නිවන/නිර්වාන කියන්නෙ ආගමික සංස්ථාව විසින් හදාපු බොරුවක්. ජෛන ආගමේ නිවන සියලු කර්මයන්ගෙන් ආත්මය නිදහස් වීමයි. මේ කතාව ටිකක් ටිකක් වෙනස් කරල තමයි හැම ආගමකම(හින්දු ආගම, බුද්ධාගම) නිවන සංකල්පය හදල තියෙන්නෙ.
අද ධර්ම කතිකයන්/රහතුන් යැයි කියන අය පවා කියන්නෙ මුල් ජෛන ආගමේ කොටස් (මුලු එකක කියනවනම් තව කමක් නෑ) පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරල තමයි බණ කියන්නෙ. හැබැයි පොත් වල තියෙන්නෙ තවත් එකක්. හැබැයි මිනිස්සුන්ට ඒව තේරෙන්නෙ නැතිලු. ඒ නිසා සරල බසින් කියනවලු. ඕවගේ තර්ක තමයි නිවන ගැන සමාජයේ තියෙන්නෙ.
මොනවද ඒව : මුලින්ම ආත්මය කියල මිත්‍යාවක් හදාගන්න වෙනව. මේ ආත්මය මැරි මැරී උපදිනව කියල තවත් මිත්‍යාවක් හදාගන්න වෙනව. ඊට පස්සෙ තමන්ගේ ආගමේ හැටියට මේ ආත්මයට විමුක්තිය නොහොත් නිවන ලැබෙන හැටි කතන්දරයක් ආකාරයට ගොතල කියන්න වෙනව. ඕක තමයි නිවන කියල මිනිස්සු හදාගෙන තියෙන්නෙ. තව ඕකට ජෛන දහමේ පින් පව් සංකල්පයත් දාගත්තම තවත් කතාව හොඳට හදාගන්න පුලුවන්.
හැම කෙනාම කරන්නෙ නිවන මාකට් කරල ආගමික සංස්ථාව නඩත්තු කරන එක. ආගමික සංකල්පයක් ගත්තම කොහොමත් එහෙම තමයි වෙන්නෙ. සංස්ථාව විසින් බිල්ලෙක් හරි නිධානයක් හරි හදල අනුගාමිකය ලවා ඒක නඩත්තු කරවන එක.
නමුත් බුද්ධ දර්ශනය තුල නිවන යනු නිවීමයි. එහෙම නැතුව බොරු බිල්ලෙක් නෙවෙයි. මේ මොහොතේ අත්දකින නිවීමයි. බුද්ධ දර්ශනය ආත්මවාදී නැත. එය අනාත්මවාදීද නැත. සත්‍යය දකින කෙනාට ඔය ආගමික සංකල්පවලින් වැඩක්ද නැත.
නමුත් සත්වයාගේ ඇතිවීම නැතිවීම ගැන බුද්ධ දර්ශනයේ පැහැදිලි කිරීමක් ඇත.
//උපාදාන පච්චයා භචෝ – තදකොට අල්ලා ගත් දෙය නිසා භවය හටගනී, භව පච්චයා ජාති – භවය නැවත නැවත ඉපදීම නිසා ජාතිය හෙවත් සත්වයා හටගනී//
මේ මොහොතේ ඇතිවෙමින් නැතිවෙන සත්වයා පැහැදිලි කර ඇත. එහෙම නැතුව උපදිමින් මැරෙමින් යන ආත්මයක් පිලිබඳ බුද්ධ දර්ශනයේ නැත. නමුත් බුද්ධාගම ගත්තහම හින්දු, ජෛන හැම ආගමකම තියන ජනප්‍රිය සංකල්ප එකතු වී/එකතු කර ඇත. එහෙම නොවුනාමන් ආගමකට පැවැත්මක්ද නැත.
සැ:යු:- ටිපර් පාක් කිරීමට ඉඩ පහසුකම් සපයනු ලැබේ.
========================================================================================
මේ ත්‍රෙඅඩ් එකට දාපු reply ටික දිහා බැලුවත් ඇති අපේ යක්ක පුත්තුන්ගේ බුද්දි මට්ටම තේරුම් ගන්න. මම මේ දාපු දේ ගැන තර්ක කරනවා වෙනුවට මගේ අඩු පාඩු, නය ගෙවන්න තියෙන ඒවා, ගත්තු තැන, මගේ ලයිට් බිල, ඩිප්‍රෙශන්, ලියපු වචන ගැන තමයි හමෝම කතා කරන්නේ.
මේකේ මම කියල තියෙන දේ වැරදි නම් හේතු දක්වන්න.
කලින් රෙප්ලයි එක දානකොට ඔබතුමා දාල තියෙන දෙය පිලිබද යම් දුරකට කොන්ෆුයුස් ගතියක් තිබුනද, දෙවන වර කියවේමෙන් පසුව අදහස පැහදිලිය.
ටයිටල් එක මිස්ලීඩින්ග් මගේ අදහසට අනුව. අන්තර්ගතය තේරුම ගන්න බැරි කෙනෙකුට ටයිටල් එකෙන් දෙන්නෙ වෙන අදහසක්..
සැමගේ තෙරුම් ගැනීම සදහා අන්තර්ගතය පැහදිලි කිරීමක් වටින බව හැගේ. මගේ වැටහීමට අනුව එය ලියමි.
---------
මෙතන මූලිකවම කියවෙන්නෙ, ආගමක් සහ දර්ශනයක් අතර තියෙන වෙනස. ආගමක් යනු බොහොදුරට ප්‍රශ්න කිරීමෙන් තොර අන්ද විස්වසයකි. සම්පූර්න විස්වාසය මතම රදා පවති. දර්ශනයක්, විශ්වාසයෙන් ඔබ්බට ගිය සත්ය පිලිබද ප්‍රශ්න කිරීමෙන් යුතු විමර්ශනයකි.
සැම ආගමකම වාගේ අරමුන වෙන්නේ මම (ආත්මය ) මරනෙන් පසු නිවනක්, නති නම්, සදා සැපතක්, දෙවියන් සමග එක් වීමක් වගෙ යන අදහසය.
බුද්දාගමේ ( දර්ශනයෙ නොවේ ) වුවද වන්නෙ..දුක් විදින මම දුක් නොවිදීම සදහා නැවත ඉපදීමක් නොලැබීමට උත්සාහ කිර්‍රමකි. එය ඔවුනට අනුව නිර්වානයයි.
පිවිතුරු බුද්ද
දර්ශනයේ කියන්නෙ ඔයිට වඩා හාත්පසින්ම වෙනස් දෙයකි. එහිදී ප්‍රශ්න කරන්නේ ආත්මය ගැනය. පවතින ආත්මයක් නතිනම්, ඉහත කී මරනින් පසු, දෙවියන් සමග එක්වීමක්, මරනින් පසු නිවනක් ලබන්නේ කවුද?. එය සත්ය වන්නෙ කෙසේද?.
මෙන්න මේ අදහසට අනුව, ආගම් වල අති (බුද්දාගම ඇතුලුව ) නිවන පට්ට පල් බොරුවකි.
බුද්ද
දර්ශනයට අනුව, රාගක්ශය, ද්වෙශක්ශය, මෝහක්ශය නිර්වානයයි.