නාඩි වාක්‍යය ගැන ආනන්ද මෛත්‍රීය මාහිමිගේ

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    2jd15s.jpg

    100% Agreed
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    මචං ඕවා පැටලෙන්නේ ඕවා අස්සට රිංගන්න ගියොත්නේ....
    කොහොමසත් ඕවා පැටලිලි සහගතයි....
    ඒ හින්ද ඕවල මම කොහොමත් පැටලෙන්න යන්නේ නෑ...
    මම ලංකාවට අද වෙන කොට වෙලා තියෙන දේ ගැනයි කිව්වේ....
    අපි හැම දේකින්ම අසමත් ජාතියක්... නැත්තං උඹ මේක මේකෙ දැම්මට මම අපහාස කළා නෙවෙයි....
    අතිශය බහුතරය උඹ වගේ හිතන එවුන්... ඒ හින්ද අවුලක් නෑ...
    අපේ රටේ ප‍්‍රායෝගික මිනිස්සු හරි අඩුයි... හැම වෙලාවකම අපි ඇස් ඇරගෙන ඉන්නේ අතීතයට...
    එදා මෙහෙම කලාලූ, එහෙම අය හිටියලූ.... අපි හරි දියුණු ජාතියක්ලූ....
    හැබැයි අපි කවදාවත් ඉස්සරහට ඇස් ඇරල බලන්නේ නෑ.... ඒ හින්ද ප‍්‍රායෝගිකව හිතන මුසල්මානුව දවසින් දවස රට ආක‍්‍රමණය කරනවා... අනිත් පැත්තෙන් බෙදුම්වාදින් තමන්ගේ අරමුණට ළං වෙනවා...
    අපි.... ? අපිට නිවැරදි නායකත්වයක් නෑ.... බහුතරයක් ආර්ථික අතින් දුබලයි... උදේ ඉඳන් උඹල අපි සදෙව් විමාන ගැනයි, අනිත්‍ය ගැනයි, නාඩි ගැනයි, ශාස්තර හූනියම්, ලග්න පලාපල පස්සෙයි පන්න පන්න මොනවදෝ හොයනවා.... ඒ අතර තුර ඉඳල හිටල අෙඩෝව් වරෙව් ජාතිය රකිමු ආගම රකිමු කියල සද්දයක් දානවා.... ආයෙත් අර කලින් කිව්ව චක‍්‍රයේ හිරවෙලා ඉන්නවා....

    මම ගොඩක් කැමතියි ඔය නාඩි ත්‍රෙඞ් එකට වඩා සිංහලයාට ගොඩයන්න හොඳ ආර්ථිකයක්, හොඳ දැක්මක් තියෙන දෙයක් දැම්ම නම්.... තරහ වෙන්න එපා මේක මගේ අදහස.... :cool:

    Superb... Respect you sir....... :yes::yes::yes:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    උබේ කතාවට මන් එකගයි..
    නමුත් ඉතිහාසය නොදැන යන ගමන සුභ වෙන්නෙ නෑ.. විශේෂයෙන් ම ආසියාවේ රටවල් වලට.. මුලින් වැටුන වලට නොවැටී ඉන්න නම් ඉතිහාසය දනගන්නම ඕනා..

    2002 දි රට විනාස කරපු චන්ද ටිකම ජනවාරි 8 ත් යොදා ගන්න පුලුවන් උනේ ඒකයි..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මචං අපි ඉතිහාසය දැනගන්න ඕන... ඒ ඉතිහාසට සුදු හුණු ගාන්න නෙවෙයි අනාගතයට පාර හදන්න...
    ජනවාරි 08 වැරදුණේ අපි ඉතිහාසය දැනගෙන ඉඳල නෙවෙයිද? අද වෙන කොට ලංකාව එක එකාගේ ආසාවන් වලට රෙද්ද උස්සන ගණිකාවක් වෙලා තියෙන්නේ අපි ඉතිහාසය දැනගෙන ඉඳල නෙවෙයිද...?

    නෑ අපි ඔක්කොම ඉතිහාසය දන්නවා... හැබැයි අද අපි ඉතිහාසය වමාරන්නේ වර්තමානයේ අපේ නොහැකියාව වහගන්න පලිහක් විදියට.... එදා රාවණා උඩින් ගිය එක ඇත්ත නම් අද අපි අගහරුට රොකට් යවන්න පුලූවන් තරමට දියුණු වෙලා ඉන්න ඕන.... බුදු හාමුදුරුවෝ තෙවරක් වැඩම කරලත් බුදුදහම නිවැරදිව ග‍්‍රහණය කරගන්න බැරි වුණු අපිට මිහිදු හාමුදුරුවොත් ආයෙත් අවුරුදු ගාණකට පස්සේ ආයෙත් බුදු දහම අරන් ආවේ ඇයි...? එහෙම අරගෙන ආපු බුදු දහම ආයෙත් ගණින්නාන්සෙලා අතට ගිහිල්ල ආයෙත් සියමෙන් උපසම්පදාව ගෙනල්ල බුදු දහම පිහිටුවන්න උනේ ඇයි... ? වෙන මොනවත් නෙවෙයි අපි අසමත් ජාතියක්... අපි ප‍්‍රායෝගික නෑ..... අපි ටක්ගාලා මිත්‍යාවන් වලට අහුවෙන්නේ ඒකයි.... අපි ඇණේ ගහන්න මිටියක් හදනව වෙනුවට මිටියක් ආනයනය කරලා අපි පාරම්බානවා මුහුද දෙබෑ කරගෙන ඉන්දියාවට ගිහිල්ල ගේම ඉල්ලපු රජවරු ඉතිහාසයේ හිටිය කියල.... අපිට වැරදිලා බං.....
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    උබේ කතාවට මන් එකගයි..
    නමුත් ඉතිහාසය නොදැන යන ගමන සුභ වෙන්නෙ නෑ.. විශේෂයෙන් ම ආසියාවේ රටවල් වලට.. මුලින් වැටුන වලට නොවැටී ඉන්න නම් ඉතිහාසය දනගන්නම ඕනා..

    2002 දි රට විනාස කරපු චන්ද ටිකම ජනවාරි 8 ත් යොදා ගන්න පුලුවන් උනේ ඒකයි..

    ඉතිහාසය දැනගෙන යන එක ආසියාතික රටවලට විතරක් නෙමෙයි හැම රටකටම හොදයි.
    අනිත් රටවල් ඉතිහාසය දැනගෙන පාඩම් ඉගෙනගෙන ඉස්සරහට යනවා.
    එත් ලංකාවේ.....
    එකම බොරුවට මිනිස්සු කීපාරක් නම් අහුඋනාද?
    විශේෂයෙන් යන්තර මන්තර, ජෝතිෂ, රට රැකියා වලට යවන උන්.....
    අපේ මිනිස්සු ඉතිහාසේ හදාරලා වැඩි වෙලාද මන්දා අදත් එකම බොරුවට අහුවෙනවා, හෙටත් අහුවෙනවා, අනිද්දටත් අහුවෙනවා.......

    අනිත් කාරණේ, අපේ මිනිස්සු බලන්ගොඩ හාමුදුරුවන්ගෙන් ගන්න ඕන දේවල් එකක් වත් ගත්ත කියලත් මම නම් හිතන්නේ නෑ.
    පොත් ලියන උනුයි, ගොසිප් කාරයොයි, පත්තර කාරයොයි හැමෝම ඒ හාමුදුරුවන් වහන්සේව මැජික් කාරයෙක් ගානට දාල ලියන්නේ. මේ ලිපියත් ඒ වගේම එකක් තමයි.....
    :yes::yes::yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉතිහාසය දැනගෙන යන එක ආසියාතික රටවලට විතරක් නෙමෙයි හැම රටකටම හොදයි.
    අනිත් රටවල් ඉතිහාසය දැනගෙන පාඩම් ඉගෙනගෙන ඉස්සරහට යනවා.
    එත් ලංකාවේ.....
    එකම බොරුවට මිනිස්සු කීපාරක් නම් අහුඋනාද?
    විශේෂයෙන් යන්තර මන්තර, ජෝතිෂ, රට රැකියා වලට යවන උන්.....
    අපේ මිනිස්සු ඉතිහාසේ හදාරලා වැඩි වෙලාද මන්දා අදත් එකම බොරුවට අහුවෙනවා, හෙටත් අහුවෙනවා, අනිද්දටත් අහුවෙනවා.......

    අනිත් කාරණේ, අපේ මිනිස්සු බලන්ගොඩ හාමුදුරුවන්ගෙන් ගන්න ඕන දේවල් එකක් වත් ගත්ත කියලත් මම නම් හිතන්නේ නෑ.
    පොත් ලියන උනුයි, ගොසිප් කාරයොයි, පත්තර කාරයොයි හැමෝම ඒ හාමුදුරුවන් වහන්සේව මැජික් කාරයෙක් ගානට දාල ලියන්නේ. මේ ලිපියත් ඒ වගේම එකක් තමයි.....
    :yes::yes::yes:

    අපි ඊයේ පැරදුණු මැච් එකට අද දිනනවා කියල ආයෙත් ඔට්ටු අල්ලන ජාතියක්..... :(
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචං අපි ඉතිහාසය දැනගන්න ඕන... ඒ ඉතිහාසට සුදු හුණු ගාන්න නෙවෙයි අනාගතයට පාර හදන්න...
    ජනවාරි 08 වැරදුණේ අපි ඉතිහාසය දැනගෙන ඉඳල නෙවෙයිද? අද වෙන කොට ලංකාව එක එකාගේ ආසාවන් වලට රෙද්ද උස්සන ගණිකාවක් වෙලා තියෙන්නේ අපි ඉතිහාසය දැනගෙන ඉඳල නෙවෙයිද...?

    නෑ අපි ඔක්කොම ඉතිහාසය දන්නවා... හැබැයි අද අපි ඉතිහාසය වමාරන්නේ වර්තමානයේ අපේ නොහැකියාව වහගන්න පලිහක් විදියට.... එදා රාවණා උඩින් ගිය එක ඇත්ත නම් අද අපි අගහරුට රොකට් යවන්න පුලූවන් තරමට දියුණු වෙලා ඉන්න ඕන.... බුදු හාමුදුරුවෝ තෙවරක් වැඩම කරලත් බුදුදහම නිවැරදිව ග‍්‍රහණය කරගන්න බැරි වුණු අපිට මිහිදු හාමුදුරුවොත් ආයෙත් අවුරුදු ගාණකට පස්සේ ආයෙත් බුදු දහම අරන් ආවේ ඇයි...? එහෙම අරගෙන ආපු බුදු දහම ආයෙත් ගණින්නාන්සෙලා අතට ගිහිල්ල ආයෙත් සියමෙන් උපසම්පදාව ගෙනල්ල බුදු දහම පිහිටුවන්න උනේ ඇයි... ? වෙන මොනවත් නෙවෙයි අපි අසමත් ජාතියක්... අපි ප‍්‍රායෝගික නෑ..... අපි ටක්ගාලා මිත්‍යාවන් වලට අහුවෙන්නේ ඒකයි.... අපි ඇණේ ගහන්න මිටියක් හදනව වෙනුවට මිටියක් ආනයනය කරලා අපි පාරම්බානවා මුහුද දෙබෑ කරගෙන ඉන්දියාවට ගිහිල්ල ගේම ඉල්ලපු රජවරු ඉතිහාසයේ හිටිය කියල.... අපිට වැරදිලා බං.....

    ඉතිහාසය ඉගෙනගෙන විතරක් මදි මචන්.. ඒක වර්තමාන එක්ක ප්‍රායෝගිකව යොදා ගන්න ඕනෙ.. උබ කියන දේ හරියට හරි.. අපි නොකරන්නෙත් ඒකම නේද්?
    පොඩි කාලෙ ඉදල අපිට උගන්නනවා, කහ ඉරෙන් පාර මාරු වෙන්න කියල.. අපි ඒ දේ කරනවද ප්‍රායෝගිකව ?
    මෙතන තියෙන්නෙ ඉතිහාසය ගැන ප්‍රශ්නයක් නෙමෙයි. මේ රටේ මිනිස්සුන්ගේ විනය පිරිහීමයි, ආකල්පමය වෙනසක් නැති කමයි.. ඉතින් උදේ හවස බණ කිව්වත් වැඩක් නෑ, මේ මිනිස්සු ඒ දේ හිතට දා ගන්නෙ නැත්නම්..

    අනික අපේ උන් හරි ආසයි ඉක්මනට රැවටෙන්න.. එහෙම රවට්ටන උන් නිසා මිනිස්සු සත්‍ය දේවල් වලිනුත් ඈත් වෙලා, ඒවා ඇත්තද බොරුද අහන තත්වෙට වැටිලා..
    බලන්ගොඩ හාමුදුරුවන්ට නාඩි වාක්‍ය ගැන ලියල, කාගෙන්වත් ලාභ ප්‍රයෝජන ගන්න උවමනාවක් තිබුන කියල මන් හිතන්නෙ නෑ.. එතුමාගෙ චරිතය කියවපු කිසිම කෙනෙක් එහෙම හීනෙන් වත් හිතන්නෙත් නෑ..

    මන් මෙ ලිපි පෙල දාන්නෙ, මන් ඒවා අත්දැකීම් ලබපු නිසා, දන්න අදුනන අය කියපු දේවල් නිසා.. අනික මන් මෙච්චර කල් කියවල අහලා තියෙන දෙවල් එක්ක, මේ ලිපි වලින් කියවෙන දේවල් සමපාත වෙන නිසා..
     
    Last edited:

    :):)
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉතිහාසය දැනගෙන යන එක ආසියාතික රටවලට විතරක් නෙමෙයි හැම රටකටම හොදයි.
    අනිත් රටවල් ඉතිහාසය දැනගෙන පාඩම් ඉගෙනගෙන ඉස්සරහට යනවා.
    එත් ලංකාවේ.....
    එකම බොරුවට මිනිස්සු කීපාරක් නම් අහුඋනාද?
    විශේෂයෙන් යන්තර මන්තර, ජෝතිෂ, රට රැකියා වලට යවන උන්.....
    අපේ මිනිස්සු ඉතිහාසේ හදාරලා වැඩි වෙලාද මන්දා අදත් එකම බොරුවට අහුවෙනවා, හෙටත් අහුවෙනවා, අනිද්දටත් අහුවෙනවා.......
    ....
    :yes::yes::yes:

    ඇත්ත.. 88-89 කාලෙ හිටපු උන් ඒ දවස් වල කියන්න ඇති, මලත් ආයිත් UNP එකට චන්දෙ දෙන්නෙ නෑ කියල.. එහෙම කියල 2002 දි දුන්නා..
    2002 දි රට කොටියට ලියල දීලා, බෝම්බ පිපිරෙද්දි කිව්වා ආයිත් නම් UNP ආන්ඩුවකට චන්දෙ දෙන්නෙ නෑ කියල.. එහෙම කියල 2015 දි දුන්නා..
    දැන් ආයිත් කියනවා ආයිත් නම් UNP ආන්ඩුවකට චන්දෙ දෙන්නෙ නෑ කියල..ඔය කියන උන් 2025දි ආයිත් රට කෙලවන තැනටම ඇදලා දානවා, ආයිත් ඒකෙ දෙකක් නෑ..
    අපේ උන් ඉතිහාසෙන් නෙමෙයි, උන්ගෙ අම්මලගෙන් වත් පාඩමක් ඉගෙනගන්නෙ නැති ජාතියක්..
     
    Last edited:
    • Like
    Reactions: Pathfinder_A2Z

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඔයා දෙවියන් ඉන්නවා කියල විශ්වාස කරනවද?
    මොකද එතනින්ම කතාව ඉවර කරතෑකි..

    dewiyo wishwasa karanawa kiyanne dewala, jothishaya, pena kiyana aya, manthra gurukam, holman, thowil yakku perethayo okkomama wishawasa karanna wenawane. mn dewiyo kiyala jathiyak innawa kiyala wishwasa karanne na.

    mn kalin kiyapu deta dewiyo adala wenne kohomada ?
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මොන මුඩි ද මන් දන්නෙ නෑ.. නමුත් උබ ලිපි 4 ම කියවල නෑ කියල නම් පේනවා..
    උබ කියන දේම ප්‍රශ්නයක් විදිහට අහනවා.. බලන්ගොඩ හාමුදුරුවෝ දෙන උත්තරය මොකක්ද කියවල බලපන්..

    මම ඔය කියන එක ප්‍රත්‍යක්ෂ කරගෙනයි කිවුවේ , මේක ගැන අධ්‍යනය කරලා නැතිනම් බොරුවට තර්ක කරලා වැඩක් නැහැ .
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    dewiyo wishwasa karanawa kiyanne dewala, jothishaya, pena kiyana aya, manthra gurukam, holman, thowil yakku perethayo okkomama wishawasa karanna wenawane. mn dewiyo kiyala jathiyak innawa kiyala wishwasa karanne na.

    mn kalin kiyapu deta dewiyo adala wenne kohomada ?
    මං හිතාගෙන හිටපු උත්තරේ තමයි ඔය එලියට ආවේ.. දෙවියන්, ප්‍රේතයන් සහ අනෙකුත් අමනුෂ්‍යයන් පිළිබද විශ්වාස නොකරන ඔයාගෙන් මං ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ..:no::no:

    ඇහැට දකින දේ විතරක් විශ්වාස කරපු පල්ලියේ උන්, 17 වැනි ශතවර්ෂයේ හිටපු විද්‍යාඥයන්ට කිව්වේ මිත්යාදෘෂ්ටිකයෝ කියලා.. මොකද ඔවුන් ඒ දවස් වල මත පල කළා, මිනිස්සුන්ට ලෙඩ රෝග හැදෙන්නේ ඇහැට නොපෙනන ජීවීන් කොට්ටාශයකින් කියල.. මේ මතය ඉදිරිපත් කරපු ඇතැම් අයව පල්ලියෙන් එල්ලලා මැරුවා..
    නමුත් ඇන්ටන් වෑන් ලීවාන්හුක් මුලින්ම අන්වීක්ෂය හොයා ගත්තට පස්සේ, පල්ලියේ උන්ට යන එන මං නැති උනා... මොකද මිත්යාදෘෂ්ටිකයෝ කවුද කියන එක සමාජයෙන්ම තීරණය කල නිසා..

    ඔයාටත් කියන්න තියෙන්නේ එච්චරයි.. දෙවියන් ගැන, මීට වසර 5000 කට කලින් හිටපු ඍෂි වරු ගැන විස්තර,ඔයාට ගල් පැලෙන කෙප්ප වෙන්න පුළුවන්.. ඒ ඔයාගේ බුද්ධි මට්ටම අනුව. නමුත් බුදුදහමේ සම්‍යක් දෘෂ්ටිය සහ මිත්‍යා දෘෂ්ටිය මොකක්ද කියල පොඩ්ඩකට හරි කියවලා බැලුව නම් තාමත් පරක්කු නොවෙන්න ඉඩ තියෙනවා...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඡේසුතුමා කුරුසයේ තබා ඇණ ගැසුවේ නැහැ. එම කියවීම් අනුව එහි සඳහන් වෙනවා ඡේසුතුමා බුදුන් වහන්සේ වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළා කියලා

    බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන්ගේ මෙතෙක්‌ පළ නොවූ සාකච්ඡා පෙළ 04 - බුදු හාමුදුරුවෝ ගැන ඡේසුස්‌ වහන්සේ ගැන නාඩි වාක්‍යයෙන් කියූ දේවල්

    නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති) දිවංගත ප්‍රභාත් මානවසිංහ මහතා ද, දිවයින පුවත් පතේ ප්‍රවෘත්ති කර්තෘව සිටි දිවංගත දයාරත්න රණසිංහ මහතා ද සහභාගි වූහ. සිංහල බසින් රූපවාහිනි සාකච්ඡාව මෙහෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා නිවේදකව සිටි සුගත් ලයනල් රණසිංහ මහතාය. ඉංග්‍රීසි බසින් සාකච්ඡාව මෙහෙයවූයේ එවකට ස්‌වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා වාර්තාකරු ලෙස සේවය කළ අතුල රත්නායක මහතා ය. ඇතැම් අවශ්‍ය කරුණු සහ ගැටලු සහිත තැන් පිළිබඳ විමසන ලද්දේ මවිසිනි. එකී සාකච්ඡා වෙන් වෙන් වශයෙන් දැක්‌වීමෙන් පාඨක ඔබ තුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට කොටස්‌ වශයෙන් පළවන බව සලකන්න.

    ප්‍රශ්නය : ඊට පස්‌සේ ඇත්තටම මොකද වුණේ ස්‌වාමීනි ?

    නාහිමි : ඊට පස්‌සේ ආයිත් ඔහු කිව්වා, ඔබට හතරවෙනි නමකුත් තියෙනවා "ආනන්ද මෛත්‍රය"කියලා. මං කිව්වා හරි කියලා. ඒ සියල්ල ඇත්තයි, සත්තයි කියලා. එහෙනම් ඔබගේ මවගේ නම "සින්නමානික්‌කම්" මගේ අම්මගේ නම "හීන් මැණිකේ" ඊට පස්‌සේ ඔහු ඇහුවා මේ සියල්ලම ඇත්තද කියලා. මං කිව්වා හරි කියලා. එහෙනම් ඔබගේ පියාගේ නම "මදියන් අප්පන් සාමි" මං කිව්වා හරි කියලා. මොකද මගේ පියාගේ නම "මැතියෙස්‌ අප්පුහාමි" මේ සියලුම දේ හරි ද කියලා ඔහු ඇහුවා. මං කිව්වා හරි කියලා. ඊට පස්‌සේ ඔහු කිව්වා මට ඔබගේ කේන්දරය දෙන්න පුළුවන් කියලා. ඒ වෙනුවෙන් මං රුපියක්‌ විස්‌සක්‌ අය කරනවා කියලා.

    ප්‍රශ්නය : ඔබ වහන්සේ විශ්වාස කරනවාද මේ සියල්ලම ඇත්ත කියලා?

    නාහිමි : ඔව් සියලුම දේ ඇත්ත. ඊට පස්‌සේ ඔහු දිග තල්පත් මිටියක්‌ ගෙනාවා. ඔහු මට කිව්වා මේවා කොපි කරලා දෙන්න කොපි පොතක්‌ ගෙනත් දෙන්න කියලා. මගේ නාඩි කියවීමේ විස්‌තරය ලියලා දෙන්න කියලා. මං ළඟම තියෙන කඩේකට ගිහිල්ලා කොපි පොතක්‌ ඒ අයට ගෙනත් දුන්නා. ඒ සමගම රුපියල් විස්‌සකුත් දුන්නා. ඊට පස්‌සේ ඒ පැරණි තල්පත් පිටපතෙන් විස්‌තර කොපි කරන්න පටන් ගත්තා.

    ඔහු මේ තල්පත් පිටපත්වල ඇති දෙය කියව්වේ කුඩා දේ ලොකු කරලා බලන කණ්‌ණාඩියකින්. "මැග්නිෆයින් ග්ලාස්‌" එකක ආධාරයෙන්. මාත් කිට්‌ටු වෙලා තල්පත් පරීක්‍ෂා කළා. ඒත් ඒවා මට කියව ගන්න බැරි වුණා. මං දැක්‌කේ තිත් වගයක්‌ විතරයි. මං ඒ අයගේ මැග්නෆයින් කණ්‌ණාඩිය ඉල්ලාගෙන බැලුවා. ඒත් මං දැක්‌කේ තිත් විතරයි. මට පුදුම හිතුණා මීට අවුරුදු දහස්‌ ගණනකට ඉස්‌සර හිටිය මිනිස්‌සු මේ තරම් කුඩා අකුරු ලිව්ව එක ගැන.

    ප්‍රශ්නය : නායක හාමුදුරුවනේ.. ඔබ වහන්සේ මේ ලබපු අත්දැකීම් අනුසාරයෙන් අපට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද මේ අය සිත් කියවීම තුළින් මේ නාඩි වාක්‍ය කියවනවා කියලා. ඒ වගේම ස්‌වාමීනි, ලොව පහළ වූ ශාස්‌තෲන් වහන්සේලා ගැනත් හොයලා බැලුවද? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වැනි ශාස්‌තෲන් වහන්සේලා ගැන.

    නාහිමි : හොඳයි පළමුව කියන්න ඕන මේක සිත් කියවීමක්‌ නෙවෙයි. ඔහු ඒ අන්තයේ දක්‍ෂයෙක්‌ නෙවෙයි. ඔ

    nadi1

    හු සාමාන්‍යයෙන් පැරණි ලියකියවිලිවල තිබෙන දේ කොපි කරලා ඒවා වර්තමාන භාෂාවට පරිවර්තනය කරනවා. දෙමළ, ඉංග්‍රීසි භාෂාවලට. ඔහු මේ සියලු අනාගත කියවීම් ලබාදෙන්නේ ඔහුගේ දැනීම තුළින් නොවෙයි. මේ සියලු අනාගත වාක්‍ය කියවීම් ඔහු ලබා දෙන්නේ තල්පත්වල ඇති දේ පිටපත් කරලා අනාගත වාක්‍ය තේරුම් කරලා දෙනවා. මේ අනාගත වාක්‍ය ඉතාම නිවැරදියි. සත්‍යයයි. මේ කියවීම් ඔහුගේ දැනීම තුළින් නොවෙයි කියන්නේ. මෙහි මොන විදියකින්වත් සිත් කියවීමක්‌ සිදුවන්නේ නැහැ. අන් අයගේ සිත් කියවීම් එනම් ටෙලිපති වගේ කියවීමක්‌ ද මෙහි නැහැ. ඔහු මගේ ජීවිත විස්‌තරයත්, සත්‍ය කේන්දරයත් ඔහු මට දුන්නා. මගේ නාඩි වාක්‍යවලට අනුව මම ඉපදිලා තියෙන්නේ වෘෂභ ලග්නයෙන්. ඒ මත පිහිටා මගේ ජීවිතය පිළිබඳ විස්‌තර රාශියක්‌ ඒ අය දුන්නා.

    ප්‍රශ්නය : ස්‌වාමීනි, නාඩි වාක්‍ය ගැන ඔබ වහන්සේට වෙන විශේෂ යමක්‌ කියන්න තියෙනවාද?

    නාහිමි : හොඳයි, මං ඔබට කියන්නම්. කල්පනා කළ යුතු ඉතාම වැදගත් නිශ්චිත දෙයක්‌ ඔවුන් ළඟ තියෙනවා විශේෂ පොත් වර්ගයක්‌ මනෝමයෙන් ප්‍රශ්නවලට උත්තර දෙන. ඔබ ඔබගේ ප්‍රශ්නය ඔවුන්ට කියන්න ඕන නැහැ. ප්‍රශ්නය ඔවුන්ගෙන් අහන්න ඕන නැහැ. ඔබට තියෙන්නේ ප්‍රශ්නය හිතන එක විතරයි. ඒ සමගම ඔබේ කේන්දර කොපිය ඔහුට දෙන්න ඕන. ඒ ක්‍රමයට කියන්නේ තනි කාණ්‌ඩ නැත්නම් "ප්‍රෙත්‍යය කාණ්‌ඩ" කියලා. මේ ක්‍රමයෙන් මම හුඟක්‌ විස්‌තර කීප අවස්‌ථාවකදීම ලබා ගත්තා. සමහර පුද්ගලයන්ගේ ගැන විස්‌තර ලබා ගැනීමට කීප අවස්‌ථාවකදීම ගියා. එම තනි කාණ්‌ඩම් ඇසුරෙන් විස්‌තර ලබා ගත්තා. එක දවසක්‌ මට හිතුනා බුදුන් වහන්සේගේ ජීවිත විස්‌තරය ලබා ගන්න ඕන කියලා. මට දැන ගන්න ඕන වෙලා තිබුණේ අපේ බෞද්ධයන් බුද්ධ කාලය ගැන දරණ මතය ද යුරෝපිsන්ගේ මතය ද නිවැරදි කියලා දැන ගන්න. එහෙම හිතලා බුදුන් වහන්සේගේ ජීවිත විස්‌තරය තනි කණ්‌ඩාම් ආශ්‍රයෙන් ලබා ගන්න ඕන කියලා හිතාගෙන මං මගේ කේන්දර පිටපත ඒ තැනැත්තාට දුන්නා. ඔහු ඔහුගේ තනි කණ්‌ඩාම් පොත මගේ කේන්දර පිටපත හමුවන තෙක්‌ පෙරලුවා.

    ඔහු පිටු පෙරළලා බලලා මගේ කේන්දර පිටපත සොයා ගත්තා. ඔහු ඊට පස්‌සේ විස්‌තර කියන්න පටන් ගත්තා. ඔහු කිව්වා ඔබ හිතාගෙන ආවේ "මහා සෘෂි ගෞතම"ගැන කියලා. ඒ වචන තමයි ඔහු පාවිච්චි කළේ. මම කිව්වා ඔව් කියල. හොඳයි ඒ විස්‌තරය මෙහේ තියනවා. රුපියල් විස්‌සක්‌ ගෙවන්න. මම රුපියල් විස්‌සක්‌ දුන්නා. ඔහු බුදුන් වහන්සේගේ ජීවිත විස්‌තරය සැකෙවින් මට කොපි කරලා දුන්නා. එහි සඳහන් වී තිබුණා බුදුන් වහන්සේ තුන් පාරක්‌ ලංකාවට වඩින බව. බුදුන් වහන්සේගේ කේන්දර සටහනත් උත්පත්ති සහ, ග්‍රහ සටහන මට දුන්නා වැදගත් කාරණයක්‌ තියෙනවා කියන්න. ශ්‍රී ලංකාවේ දින වකවානු එනම් 543 බී.සී. ගණන නිවැරදියි. ඒ අනුව මම සම්පූර්ණ කියවීම් පිටපතක්‌ ලබා ගත්තා. ඒ සියල්ල අපේ ශ්‍රී ලංකාවේ පාලි පිටපත් ග්‍රන්ථවලට එකඟයි. කිසිම වෙනසක්‌ නැහැ සමහරු කියනවා වගේ අතිශයෝක්‌තියෙන් හෝ වැඩිපුර දේවල් එකතු කරලා නැහැ. බුදුන් වහන්සේ ගැන අපේ පොත් පත්වල ඇති දේ අතිශෝක්‌තියෙන් ලියවුණු දේවල් කියලා සමහරු වැරදි විදිහට හිතනවා. ඒ කාණ්‌ඩම් වලින් කියවපු දේ නිවැරදියි. කිසි දෙයක්‌ අමුතුවෙන් එකතු වෙලා හෝ අතිශෝක්‌තියෙන් කියවපු කිසිම දෙයක්‌ නැහැ.

    nadi2තවත් අවස්‌ථාවක මට හිතුණා ඡේසුතුමාගේ ජීවිත විස්‌තරය ලබාගත යුතුයි කියලා. මම ඡේසුතුමා ගැන සිහි කරගෙන මගේ කේන්ද්‍ර පිටපත දුන්නා. ඔහු ඔහුගේ පොත පෙරළලා බැලුවා.

    එහිදී ඔහු පොත් පෙරළලා බැලුවේ මං පැමිණි දිනය පාදක කරගෙනයි. ඔහු පොත් පෙරළමින් පරීක්‍ෂා කරමින් ඉඳලා කිව්වා ඔබ හිතාගෙන ආවේ "මරියා මගන්" ගැන කියලා. ඒ කියන්නේ "මේරිගේ පුතා" කියලා. මම කිව්වා ඔව් කියලා. ඒ විස්‌තරය මෙහි තියෙනවා. මම රුපියල් විස්‌සක්‌ ගෙව්වා. ඔහු එම විස්‌තරය කොපි කරලා දුන්නා ඔහුගේම අත්අකුරින්. ඒ කොපිය මා ළඟ තියනවා. ඒ විස්‌තරය ලියන ගමන්ම එහි සඳහන් දේ ඉංග්‍රීසියට පරිවර්තනය කරලා කිව්වා. ඒ අනුව ඡේසුතුමා පෝසත් පවුලක කෙනෙක්‌ නෙවෙයි.

    ප්‍රශ්නය : දුප්පත් පවුලක කෙනෙක්‌.

    නාහිමි : මේ ඡේසු දරුවට අවශ්‍ය වෙලා තිබුණා තමන් අදහන ආගම පිළිබඳ මුල් ඉගැන්වීම් පිළිබඳ දැන ගන්න. හේතුව ඔහුගේ පවුල ඒ අවස්‌ථාවේදී එක්‌තරා ආගමක්‌ අදහලා තියෙනවා. "සෙමින් එසෙන්ස්‌" කියන ආගමක්‌. එම නිසා ඡේසු දරුවාට ඕන වෙලා තිබුණා මුල් ඉගැන්වීම් පිළිබඳ සොයා බලන්න. ඔහු තමන්ගේ දෙමාපියන්ටත් නොකියා තවලමකට එකතු වෙලා පර්සියාවටත්, එතැනින් සුළු ආසියාවටත්, ඉන්දියාවටත් ගියා. ඉන්දියාවේ මාස කීපයක්‌ සිටින අතරතුර ඔහුට විවිධ ගුරුවරුන් හමුවුණා. ඒත් ඔවුන්ගේ ඉගැන්වීම් ගැන සෑහීමකට පත් වුණේ නෑ. අන්තිමේදී වාසනාවට මෙන් කාශ්මීරයේ දී එක්‌තරා සර්වස්‌ත්‍රවාදී බෞද්ධ භික්‌ෂුන් වහන්සේ නමක්‌ හමුවී තිබෙනවා. මේ භික්‌ෂූන් වහන්සේ තිබ්බතයේ ලාඩාක්‌ නුවර හිම්ස්‌ ආශ්‍රමයට යමින් සිටි භික්‌ෂු නමක්‌. ඡේසුතුමා ප්‍රශ්න කීපයක්‌ම උන්වහන්සේගෙන් අසා තිබෙනවා. එම භික්‌ෂුන් වහන්සේ ඒ ප්‍රශ්න සියල්ලටම ඉතා සාර්ථකව උත්තර දී තිබෙනවා. ඡේසු දරුවා බලවත් සතුටට පත්වෙලා මේ දෙය දැන ගැනීමට තමයි මම මේ තරම් දුරක්‌ ආවේ, කරුණාකරලා මං ඔබතුමාගේ අනුගාමිකයෙක්‌ වශයෙන් පිළිගන්න කියලා ඉල්ලා තිබෙනවා. ඡේසුතුමා බෞද්ධ භික්‌ෂුවක්‌ වශයෙන් එකතු වෙලා උන්වහන්සේ සමග ලාඩාක්‌ නුවර හිම්ස්‌ ආශ්‍රමයට ගියා.

    ඔහු විවිධ ගුප්ත විද්‍යාවන් (ලැවකේෂන්) වගේ දේ ඉගෙන ගත්තා. ඒ වගේම බුද්ධ ධර්මයද විවිධ ප්‍රතිකාර ක්‍රම ද මනෝමය සිරුරෙන් පිටවීම හා වෙනත් සිරුරු මැවීම් ආදී බොහෝ දේ ඔහු ඉගෙනත්තා. විසි නවවැනි වියේ දී ඔහු ආපසු සිය ගම් රට බලා ගියා. ඔහු තමන් උගත් ධර්මය දේශනා කළා. මේ අවස්‌ථාවේ මුහුදු රළ ගලන්නාක්‌ සේ බොහෝ ජනතාව ඔහුගේ ඉගැන්වීමට වසඟ වුණා. මොකද? මෙය ඔවුනට විශ්වාසවන්ත හා පැහැදිලිව සිතන්නට ඉඩ දී තිබුණ දහමක්‌ නිසා. එම නිසා මෙම දහම ඉතා ජනප්‍රිය වුණා වගේම බොහෝ දෙනෙක්‌ අනුගමනය කළා. එම නිසා සතුරු පිරිස්‌ ඔහුව මරා ගන්නට උත්සාහ කළා.

    ඡේසුතුමාට කොහොම හරි මේ ආරංචිය දැන ගන්නට ලැබුණා. තමන් කුරුසයේ තබා හානියට පත් කිරීමට සූදානමක්‌ තිබෙන බව දැන ගන්නට ලැබුණා. ඒ අවස්‌ථාවේදී ඔහු පලස්‌තීනය හැර දමා ඉන්දියාවට ගියා.

    ඒ අනුව ඡේසුතුමා කුරුසයේ තබා ඇණ ගැසුවේ නැහැ. එම කියවීම් අනුව එහි සඳහන් වෙනවා ඡේසුතුමා බුදුන් වහන්සේ වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළා කියලා. එතුමාගේ නම කිසි දිනක ලෝකයාට අමතක නොවන බව කියා නාඩි වාක්‍ය අවසන් කර තිබෙනවා. මට මේ වේලාවේ තවත් කාරණයක්‌ මතක්‌ වෙනවා.

    දවසක්‌ මා දන්නා හාමුදුරුනමක්‌ නේපාලයේ, කත්මන්ඩු නගරයට යැම සඳහා මට ආරාධනාවක්‌ කළා. මම ඊට පෙර නේපාලයේ ගිහිල්ලා නැහැ. එම නිසා එම ගමනට මම කැමති වුණා. අපි ගියේ බස්‌ රියකින්. ගමනේ මැද හරියේදී බස්‌ රථයේ සිටි අය බසයෙන් බැහැලා ගියා. බසයේ සිටි එක මහත්තයෙක්‌ මගෙන් ඇහැව්වා ඔබ වහන්සේ අර ස්‌ථානය බලන්න යන්නේ නැද්ද කියලා. මං ඇහුවා මොනවද එතන තියෙන්නේ කියලා.

    ලබන සතියට

    Bump
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මම ඔය කියන එක ප්‍රත්‍යක්ෂ කරගෙනයි කිවුවේ , මේක ගැන අධ්‍යනය කරලා නැතිනම් බොරුවට තර්ක කරලා වැඩක් නැහැ .
    ප්‍රත්‍යක්ෂය කියන වචනයේ තේරුම දන්නවද?:D
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113

    මං හිතාගෙන හිටපු උත්තරේ තමයි ඔය එලියට ආවේ.. දෙවියන්, ප්‍රේතයන් සහ අනෙකුත් අමනුෂ්‍යයන් පිළිබද විශ්වාස නොකරන ඔයාගෙන් මං ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ..:no::no:

    ඇහැට දකින දේ විතරක් විශ්වාස කරපු පල්ලියේ උන්, 17 වැනි ශතවර්ෂයේ හිටපු විද්‍යාඥයන්ට කිව්වේ මිත්යාදෘෂ්ටිකයෝ කියලා.. මොකද ඔවුන් ඒ දවස් වල මත පල කළා, මිනිස්සුන්ට ලෙඩ රෝග හැදෙන්නේ ඇහැට නොපෙනන ජීවීන් කොට්ටාශයකින් කියල.. මේ මතය ඉදිරිපත් කරපු ඇතැම් අයව පල්ලියෙන් එල්ලලා මැරුවා..
    නමුත් ඇන්ටන් වෑන් ලීවාන්හුක් මුලින්ම අන්වීක්ෂය හොයා ගත්තට පස්සේ, පල්ලියේ උන්ට යන එන මං නැති උනා... මොකද මිත්යාදෘෂ්ටිකයෝ කවුද කියන එක සමාජයෙන්ම තීරණය කල නිසා..

    ඔයාටත් කියන්න තියෙන්නේ එච්චරයි.. දෙවියන් ගැන, මීට වසර 5000 කට කලින් හිටපු ඍෂි වරු ගැන විස්තර,ඔයාට ගල් පැලෙන කෙප්ප වෙන්න පුළුවන්.. ඒ ඔයාගේ බුද්ධි මට්ටම අනුව. නමුත් බුදුදහමේ සම්‍යක් දෘෂ්ටිය සහ මිත්‍යා දෘෂ්ටිය මොකක්ද කියල පොඩ්ඩකට හරි කියවලා බැලුව නම් තාමත් පරක්කු නොවෙන්න ඉඩ තියෙනවා...

    මන් අහපු දේට උත්තරයක් දීල නැනේ. එහෙම නැතුව මන් දෙවියෝ විශ්වාස කරනවද නැද්ද කියලා හොයන එක මේකට අදාල නෑ. මගේ පලවෙනි reply එක බලපු ගමන් ඕන එක්කෙනෙකුට හිතාගන්න පුළුවන් මන් දෙවියෝ විශ්වාස කරන්නේ නෑ කියලා.

    ඔයාම ඔයාගේ post එකේ වැදගත් දෙයක් මතු කරලා තියෙනවා. 17 වන සියවසට කලින් ඉදන්ම පල්ලියේ මතයට හා නොපෙනෙන දෙවියෙක් කියපු දේට විරුද්ද මත ගෙනාපු විද්‍යාඥයන්ව මිත්යාදෘෂ්ටිකයෝ කරලා මරලා දැම්ම. ඒකාලේ හිටපු සමහර විද්‍යාඥයෝ ලෙඩ රෝග හැදෙන්නේ නොපෙනන බලවේග වලින් හෝ දේව ශාප වලින් නෙමෙයි පියවී ඇසට නොපෙනෙන ජීවීන් කොට්ටාශයකින් කියලා කිව්වට ඒකාලේ මිත්‍යාදුෂ්ටික මත වල හිටපු මිනිස්සු සහ පල්ලි මේකට එකග වුනේ නෑ. microscope එක හොයාගත්තට පස්සේ විද්‍යාඥයන් විසින් පියවි ඇසට නොපෙනෙන ජීවින් ඉන්නවා කියලා ඔප්පු කරලා පෙන්නුවට පස්සේ තමයි හැමෝටම පිළිගන්න වුනේ මේ ලෙඩ රෝග හැදෙන්නේ නොපෙනෙන බලවේග වලින් හෝ දේව ශාප වලින් නෙමෙයි ක්ෂුද්‍රජිවින්ගේ බලපෑම නිසා කියලා.

    ඔයා අමතක කරලා තියෙන වැදගත්ම දේ තමයි විද්‍යාඥයන් ඇසට නොපෙනෙන ජීවින් ඉන්නවා කියලා කිව්වේ අවුරුදු 6000 ක් පරණ ඝෘෂිවරු කියපු නිසාවත් පුස්කොල පොතක තිබුනු නිසාවත් නොපෙනෙන දෙවියෙක් රෑට ඇවිත් හීනෙන් කියපු නිසාවත් නෙමෙයි, තමන් පර්යේෂණ කරලා තමන් විසින් ගොඩනගා ගත්ත දැනුමෙන් තමයි එහෙම කිව්වේ.

    මට ඔයාට කියන්න මගේ බුද්ධි මට්ටම මැන මැන ඉන්නවට වඩා ඔයාගේ ඔයාගේ බුද්ධිය පාවිච්චි කරලා ඇයි නාඩි වාක්‍යය බොරුවක් නොවෙන්නේ ඔප්පුකරන එක හෝ අරයා කිව්වා මෙයා කිව්වා, අර පොතේ තිබුනා, අවුරුදු 6000 ක් පරණ දේවල් ඒ නිසා මේක විශ්වාස කරන්න ඕනි වගේ දේවල් කියන්නේ නැතුව පිලිගන්න පුලුවන් තර්කයක් ගෙන්න ඇයි නාඩි වාක්‍යය ඇත්ත වෙන්නේ කියලා. අනික මේකට ආගමක් ගාවගන්න එක අනවශ්‍ය දෙයක්, එකත් ජෝතිෂය කාරයෝ අනිතිමට මොකවත් කියන්න නැතිවුනාම ආගම ඉස්සරහට දාලා හැන්ගෙනවා වගේ වැඩක්.

    ඔයා මගෙන් දෙවියෝ විශ්වාස කරනවද කියලා අහපු නිසා මන් මෙහෙම අහන්නම්.
    ඔයා දෙවියෝ විශ්වාස කරනවද ? ඒ මොන දෙවියවද ? අල්ලා කියලා දෙවියෙක් ඉන්නවා කියලා විශ්වාස කරනවද? ක්‍රිස්තියන් දෙවියවද ? හින්දු දෙවියෙක්වද ? ලංකාවට ආවේනික දෙවියෙක්ද ? එහෙමත් නැතිනම් සියුස්, පොසයිඩන් වගේ ග්‍රීක දෙවියෙක්වද ?
    ඇයි ඒ දෙවියා ඇත්ත වෙලා අනිත් දෙවියෝ බොරු වෙන්නේ ?

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජීවිතයේ අවාසනාව පලවාහරින්න නාඩි වාක්‍යයට පුළුවන් - බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන්ගේ මෙතෙක්‌ පළ නොවූ සාකච්ඡා පෙළ

    balangoda1.jpg

    නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති) දිවංගත ප්‍රභාත් මානවසිංහ මහතා ද, දිවයින පුවත් පතේ ප්‍රවෘත්ති කර්තෘව සිටි දිවංගත දයාරත්න රණසිංහ මහතා ද සහභාගි වූහ. සිංහල බසින් රූපවාහිනි සාකච්ඡාව මෙහෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා නිවේදකව සිටි සුගත් ලයනල් රණසිංහ මහතාය. ඉංග්‍රීසි බසින් සාකච්ඡාව මෙහෙයවූයේ එවකට ස්‌වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා වාර්තාකරු ලෙස සේවය කළ අතුල රත්නායක මහතා ය. ඇතැම් අවශ්‍ය කරුණු සහ ගැටලු සහිත තැන් පිළිබඳ විමසන ලද්දේ මවිසිනි. එකී සාකච්ඡා වෙන් වෙන් වශයෙන් දැක්‌වීමෙන් පාඨක ඔබ තුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට කොටස්‌ වශයෙන් පළවන බව සලකන්න.

    එතකොට ඒ මහත්තයා කීවා එතැන තමයි ඡේසුතුමාගේ සොහොන තියෙන්නේ කියලා. එතැන ස්‌මාරකයක්‌ ඉදිකරලා තියෙනවා. පසුව මං පත පොතින් දුටුවා ඡේසු නමැති තැනැත්තාගේ සොහොන ඉන්දියාවේ කාශ්මීරයේ ශ්‍රී නගර් කිට්‌ටුව තියෙනවා කියලා. ශ්‍රී නගර්වල කැණීම් වලදී ශීලා ලේඛනයක්‌ හමුවී තිබෙනවා. එහි සඳහන්ව තියෙනවා එහි ඡේසුගේ (රීසාගේ) සොහොන බවට ,Grave of Jesus, නමින් පුවරුවක්‌ ද සවිකොට එතැන ගෙයක්‌ ඉදිකර තියෙනවා. ඡේසුතුමා බටහිර තිබ්බතයේ ලඩාක්‌ නුවර හිම්ස්‌ ආරාමයේ කලක්‌ ජීවත් වූ බව එකී ආරමයේ ඇති පොත්පත්වල සඳහන් වන බව, රෝරික්‌, නම් ලේඛකයා, Heart of Asia, කෘතියේ දක්‌වා තිබෙනවා. ඒ අනුව නාඩි වාක්‍යවල ඡේසුතුමා ගැන කියා ඇති දේ සත්‍යයි.

    පලස්‌තීනයේ ඡේසුවරුන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු සිටින්නට ඇති. අලුත් ගිවිසුමේ සඳහන් වන්නේ නියම පුද්ගලයා ගැන නොවේ. කොටසක්‌ ඔහුගේ ජීවිතය ගැනත්, තවත් කොටසක්‌ තවත් අයෙකුගේ කුරුසියේ තබා ඇණ ගසා මරන ලද අයෙකුගේ කොටසක්‌ එකතු කරලා කියලයි මම තේරුම් ගෙන තිබෙන්නේ. ඒ ගැන මම හිතන්නේ එහෙමයි. මම කැමති නැහැ අන් අයගේ සිත් රිදවන්න. ඒ කියන්නේ ක්‍රිස්‌තියානි හා එවැනි ඇත්තන්ගේ. මේ පිළිබඳව මගේ අදහස්‌ ප්‍රකාශ කිරීම මෙතනින් නතර කරනවා.

    ප්‍රශ්නය : එතකොට ස්‌වාමීනි ඔබ වහන්සේගේ අත්දැකීම අනුව මෙම නාඩි වාක්‍ය ලබා ගැනීමෙන් අප වැනි සාමාන්‍ය මිනිස්‌සුන්ට ඇති ප්‍රයෝජනය මොකක්‌ද?

    නාහිමි : හොඳයි, මෙහෙමයි ඔබේ නාඩි වාක්‍යයේ සඳහන් වෙලා තියෙනවා නම් ඔබ නිතැතින්ම එතැනට යන්ට පෙළඹෙනවා, හිතනවා, ගිහිං වාක්‍ය ලබා ගන්න උත්සාහ කරනවා. යමෙකුගේ නාඩි වාක්‍ය එහි නැත්නම් ඔහු නාඩි වාක්‍ය විශ්වාස කරන්නේ නැහැ. ඔහු එය ලබා ගැනීමට උනන්දු වන්නෙත් නැහැ. යන්නෙත් නැහැ. ඔවුනට ඒ සඳහා අවස්‌ථාවක්‌ ලැබෙන්නෙත් නැහැ. අන්න එහෙමයි නාඩි වාක්‍යයේ කියා තියෙන්නේ. ඔබ මේ මේ දේ කළොත් මේ මේ දේ වෙනවා. ඔබ ඒවායින් මිදුනොත් එහි ප්‍රතිඵල ද ඔබට ලැබෙනවා. සියලු දේම සිදුවන්නේ ඔබ දැන් ගෙවන ජීවිතය හා විශ්වාසයන් අනුවයි. ඔබ ඉතා හොඳ ජීවිතයක්‌, බුද්ධිමත් ජීවිතයක්‌ ගත කරනවා නම්, ඔබගේ බලවත් අතීත අකුසල් විනාශ කරලා යහපත් ප්‍රීතිමත් ජීවිතයක්‌ ගත කරන්න අවස්‌ථාව උදා වෙනවා. ඔබ වැරදි සහ අපරීක්‍ෂාකාරී ජීවිතයක්‌ ගෙවනවා නම්, ඔබේ අතීත බලවත් අකුසල කර්මවල ප්‍රතිඵල ඔබට භුක්‌ති විඳීමට හේතු වෙනවා.

    ප්‍රශ්නය : ස්‌වාමිනී, ඔබවහන්සේගේ ප්‍රකාශය අනුව අප මෙලොවට බිහිවන කොටම අපේ වර්තමාන ජීවිතය පිළිබඳව සටහන් පිළිවෙළ වෙලා ඉවරයි කියලා අපි කොහොමද පිළිගන්නේ ස්‌වාමිනී.

    නාහිමි : මහත්තයා, ඔබ බෞද්ධ හෝ අබෞද්ධ හෝ වෙනත් ආගමිකයෙකු වෙන්න පුළුවන්. ඒත් තත්ත්වය එකයි. අප මේ භවයේ උත්පත්තිය ලබන්නේ පෙර භව වලදී කරන ලද කුසල, අකුසල කර්මවල ඵලයක්‌ වශයෙන්. අප පිළිගත්තත් නැතත්, කර්ම බලවේගය එකයි. එම තත්ත්වය ඔබට, මට පමණක්‌ නෙවෙයි, බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලාටත් එකයි. අන්‍ය ආගමික නායකයින්ටත්, ශාස්‌තෘන් වහන්සේලාටත් එකයි. අප මේ භවයේ උත්පත්තියක්‌ ලබලා තියෙන්නෙත් පෙර භවවලදී කරන ලද කුසල අකුසල කර්ම අනුවයි. පෙර භවයේ මැරෙන මොහොතේ පහළ වන අන්තිම චුති චිත්තය අනුවයි උපත ලබන්නේ. පහල වන අන්තිම ජවන සිතේ ඇතිවෙන කුසල හෝ අකුසල කර්මය අනුවයි උත්පත්තිය ලබන්නේ. ඒකට කියන්නේ චුති චිත්තය කියලා. ඒ චුති චිත්තයේ යහපත් සිතිවිල්ලක්‌ ඇතිවූයේ නම් යහපත් තැනක භවයක්‌ ලැබෙනවා. අයහපත් අකුසල සිතක්‌ ඇතිවූයේ නම්, ඊට ගැළපෙන ජීවිතයක්‌ ලැබෙනවා. මේ භවය ලබන්නට අපට බලපාන්නේ සංසාරය පුරා අප එක්‌රැස්‌ කළ විශාල කුසල සම්භාරයෙන් එකම එක කුසලයක්‌ හෝ අකුසලයක්‌ පමණයි. අනෙක්‌ සියලුම කුසල, අකුසල කර්ම ගොනා බැඳපු කරත්තය වගේ අපේ පිටුපස්‌සෙන් එනවා. මේ විදිහට එක කුසලයක්‌ හෝ අකුසලයක්‌ මතුකළ කර්මයක්‌ නිසා ලබන භවයේදී අපි තව තවත් කුසල අකුසල කර්ම රාශියක්‌ අපේ භව ගමනට එකතු කර ගන්නවා.

    උදාහරණයකින් මම කියන්නම්. අපේ ගබඩාවේ අබ ඇට කෙළ කෝටි ගණනක්‌ තියෙනවා. ඉන් එක්‌ ඇටයක්‌ අපි වගා කරනවා. ඒ බීජයෙන් තවත් සිය ගණනක්‌ අබ ඇට බිහිවෙනවා. අන්න ඒ වගේ තමයි කුසල අකුසල කර්ම අපේ භවයට එකතු වෙන්නේ. මේ විදිහට අපේ භව ගමන සිඳ බිඳ දමන තුරු භවයේ අපි ගමන් කරනවා. නාඩි වාක්‍ය තුළින් කියෑවෙන්නේ ඔබ පෙර භවයකදී කළ කුසල හෝ අකුසල කර්ම හේතුවෙන් මේ භවය ලැබී ඇති බවත්, මේ භවයේ ඇති දුක්‌ කම්කටොලුවලට හේතුව ඔබ පෙර භවයේදී ගත කළ ජීවිතය නිසා බවයි. ඒ අනුව නාඩි වාක්‍ය තුළින් උපදෙස්‌ දෙනවා ඔබ මේ භවය යහපත් විදිහට ගත කළහොත් ඉදිරියේදී ඉදිරි භවයේදී මෙහි ප්‍රතිඵල ලැබෙනවා කියලා. ඔබ ඒ ගැන නොසිතා කටයුතු කළහොත් වෙන්නේ දුක්‌ කම්කටොළුවලට මතු භවයේදී ඔබට මුහුණදීමට සිදුවීමයි. තෝරා ගැනීම, තීරණය ගැනීම කළ යුත්තේ ඔබ විසින්මයි.

    ප්‍රශ්නය : ස්‌වාමීනි, මීට පෙර ඔබවහන්සේගෙන් ඇසීමට බලාපොරොත්තු වූ අතිරේක ප්‍රශ්නයක්‌. ඒ නාඩි වාක්‍ය පිළිබඳ නෙවෙයි, ඔබවහන්සේ ඉන්දියාවේ සෘෂිකේෂී හා හිමාල ආශ්‍රීත ප්‍රදේශවලට වැඩම කරලා, විවිධ භාවනා ක්‍රම ප්‍රගුණ කළ බව ප්‍රකාශ කළා. අපේ පාඨකයෝ, කැමතියි ඔබවහන්සේ ඉන් ලද ඵල ප්‍රයෝජන ගැන දැන ගන්නට. මේ ප්‍රශ්නය ඇසීම මගේ නොදැනුවත්කම නිසා කෙරෙන්නේ නම් මට සමා වී ඊට පිළිතුරු නොදී සිටීම යහපති.

    නාහිමි : කෙනෙක්‌ ප්‍රශ්නයකට පිළිතුරු සොයාගෙන ආවම, පිළිතුරු නොදී සිටීම මම කවදාවත් කරලා නැහැ. මම ඉන්දියාවේ යෝගීන් දෙදෙනෙකු යටතේ පුහුණු වුණා. රමණි මහා සෘෂි කංකල් ගමේ සිටි ස්‌වාමී නාරායනයන් යටතේ ද පුහුණුව ලැබුවා. ඒ ඉන්දියානු භාවනා ක්‍රමයක්‌ වන රාජයෝග සහ ප්‍රාණයාම යෝග භාවනා ක්‍රම ඉගෙන ගන්න. ඒ භාවනා ක්‍රමවලින් අපේ ශරීරයේ ඇති චක්‍ර අවධි කිරීමක්‌ සිදුවෙනවා. චක්‍ර හතක්‌ තියෙනවා. හයවන චක්‍රය අනහාත චක්‍රය ලෙස හැඳින්වෙනවා. හත්වන චක්‍රය කුන්ඩලනී නමින් හැඳින්වෙනවා. මම හයවන චක්‍රය දක්‌වා චක්‍ර අවධි කළා. මෙම භාවනා ක්‍රම තුළින්. කුන්ඩලනී ශක්‌තිය මම ලබා ගත්තේ නැහැ එහෙම වුණොත් මගේ අනාගත ප්‍රාර්ථනාව ඉටුකර ගැනීමට බාධාවන් වන නිසා.

    ප්‍රශ්නය : ස්‌වාමීනි, මෙම ඉන්දියානු භාවනා ක්‍රමය ඉගෙනීමට ආශාවක්‌ දක්‌වන අයට ඒ පිළිබඳ විස්‌තර ලබා ගන්න පුළුවන් ක්‍රමයක්‌ තියෙනවද ස්‌වාමීනි.

    නාහිමි : ඉන්දියාවේ නම් පතපොත බොහෝමයක්‌ තියෙනවා. මුන්නැහේ ඒ පිළිබඳව උනන්දුවක්‌ දක්‌වනවා නම් මට පුළුවන් මං මේ භාවනා ක්‍රමය ගැන කෙටි සටහන් ලියා ගත්තු පොතක කොපියක්‌ දෙන්න. මට වෙලාවක්‌ නෑ මේවා මුද්‍රණය කරන්න. මුන්නැහෙට පුළුවන් නම් මුද්‍රණය කරල මනුස්‌සයින්ට දෙන්න ඒක මටත් ලොකු පිංකමක්‌ වෙනවා මුන්නැහේටත් ලොකු පිංකමක්‌ වෙනවා .මුන්නැහේ බලංගොඩ ආ වෙලාවක මතක්‌ කළොත්, ඒකෙන් පිටපතක්‌ මට දෙන්න පුළුවන්. ලියලා තියෙන්නේ නම් ඉංග්‍රීසි භාෂාවෙන්. (එකී අත්පොතේ පිටපතක්‌ බලංගොඩ ගිය දිනෙක නාහිමියන්ගෙන් මම ලබා ගතිමි. උන්වහන්සේගේම අත් අකුරින් ලියෑවුණු පිටු හා එහි සිංහල පරිවර්තනය මේ ලිපි පෙළේදී ඔබට කියෑවීමට අවස්‌ථාව සැලසේ.

    ප්‍රශ්නය : ගරු ස්‌වාමීන් වහන්ස, නාඩි වාක්‍ය කියන්නේ ඔබ වහන්සේ මීට පෙර විස්‌තර කරපු ආකාරයට කෙනෙකුගේ ජීවිතයේ අතීත, වර්තමාන, අනාගතය ගැන කියෑවෙන සත්‍ය සෘෂි භාෂිතයක්‌. එම නිසා කවුරුත් නාඩි වාක්‍ය පිළිබඳ තමන් ලැබූ අත්දැකීම් සහ විස්‌තර පිට කිසි කෙනෙකුට කියන්නේ නැහැ. එහෙම වුණත් පිංවත් ස්‌වාමීන් වහන්ස ඔබ වහන්සේගේ නාඩි වාක්‍ය කියෑවීම හා ඊට සම්බන්ධ විස්‌තර දැන ගන්න අපේ බෞද්ධ බොහෝ දෙනා ඉතා ඉවසිල්ලෙන්, ආශාවෙන් සිටිනවා. මේ ප්‍රශ්නය ඇසීමෙන් ඔබ වහන්සේ අසීරුතාවකට පත් කළා නම්, මට සමාව වන ලෙසට ද ප්‍රශ්නයට පිළිතුරු නොදී සිටින ලෙසට ද ගෞරව නමස්‌කාර පූර්වකව ඉල්ලා සිටිනවා ස්‌වාමීනී.

    balangoda.jpg

    නාහිමි : ප්‍රශ්නයකට පිළිතුරු සොයා ගෙන ආ කිසිවෙකුට මම පිළිතුරු නොදී යවලා නැහැ. මා මීට පෙරත් මුන්නැහේට ඒක කිව්වා. හැම ප්‍රශ්නයකටම පිළිතුරු දීමේ ශක්‌තිය මට තියනවා. මම නාඩි වාක්‍ය ක්‍රම කිහිපයකින්ම විස්‌තර ලබා ගත්තා. මුලින්ම ලබා ගත්තේ පණ්‌ඩිත තංගවේලු මහතා සතුව තියෙන කෞමාර නාඩි වාක්‍ය තුළින්. ඊට පස්‌සේ කමලමුණි කාකබුජන්දර තවත් නාඩි වාක්‍ය ක්‍රම තුළින්ද විස්‌තර ලබා ගත්තා. ඒ හැම නාඩි වාක්‍යයකම විස්‌තර සමාන විදිහටයි කියෑවුණේ. මුන්නැහේ ඇහැව්වෙ නාඩි වාක්‍යවල මං ගැන කියලා තියන විස්‌තර මොනවද කියලා දැන ගන්න කැමතියි කියලා නේද?.මෙහෙමයි කියලා තිබුණේ.

    අතීතයේ එක්‌තරා භවයකදී මං කරලා තියෙන පාප කර්මයක්‌ හේතුවෙන් මම මේ භවයේ උපත ලබන්නේ නගරයෙන් ඉතා ඈත ඉතා දුෂ්කර ගම්මානයක. මට මව් සෙනෙහස නැති වෙනවා. මහත් අමාරුවෙන් ඉගෙනීමේ කටයුතු කර ගන්න සිදුවෙනවා. කිසිම දවසක නගරයේ උසස්‌ පාසලකට ඉගෙනීමටවත්, උසස්‌ අධ්‍යාපනයක්‌ ලැබීමටවත් අවස්‌ථාවක්‌ ලැබෙන්නේ නැහැ. පෙර කර්මය නිසා මට කොච්චර දස්‌කම් තිබුණත්, පත පොත පළ කළත්, ජනතාව අතර ප්‍රචලිත වෙන්නේ නැහැ. ප්‍රසිද්ධියක්‌ ලැබෙන්නෙත් නැහැ. අවුරුදු 50 වනතුරු මේ තත්ත්aවය තියෙනවා.

    ප්‍රශ්නය : ඒ සියල්ලලම සත්‍යවුණාද ස්‌වාමීනි,?

    නාහිමි : ඒ සියල්ල සත්‍යයයි. මං ඉපදුණේ 1896 අගෝස්‌තු මාසේ 24 වැනිදා. බලංගොඩ කිරිඳිගල කියන අති දුෂ්කර ගම්මානයේ. හරියට පාරක්‌ තොටක්‌ නැහැ. බොහෝම අමාරුවෙන් තමයි නගරයට එන්න වෙන්නේ. මං ඉපදිලා සති දෙකෙන් අම්මා අන්ත්‍රා වෙලා තියෙනවා. ලොකු අම්මා තමයි මාව හදා වඩාගෙන තියෙන්නේ. අම්මා මැරුණ නිසා තාත්තා නිවිතිගලට ගිහිල්ලා පදිංචි වෙලා තියෙනවා. මට මව්පිය දෙදෙනාගේම සෙනෙහස අහිමි වුණා. ඒ අඩුව කිසිම ලෙසකින්වත් මට දැනුනේ නැහැ. මං හදාවඩා ගත්තේ ලොකු අම්මා මං හිතුවේ මගේම අම්මා කියලා. ඒත් මං ඉතා හොඳින්, සතුටින් හිටියේ. නාඩි වාක්‍යවල තිබුණු සියල්ලම සත්‍යයයි.

    ප්‍රශ්නය : ඔබ වහන්සේ මේ තරම් දුෂ්කර තත්ත්වයකට පත්වීමට හේතු වුණු පූර්ව කර්මයත් නාඩි වාක්‍යයෙන් කියවුණාද ස්‌වාමීනි.

    නාහිමි : නාඩි වාක්‍ය කියවන විට, සෑම විටම මේ භවය ගැන විස්‌තර දක්‌වලා, මේ භවයේ ඇති දුෂ්කරතාවන් ඇතිවීමට හේතු වුණු පූර්ව කර්මය ද පැහැදිලි කරනවා. මුන්නැහේ මගෙන් ඇහැව්වේ මං මේ භවයේ ගත කරන දුෂ්කරතාවලට හේතු වුණු පූර්ව කර්මයනේ...?

    ප්‍රශ්නය : එහෙමයි, ඒ සියල්ල සත්‍ය වුණාද ස්‌වාමීනී?

    නාහිමි : ඔව්, ඒ සියල්ල සත්‍යයි. නාඩි වාක්‍යයේ කියලා තිබුණේ මෙහෙමයි. පෙර එක්‌ භවයක මං රජ කෙනෙකුගේ අග්‍ර පුරෝහිත වෙලා රජුට බොහොම පක්‌ෂපාතීව, අවංකව, ගුරුහරුකම් දෙමින් රජුගේ විශ්වාසය, ගෞරවය දිනාගත් රාජ්‍ය නිලධාරියෙක්‌ විදිහට කටයුතු කරල තියෙනවා. රාජ සභාවේ සිටි සෙසු අමාත්‍යවරුන්ට මගේ ක්‍රියා පිළිවෙළ නිසා බොහෝම දුෂ්කරතා ඇති වුණා. ඒ ඇමැතිවරු රජයේ ධනය වංචාවෙන්, සොරකමින් තමන් සතු කර ගත්තා. මං නිසා ඔවුන්ට එම කටයුතු කරගෙන යැමට අපහසු වුණා. මේ ඇත්තෝ මං ගැන ගතු කියලා, මා පිළිබඳ රජුගේ සිත බිඳෙව්වා. රජු මා අග්‍ර පුරෝහිත තනතුරින් වගේම, රාජ්‍ය සේවයෙන් ද අයින් කළා. ටික කාලයක්‌ යනකොට, රජුට සත්‍ය තේරුණා.

    රජතුමා නැවතත් මා පුරෝහිත තනතුරට පත්කර ගත්තා. වංචා දූෂණ කළ ඇමැතිවරුන් තනතුරුවලින් පහ කළා. දේපළ රාජසන්තක කළා. තමන්ගේ තනතුරු තාන්න මාන්න, දේපළ අහිමි වීම නිසා ඒ ඇත්තන්ගේ දරුවන් දුෂ්කරතාවට පත්වුණා. දරුවන්ගේ ඉගෙනීම කඩාකප්පල් වුණා. පසුව මා රජුට කරුණු කියලා නැවතත් ඔවුන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු කළා. රාජසන්තක කළ දේපළ ආපසු ඔවුන්ට දුන්නා. මේ අකුසල කර්මය නිසා මා මේ අන්දමට දුෂ්කර ගමක ඉපදිලා තියෙන්නේ. උසස්‌ අධ්‍යාපනය අහිමිවෙලා තියෙන්නේ. හැබැයි මට මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කියලා තිබුණේ නැහැ. මම විමසුවෙත් නැහැ.

    ප්‍රශ්නය : සමාවෙන්න ස්‌වාමීනි, ඔබවහන්සේ ප්‍රකාශ කළා, කෙනෙකු මිය යන දිනය, වේලාව පවා සටහන් කරලා තියනවා කියලා. ඔබ වහන්සේගේ නාඩි වාක්‍ය කොහොමද මේ අවස්‌ථාව කියලා තියෙන්නේ.

    නාහිමි : මගේ නාඩි වාක්‍යවල මං අපවත් වෙන දිනය කියලා තිබුණේ නැහැ. ඒත් නාඩි වාක්‍ය හැම එකකම විස්‌තර අවුරුදු 80 දක්‌වා විතරයි කියල තිබුණේ. ඒ නිසා මං දවසක්‌ ප්‍රශ්න කාණ්‌ඩයෙන් මේ ගැන ඇහැව්වා. උත්තරේට කිව්වේ අවුරුදු 80න් පස්‌සේ යෝගි භාවනා ක්‍රම තුළින් මට කැමති කාලයක්‌ දීර්ඝායුෂ විඳින්න පුළුවන් කියලා. මං කැමති විටෙක, කැමති වේලාවක, මේ භවයෙන් ඉකුත් වෙන්න පුළුවන් කියලා. දැන් මගේ වයස අවුරුදු 93 යි. (මේ 1992 දී කරන ලද ප්‍රකාශයකි) නාඩි වාක්‍යයට වඩා අවුරුදු 13ක්‌ වැඩිපුර මං ජීවත් වුණා. තවම යෝගී භාවනා ක්‍රම, මෛත්‍රී භාවනාව මං වඩනවා.

    ප්‍රශ්නය : ස්‌වාමීනි ඔබ වහන්සේ පෙර භවයේදී කළ අකුසල කර්මයක්‌ නිසා මේ භවයේදී මේ අන්දමට භවයක්‌ ලැබුණා කියලා ප්‍රකාශ කළා. මෙවැනි තත්ත්වයෙන් මිදීම සඳහා වෙනත් අයටත් ඝෘෂීන් වහන්සේලා උපදෙස්‌ දීල තියෙනවද ස්‌වාමීනි ?

    නාහිමි : මහත්තයා නාඩි වාක්‍යයත්, හරියට බුදුන් වහන්සේ දේශනා කළ ජාතක කතා වගේ. බුදුන් වහන්සේ ජාතක කතා දේශනා කළේ මීට අවුරුදු 2600කට විතර ඉස්‌සර නේ. ඒත් මේ සෘෂිවරු නාඩි වාක්‍ය ප්‍රකාශ කළේ මීට අවුරුදු 5000කට, 6000කට විතර ඉස්‌සර. සෘෂිවරු මේ භවයේ උපත ලබන තැනැත්තාගේ වතගොත විස්‌තර පැහැදිලි කරලා දීලා, මේ භවයේ මුහුණ දීමට සිදුවී ඇති ගැටලු හා ඊට හේතු වූ පූර්ව කර්මය ද තේරුම් කරලා දෙනවා. ඒ විතරක්‌ නෙවෙයි,මේ භවයේ මුහුණදීමට සිදුවන ලෙඩදුක්‌,අපල උවදුරු, ප්‍රශ්න හා ඊට යෙදිය යුතු පිළියම්, පැළඳිය යුතු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදියත් විස්‌තර කරලා තියනවා.

    බදුල්ලේ මෛත්‍රී රත්නායක