භූත සීන් එකක් ගැන කියනවා
භූතයෝ වගෙ අදෘශ්‍යාමාන බලවේග වල එකකින් ඕව කියනව ඇත්තේ
අතීතේ තොරතුරු 100% නිවැරදියි
අනාගතේ ගැන අවිනිශ්චිත විකල්ප ගොඩක් දෙනවා
උදා: මට මගේ අම්මගෙ තාත්තගෙ නම් සහෝදර සහෝදරියො ගැන හරියටම නම් ගම් එක්ක කීවා. මම බැඳල හිටියෙ නැති නිසා අනාගත් බිරිඳ ගැන නම් 15 ක් විතර ලිස්ට් එකක් කියලා එයින් එකක් හරි ඒ වගේ වෙන නමක් හරි තියෙන කෙනෙක්ව බඳිනවා කීවා.
ඇත්තටම අවුරුදු 10000 කට කලින් ලියපු පොතක් නම් ඒකෙ මම බලන වෙලාව වෙනකම් විතරක් තොරතුරු හරියට තියෙන්න විදියක් නෑනෙ. අනාගත තොරතුරුත් හරියට තියෙන්න ඕනිනෙ. මම බැඳල ගිහින් ඒක බැලුවොත් උන් මගෙ බිරිඳගෙ නමත් හරියටම කියනවා උන්ගෙ පොතකින්.
අතීතෙ හරියට කියන්න පුලුවන් උනාට අනාගතේ ගැන උන්ට හරියට කියන්න බැහැ. උන් අතීත තොරතුරු හොයගන්න භූත බලවේග හරි ඒ වගේ දෙයක් හරි භාවිතා කරනව
ගොඩක් සාස්තර කියන තැන් වලත් ඒකමයි වෙන්නෙ
මට එහෙම පුද්ගලික අත්දැකීම් තියෙනවා. අපි දන්න (අතීත , වර්තමාන ) තොරතුරු හරියටම එයාල කියනවා බලාගෙන උන්න වගේ. ඒත් අනාගතේ ගැන කියන අනාවැකි අසාර්ථකයි. ඒත් ඒ අනාවැකිය කියපුවම ඒකෙ පිලිවෙලට වැඩ කරන නිසා අනාවැකිය හරියන වෙලාවලුත් තියෙනවා