ජර්මනිය අනික් රටවලට වඩා පර්යේෂණවලට වියදම් කලා.හිට්ලර් යුද්ධයක් බලාපොරොත්තුවෙන් හිටියේ.ඉතින් මිනිහා යුද තාක්ෂණය දියුණු කරන්න සෑහෙන්න වියදම් කලා.අනික ඉතින් හුඟ කාලෙක ඉදලා ජර්මන්කාරයෝ ඉන්ජිනේරු අංශයේ දක්ෂයෝ නේ.අදටත් හොඳම ඉන්ජිනේරුවෝ බිහිවෙන්නේ ජර්මනියෙන් තමයි නේ.ජානවල තියෙන දෙයක් වෙන්න ඇති බන්.

සමහර විට යුදෙව් ජාන කලවන් වෙන්න ඇති.

ජර්මනියට පලවෙනි ලෝක යුද්ධෙන් පස්සේ ඉතුරු වුනේ තමන්ගේ රට විතරයි.ඒකෙනුත් කෑලි කඩලා නේ දුන්නේ.හිට්ලර් ඇවිල්ලා ජර්මන් ජාතිය උස්සලා ගත්තානේ.මිනිහා කතාවට දක්ෂයා කියනවනේ.ජර්මන්කාරයන්ට ලොකු ගැම්මක් එන්න ඇති හිට්ලර්ගේ කතාවලින්.ඒවාත් හේතු වෙන්න ඇති.
යුදෙව්වෝත් ලං කරගත්තා නම් ජර්මනියේ තාක්ෂණික දියුණුව කොහෙන් නවතියිද කියලා හිතා ගන්න බෑ.හිට්ලර් වැඩේ අනාගත්තානේ.ජර්මනියෙන් පැන ගත්ත යුදෙව් විද්‍යාඥයින් එකතුවෙලා ඇමෙරිකාවට පරමාණු බෝම්බයක් හදලා දුන්නා.ඒ ඔලුගෙඩි ටික හිට්ලර් ලං කරගත්තා නම් මොනව කරයිද මිනිහා.
ඒත් බන් බ්‍රිතාන්‍යය,ජපානය,ඇමෙරිකාව වගේ රටවලත් දියුණු තාක්ෂණයක් තිබිලා තියෙනවා.නැත්නම් ජර්මනිය වගේ රටක් පරදින්න විදියක් නෑනේ(හිට්ලර්ගේ ගත්ත සමහර තීරණත් පරාජයට හේතුවුනා තමයි ඉතින්),උදා: බ්‍රිතාන්‍යය සොයාගත්ත රේඩාර් නිසා තමයි උන්ට තමන්ගේ රටට ගැහුව ජර්මන් ගුවන් හමුදාව පරාජය කරන්න පුලුවන් වුනේ.