමූ බටහිර-විද්‍යා පවුර වෙනුවට නලීන්ගෙන්ම ගල් වැලි සිමෙන්ති ඉල්ලා ගෙන ජාතික චින්තන පවුර බැඳ ගත්තෝය. මෙය අවාසනාවන්ත තත්වයකි.
    නලීන් ද සිල්වා නැමැති ගුරුවරයා තුල තිබෙන දක්ෂතා සහ ව්‍යක්තභාවය අංශු මාත්‍රයකින්වත් නලීන් ද සිල්වා නමැති දාර්ශනිකයා තුල නොතිබීම ශෝචනීය වෙයි. කොපමණ රස කෑමක් වුවද, යමෙකු ඔබගේ උගුරට බලහත්කාරයෙන් ඔබා එය කුසට පිවිසෙන තුරු කොසු මිටකින් අනී නම් සිදුවන්නේ මහත් විනාසයකි. නලීන් ද සිල්වා මේ බව තේරුම් නොගනී. එසේම තමාගේ තරාතිරම, තමා ගැටෙන පුද්ගලයාගේ තරාතිරම මෙන්ම තමන් ගැටෙනා කාරණාවෙහි ඇති වැදගත්කම වැනි කරුණු ඔහු නොසලකයි. හොල්මන් අවතාර වැනි නොවටිනා මාතෘකාවක් වෙනුවෙන් තමා වැනි උගත් ආචාර්යවරයෙක් පළමු වසර සිසුවෙකු හා ගැටී ඔහුට අවලාද නැගීම කෙතරම් නිෂ්පල ක්‍රියාවක්දැයි ඔහු නොදකියි. මෙය මම නලින්ද සිල්වා නමැති චරිතය පුරාවටම දුටුවෙමි.
    ආචාර්ය නලීන් ද සිල්වා කුමන ප්‍රහාරයන් එල්ල කලත් ඔහුට උපහාස වන අයුරින්වත් වචනයක් නොකීමට අපගේ සහ අපට ඉහල කණ්ඩායම්වල සිසු සිසුවියන් වග බලාගත්තේය. ඒ ඔහුට තිබු යම් ගෞරවයක් හේතුවෙනි. එහෙත් අපට පහල වසරේ සිසුවෙකු හා නලීන් අතර වූ සංවාදයකින් පසු මේ අයිස් කන්ද බිඳී ගියේය.
    ඒ ගවේෂකයෝ මෙහෙයවන බදාදා කෑම පැයේ නලීන්ගේ දේශනයයි. ඔහු එවකට සිටි වාමාංශික නායකයන් නිර්දය ලෙස විවේචනය කරමින් සිටියේය.
    "මේ වමේ නායකයෝ කියාගන්නා එවුන් එදා ඉඳන්ම වැඩ කලේ වල් බූරුවන් වගේ" ඒ නලීන් ද සිල්වාය.
    අතුරු සිදුරු නැතිව පිරී තිබූ NBLT ශාලාවේ මැද හරියෙන්, අත ඔසවා සිසුවෙක් නැගී සිටියේය. උස, කාල වර්ණ දේහධාරී මේ සිසුවාගේ හැඩරුව සහ වාග් විලාශය මට ඉතා හොඳින් මතක මුත් ඔහුගේ නම මතක නැත (මතක අයෙක් ලියා දක්වන්න).
    "ඉතින් සර්රුත් ඒ කාලේ හිටියේ ඒ ගොඩේ නේ" ඔහු කිසිඳු කලබලයක් නොමැතිව නිදිමත හඬින් කිව්වේය.
    "ඔව් ඒක ඇත්ත. මාත් අවුරුදු 15කට කලින් හිටියේ එවුන් එක්ක තමයි. මම ඒක නැහැ කිව්වේ නැහැනේ" නලීන් ගුගුලේය.
    "එතකොට සර් කියන්නේ මීට අවුරුදු 15ට කලින් සර්රුත් වැඩ කලේ වල් බූරුවෙක් වගේද?"
    නලීන් තරමක් තිගස්සෙනු මට තාම මතකය. ටික වෙලාවක් සිසුවා දෙස බලා සිටි ඔහු "ඔව් එතකොට මාත් වැඩ කලේ වල් බූරුවෙක් වගේ තමයි" කියා මද හඬින් කිවේය.
    තවමත් නිදිමත ගතියෙන්ම කතා කරන සිසුවා "එතකොට සර් තව අවුරුදු 15 කින් කිව්වොත් දැන් සර් වැඩ කරන්නේ වල් බූරුවෙක් වගේ කියලා සර්ගේ ගෝල බාලයන්ට වෙන්නේ මොකක්ද?"
    චින්තන-අචින්තන වෙනසක් නොමැතිව මුළු මහත් ශාලාවම මහා හඬින් සිනාසෙන්න විය. මෙය යුගයක නිමාවක් සනිටුහන් කළේය.
    ඉන්පසු ගත වූ වසර දෙක තුනේදී බොහෝ දේ සිදුවිය. ආචාර්ය නලීන් ද සිල්වා තම ගෝලයන් හරහා ක්‍රියාත්මක කල ක්‍රමවේදයන්ට එරෙහිව විද්‍යා පීඨයේ සිසු විරෝධය පෙළ ගැහෙන්න විය. මේ සටන්වලට සම්බන්ධ නොවී පසෙකට වී සිටි මා ඇතුළු මගේ මිතුරු පිරිසට පිඨයේ ශිෂ්‍ය නිලවරණය පැමිණෙන විට තව දුරටත් නිහඬව සිටිය නොහැකිවිය. ලේඛම් තනතුර සඳහා තරඟ කල මම එම සටනේ ප්‍රධාන කථිකයෙකු වූයෙමි. එතෙක් විද්‍යා පිඨයේ පාලනය කිසිඳු අභියෝගයකින් තොරව තමා වෙත නතු කරගෙන සිටි නලීන් ද සිල්වාට පක්ෂපාති කණ්ඩායම හමුවේ අපි ඉතා අඩු චන්ද පරතරයකින් පරාජය වූයෙමු. එය ජයග්‍රහණයේ ඇරඹුම විය (කාගේ ජයග්‍රහණයේ දැයි මට තවමත් නොතේරෙයි). ඊළඟ වසරේ මම කෙටි කලකට නලීන් විරෝධී පාර්ශවයේ නායකයා වුනෙමි. එවර චන්දය පැමිණෙන විට අපගේ දක්ෂ කථිකයන් කිහිප දෙනෙකුම අධ්‍යාපන කටයුතු වල සිරවී සිටියේය. එබැවින් එවර චන්දය ඉල්ලීමෙන් වැලකී සිටීමට අප තීරණය කල අතර නායකත්වයෙන් මම ඉවත් වුනෙමි. ඊළඟ අවුරුද්දේ නලීන් විරෝධී පිල ජයග්‍රහණය කළේය. ඉන්පසු ගතවූ දශක තුන තුල නලීන්වාදී පිරිසට එක වරක් හෝ චන්දය දිනා ගැනීමට නොහැකි වූ බව මගේ දැනීමයි.
    ඊට පසු කාලයක එවකට උප කුලපතිව සිටි ජී එල් පීරිස් මහතාට පහත් වදනින් බැනවැදීම නිසා ආචාර්ය නලින්ද සිල්වා සරසවියෙන් නෙරපූ බව ආරංචි විය. එතැන් සිට පැවති රජයන්හි ජී එල් පීරිස් මහතා ඇමති මණ්ඩලයේ සිටින තාක් කල් නලීන් ද සිල්වා හට රැකියාව නොලැබෙන බවට කතාවක් පතුරුනි. මේ කතාව නිසා මම අවංකවම බලවත් සේ කනගාටුවට පත් වුනෙමි.
    මා තරම් ආචාර්ය නලීන්ද සිල්වාගෙන් බැට කෑ මෙන්ම ඔහුට එරෙහිව ප්‍රසිද්ධියේ පීඨය දෙවනත් කල සිසුවෙක් තව සිටියා දැයි මම නොදනිමි. එහෙත් එතුමා ඉගැන්වූ විෂය දෙකටම මට ඉතා ඉහල සාමර්ථ තිබුණි. ඒ අතින් කොළඹ සරසවියේ බෝ පැල මෙන් සිටි සමහර උපාසක මහාචාර්යවරුන්ට සාපේක්ෂව මහාචාර්ය නලින්ද සිල්වා යනු සැබෑ මහත්මයෙකි.
    මගේ අවංක මතය නම් නලීන් ද සිල්වා යනු අපතේ ගිය සම්පතක් බවයි. ස්වයං-අලෙවි (self-marketing) හැකියාවෙන් ඉතා දුර්වලවීමත්, සමහර අවස්ථාවල තමන්ට තමන් අවංක නොවීමත් මා ඔහුගේ දකින පැහැදිලි දුර්වලතාවයන්ය.
    තමාගේ අදහස් නිර්මාණශීලි ආකාරයෙන් අන්‍යන්ට ඒත්තු ගැන්වීමට ඔහු අසමත්විය. තමා පමණක් හැමවිටම නිවැරදිය යන අධි-මානය ඔහුගේ ගමන ව්‍යාකූල කෙරීය. ඔහුගේ මතයට එරෙහිව යමෙක් අදහස් දක්වන විට ඔහුට සඟවා ගත නොහැකි කෝපයක් ඇති වන්නේද මේ නිසා විය හැක.
    එසේම තමා සම්මතයෙහි පිහිටා කටයුතු කිරීමද ඔහුගෙන් අතපසු විය. තම දරුවන් ගේ පාසල සහ ඔවුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු, තමාගේ ගෝල බාලයන්ගේ පවා ජිවිත අවදානමෙහි වූ තීරණාත්මක අවස්තාවක තමා සප්ත වාර්ෂික නිවාඩුව සඳහා තෝරා ගත් රට, මෙන්ම තවත් නොයෙකුත් කාරණා වලදී ඔහු ගත් ක්‍රියාමාර්ග බොහෝ දෙනෙකුගේ නොපැහැදීමට හේතු විය. මේවා සාධාරණීකරණය කිරීමට ඔහු අපමණ තර්ක විතර්ක ඉදිරිපත් කළේය. තර්ක හිරවූ විට ශ්ලෝකයක් හෝ පවසා ගැලවීමට තරම් ඔහු දක්ෂ විය. එහෙත් තර්කයකින් දිනීම සහ හදවත් දිනීම කාරණා දෙකක් බව ඔහුට නොවැටහෙන්නට ඇත.
    ලෝකයේ කොහේ සිටියත් මා පුවතක "නලීන් ද සිල්වා" නම දුටු කල්හිම එය ඔහුගේ වේවා, ඔහු ගැන ලියුවක් වේවා වහා කියවුයෙමි. එතුමාට ලිවීමෙන් තොරව ජීවිතයක් ඇතැයි මට නොසිතෙයි. එබැවින් ඔහු තව දුරටත් ලියනු ඇතැයි පතමි.

    Chandima Gomes

    ------ Post added on May 6, 2024 at 11:23 AM
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,535
    1,816
    113
    ලංකාවෙ අඩා...!
    Molayak tibbata pissu hukannek ne? RIP

    Mata mathakai dial eka AL liyana unta handi gaawila yanna paper ekak deela tibba 2000 mul kaaley

    Kiyanna amataka une batahirata bana bana hitapayata ponnayge lamaya US wala inne :ROFLMAO: :ROFLMAO:

    Muth itin ada kaaley NPP ponnayo wage tama. Scandinavian ratawal wala indan lankawe samajawadaya pihitawanna ona gaga haminenawa
    2003 AL applied paper eka..
    Island 1st Kurunagala..ganan 4i complete kare..

    Habai dan maths paper eka hena katapadam style ekak yanne...Issara paper wala maths gathiya thibba..dan hugak eun katapadamen maths liyanawa...bio walata hapan..ekata hariyanna katapadam tuition wahi wahala maths walata..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,416
    113
    2003 AL applied paper eka..
    Island 1st Kurunagala..ganan 4i complete kare..

    Habai dan maths paper eka hena katapadam style ekak yanne...Issara paper wala maths gathiya thibba..dan hugak eun katapadamen maths liyanawa...bio walata hapan..ekata hariyanna katapadam tuition wahi wahala maths walata..
    Komath ban, matha pattern ekakta yanne. pattern eka dannawanam echcharai. Hama paper ekakma ehema tama ban.

    Anika ban owa amaru kala kiyala un monada achieve karanne?
     
    • Like
    Reactions: hancok
    Jan 13, 2024
    6
    8
    3
    අම්මෝ ලොකු දෙයක් මු මරුන එක නන්. ලංකාවේ කරපු ගොඩක් ගොන් වැඩ වල මුල ඉන්නේ මේ පොර තමයි. දම්මික පැනිය, කාබනික ගොවිතැන.... ඔය ඔක්කොම කරපු උන් මුව විස්වාස කරලා තමයි වැඩේ කරන්න අතේතේ. දොස්තර පාදෙණිය , විමල් වීරවසයා පැණි හදන්න සපෝර්ට් කරපු ඒවගේ එහෙම අනිවා මු ඉන්න ඇති පැත්තක. ලොකු සීන් එකෙන් ටෝක් කරන නිසා සමහර උන් විස්වාස කරනවා නේ. පිස්සු පොරවල්, මිනිස්සු තමයි කටු කන්න ඕන මුන්ගේ තියන මැන්ටල් වලට.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඒ මහතා ඇමරිකාවේ සිටින තම පුතුගේ සුව දුක් බැලීමට ගොස් සිටියදී මෙසේ අභාවප‍්‍රාප්ත වී ඇත.
    අරගලේ තිබ්බ කාලේ ඉඳන් හිටියේ USA කියලා කියන්නේ.

    මහා කළු සිංහලයා, හැබැයි පුත්තු ඉන්නේ USA. 😂 😂 ගොන් බයියන්ට ම ගැලපෙනවා.
     
    • Like
    Reactions: waca and KandyMalli

    monson

    Well-known member
  • May 7, 2007
    25,649
    28,669
    113
    :lol:

    t6qBFI3.jpeg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගණිතයට වැඩ්ඩෙක් වෙන්න ඇති. හැබැයි රාජපස්සලාට හේත්තු වෙලා මාර ගේමක් ගහල සෙට් එකම ගොඩගියා. මේකෙත් ඉන්නවා මුන්ට අහුවෙලා තාමත් මොකද්ද උනේ කියලවත් හිතාගන්න බැරි මෝඩ ලොන්තයො සෙට් එකක්. :rofl:

    සදා ගැති, රාජපස්ස බයියා කියන සංකල්පෙ ගෙනාවෙත් මූද කියල සැකයි :baffled:
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,408
    4,038
    113
    අරගලේ තිබ්බ කාලේ ඉඳන් හිටියේ USA කියලා කියන්නේ.

    මහා කළු සිංහලයා, හැබැයි පුත්තු ඉන්නේ USA. 😂 😂 ගොන් බයියන්ට ම ගැලපෙනවා.
    Uge Putha USA. Moda Sinhalunta lankawema idapn kiyanne 🤬
     
    • Like
    Reactions: U-tag

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මුගේ ඔය ජාතිකවාදී මතයට පරස්පර එකක් තමයි ඉස්සර තිබිල තියෙන්නේ සයන්ස් පැත්තට බර..
    වයසට ගියාම තමයි ඕක මාරු වෙලා තියෙන්නේ.
    මට මතකයි එකපාරක් දොර මඩලාවෙඩි කාලෝ ෆොන්සේකා කිව්වා ඔබතුමා කලින් කතා කරපු දේවල් ඇත්ත. දැන් කතා කරන දේවල් ඇත්ත නෙවෙයි වගේ කතාවක්. මූට මල පැන්නා ඒකට . :rofl:
    අළුත් දේවල් ඇත්ත නෙමේ, ඇත්ත දේවල් අළුත් නෙමේ
     
    • Like
    Reactions: dilann

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,377
    6,541
    113
    එමයෝට්‍රොපික් ලැටරල් ස්ක්ලේරොසිස් යන දරුණු දෙයක් ගැන විහිලුව⁣ට වත් ගන්න හිතන්න දෙයක් නෙවෙයි .
    කිසිම රෝගියෙක් ඒක හිතලා කරගන්නේ නැ. ඔවුන් ගෙවන කෙටි වගෙම වේදනාකාරි ජිවිතය අපි දකිනවා. ඒ නිසා මෙ වගේ කතා විහිලුවටවත් කියන්න එපා කිසිම වෙලාවක.
    එකඟයි.
     
    • Like
    Reactions: emoji diaries

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    අන්ත ජාතිවාදී පොරක් ...හැම වේළේම බටහිර ක්‍රිස්තියානි යුදෙව් චින්තනය පිළිකෙව් කරමින් කතා කරන අතර පුතා ඇමරිකා යවා ඉගැන්වීමට තරම් සූක්ශම වුණා. ගොඩක් Politicians/ ජාතිවාදීන් ගේ එකම බලාපොරොත්තුව තමුන්ගේ ළමුන් ලෝකේ හොඳ රටක පුරවැසියන් කරලා, තමන්ගේ බැරි කාළේ එහෙට පැණ ගැනීමයි.

    Ex: Sumandhiram
    Wasudewa
     
    • Like
    Reactions: waca

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    උබ දැන් කියන්නේ බොරු කියන එක classic විදියට කියන ක්‍රමය ;)
    පොර දන්න සබ්ජෙක්ට් එක කරගෙන හිටියනම්, මීට වඩා තැනක ඉන්නවා.