Low density polyethylene සරලවම කියනවා නම් ප්ලාස්ටික් හදන කැට ටොන් ගාණක් xpress pearl නෞකාවෙන් අපේ සාගර කලාපයට එකතු වෙලා ඉවරයි.සාමාන්‍ය ප්ලාස්ටික් වල වගේම බරපතළ පාරිසරික හානි මේවගෙන් සාගර ජීවින්ට වගේම වෙරළ කලාපයන්ට වෙන්න පටන් අරන්.
මේ වෙද්දිත් මේවගේ බලපෑමට ලක්වුන සියගනන් මියගිය මත්ස්‍ය වර්ග වෙරළට ගොඩ ගසමින් තිබෙනවා.ඉදිරි දින වල කැස්බෑවො වගේ ලොකු ජීවින්ගේ මලසිරුරුත් වෙරළට ගොඩ ගසාවි.හැබැයි දීර්ඝ කාලීනව තවත් භයානක ප්‍රතිපල ඉස්සරහට එන්නේ.
මුහුද කිට්ටුව ඉන්න අය මේ කැට අල්ලන එක අතිශය භයානක දෙයක්.මොකද මේ ප්ලාස්ටික් කැට වලට නැවෙන් නිකුත් උන අනෙක් රසායනික ද්‍රව්‍ය මේ වෙද්දි උරාගෙන තියෙන්න පුළුවන්.ඉතින් මේ ගෝනියක් උස්සන් ගෙදර අරන් යන්න ඔයා හිතන් ඉන්නවා කියන්නේ පුපුරන්න තියෙන බෝම්බයක් ගෙදර අස්සේ හංග ගන්නවා තරම් භයානක දෙයක්..
විශේෂඥයන්ගේ මතයට අනුව නයිට්‍රජන් ඔක්සයිඩ් වායුවවිශාල ලෙස වාතයටත් මුසු වෙලා තියෙනවා.ඔවුන් පවසන ආකාරයට ඉදිරියේදී අම්ල වැසි ඇති වීමේ අවධානම තියෙනවා.දීර්ඝ කාලීනව මේ දේවල්වල ප්‍රතිඵල සමහර විට ලැබේවි.
මේ වෙද්දි ආරක්ෂිත ක්‍රියාමාර්ග අරන් තියෙන නිසා මාලු කන අය දැනට භය වෙන්න එපා.මේ කලාපයම ධීවර කටයුතු වලට තහනම් කරලා තියෙන්නේ.
හැබැයි මේක අපේ පරිසරයට උන බරපතළම ඛේදවාචකයක්.තව අවුරුදු 20ක් වත් මේකේ බලපෑම වෙන්න ඉඩ තියෙනවා.ඒ නිසා රජය මේ ගැන උපරිම ක්‍රියාමාර්ග ගන්න අවශ්‍යයි.
හැම වෙලේම ලෝකෙන් උදව් අරන් ඉන්දියාවේ උදව් අරන් ගින්න නිවලා වන්දිය ගන්න බලන් ඉන්නෙ නැතුව අර ප්‍රාඩෝ ටික ගෙන්නන්න හදපු විදියටම මේ වගේ අනතුරකින් සාගරය ආරක්ෂා කර ගන්න අවශ්‍ය උපකරණ ටිකක් ගෙනත් තියා ගත්තා නම් මිනිස්සු විරුද්ධ වෙන එකකුත් නෑ
අර දේශපාලුවෙක් කියනව වගේ වන්දිය ගැන හිතලා ඒක ගැන හිතන් නැතුව ඉන්නවා නම් දවසක මේ මාලුන්ට අත්වෙන ඉරණම අපිටත් අත්වෙවි.උන් හොද රටක ජීවත් වෙද්දි මුහුදත් මැරුණ මහපොළොවත් මැරුණ රටක එදාට අපිට ජිවත් වෙන්න වේවි...
සංජය ප්‍රදීප්
Green Project Api

_B U M P_ 