මචං අපිට පාට පෙන්නේ මේ කියනව වගේ සාමාන්‍ය ආලෝකය වැදිලා e ශක්ති මට්ටම් අතර පනිද්දී ද ??
නැත්නම් ආලෝකයේ surface එක absorb කරගන්න wavelength ටික නැතුව ඉතුරු ටික ඇහැට එන නිසාද ?
ඔය excited state එකට e පන්නන්න ලොකු energy එකක් ඕනේ.
නෑ මචන් මන් ඔය reply එක එකපාරට දැම්මේ ඔය පාට ගැන කියපු කතාවේ scientific පැත්ත ගැන හිතල නෙවෙයි. ඒක හරි වුනත් වැරදි වුනත් ඔතන කියන ධර්මය වැරදියි. අනික, ඔය හාමුදුරුවොත් වහරක සෙට් එකේ එක්කෙනෙක්.
@පෝරිසාදයා ඕව ගැන ටිකක් සැරට කිව්වට ඒවා ඇත්ත.
උඹේ ප්‍රශ්නේ ගැන මම දන්න ටික. (අපි AL වලට විතරනේ බන් ඕව කරේ, අනික ක්වොන්ටම් කියල පොඩි පාඩමක් විතරයි තිබුනේ.)
අපි ඒ කාලේ වස්තුවකට පාට ලැබෙන හැටි පැහැදිලි කලේ නිව්ටෝනියන් ෆිසික්ස් වලින්නේ. ඒ කියන්නේ උඹ කිව්ව විදියට "ආලෝකයේ surface එක absorb කරගන්න wavelength ටික නැතුව ඉතුරු ටික ඇහැට එන නිසා". ඒක තමයි මාත් දන්න පැහැදිලි කිරීම.
ඕක දැන් ක්වොන්ටම් වලින් පැහැදිලි කරන විදිය හරියටම ෂුවර් නැහැ.
"නිල් පාට" වස්තුවකට සුදු ආලෝකය වැටුනම ඒ සුදු ආලෝකයේ තියෙන නිල් ඇරෙන්න ඉතුරු wavelengths ටික (ෆොටෝන් ටික) ඒ වස්තුවේ තියෙන electron වලින් absorb කරගෙන ඒවා ඉහල ශක්ති මට්ටම් වලට යනවා. නිල් පාට wavelength එකේ (or frequency) ෆොටෝන් වලට අර වස්තුවේ තියෙන electron වලට සෙට් වෙන ක්වොන්ටා එක මැච් වෙන්නේ නැති නිසා ඒවා reflect වෙනවා.
මේ හාමුදුරුවෝ කියන්නේ ඕකේ අනිත් පැත්ත. ඒ කියන්නේ නිල් ආලෝක ෆොටෝන්ස් ටික absorb කරලා ඒවා ආයිත් lower levels වලට වැටෙද්දී release වෙන නිල් පාට තමයි පේන්නේ කියල. එතන අනිත් පාට ගැන පැහැදිලි කිරීමක් නැහැ.
මේකේ ඇති ඕක හරියටම දන්න එවුන්.