නාඩි වාක්‍යය ගැන ආනන්ද මෛත්‍රීය මාහිමිගේ

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ ඉරිදා දිවයින පත්තරේ මේ සම්බන්ද 4 වෙනි ලිපිය දාලා තියෙනවා...
    ඒ ලිපිය නම් ගොඩක් ආන්දෝලනාත්මක වෙයි.. මොකද ජේසුස් වහන්සේගේ තරුන අවදිය ගැන කියවෙන්නෙ....
    කාශ්මීරයේ බෞද්ධ භික්ශුවකගෙන් බුදු දහම ඉගෙන ගත්තු විදිහ, නාඩි වාක්‍යයේ කියවෙනවා...
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    කවුද බෝයි;22475760 said:
    උබෙ කලින් වෙච්ච ඒව හරිද? ගොඩක් වෙලාවට කලින් වෙච්ච දේවල් හරිලු ඔතන අනාගතේ වෙනව කියල කියන් ඒව තමයි අවුල් වෙන්නෙ. උබට මොනවගේ ඒවද කිවුවෙ. දැනගන්නත් එක්ක විස්තර ටිකක් කියපන්කො.

    kalin wishtra lokuwata mage kiyanna naa ban.karana degreeya kiwwa eeka hari.
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    nadi+sinhala.jpg

    nadi.jpg

    ooka thama pot eka
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    "ශ්‍රී කෞෂික අගස්තිය නාඩි ජ්‍යොතිෂ්‍ය කාර්්‍යාංශය", නො19 1/1,පළමුවෙනි මහල,කොතලාවල මාවත,බම්බලපිටිය
    දු.ක. 011 2586180,2586208

    (ගාල්ල සිට කොළඹ යනවිට) බබ්බලපිටිය හන්දියෙන් බැස මුහුද පැත්තේම ගාල්ල දෙසට මීටර් 100ක් පමණ ගොස් කොතලාවල පාරේ ඇති රෝස පාට තීන්ත ගෑ තට්ටු බිල්ඩිමේ දෙවන තට්ටුවේ ඇත.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "ශ්‍රී කෞෂික අගස්තිය නාඩි ජ්‍යොතිෂ්‍ය කාර්්‍යාංශය", නො19 1/1,පළමුවෙනි මහල,කොතලාවල මාවත,බම්බලපිටිය
    දු.ක. 011 2586180,2586208

    (ගාල්ල සිට කොළඹ යනවිට) බබ්බලපිටිය හන්දියෙන් බැස මුහුද පැත්තේම ගාල්ල දෙසට මීටර් 100ක් පමණ ගොස් කොතලාවල පාරේ ඇති රෝස පාට තීන්ත ගෑ තට්ටු බිල්ඩිමේ දෙවන තට්ටුවේ ඇත.

    Ela...
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ශ්‍රී ලංකාව කියන්නෙ මිත්තයා දුශ්ටිකයන්ගේ පාරාදීසයක් .ඒ දවස්වල ඒබ්‍රහම් ටි කොවුර් කොපමන උමවිනි මිත්‍යා පසු පස යාම වෑඩි වී තිබෙන බවක් තමා පෙනෙන්නේ. තවමත් තියනවනම් නිකමට බම්බලපිටිය නාඩි වාක්‍ය බලන ස්ථානයට ගොස් බලන්න සිටිනා තරුණ තරුණියන් ගණන සහ එම හොරුන් ලබන අදායම.

    aniwaa 100% Agreed
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    අපෝ ලන්කාවෙ වගේ ගොන් රැලක් ... දැන්නම් එලකිරිය මේ වගෙ ගොන් පාර්ට් වලින් පිරිලා..
     
    • Like
    Reactions: ranga_uoc

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඡේසුතුමා කුරුසයේ තබා ඇණ ගැසුවේ නැහැ. එම කියවීම් අනුව එහි සඳහන් වෙනවා ඡේසුතුමා බුදුන් වහන්සේ වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළා කියලා

    බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන්ගේ මෙතෙක්‌ පළ නොවූ සාකච්ඡා පෙළ 04 - බුදු හාමුදුරුවෝ ගැන ඡේසුස්‌ වහන්සේ ගැන නාඩි වාක්‍යයෙන් කියූ දේවල්

    නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති) දිවංගත ප්‍රභාත් මානවසිංහ මහතා ද, දිවයින පුවත් පතේ ප්‍රවෘත්ති කර්තෘව සිටි දිවංගත දයාරත්න රණසිංහ මහතා ද සහභාගි වූහ. සිංහල බසින් රූපවාහිනි සාකච්ඡාව මෙහෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා නිවේදකව සිටි සුගත් ලයනල් රණසිංහ මහතාය. ඉංග්‍රීසි බසින් සාකච්ඡාව මෙහෙයවූයේ එවකට ස්‌වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා වාර්තාකරු ලෙස සේවය කළ අතුල රත්නායක මහතා ය. ඇතැම් අවශ්‍ය කරුණු සහ ගැටලු සහිත තැන් පිළිබඳ විමසන ලද්දේ මවිසිනි. එකී සාකච්ඡා වෙන් වෙන් වශයෙන් දැක්‌වීමෙන් පාඨක ඔබ තුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට කොටස්‌ වශයෙන් පළවන බව සලකන්න.

    ප්‍රශ්නය : ඊට පස්‌සේ ඇත්තටම මොකද වුණේ ස්‌වාමීනි ?

    නාහිමි : ඊට පස්‌සේ ආයිත් ඔහු කිව්වා, ඔබට හතරවෙනි නමකුත් තියෙනවා "ආනන්ද මෛත්‍රය"කියලා. මං කිව්වා හරි කියලා. ඒ සියල්ල ඇත්තයි, සත්තයි කියලා. එහෙනම් ඔබගේ මවගේ නම "සින්නමානික්‌කම්" මගේ අම්මගේ නම "හීන් මැණිකේ" ඊට පස්‌සේ ඔහු ඇහුවා මේ සියල්ලම ඇත්තද කියලා. මං කිව්වා හරි කියලා. එහෙනම් ඔබගේ පියාගේ නම "මදියන් අප්පන් සාමි" මං කිව්වා හරි කියලා. මොකද මගේ පියාගේ නම "මැතියෙස්‌ අප්පුහාමි" මේ සියලුම දේ හරි ද කියලා ඔහු ඇහුවා. මං කිව්වා හරි කියලා. ඊට පස්‌සේ ඔහු කිව්වා මට ඔබගේ කේන්දරය දෙන්න පුළුවන් කියලා. ඒ වෙනුවෙන් මං රුපියක්‌ විස්‌සක්‌ අය කරනවා කියලා.

    ප්‍රශ්නය : ඔබ වහන්සේ විශ්වාස කරනවාද මේ සියල්ලම ඇත්ත කියලා?

    නාහිමි : ඔව් සියලුම දේ ඇත්ත. ඊට පස්‌සේ ඔහු දිග තල්පත් මිටියක්‌ ගෙනාවා. ඔහු මට කිව්වා මේවා කොපි කරලා දෙන්න කොපි පොතක්‌ ගෙනත් දෙන්න කියලා. මගේ නාඩි කියවීමේ විස්‌තරය ලියලා දෙන්න කියලා. මං ළඟම තියෙන කඩේකට ගිහිල්ලා කොපි පොතක්‌ ඒ අයට ගෙනත් දුන්නා. ඒ සමගම රුපියල් විස්‌සකුත් දුන්නා. ඊට පස්‌සේ ඒ පැරණි තල්පත් පිටපතෙන් විස්‌තර කොපි කරන්න පටන් ගත්තා.

    ඔහු මේ තල්පත් පිටපත්වල ඇති දෙය කියව්වේ කුඩා දේ ලොකු කරලා බලන කණ්‌ණාඩියකින්. "මැග්නිෆයින් ග්ලාස්‌" එකක ආධාරයෙන්. මාත් කිට්‌ටු වෙලා තල්පත් පරීක්‍ෂා කළා. ඒත් ඒවා මට කියව ගන්න බැරි වුණා. මං දැක්‌කේ තිත් වගයක්‌ විතරයි. මං ඒ අයගේ මැග්නෆයින් කණ්‌ණාඩිය ඉල්ලාගෙන බැලුවා. ඒත් මං දැක්‌කේ තිත් විතරයි. මට පුදුම හිතුණා මීට අවුරුදු දහස්‌ ගණනකට ඉස්‌සර හිටිය මිනිස්‌සු මේ තරම් කුඩා අකුරු ලිව්ව එක ගැන.

    ප්‍රශ්නය : නායක හාමුදුරුවනේ.. ඔබ වහන්සේ මේ ලබපු අත්දැකීම් අනුසාරයෙන් අපට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද මේ අය සිත් කියවීම තුළින් මේ නාඩි වාක්‍ය කියවනවා කියලා. ඒ වගේම ස්‌වාමීනි, ලොව පහළ වූ ශාස්‌තෲන් වහන්සේලා ගැනත් හොයලා බැලුවද? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වැනි ශාස්‌තෲන් වහන්සේලා ගැන.

    නාහිමි : හොඳයි පළමුව කියන්න ඕන මේක සිත් කියවීමක්‌ නෙවෙයි. ඔහු ඒ අන්තයේ දක්‍ෂයෙක්‌ නෙවෙයි. ඔ

    nadi1

    හු සාමාන්‍යයෙන් පැරණි ලියකියවිලිවල තිබෙන දේ කොපි කරලා ඒවා වර්තමාන භාෂාවට පරිවර්තනය කරනවා. දෙමළ, ඉංග්‍රීසි භාෂාවලට. ඔහු මේ සියලු අනාගත කියවීම් ලබාදෙන්නේ ඔහුගේ දැනීම තුළින් නොවෙයි. මේ සියලු අනාගත වාක්‍ය කියවීම් ඔහු ලබා දෙන්නේ තල්පත්වල ඇති දේ පිටපත් කරලා අනාගත වාක්‍ය තේරුම් කරලා දෙනවා. මේ අනාගත වාක්‍ය ඉතාම නිවැරදියි. සත්‍යයයි. මේ කියවීම් ඔහුගේ දැනීම තුළින් නොවෙයි කියන්නේ. මෙහි මොන විදියකින්වත් සිත් කියවීමක්‌ සිදුවන්නේ නැහැ. අන් අයගේ සිත් කියවීම් එනම් ටෙලිපති වගේ කියවීමක්‌ ද මෙහි නැහැ. ඔහු මගේ ජීවිත විස්‌තරයත්, සත්‍ය කේන්දරයත් ඔහු මට දුන්නා. මගේ නාඩි වාක්‍යවලට අනුව මම ඉපදිලා තියෙන්නේ වෘෂභ ලග්නයෙන්. ඒ මත පිහිටා මගේ ජීවිතය පිළිබඳ විස්‌තර රාශියක්‌ ඒ අය දුන්නා.

    ප්‍රශ්නය : ස්‌වාමීනි, නාඩි වාක්‍ය ගැන ඔබ වහන්සේට වෙන විශේෂ යමක්‌ කියන්න තියෙනවාද?

    නාහිමි : හොඳයි, මං ඔබට කියන්නම්. කල්පනා කළ යුතු ඉතාම වැදගත් නිශ්චිත දෙයක්‌ ඔවුන් ළඟ තියෙනවා විශේෂ පොත් වර්ගයක්‌ මනෝමයෙන් ප්‍රශ්නවලට උත්තර දෙන. ඔබ ඔබගේ ප්‍රශ්නය ඔවුන්ට කියන්න ඕන නැහැ. ප්‍රශ්නය ඔවුන්ගෙන් අහන්න ඕන නැහැ. ඔබට තියෙන්නේ ප්‍රශ්නය හිතන එක විතරයි. ඒ සමගම ඔබේ කේන්දර කොපිය ඔහුට දෙන්න ඕන. ඒ ක්‍රමයට කියන්නේ තනි කාණ්‌ඩ නැත්නම් "ප්‍රෙත්‍යය කාණ්‌ඩ" කියලා. මේ ක්‍රමයෙන් මම හුඟක්‌ විස්‌තර කීප අවස්‌ථාවකදීම ලබා ගත්තා. සමහර පුද්ගලයන්ගේ ගැන විස්‌තර ලබා ගැනීමට කීප අවස්‌ථාවකදීම ගියා. එම තනි කාණ්‌ඩම් ඇසුරෙන් විස්‌තර ලබා ගත්තා. එක දවසක්‌ මට හිතුනා බුදුන් වහන්සේගේ ජීවිත විස්‌තරය ලබා ගන්න ඕන කියලා. මට දැන ගන්න ඕන වෙලා තිබුණේ අපේ බෞද්ධයන් බුද්ධ කාලය ගැන දරණ මතය ද යුරෝපිsන්ගේ මතය ද නිවැරදි කියලා දැන ගන්න. එහෙම හිතලා බුදුන් වහන්සේගේ ජීවිත විස්‌තරය තනි කණ්‌ඩාම් ආශ්‍රයෙන් ලබා ගන්න ඕන කියලා හිතාගෙන මං මගේ කේන්දර පිටපත ඒ තැනැත්තාට දුන්නා. ඔහු ඔහුගේ තනි කණ්‌ඩාම් පොත මගේ කේන්දර පිටපත හමුවන තෙක්‌ පෙරලුවා.

    ඔහු පිටු පෙරළලා බලලා මගේ කේන්දර පිටපත සොයා ගත්තා. ඔහු ඊට පස්‌සේ විස්‌තර කියන්න පටන් ගත්තා. ඔහු කිව්වා ඔබ හිතාගෙන ආවේ "මහා සෘෂි ගෞතම"ගැන කියලා. ඒ වචන තමයි ඔහු පාවිච්චි කළේ. මම කිව්වා ඔව් කියල. හොඳයි ඒ විස්‌තරය මෙහේ තියනවා. රුපියල් විස්‌සක්‌ ගෙවන්න. මම රුපියල් විස්‌සක්‌ දුන්නා. ඔහු බුදුන් වහන්සේගේ ජීවිත විස්‌තරය සැකෙවින් මට කොපි කරලා දුන්නා. එහි සඳහන් වී තිබුණා බුදුන් වහන්සේ තුන් පාරක්‌ ලංකාවට වඩින බව. බුදුන් වහන්සේගේ කේන්දර සටහනත් උත්පත්ති සහ, ග්‍රහ සටහන මට දුන්නා වැදගත් කාරණයක්‌ තියෙනවා කියන්න. ශ්‍රී ලංකාවේ දින වකවානු එනම් 543 බී.සී. ගණන නිවැරදියි. ඒ අනුව මම සම්පූර්ණ කියවීම් පිටපතක්‌ ලබා ගත්තා. ඒ සියල්ල අපේ ශ්‍රී ලංකාවේ පාලි පිටපත් ග්‍රන්ථවලට එකඟයි. කිසිම වෙනසක්‌ නැහැ සමහරු කියනවා වගේ අතිශයෝක්‌තියෙන් හෝ වැඩිපුර දේවල් එකතු කරලා නැහැ. බුදුන් වහන්සේ ගැන අපේ පොත් පත්වල ඇති දේ අතිශෝක්‌තියෙන් ලියවුණු දේවල් කියලා සමහරු වැරදි විදිහට හිතනවා. ඒ කාණ්‌ඩම් වලින් කියවපු දේ නිවැරදියි. කිසි දෙයක්‌ අමුතුවෙන් එකතු වෙලා හෝ අතිශෝක්‌තියෙන් කියවපු කිසිම දෙයක්‌ නැහැ.

    nadi2තවත් අවස්‌ථාවක මට හිතුණා ඡේසුතුමාගේ ජීවිත විස්‌තරය ලබාගත යුතුයි කියලා. මම ඡේසුතුමා ගැන සිහි කරගෙන මගේ කේන්ද්‍ර පිටපත දුන්නා. ඔහු ඔහුගේ පොත පෙරළලා බැලුවා.

    එහිදී ඔහු පොත් පෙරළලා බැලුවේ මං පැමිණි දිනය පාදක කරගෙනයි. ඔහු පොත් පෙරළමින් පරීක්‍ෂා කරමින් ඉඳලා කිව්වා ඔබ හිතාගෙන ආවේ "මරියා මගන්" ගැන කියලා. ඒ කියන්නේ "මේරිගේ පුතා" කියලා. මම කිව්වා ඔව් කියලා. ඒ විස්‌තරය මෙහි තියෙනවා. මම රුපියල් විස්‌සක්‌ ගෙව්වා. ඔහු එම විස්‌තරය කොපි කරලා දුන්නා ඔහුගේම අත්අකුරින්. ඒ කොපිය මා ළඟ තියනවා. ඒ විස්‌තරය ලියන ගමන්ම එහි සඳහන් දේ ඉංග්‍රීසියට පරිවර්තනය කරලා කිව්වා. ඒ අනුව ඡේසුතුමා පෝසත් පවුලක කෙනෙක්‌ නෙවෙයි.

    ප්‍රශ්නය : දුප්පත් පවුලක කෙනෙක්‌.

    නාහිමි : මේ ඡේසු දරුවට අවශ්‍ය වෙලා තිබුණා තමන් අදහන ආගම පිළිබඳ මුල් ඉගැන්වීම් පිළිබඳ දැන ගන්න. හේතුව ඔහුගේ පවුල ඒ අවස්‌ථාවේදී එක්‌තරා ආගමක්‌ අදහලා තියෙනවා. "සෙමින් එසෙන්ස්‌" කියන ආගමක්‌. එම නිසා ඡේසු දරුවාට ඕන වෙලා තිබුණා මුල් ඉගැන්වීම් පිළිබඳ සොයා බලන්න. ඔහු තමන්ගේ දෙමාපියන්ටත් නොකියා තවලමකට එකතු වෙලා පර්සියාවටත්, එතැනින් සුළු ආසියාවටත්, ඉන්දියාවටත් ගියා. ඉන්දියාවේ මාස කීපයක්‌ සිටින අතරතුර ඔහුට විවිධ ගුරුවරුන් හමුවුණා. ඒත් ඔවුන්ගේ ඉගැන්වීම් ගැන සෑහීමකට පත් වුණේ නෑ. අන්තිමේදී වාසනාවට මෙන් කාශ්මීරයේ දී එක්‌තරා සර්වස්‌ත්‍රවාදී බෞද්ධ භික්‌ෂුන් වහන්සේ නමක්‌ හමුවී තිබෙනවා. මේ භික්‌ෂූන් වහන්සේ තිබ්බතයේ ලාඩාක්‌ නුවර හිම්ස්‌ ආශ්‍රමයට යමින් සිටි භික්‌ෂු නමක්‌. ඡේසුතුමා ප්‍රශ්න කීපයක්‌ම උන්වහන්සේගෙන් අසා තිබෙනවා. එම භික්‌ෂුන් වහන්සේ ඒ ප්‍රශ්න සියල්ලටම ඉතා සාර්ථකව උත්තර දී තිබෙනවා. ඡේසු දරුවා බලවත් සතුටට පත්වෙලා මේ දෙය දැන ගැනීමට තමයි මම මේ තරම් දුරක්‌ ආවේ, කරුණාකරලා මං ඔබතුමාගේ අනුගාමිකයෙක්‌ වශයෙන් පිළිගන්න කියලා ඉල්ලා තිබෙනවා. ඡේසුතුමා බෞද්ධ භික්‌ෂුවක්‌ වශයෙන් එකතු වෙලා උන්වහන්සේ සමග ලාඩාක්‌ නුවර හිම්ස්‌ ආශ්‍රමයට ගියා.

    ඔහු විවිධ ගුප්ත විද්‍යාවන් (ලැවකේෂන්) වගේ දේ ඉගෙන ගත්තා. ඒ වගේම බුද්ධ ධර්මයද විවිධ ප්‍රතිකාර ක්‍රම ද මනෝමය සිරුරෙන් පිටවීම හා වෙනත් සිරුරු මැවීම් ආදී බොහෝ දේ ඔහු ඉගෙනත්තා. විසි නවවැනි වියේ දී ඔහු ආපසු සිය ගම් රට බලා ගියා. ඔහු තමන් උගත් ධර්මය දේශනා කළා. මේ අවස්‌ථාවේ මුහුදු රළ ගලන්නාක්‌ සේ බොහෝ ජනතාව ඔහුගේ ඉගැන්වීමට වසඟ වුණා. මොකද? මෙය ඔවුනට විශ්වාසවන්ත හා පැහැදිලිව සිතන්නට ඉඩ දී තිබුණ දහමක්‌ නිසා. එම නිසා මෙම දහම ඉතා ජනප්‍රිය වුණා වගේම බොහෝ දෙනෙක්‌ අනුගමනය කළා. එම නිසා සතුරු පිරිස්‌ ඔහුව මරා ගන්නට උත්සාහ කළා.

    ඡේසුතුමාට කොහොම හරි මේ ආරංචිය දැන ගන්නට ලැබුණා. තමන් කුරුසයේ තබා හානියට පත් කිරීමට සූදානමක්‌ තිබෙන බව දැන ගන්නට ලැබුණා. ඒ අවස්‌ථාවේදී ඔහු පලස්‌තීනය හැර දමා ඉන්දියාවට ගියා.

    ඒ අනුව ඡේසුතුමා කුරුසයේ තබා ඇණ ගැසුවේ නැහැ. එම කියවීම් අනුව එහි සඳහන් වෙනවා ඡේසුතුමා බුදුන් වහන්සේ වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළා කියලා. එතුමාගේ නම කිසි දිනක ලෝකයාට අමතක නොවන බව කියා නාඩි වාක්‍ය අවසන් කර තිබෙනවා. මට මේ වේලාවේ තවත් කාරණයක්‌ මතක්‌ වෙනවා.

    දවසක්‌ මා දන්නා හාමුදුරුනමක්‌ නේපාලයේ, කත්මන්ඩු නගරයට යැම සඳහා මට ආරාධනාවක්‌ කළා. මම ඊට පෙර නේපාලයේ ගිහිල්ලා නැහැ. එම නිසා එම ගමනට මම කැමති වුණා. අපි ගියේ බස්‌ රියකින්. ගමනේ මැද හරියේදී බස්‌ රථයේ සිටි අය බසයෙන් බැහැලා ගියා. බසයේ සිටි එක මහත්තයෙක්‌ මගෙන් ඇහැව්වා ඔබ වහන්සේ අර ස්‌ථානය බලන්න යන්නේ නැද්ද කියලා. මං ඇහුවා මොනවද එතන තියෙන්නේ කියලා.

    ලබන සතියට
     
    • Like
    Reactions: sidathsaumya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොහොමඩ් ගැන අහල නැද්ද?

    මේ ලෝකෙ ජේසු කියල නම තියෙන අය ඕනෙ තරම් හිටිය. අදටත් ඉන්නව. නාහිමි නාඩිවාක්කිය ඇහුවෙ ඒ කවුරු ගැනද දන්නෙ නෑ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මොහොමඩ් ගැන අහල නැද්ද?

    මේ ලෝකෙ ජේසු කියල නම තියෙන අය ඕනෙ තරම් හිටිය. අදටත් ඉන්නව. නාහිමි නාඩිවාක්කිය ඇහුවෙ ඒ කවුරු ගැනද දන්නෙ නෑ.

    ඒ ගැන උබ කලබල වෙන්න එපා.. උබ නාඩි වාක්‍ය විශ්වාස කරන්නෙත් නැත්නම්, ඒවා අදාලත් නැත්නම් bottom කොල්ලෙක් හොයාගෙන පාඩුවේ ඉදපන්..
     
    • Like
    Reactions: u.saradiyel

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ela.........................tfs mcn.

    එල මචන්..
    මන් "ජෙසුස් නම් බුද්ධ ශ්‍රාවකයානෝ" පොත කියවල තියෙනවා.. ඒත් මන් ලොකුවට ඒ විස්තරය විශ්වාස කලේ නෑ..
    මේ 4 වෙනි ලිපිය කියෙව්වට පස්සෙ, ආයිත් දෙපාරක් හිතන්න දෙයක් නෑ..
    බලන්ගොඩ ආනන්ද මයිත්‍රී හාමුදුරුවන් කිව්ව දෙයක් අවිශ්වාස කරන්න කිසිම හේතුවක් නෑ...
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    එල මචන්..
    මන් "ජෙසුස් නම් බුද්ධ ශ්‍රාවකයානෝ" පොත කියවල තියෙනවා.. ඒත් මන් ලොකුවට ඒ විස්තරය විශ්වාස කලේ නෑ..
    මේ 4 වෙනි ලිපිය කියෙව්වට පස්සෙ, ආයිත් දෙපාරක් හිතන්න දෙයක් නෑ..
    බලන්ගොඩ ආනන්ද මයිත්‍රී හාමුදුරුවන් කිව්ව දෙයක් අවිශ්වාස කරන්න කිසිම හේතුවක් නෑ...

    උඹ ඒ පොත් කියවනවද? එළනෙ................

    බළංගොඩ හාමුදුරුවො රට ගැන, සිංහලයට වෙනදේ ගැන එහෙම අහන්නෙ නැතිව ඇතිනේ බන්?
    :rolleyes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ ගැන උබ කලබල වෙන්න එපා.. උබ නාඩි වාක්‍ය විශ්වාස කරන්නෙත් නැත්නම්, ඒවා අදාලත් නැත්නම් bottom කොල්ලෙක් හොයාගෙන පාඩුවේ ඉදපන්..

    උඹ දෙයක් කිව්වොත් ඇත්තක්මනෙ. මට නම් හෙනටම විස්වාසයි නාඩි වාක්කිය. :yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උඹ ඒ පොත් කියවනවද? එළනෙ................

    බළංගොඩ හාමුදුරුවො රට ගැන, සිංහලයට වෙනදේ ගැන එහෙම අහන්නෙ නැතිව ඇතිනේ බන්?
    :rolleyes:

    අහන්නත් ඇති බන්.. ඒත් මේ ලිපි වල ඒක තියෙයිද කියල sure නෑ..
    ඒකත් හරියට කොග්ගල නිලමෙ පොතේ 3 වැනි වෙලුම වගේ වෙයිද දන්නෙ නෑ...
     
    Bump