[FONT="]ගොඩක් අය තමන්ගේ හා සමීපතයන්ගේ අත්දැකීම දාල තිබ්බා. ගොඩක් අයගේ නිගමනය උනේ එයාලගේ අතීත තොරතුරු නිවැරදි කියලා. මමත් ඔය කියන තැනට ගියා . මම ලියන්න යන්නේ මගේ අත්දැකීම. එකෙන් කොටසක් මේ පොස්ට් එකෙත් ඉතිරි කොටස තවත් පොස්ට් එකකත් ලියන්නම්. මුළු කතාවම කියවන්න. [/FONT]
[FONT="]ඔව්. හැමෝම කිවා වගේ. මගේ අතීත තොරතුරු 100% සත්‍යයි. තමන්ගේ විස්තර බලාගන්න ප්‍රධාන පරිච්චේද 12ක් තියනවා. ඊට අමතරව තවත් පරිච්චේද 4ක් තියනවා. පළමු පරිච්චේදය අනිවාර්යෙන්ම බලන්න ඕනේ. එහි ඇතුලත් වෙන්නේ තමන්ගේ පෙළපත සම්බන්ද කරුණු. අනික් පරිච්චේද වල විවිද කරුණු අඩංගු වෙනවා. මම බැලුවේ පළමු පරිච්චේදය, 2 ,7,10 කියන පරිච්චේද හතර. දෙකෙන් කියන්නේ ධනය අධ්‍යාපනය, පවුල, ඇස්පෙනීම . 7 න් විවාහය සම්බන්ද කරුණු, 10 රැකී රක්ෂා ව්‍යාපාර හා වුර්තීන . [/FONT]
[FONT="]මුලින්ම මේකට ඇතුලුවෙන තැන කෙනෙක් ඉන්නවා මල් මාලා විකුණන්න. මල් මාලයක් 250ඉ . නාඩි බලන්න යන අය මල් මාලයක් ගන්න ඕනේ එතනින්. ඒ යටම තට්ටුවේ. ඊළඟ තට්ටුවේ තමා මේක තියෙන්නේ. එතන කට කපල සෙනග. එයාලට call කලාම උදේ 8 ට එන්න කියල තමා කියන්නේ. අලුතින්ම එන අය මුලින්ම දකුණු පැත්තේ තියන රූම් එකට යන්න ඕනේ. එතන තමන්ගේ උපන්දිනය ලියාගෙන දකුණු මහපටාන්ගිල්ලේ සලකුණු 2ක් ගන්නවා. එකරලා ටිකක් වෙලා ඉන්න කියනවා එළියෙන්. ඔය අතරේ එක එක්කෙනාගේ උපන්දිය කියලා කතා කරනවා. එකරලා නාඩි බලන වෙලාව දැනුන දෙනවා. එක එක අයට එකම වෙල්වල්. මට කලින් ආව අයට දවල් 12 ට දවල් 3ත වගේ වේලාවන් දුන්න. මට දවල් 11ත දුන්නේ . [/FONT]
[FONT="]දවල් එකොළහට දුන්නට මාව ඇතුලට ගන්නකොට 12.45 වගේ උනා. මට ඇතුලේ රූම් එකක වාඩි වෙන්නා කිවා. මාව ඇතුලට ගත් මනුස්සයා කිවා දැන් නාඩි reader එයි. ඔයාගේ උපන්දිනයට අදාල දවසේ නාඩි පත්‍ර ඔක්කොම ගෙනත් එකින් එක කියවයි. එකේ කියන දේවල් තමන්ගේ විස්තර නම් ඔව් කියන්න. නැත්නම් නෑ කියන්න කියල.මම බලන්න හිතන් ඉන්න චප්ටෙර්ස් මොනවාද කියලත් අහගත්තා. ටිකකින් කියපු පොරයි. කලින් ආව පොරයි ඇවිත් මට ආචාර කරලා අපහු ගියා, නැවත විනාඩි 5කින් විතර ඇවිත් වාඩි වෙලා එක එක පත් ඉරුව කියවල ඒවා හරිද වැරදිද අහනවා. පත් ඉරුව කියවන්නේ දෙමලෙන්. පොර දකුණු ඉන්දියන් කරයකේ මම හිතන්නේ. අනික් පොර කරන්නේ අරූ කියන එක සිංහලට ට්‍රාන්ස්ලටේ කරලා කියනවා. ඔහොම පත් ඉරු කීපයක් කියෙව්වම එකක තියෙන්නේ මගේ විස්තර කියලා confirm කරගෙන දෙන්නම් එලියට ගියා. විනාඩි 10කින් විතර දෙන්නම අපහු ආව recorder එකක් අරන්. එකරලා මම ඉල්ලපු පරිච්චේද වලට අදාලව පත් ඉරු කියවන්න ගත්තා දෙමලෙන්. අනික් ඒකා ට්‍රාන්ස්ලටේ කරනවා. [/FONT]
[FONT="]මගේ කියපු දේවල් අනුපිළිවෙලින් මේවා.[/FONT]
[FONT="]මම ඉපදුන වර්ෂය හින්දු වර්ෂ වලින්[/FONT]
[FONT="]මෙම පලපලය කියවන්න එනවිට මගේ වයස[/FONT]
[FONT="]ඉපදුන දවස- [/FONT]
[FONT="]මගේ ලග්නය[/FONT]
[FONT="]මම ඉපදුන නැකත[/FONT]
[FONT="]මගේ හඳහනේ එක එක කොටුවල තියන රශින්ගේ පිහිටීම[/FONT]
[FONT="]පවුලේ කීවෙනියද යන වග[/FONT]
[FONT="]දෙමව්පියන් ජීවතුන් අතර සිටින බව[/FONT]
[FONT="]දෙමව්පියන් දෙදෙනාම කලින් රජයේ රැකියා කර දැනට විශ්‍රාම ගෙන සිටින බව[/FONT]
[FONT="]මට සිටින සහෝදර සහෝදරියන් [/FONT]
[FONT="]ඔවුන්/ඇය/ ඔහු විවාහ වී සිටින බව.[/FONT]
[FONT="]මට විද්‍යා අංශයෙන් උපාදියක් තිබෙන බව[/FONT]
[FONT="]දැනට රජයේ රැකියාවක් කරන බව[/FONT]
[FONT="]පවුලේ අයට දේපල ඇති බව[/FONT]
[FONT="]පියගේ නම[/FONT]
[FONT="]මවගේ නම[/FONT]
[FONT="]මගේ නම [/FONT]
[FONT="]අනාගතය පිලිබඳ තොරතුරු [/FONT]
[FONT="]සැපවත් අනාගතයක් හිමි බව[/FONT]
[FONT="]මගේ ඇස පෙනීමේ දුර්වලතාවයක් ඇතිවිය හැකි බව. [/FONT]
[FONT="]බිරිඳ දරුවන් සමඟ සතුටින් කල් ගෙවන බව.[/FONT]
[FONT="]දෙමාපියන්ගේ ආශීර්වාදයෙන් හොද ජීවිතයක් ගත කරන බව.[/FONT]
[FONT="]එක එක වයස් කාණ්ඩයට අනුව සමහරක් විස්තර [/FONT]
[FONT="]PhD ඇතුළු තවත් උපාදි කීපයක් ලබාගන්නා බව[/FONT]
[FONT="]නමුත් පෙර අකුසල් හා සමහර ග්‍රහ පිහිටීම් නිසා දෙමව්පියන්ට අසනීප ඇතිවේ , වාහන අනතුරු ඇතිවේ., රැකියාවේ කරදර ඇතිවේ ව්‍යාපාර පාඩු සිදුවේ. (වයස අනුව කියයි )[/FONT]
[FONT="]ව්‍යාපාර - රසායනික සම්බන්ද ව්‍යාපාර, යන්ත්‍ර සුත්‍ර ආදී ව්‍යාපාරයක්[/FONT]
[FONT="]විවාහය පිළබඳ- මේ අවස්ථවේදී කරදර ඇතිවේ. විවාහ වෙන වයස , විවාහ වෙන කෙනාගේ හැඩරුව. විවාහ වෙන කෙනාට තිබිය හැකි නම් කිහිපයක් , ඇයගේ අධ්‍යාපන මට්ටම , රැකියාවක් කරන්නේ රජයේද / පෞද්ගලික අංශයේද කරන වග. ඇය නගරාසන්නව ජීවත් වෙන බව, විවාහ වෙනවිට ඇගේ දෙමාපියන් දෙදෙනාම ජීවතුන් අතර සිටින වග. පවුලේ බාලය හෝ මැද අයකු බව. මගේ නිවසේ සිට ඇගේ නිවාස පිහිටා තිබෙන දිශාව. ගමනට ගතවන කාලය. කේන්දර දෝෂ නැති බව. ඇතුළු තවත් විස්තර.[/FONT]
[FONT="]දෝෂ දුරු කරගනීම උදෙසා ශාන්ති පරිච්චේදය බලා අදාල කටුයතු කරන ලෙසා.[/FONT]
[FONT="]ඉවර උනාම මුදල් ගෙවන්න ඕනෑ. එක පරිච්චේදයකට 1200 ගානේ.. translate කරපු එකාට 500ක් දෙන්න ඕනේ. CD එකට 200. [/FONT]
[FONT="]කතාවේ ඉතුරු ටික ඊළඟ පොස්ට් එකෙන් දාන්නම් . ඒක තමා වැදගත්ම කොටස. ඒක කියවන්කම් ඉන්න. [/FONT]