නිර්ධන යෝග

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සැලකිය යුතුයි : මේ හුය හුදෙක් ජ්‍යොතිෂ ඉගෙන ගන්නා හා ඒ පිලිඹඳ උනන්දුවක් දක්වන අයට පමනයි. අනෙක් අයට මේ හුය හුදෙක් කාලය කා දැමීමක් විය හැක.

    ජිවිතයේ බොහෝ මහන්සි වුනත් කිසි දිනක දුප්පත් කමෙන් ගොඩ ඒමට බැරි වූ අය ඔබ දැක ඇතුවාට කිසිම සැකයක් නෑ. අතගසන අතගසන වැඩ අසාර්ථක වී ප්‍රපාතයෙන් ප්‍රපාතයට වැටෙන පුද්ගලයන්ද අතගසන වැඩ සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වී බිංදුවේ සිට ඉහලටම යන වාසනාවන්ත උත්සහවන්ත මිනිසුන්ගෙන්ද සමාජයේ අඩුවක් නැත. කෙසේ වෙතත් නිර්ධන යෝග යටතේ අද කථා කරන්නට බලාපොරොත්තු වන්නේ මෙහි මුලින් සඳහන් කල කොටස ගැනය.


    9ucjt0.jpg

    01. යම් කෙනෙකුගේ ලග්නාධිපති, හතර වැන්න අධිපති, නමවැන්න අධිපති ග්‍රහයන් කේන්ද්‍රයේ අට වැන්නේ සංයෝගව සිටීම දිලින්දෙක් බිහිකරන යෝගයකි.

    02. යම් හඳහනක දෙවැන්න හා දොලොස් වැන්න අධිපති ග්‍රහයන් පරිවර්ථනය වීම ( 2 අධිපති 12 වැන්නේත් 12 අධිපති 2 වැන්නේත් සිටීම) දිලින්දෙක් බිහි කරන යෝගයකි.

    03. දෙවැන්න අධිපතියා දොලොස් වැන්නේද දොලොස් වැන්න අදිපතියා මාරක ග්‍රහයෙක්ගේ දෘෂ්ඨියක් සහිතව ලග්නයේද සිටිම දිලින්දෙක් බිහිකරන තවත් යෝගයකි. මෙහිදි මාරක ග්‍රහයන් ලෙස භාවාර්‍ථ රත්නාකරයේ සඳහන් වන්නේ මාරක ස්ථාන වන දෙවැන්න හා හත්වැන්න අධිපති ග්‍රහයන්ය.

    04. යම් හඳහනක පස්වැන්න අධිපතියා හය වෑන්නේද, නම වැන්න අධිපතියා අට වැන්නේද සිට නම වැන්න අධිපතියාට මාරක ග්‍රහයෙක් දෘෂ්ඨි හෙලයි නම් ඔහු දිලින්දෙක් වන්නේය කියා පැරනි පොත පතේ සඳහන්ය. යෝග හතරෙන්ම මේ යෝගය වඩා බලවත් වන බව මගේද පෞද්ගලික හැඟීමයි.

    මෙවැනි බලවත් නිර්ධන යෝග හඳහනේ නොතිබුනත් දුර්වල හා පාප දෘෂ්ඨි ලැබූ, ධනස්‍ථානාධිපතින්ගේ මහදසා අන්තර්දසා කාලවලදී ආර්ථික අපහසුතා ඇතිවන බවත් යහපත් දෘෂ්ඨි ලැබූ බලවත් ධන්ස්ථානාධිපතින්ගේ කාල වල ආර්ථිකය යහපත් වෙන බවත් පෙනේ.


    http://tharaka-eli.blogspot.com/2014/06/blog-post.html
     
    • Like
    Reactions: thilihare
    Jun 26, 2012
    591
    162
    0
    නැකැත් රාල;16797475 said:
    මගේ ත්‍රෙඩ් ටික හරි බ්ලොග් එක හරි බලන්න.. අදහසක් ගන්න පුලුවන් වෙයි. :yes::yes:

    Blog එකේ Link එක දෙන්න පුළුවන්ද............?:)
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ෴සමනලී෴;16797485 said:
    Blog එකේ Link එක දෙන්න පුළුවන්ද............?:)


    http://tharaka-eli.blogspot.com/
    බ්ලොග් එකට වඩා ත්‍රෙඩ් වල ගොඩක් ප්‍රෂ්න අහලා ඒවට උත්තර දීලා තියන නිසා ත්‍රෙඩ් ටිකත් බලන්න..:)
     
    Jun 26, 2012
    591
    162
    0
    නැකැත් රාල;16797504 said:
    http://tharaka-eli.blogspot.com/
    බ්ලොග් එකට වඩා ත්‍රෙඩ් වල ගොඩක් ප්‍රෂ්න අහලා ඒවට උත්තර දීලා තියන නිසා ත්‍රෙඩ් ටිකත් බලන්න..:)
    බොහොම ස්තුතියි අයියෙ.......... නිවාඩු වෙලාවක කියවන්නම්........
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    නැකැත් රාල;16797724 said:
    :shocked::shocked::shocked: සුභ දෘෂ්ඨි එකක්වත් වැටෙන්නේ නැද්ද?


    Dushti ekkvth vtenne na eke inna ekata. But 12 adipathi saha 7 adipathi dennma ekai vrushba lagneta. = kuja

    hbai guru innva kuja ekka eke kuja guru. (11 saha 8 adipathiya) Okata mta rathuvithana mahaththyanm hoda kthvk kiwa vde dkala. :yes:
     
    Last edited: