නිවනට-සුගතියට බාධා කරන ආර්ය උපවාදය
උඩඟුකමින් ඔද වැඩී මානයෙන් මත්වෙලා කටයුතු කිරීමෙන් දෙලොව දියුණුව වනසා ගන්නා පුද්ගලයන් එදා අද මේ සෑම සමාජයකම ජීවත් වූ බව පෙනෙනවා.
වර්තමාන සමාජයේ වැරැදි හැසිරීම් නිසා කොපමණ අකුසල කර්ම සිදුකර ගන්නවාද?. ඒ අනුව සිතුවිලි නිසා කරගන්නා අකුසල මොන තරම් බරපතල ලෙස පුද්ගලයන් පිරිහීමට පත් කරනවා ඇත්ද?
ආර්ය උපවාද යනු අනන්තරිය පාප කර්මයට පමණක් දෙවැනි වෙන මහා අකුසල කර්මයක්. ක්ෂණිකව ඇතිවන අකුසල් සහගත චේතනාවක් නිසා මහා අකුසල කර්මයක් වන හැටි මෙයින් පැහැදිලි වනවා. මේ නිසා කෙනෙකුට නිර්වාණ මාර්ගය මුළුමනින්ම අවහිර වෙනවා.
සැබවින්ම ආර්ය උපවාදය වර්තමාන සමාජයේ සිදුවීමට ඇති අවස්ථා පිළිබඳ අප මෙහිදී සලකා බැලිය යුතුයි. වර්තමානයේ ඕනෑතරම් ආර්ය උපවාද බරපතල අකුසල කර්මය සිදුකර ගන්නවා.
බුදුරජාණන් වහන්සේට අපහාස කිරීම තමයි ආරිය උපාවාදයේ ඉහළින්ම තිබෙන කාරණය. දෙවැනි කාරණය ධර්මයට අපහාස කිරීම, තුන්වැන්න මහා සංඝ රත්නයට අපහාස කිරීම. කෙනෙකුට බොහොම පහසුවෙන් හිතෙන්නට පුළුවන් තමන් කවරදාකවත් බුදුරජාණන් වහන්සේට අපහාස නොකළ බවට. බුදු පිළිමයක් අභියසට ගොස් නැතහොත් වෙහෙර විහාරයකට ගොස් බුදුරජාණන් වහන්සේට අවමන් කිරීම වැනි කාරණා පවා අද සමාජයේ සිදුවෙනවා. බුද්ධියෙන් හීන පුද්ගලයන් ඇතැම්විට මත්පැන් පානයකොට මේ ආකාරයට හැසිරෙන අවස්ථා නැතිවා නොවේ. සමස්තයක් ලෙස සමාජයේ එබඳු පැවතුම් විරලයි සිතන්නටත් පුළුවන්. එමෙන්ම එය බොහෝම ගැඹුරුයි. අප කවුරුත් නොසිතා බුද්ධ ගෞරවය නොසලකා කථා කිරීමෙන් මේ අකුසලය සිදුවෙනවා.
බොහෝ විට සමාජයේ ගැවසෙන තරුණ පිරිස් අන්‍යන්ගේ අවධානය තමන් දෙසට යොමු කරවා ගැනීමෙන් කිසියම් උද්දාමයක්, සතුටක් ලැබීමට නන් දෙඩවීම කරනවා. ඒ අතර වාරයේ ත්‍රිවිධ රත්නයට අවමන් වන අයුරුද ප්‍රකාශ කොට අනිවාර්යයෙන් අපාගත වන අකුසල කර්ම ද සිදු කැර ගන්නා බව කිව යුතුයි.
ලොව්තුරු බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්ත්වයාට දුකින් නිදහස් වීමට ඉතා පැහැදිලි පිරිසුදු මාර්ගය පෙන්වා දී තිබෙනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය.
ඒ මඟ අනුගමනය කොට ඒ ධර්ම මාර්ගයේ ගමන් කොට ඒ ධර්මය පවතින්නා වූ ඕනෑම කාලයක රහතන්වහන්සේලා පහළ වන්නට පුළුවන් බව අමතක කරන්නට හොඳ නෑ. ඒ වගේම කවුරුන් වුවත් සිහි තබාගත යුතු කරුණක් තමයි මෙකී නිවන් මඟ අනුගමනය කොට මාර්ගඵල ලැබීමට නොහැකි වීමට අබමල් රේණුවක තරම්වත් සිදුරක් මේ මාර්ගයේ තමන් වහන්සේ නොදකින බව, බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන බව. ඒ අනුව මෙකී පරිපූර්ණ නිවන් මඟ අනුගමනය කළහොත් මාර්ගඵල ලබන්නට හැකියි. වර්තමානයේ ද එය සාර්ථක වූ අවස්ථා හමු වී තිබෙනවා.
බුදුරජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන ලද අවස්ථා එදා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වසන සමයේද සිදුවුණා. අරිට්ට නමැති භික්ෂුව කිව්වා විඤ්ඤාණය භවයෙන් භවයට ගමන් කරනවා කියා. ඒක මහා මිත්‍යා දෘෂ්ටියක්. සාති නමැති භික්ෂුව කිව්වා කාමයන් සේවනය කළාට අන්තරායක් නෑ කියලා. බුදුරජාණන්වහන්සේ ඉතා පැහැදිලව කාමයන් සේවනය කිරීම නිවන් මඟට අන්තරායකාරී බව දේශනා කොට තිබෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ යන පංචකාමය සේවනය කිරීම අන්තරායක් නොවන බව පැවසීම බරපතල මිථ්‍යා දෘෂ්ටියක්. කෙතරම් අවවාද කළත් මේ භික්ෂූන් දෙදෙනාම නිවැරැදි මඟට අවතීර්ණ වූයේ නෑ. තව තමන්ගේම මතවල ජීවත් වුණා.
අද වර්තමානයේ ධර්මය අවබෝධ කරන්න බැරිබව පවසන බොහෝ දෙනකු දරන අදහසක් තමයි ආමිස පූජාවන්. මල් පහන් පින්කම් වැනි කටයුතු සිදු කිරීම ප්රමාණවත්ය කියන එක. මොවුන් මේ මතය දරමින් එය අන්‍යයන්ටද පතුරවමින් පව් රැස් කර ගන්නවා.
බුදු හිමියන්ට අපහාස කිරීම, ග්රන්ථ කර්තෘවරුන් වැනි අය විසින්, මෙරට බොහෝ පිරිසක් අතරට පැමිණීමට කථා කිරීමට අවස්ථාව ඇති උගතුන් විසින්, ශිෂ්‍යයන් සමූහයකට අමතන ගුරුවරුන් විසින් බොහෝම සරල කාරණයක් ලෙස සලකා කරන අවස්ථා තිබෙනවා. මෙලෙස අපහාස කිරීම ව්‍යාපාරයක් ලෙසට කැරගෙන යනවා. මෙබඳු එක් කතුවරයෙක් කලකට පෙර මෙරට ජීවත් වුණා. ඔහුගේ මරණය අවසිහියෙන් යුතු ඉතා කටුක ශෝචනීය සිදුවීමක් වූයේ බුදුරජාණන් වහන්සේට කළ උපහාසයට මෙලොවදීම පල විපාක දීමක් වශයෙනුයි.
ඊළඟ කාරණේ තමයි ධර්මයට අපහාස කිරීම
මෑත ඉතිහාසයෙන් උදාහරණයක් ගෙනහැර දක්වතොත් කලකට ඉහත මෙරට පැතිර ගිය අන්තරාභව වාදය පෙන්වා දෙන්නට පුළුවන්. මෙරට සිටි එක්තරා උගත්, ව්‍යක්ත රට පිළිගත් භික්ෂුවක් අන්තරා භවයක් ඇති බව කතා කරන්නට පටන් ගත්තා. මෙහිදී කියැවුණේ කෙනෙක් මැරුණම නැවත ඉපදීම අතර තවත් භවයක් තිබෙන බවයි. ඒ අන්තරාභව කාලයේදී මළවුන් හමු වී කතාබස් කිරීම් ආදිය කරන බවට මෙහිදී මත පළ කළා. මෙය බුදුදහමට පටහැනි අමූලික මිථ්‍යා දෘෂ්ඨියක්.
මේ වාදය නිසා බෙහෝ දෙනෙකු මෙකී මිථ්‍යා දෘෂ්ටිය වැළඳ ගත්තා.
අප මතක තබා ගත යුතුයි අන්තරා භවයක් කියා දෙයක් මේ ලෝකයේ නෑ. මොකද මැරුණ ගමන් මේ විඤ්ඤාණය ශරීරයෙන් ඉවත්වනවා. එසේ ඉවත් වන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන පංච උපාදානස්කන්ධය එක්කයි. ඒ විඤ්ඤාණය ඉවත් වෙලා කර්මානුරූපව අදාළ ප්රතිසංදියක බැස ගන්නවා.
අණ්ඩජ - බිත්තරයක් ඇතුළේ
ජලාබුජ - මව්කුසක
සංසේදක - තෙත් පරිසරයක
ඕපපාතික - ඉබේ හට ගන්නවා
මේ තමයි ඉපදෙන ක්‍රම හතර බව අවබෝධ කැරගත යුතුයි. අන්තරා භවයක් ගැන දේශනා කරලා නෑ. එහෙම දෙයක් තිබුණා නම් එය දැන සිටින අයට වඩා බුදුරජාණන් වහන්සේට අවබෝධ වන බව කවුරුත් දැනගත යුතුයි. බුදුරජාණන් වහන්සේ සර්වඥයන් වහන්සේයි.
මේ කියන කථාව මෙලෙස පැහැදිලි කරගත හැකියි. මිනිස් ලොවින් ඉවත් වෙලා විඤ්ඤාණය ගොස් පේ‍්‍රත ලෝකයේ බැස ගන්නවා. වසර පහක් හෝ හයක් පමණ එහි සිටිනවා. ඒකත් භවයක්.
අන්තරා භවයක් නොවෙයි. අනතුරුව ගොස් දුගතියේ උපදිනවා. මිනිස් ලොව හා දුගතියේ සිටි කාලය අතර කාලය පේ‍්‍රත ලෝකයේ ගතකළා මිස එය අන්තරා භවයක් නොවෙයි. එයත් එක්තරා භවයක් ම තමයි.
මොවුන් මේ කියන කතාව ඇත්ත නම් ඉන් පැවසෙන්නේ භවයකින් තොරව ජීවිතය ලබනවා කියන එකයි. ඒක මහ බොරුවක්. භවය කියන්නේ විපාක විඳින්න කර්ම සකස්වීම. ඒ සඳහා පෙර කී පරිදි අණ්ඩජ, ජලාබුජ, වශයෙන් ස්ථාන හතරක් තිබෙනවා. තව රූප ලෝක, අරූප ලෝක තිබෙනවා. ඒ ඒ ලෝකවලත් කර්ම සකස්වෙලා සත්ත්වයා ගිහින් උපදිනවා. ගතකරන සෑම තත්පයරකදීම මේ භවය සකස් කරනවා. අන්තරාභව කතාව එක පැත්තකින් මිත්‍යා දෘෂ්ටියක් අනෙක් පැත්තෙන් ධර්මයට කරන අපහාසයක්. මේකත් මහා බරපතල ආර්ය උපවාද කර්මයක් බව කවුරුත් අවබෝධ කැරගත යුතුයි.
ඇතැමුන් මෙබඳු කාරණා තම තමන්ගේ දැන උගත්කම මැනදීමේ සංකේත ලෙස භාවිතා කරනවා. සමාජයේ දී තමාගේ පාණ්ඩිත්‍යය ප්‍රකාශ කිරීමට අවබෝධයෙන් තොරව කොතැනින් හෝ කෙළවරක් අල්ලා ගෙන බොරු වාදවල පැටළෙනවා. මෙහිදී නොදැනුවත්කම නිසා තම තමන්ට වන අකුසල කර්මයන්ගේ බරපතල බව නොවැටහෙනවා. මහා අවාසනාවන්තකමක්.
ඇතැම් විට බුද්ධ වචනයම පවා තම තමන්ට අවශ්‍ය පරිදි තම තමන්ගේ කැමැත්ත පරිදි යොදා ගනිමින් භාවිත කරන අවස්ථා සමාජයේ ඕනෑතරම් දැක ගන්නට පුළුවන්. උදාහරණ ලෙස ‘ආරෝග්‍යා පරමාලාභා’ ‘’සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා’ වැනි බුදු වදන් ඇතැම් අය තමන්ට වුවමනා ලෙස අර්ථකථනය කිරීමට උත්සාහ කරන අවස්ථා සුලබයි. මෙහිදී සිදුවන අකුසලය ද සුළුපටු නෑ.
ආර්ය උපවාදයක් සිදු වූ විට කළ යුතු දේ
මහා සාවද්‍ය අකුසල කර්මයට අයත් ආර්ය උපවාදය අකුසල කර්මය පිළිබඳව අප දිගින් දිගටම කරුණු ගෙන හැර දැක් වූවා. ඇතැම් පුද්ගලයන් කිසිදු වග විභාගයකින් තොරව තම තමන්ගේ ඒ ඒ මොහොතෙහි සිතෙහි හට ගන්නා ආවේග වලට ඉඩ දෙමින්, හුදු විනෝදයට ඉඩ දෙමින් , විශේෂයෙන් දුර දිග නොබලා කටයුතු කරමින් ආර්ය උපවාදය අකුසල කර්මය සිදු කැර ගන්නවා. ඇතැම් විට තරුණ මදයෙන් මත් වූ තරුණ පිරිස මේ වරද කර ගන්නට ඉඩ තිබෙනවා. එසේම ඇතැම් අන්‍යාගමිකයන් ද තම තමන් අදහන ලබ්දීන් කෙරෙහි මානයෙන් බුදු දහම කෙරෙහි අපහාස කිරීමට යෑමෙන් මේ වරද කර ගන්නා වාර අනන්තවත් සමාජයේ දීම ඇතිවන බව කණගාටුවෙන් කිව යුතුව තිබෙනවා. ආර්ය උපවාද අකුසල කර්මය තමන් අතින් සිදු වී තිබේදැයි දැන ගැනීමට කෙනෙකුට සිතුනහොත් ඔහු කළ යුතු වන්නේ ආර්යයන් වහන්සේ යනු කවුරුන්දැයි නිවැරැදිව සොයා බලා අවබෝධ කැර ගැනීමයි. සූවිසි ගුණවලින් පැවසෙන බුද්ධ රත්නයේත්, ධර්ම රත්නයේත් , සංඝ රත්නයේත්, අප්‍රමාණ ගුණ කදම්භය පිළිබඳව විමසා බැලීම වැදගත් වනවා. ඉන් නොනැවතී ත්‍රිවිධ රත්නය යනු කවුරුන්දැයි යන්න වඩාත් හොඳින් සොයා බැලීම වැදගත් වනවා.
බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝරත්නය සෝවාන් මාර්ග, ඵලලාභී , සකදාගාමී, මාර්ග ඵල ලාභී, අනාගාමී මාර්ග ඵල ලාභී, අරහත් මාර්ග ඵල ලාභී වශයෙන් ගත් කළ උතුම් ශ්‍රාවක යුගල සතරක් වේ. වෙන්වෙන් වශයෙන් ගත් කළ සෝවාන් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් ශ්‍රාවකයාය. සෝවාන් වූ ශ්‍රාවකයාය ආදි වශයෙන් උතුම් ශ්‍රාවක පුද්ගල අට දෙනෙකි. මේ සියලු දෙනාම ආර්යයන් උතුම් ශ්‍රාවක පුද්ගල අට දෙනෙකි. මේ සියලු දෙනාම ආර්යයන් වහන්සේට අයිති වේ. එම නිසා ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා කුමන හෝ ආර්යයන් වහන්සේට සිදුවන උපවාදයකින් ඉහත අකුසලය සිදුවනු ඇති බව මතක තබා ගත යුත්තක්. බුදු දහම හැම විටම එහි පස්සික වූ දහමක්, ඉන් අදහස් කෙරෙන්නේ පැමිණ විමසා බැලීමට ඇති ඉඩකඩ හැම විටම බුදු දහමේ විවෘත බවයි. බුදු දහමේ කිසි විටෙකත් රහසක්, සැඟ වූ දහම් කරුණක් අඩංගු වන්නේ නෑ. සියලුම දේට හේතුවක් , හා එම හේතුව නිසා හට ගන්නා ඵලයක් සොයා ගත හැකි වනවා. විශේෂයෙන් ආර්ය උපවාද අකුසල කර්මයේ ඵලවිපාක පිළිබඳව මෙහි දී අවධානය යොමු කළ යුතු වනවා.
බුද්ධ රත්නයට, ධර්ම රත්නයට , සංඝ රත්නයට කවුරුන් අතින් හෝ කිසියම් අපහාසයක්, උපහාසයක්, ගැරැහීමක් සිදු වූ විට එම අකුසලය ඵල දෙන ප්‍රධානතම මූලිකම ක්‍රමයක් ලෙසට මේ ජීවිතයේ දී ධර්මය අවබෝධ කිරීමේ හැකියාව නොමැති වී යාම පෙන්වා දීමට පුළුවන්. මෙසේ වූ විට ධර්මය තම තමන් කෙරෙහි නොපිහිටා සිටීම පැහැදිලිවම දකින්නට පුළුවන්. අංගුත්තර නිකායේ එන අක්කෝස සූත්‍රයේ පෙන්වා දෙන පරිදි ආර්ය උපවාදයේ ආදීනව මැනවින් විස්තර කැර තිබෙනවා. ඒ අනුව ආර්ය උපවාදයක් වූ තැනැත්තෙකු කෙරෙහි මෙබඳු පළ විපාක ද ලැබෙන්නට පුළුවන. එබඳු පුද්ගලයන්ගේ ශරීරය පුරා ලප ඇතිවීමට පුළුවන්. එමෙන්ම දරුණු කුෂ්ඨ රෝග හට ගන්නවා. දරුණු පිළිකා හට ගන්නට පුළුවන්. එමෙන්ම මරණයට මොහොතකට හෝ පෙර සිහි මුලාවීම සිදුවීමටත් ඉඩ තිබෙනවා. ආර්ය උපවාද අකුසල කර්මය සිදුකර ගත් තැනැත්තා ගේ වස්තුව දේපල භවභෝග සම්පත් විනාශ වනවා. උඩු සුළඟට දමන ලද දූවිල්ලක් සේ විනාශ වීම ද දක්නට ලැබෙනවා.
පැවිදි භික්ෂුවකට ආර්ය උපවාද අකුසල කර්මය සිදු වුවහොත් පැවිද්ද එපාවනවා. එමෙන්ම ගරුකාපත්තිවලට එනම් ශාසනයේ තිබෙන මහා බරපතල ඇවැත්වලට පත්වනවා. මේ අනුව ඉතා පැහැදිලි කරුණක් තිබෙනවා. එනම් ආර්ය උපවාද අකුසල කර්මය සිදු වූ තැනැත්තෙකුට සුවපත් , සුවදායි , සහනශීලි මරණයක් සිදු නොවන බවයි. යම් කෙනෙකු අතින් ආර්යඋපවාද අකුසල කර්මය සිදු වූ පසු ඉන් ගැලවෙන්නේ ඉන් මිදෙන්නේ කෙසේද? කියන ගැටලුව තිබෙනවා. අප කවුරුත් දන්නා පරිදි ආනන්තරිය මහා පාපකර්මයක් සිදු වුවහොත් ඉන් ගැලවීමක් ඇත්තේ නෑ. නමුත් ආර්ය උපවාදයක් වුවහොත් ඉන් ගැලවීමේ හැකියාව තිබෙනවා.
මෙහිදී කළ යුතු වන්නේ තමන් අතින් වැරැද්දක් ගැරහීමක්, පරිභවයක් සිදු වූ ආර්යයන් වහන්සේ ළඟට ගොස් දන ගසා වැද නමස්කාර කොට සමාව ගැනීමයි. ඒ වන විටත් එම ආර්යයන් වහන්සේ අපවත් වී සිටිය හොත් උන්වහන්සේගේ සිරුර ආදාහනය කළ තැනට ගොස් වැද සමාව ගත යුතුයි. මෙහිදී ආර්යයන් වහන්සේ පිරිනිවන් පා තිබීමට වුවද හැකියි. එසේ වුවද පෙර කී පරිදි දන ගසා වැද සමාව ගැනීම කළ යුතුයි. එසේත් නොමැති නම් තමන් සිටිනා තැන සිටම උන්වහන්සේගේ අප්‍රමාණ ගුණ මෙනෙහි කර සිත පහදවා ගැනීමත්, සමාව ගැනීමත් කළ යුතුවනවා. බුදුරජාණන් වහන්සේට ශ්‍රී සද්ධර්මයට කිසියම් අපවාදයක් සිදුකොට ආර්යඋපවාද අකුසල කර්මය සිදු කරගත් අයකු තමා එම අකුසලය සිදු කැරගත් බව අවබෝධ කොට ගත් සැනෙන්
බුද්ධ රත්නයට , ධර්ම රත්නයට, සංඝ රත්නයට මාගේ කයෙන් වචනයෙන්, සිතෙන් කිසියම් වරදක් සිදු වූවා නම් මා කෙරෙහි අනුකම්පාවෙන් සමාවන සේක්වා! යි කියා සමාව ගත යුතුයි. මේ ගාථාව උදේ සවස බුදුන් වැඳීමෙන් අනතුරුව කීමේ අදහස ද මෙයයි.
මෙසේ සමාව ගැනීම සිතට එකඟව , අවංකව කළ යුතුයි. මුල් සිතෙන්ම සිත පහදවා ගෙන කළ යුතුයි. එසේ සමාව ගතහොත් එම පුද්ගලයාට මේ ජීවිතයේදී ආර්ය උපවාද කර්මය ප්රහාණය කැර මාර්ගඵල ලබා ගැනීමේ වාසනාව උදා කැර ගත හැකියි. නැතහොත් එම කර්මය ඵළ විපාක වශයෙන් මරණින් මතු අවීචි මහා නරකාදියට රැගෙන යනවා. එදා දඹදිව ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජීව මානව වැඩ වසන සමයේදී “ කෝකාලික “ නම් පාපී භික්ෂුව ආර්යඋපවාද අකුසල කර්මය සිදු කැර ගැනීම පිළිබඳ මෙහිදී උදාහරණ කොට දක්වන්නට පුළුවන්. කෝකාලික භික්ෂුව වස් සමාදන් වනවා. ඒ භික්ෂුවට අවශ්‍ය වූයේ හැකිතාක් පිරිකර එක් රැස් කැර ගැනීමයි. සැරියුත් , මුගලන් අගසව් වහන්සේලා යනු එවක දඹදිව ප්‍රසිද්ධ මෙන්ම මහජනතාවගේ අප්‍රමාණ බුහුමනට පාත්‍ර වූ මහ රහතන් වහන්සේ දෙනමක්. එමෙන්ම අනන්ත අප්‍රමාණ ගුණ සමුදායකින් පිරිපුන් ආර්යයන් වහන්සේ දෙනමක්. ‘කෝකාලික ‘ භික්ෂුව පණිවිඩයක් යවා සැරියුත්, මුගලන් මහ රහතන් වහන්සේ දෙනම කැදවා ගන්නවා. උන්වහන්සේලා වඩින බව ආරංචි වූ සැනින් මිනිසුන් මහා පරිමාණයෙන් පිරිකර රැගෙන එනවා. ‘කෝකාලික ‘ භික්ෂුවගේ අදහස වනුයේ උන්වහන්සේලා මහ රහතන් වහන්සේලා නම් ලැබෙන පිරිකර සියල්ල හැර දමා යාවීය යන හැගීමයි. නමුත් මෙහිදී එසේ සිදු වන්නේ නෑ. උන්වහන්සේලා පිරිකර සියල්ල, බෙදා දෙනු ලබනවා. එසේ පිරිකර බෙදා දීම පිළිබඳව කෝකාලික භික්ෂුව වෛර බැද ගන්නවා. හිත දූෂ්‍ය කර ගැනීමට ආර්යඋපවාද අකුසල කර්මය සිදුවීමට ප්‍රමාණවත් . මෙහිදී එය සිදුවනවා. සිතින් තමා ආර්යඋපවාද අකුසලය පටන් ගන්නේ. කටින් ප්‍රකාශ කිරීමෙන් එය සම්පූර්ණ වනවා. ‘කෝකාලික ‘ භික්ෂුව සිත දූෂ්‍ය කැරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. මෙවිට බුදුරජාණන් වහන්සේ කට ප්‍රවේශම් කැර ගන්න. ඔවැනි කරුණු කටින් පිට කරන්න එපා යනුවෙන් දේශනා කරනවා. චේතනා කර්මයට මුල් වූවත් එය කටින් පිට කිරීමේ භයානක බව බුදුරජාණන් වහන්සේ මැනවින් දන්නා නිසයි. එසේ පිටවීම වැළැක්වීමටයි කටයුතු කෙළේ. එහෙත් ‘කෝකාලික ‘ භික්ෂුව කටින් ද සැරියුත් , මුගලන් මහ රහතන් වහන්සේලාට චෝදනා කොට ආර්ය උපවාද අකුසලය සිදුකැර ගත්තා.
‘කෝකාලික ‘ භික්ෂුවට එම අකුසල කර්මය දිට්ඨ ධම්ම වේදනීය කර්මයක් ලෙස පළ විපාක දුන්නා. එය සිදු වුයේ ඔහුගේ ශරීරයේ රෝම කූපයක් ගානේ ගෙඩි හට ගැනීමෙන් ඔහු මරණින් මතු “පදුම” කියන අවීචි මහා නරකාදියේ උපන්නා. කෙනකුට කිසියම් ආර්යයන් වහන්සේ කෙනකු පිළිබඳව නරක චේතනාවක් පහළ වීගෙන එන අවස්ථාවේම එම චේතනාව සිතින් බැහැර කැර අකුසල කර්මය වලක්වා ගැනීමට පුළුවන්. මෙහිදී විශේෂයෙන් තම ආර්යයන් වහන්සේගේ ගුණ මෙනෙහි කොට සිත පහදවා ගත හැකියි. එවිට ආර්යඋපවාදය යටපත් වෙනු ඇති. එසේ නොකොට ආර්යඋපවාදය සිදු වූ අවස්ථාවක් පිළිබඳව සැළකූ කළ අප පෙර සඳහන් කළ ආකාරයට සමාව ගැනීමෙන් ආර්ය උපවාදයෙන් මිදෙන්නට හැකියි. මෙවිට ඔහුට ධර්ම මාර්ගයේ ඉදිරියට යෑමට බාධාවක් නෑ. මාර්ගඵල ලබා ගැනීම සඳහා මැනවින් බණ භාවනා කටයුතු දියුණු කැර ගත හැකියි. එහෙත් මෙහි දී විශේෂයෙන් සිහිපත් කැර ගත යුතු කරුණක් තිබෙනවා. ආර්ය උපවාදයෙන් මිදුණද එම අකුසල කර්මය ඔහු කෙරෙහි බලපවත්වනවා. ඉන් මිදීම සඳහා ධර්ම මාර්ගයේම ගමන් කළ යුතුයි.
ධර්මය දැන හෝ නොදැන හෝ සිදුවන අකුසලය අකුසලයක්ම විනා අන් කිසිවක් නොවන බව වටහා ගත යුතු වනවා. විශේෂයෙන් මෙහි දී සැලකිය යුතු වැදගත් කරුණක් තිබෙනවා. පිරිසුදු බුදු දහම පවතින අප රටේ ඉපදීමට ලැබීමත් මහා කුසලයක හේතුවක්. එසේ වන කල අපට ධර්ම මාර්ගය විවෘතව ලැබී තිබෙනවා. මේ වාසනාව ලැබෙනුයේ ලොව ජනගහණය අතුරින් ඉතාමත්ම සුළු පිරිසකටයි. ‘ඒහි පස්සික ‘ යන බුදුවදන අනුව පැමිණ විමසා බැලීමෙන්ම මේ ධර්මයේ අති උතුම් බව හඳුනා ගන්නට පුළුවන්. වටහා ගන්නට පුළුවන්! එබඳු වු ධර්මයට , ආර්යයන් වහන්සේට , ගැරහීම අති භයානක අකුසල කර්මයක් බව වටහා ඉන් මිදීමට කටයුතු කිරීම බුද්ධිමත් සැමගේ මෙලොව, පරලොව දියුණුවට හේතු වනු ඇති.
තුන්බොවිල ඉසිවර පුරාණවිහාරවාසී නුගේගොඩ පුණ්ණ හිමි

“යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිසපුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ “

“කායෙන වාචා චිත්තේන - පමාදේන මයා කථං
අච්චයංකම මේ භන්තේ - භූරී පඤ්ඤ තථාගතං
අච්චයංකම මේ ධම්ම - සන්දිට්ඨික අකාලික
අච්චයංකම මේ සංඝ - සුපටිපන්න අනුත්තර “

සෑමදෙනාටම තෙරුවන් සරණයි. මේ ලිපිය මට එවූ චන්දිම සහෝදරයාට කෙටිම පහසුම මඟින් චතුරාර්ය සත්‍යය අවබෝධ වීම පිණිසම මේ ධර්ම දානය පාරමිතාවක් වේවා.
කියවූ ඔබ සැමටත් කෙටිම පහසුම මඟින් චතුරාර්ය සත්‍යය අවබෝධ වීම පිණිසම මේ ධර්ම දානය පාරමිතාවක් වේවා.

Last edited: