නාඩු කිලෝ එක රු. 110යි!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පාලන මිලක් පනවා තිබුණද එම මිලට මිලදී ගැනීම සඳහා බොහෝ ප‍්‍රදේශවල සහල් නොමැති බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙලි වුණා. සම්බා මෙන්ම නාඩු සහල් කිලෝග‍්‍රෑමයක සිල්ලර මිලද මේ වන විට රුපියල් 100 ඉක්මවා ගොස් ඇති බවයි එහිදී දැක ගත හැකි වුණේ.

    ඇතැම් ප‍්‍රදේශවල සම්බා සහල් කිලෝවක මිල රුපියල් 120 ද ඉක්මවා ගොස් තිබුණා. නාඩු සහල් කිලෝවක මිල ද රුපියල් 110කට ආසන්න වී ඇති බවයි වෙළදපොළ චාරිකාවේදී දැක ගත හැකි වුණේ. පාලන මිලට අනුව රුපියල් 100ය ඉක්මවා මිලක් නියම කර තිබුණේ කීරි සම්බා සඳහා පමණයි. මේ වන විට කීරි සම්බා කිලෝවක මිලද රුපියල් 140 ඉක්මවා තිබෙනවා.

    ඉකුත් සමයේ ද දිගින් දිගටම සහල් මිල ඉහල යාමත් සමග සහල් සඳහා පාලන මිලක් පැනවිමට ආණ්ඩුව පියවර ගත්තා. ඒ අනුව සම්බා සහ රතු කැකුළු සම්බා කිලෝග‍්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රුපියල් 94ක් ලෙසයි නියම කර තිබුණේ. නාඩු කිලෝග‍්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රුපියල් 92ක් විය යුතු බවත් කැකුළු හාල් කිලෝග‍්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 89ක් විය යුතු බවත් එහි දැක්වුණා. එහෙත් එම මිලට සහල් වෙළදපොළේ නොමැති බවයි පාරිභෝගිකයින් පවසන්නේ.

    Source: http://nethnews.lk/article/81973
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    පාලන මිල කියල සර් අදහස් කරලා තියෙන්නේ අවම මිල ලු. යකෝ තොපි හිතුවද මේක ජේ.වී.පී ආන්ඩුවක් කියලා?? ෆ්‍රී ඉකොනමි ෆෙන්ස්, එන්ජෝයි! දැන් ඒ ඒ බිස්නශ් මහතුන්ට පුලුවන් හැකි හැකි ආකාරයෙන් ඒ අවම මිලේ සිට මිල ඉහල දාන්ඩ, කැලිෆෝනියාවෙත් එහෙමලු! උඹලා වගේ ගොරකයෝ! නෙදකිං!
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    පොල් නම් කමක් නෑ පොල් ගහක් හැදේන්න තව අවුරුදු 5-7 වගේ යනවා. සර් තාම පොල් හිටවන නිසා මිනිහා පාස් කියමුකො. ඒත් හාල්. 🤣🤣🤣 මිනිහා තාම කුබුර මඩ කරන් යන්නේ. හිටපල්ල්ලා ගූඇන්පී ගොන් බඩු වලට දෙන්නම්. 🤣🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,706
    113
    ආශ්චර්යමත් රටක
    ඩොලර් අරගෙන තියාගන්නවට වඩා ලාබයි වගේ හාල් පොල් ටිකක් අරගෙන මාසයක් තියාගෙන ආයෙ සෙල් කරන එක.

    Sirawata commodities yakow. 😂
    Wena ratawal wala un dannawa nam oil, gold,corn,wheat wenuwata rice,coconut ganne. 😂😂
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඩොලර් අරගෙන තියාගන්නවට වඩා ලාබයි වගේ හාල් පොල් ටිකක් අරගෙන මාසයක් තියාගෙන ආයෙ සෙල් කරන එක.
    හාල් පොල් trading platform එකක් හැදුව නම් ගොඩ යන්න පුළුවන්
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ගෝඨා වගේ හිටියා නම් එක call එකයි, හමුදාවෙන් බහින්නේ ගේමට, ඔය හාල් මෝල් කාරයොන්ට, කළු කඩ කාරයන්ට ඕනි ඕනි විදියට නටන්න දෙන්නෙ නෑ!! කොහෙද ඉතින් සිරිසේනට කොන්දක් නෑනේ :sneaky:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Man awama hadala gannam - Basila
     

    Attachments

    • basil-rajapaksa.jpg
      basil-rajapaksa.jpg
      13.3 KB · Views: 95

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මෙහෙ සම්බා ඇටයක් නැ හොයාගන්න :baffled: මට කියපන් උබලගේ පැතිවල සම්බා තියෙනවද කියලා