නවසීලන්ත කිරි තවත් අර්බුධයක

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නවසීලන්ත කිරි තවත් අර්බුධයක

    නවසීලන්ත කිරි තවත් අර්බුධයක : චීනයට යැවූ කිරි සංඝටක තොගයක ඉහල නයිට්‍රේට ප්‍රතිශතයක්!







    2Q==


    මේ අර්බුදයට පැටලී ඇත්තේ කුප්‍රකට ෆොන්ටෙරා සමාගම නොව "වෙස්ට්ලන්ඩ් මිල්ක් ප්‍රඩක්ට්ස්" නම් නිශ්පාදකයෙකි. වෙස්ට්ලන්ඩ් සමාගම චීනය වෙත යැවූ ලක්ටෝෆෙරින් අඩංගු කිරිපිටි වල නයිට්‍රටේ ප්‍රමාණය 15 ගුණයක් දක්වා වැඩි බව සොයා ගැනීමත් සමග ඒවා බෙදා හැරීම වහාම නතර කර ඇත.

    කිරි වල අඩංගු උපරිම නයිට්‍රටේ ප්‍රමාණය 150ppm වුවද සාම්පල වල 2198ppm දක්වා අඩංගු වූ බව තහවුරු වී ඇත. මෙම ලක්ටෝෆෙරින් ප්‍රෝටීනය අඩංගු කිරිපිටි ළදරුවන්ට විශේෂයෙන් ගුණදායි ලෙස පෙන්වමින් අලෙවි කරයි. තවද යෝගර්ට් නිෂ්පාදනයටද යොදා ගනී.නවසීලන්ත කිරි නිෂ්පාදනය මුහුණ දෙන අලුත්ම ප්‍රශ්නය පිළිබද මීට සුළු වෙලාවකට පෙර එරට Radio New Zealand ගුවන් විදුලියද විකාශය කර තිබුණි.

    සමාගම පවසන ආකාරයට කිලෝ 390ක්වූ තොග දෙකක මෙම ඉහල නයිට්‍රේට් ප්‍රතිශතය අඩංගුවූ බවත්, ඒ පිලිබඳව අදාල රේඛීය අමාත්‍යාංශය දැනුවත් කල බවත්ය.

    අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කරන ආකාරයට ලැක්ටොෆෙරින් යනු වෙනත් කිරි නිශ්පාදන සඳහා සුළුවෙන් යොදාගන්නා අමුද්‍රව්‍යයකි. එබැවින්, ලැක්ටොෆෙරින්වල නයිට්‍රේට ඉහල ප්‍රතිශතයක් අඩංගු වුවද, එය ඉතා සුළුවශයෙන් එකතුකරන බැවින් සෞඛ්‍ය හානියක් සිදුකල හැකි ප්‍රමාණය කිරි ආහාර තුලට ඇතුළු නොවන බව ඔවුන් පවසති.

    source
    http://www.nzherald.co.nz/business/news/article.cfm?c_id=3&objectid=11110892

     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    dan kiripiti walata vikalapa monawada ban,
    api nam bonne abewela ape ammalata thaththalata
    bonna baha ban ewa,sema wadi wenawa.
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,192
    1,795
    113
    Badulla
    ඔන්න අපේ එවුන් ටික අයෙත් අවසර දෙන්න යන්නේ කිරිපිටි වලට.අද ටෙස්ට් කරපු එවල විස නැතිලු මුන් කොම්පැනි කරයෝන්ගෙන් කුට්ටිය කලද කොහෙද ඉන්නේ දැන්.
    අපිවත් ඕව බොන එක නවත්තලා අපේ රටේ හොද දෙයක් බොන්න පටන් ගන්න ඕනේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බම්ප්................

    සිය රට දේ සිරි සැප දේ කියල එළකිරි ගසමු,
    නැත්තං හයිලන්ඩ් හෝ පැල්වත්ත බොමු........
     

    noci

    Junior member
  • Jan 1, 2010
    156
    9
    18
    34
    මොන ලබ්බට පිටරට වස කිරි බොනවද යකෝ බීපල්ලා ලංකාවේ කිරි සිය රට දේ සිරි සැප දේ වසට් න විසට් නෑ ලංකාවට සල්ලිත් ඉතුරුයි
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මෙහෙම තියෙද්දී තමයි ලංකාවේ කිරිපිටි නැවත නිකුත් කලේ....
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    ඔන්න අපේ එවුන් ටික අයෙත් අවසර දෙන්න යන්නේ කිරිපිටි වලට.අද ටෙස්ට් කරපු එවල විස නැතිලු මුන් කොම්පැනි කරයෝන්ගෙන් කුට්ටිය කලද කොහෙද ඉන්නේ දැන්.
    අපිවත් ඕව බොන එක නවත්තලා අපේ රටේ හොද දෙයක් බොන්න පටන් ගන්න ඕනේ

    :shocked::shocked::shocked::shocked::shocked::growl::growl::growl:

    ඔය දහ ජරාව දැන්වත් බොන එක නවත්තල තැබිලියක් හැමදාම ගහන්න පුරුදු උනා නම් පට්ට