නිවන!

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,419
    1,894
    113
    කොටින්ම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වුණායින් පසුවත් පෙර කර්ම බලපෑවේ කෙසේද මිත්‍රයා? ඒ කියන්නෙ කර්මය බල නොපාන ක්‍රමයක් තියෙනවද මේ කියන නිවන් සංකල්පය ඇතුලෙ? ඇත්තටම එතකොට අති බහුතරයකට වුවමනා වෙලා තියෙන්නෙ මේ ජීවත් වෙලා ඉන්න ජීවිතේ කරන්න නියමිත කාරණා වලින් මිනිස්සුන්ව අයින් කරවන්න මොකක් හරි ඔලුවට දාල තියෙන එක නෙමෙයිද?

    ඔය ආයේ කණ්ණාඩියෙන් බලන් අහන ප්‍රශ්න.
    ධර්මයෙන් පුලුවන් එතෙර වෙන්න.

    බුදුන්ව බුදුන් විදිහට වස්තු, පුද්ගල සංඤාව අපිටනේ තියෙන්නේ. අපිටනේ පේන්නේ *මෙහෙම වෙනවා* කියලා. ඔය බලන්නේ අවුල් කණ්නාඩි දෙකෙන්මනේ.

    යම් පුද්ගලයකු මාර්ගඵල ලබා ඇති බවට එම පුද්ගලයාට හෝ වෙනත් පුද්ගලයෙකුට දැනගත හැකි අවබෝධ කරගත හැකි සලකුණු මොනවාද ගුරුතුමණි?

    තමන්ට දැනගන්න වෙන්නේ රහත් වෙලා. හැබැයි රහත් වුනාම *තමන්* කියන කෑල්ලත් එක්ක *මන් රහත් හෝ මගඵල ලබලද?* කියන ප්‍රශ්නේ අභව්‍යය වෙනවා.

    එතකන් යන ගමනේ වලවල් හොයාගන්න වෙන්නේ කළ්‍යාණ මිත්‍රයොන්ගෙන් අහලා දැනගෙන තමයි.
    ------ Post added on Jan 17, 2026 at 10:39 PM

    මම ආස නෑ නිවන් යන්න. අඩුගානෙ මැරිල දිවිය ලෝකෙ යන්නවත් ආස නෑ. මම ආස මේ ලෝකෙම සදාකාලිකව ඉන්න.

    ලෝකේ සදාකල් හිටියත් සැප, දුක තියෙනවනේ.
    මේ වෙනකන් ජීවීතේ වැඩියෙන් විදලා තියෙන්නේ සැපද, දුකද?
    ------ Post added on Jan 17, 2026 at 10:54 PM
     
    nidarsha91

    Well-known member
  • තමන්ට දැනගන්න වෙන්නේ රහත් වෙලා. හැබැයි රහත් වුනාම *තමන්* කියන කෑල්ලත් එක්ක *මන් රහත් හෝ මගඵල ලබලද?* කියන ප්‍රශ්නේ අභව්‍යය වෙනවා.

    එතකන් යන ගමනේ වලවල් හොයාගන්න වෙන්නේ කළ්‍යාණ මිත්‍රයොන්ගෙන් අහලා දැනගෙන තමයි.
    මෙන්න තියෙනවා මචන් ප්‍රශ්නෙට උත්තරේ. කාලාම නියමට අනුව මෙන්න උඹේ තර්කය බිඳ වැටෙන තැන. හරියටම මලගිය ප්‍රාණකාරයො හින්ද කරපු වැඩේ හරි ගියෙ නෑ කියන තැනට ඇවිල්ලා හිරවෙන්න උඹටත් උඹේ ඉහලින් උගන්නල තියෙන ගුරුවරු උදව් කරල තියෙනවා.

    බුද්ධ වචනය කට පාඩමින් ගෙනෙද්දි වෙන්න පුළුවන් වැරදි, වෙලා තියෙන දොරටුපාල ක්‍රියාවලියම උඹ ඇතුලෙ අති නහුතරයකට වෙලා තියෙනවා මචන්.

    දවසක උඹල ඔය ඉහලින් බන විදියට හරි වචන ගොඩාක් විදියට හරි උඹලගෙ ඔලුවට පොඩි කාලෙ ඉඳල දාන්න උත්සාහ ගන්න මාර්ග ඵල සෝවාන් වගේ කතා වලින් එලියට ඇවිල්ල හිතන්න පටන් ගනීවි. එතනින් නියම කතාව අවබෝද කරගන්න පාර පෙනෙයි.

    නැත්තන් කියන්නෙ වෙන්නෙ, උඹ උඩින් කියල තියෙනව වගේ, මේ මහ පොළොවෙ වෙච්ච දේ අපි මවාගත්ත කතාවක් කියල - හරියට බුදු හාමුදුරුවන්ට වෙච්ච දේත් උඹ ඔය උඩින් කියල තියෙන්නෙ අපි මවාගත්ත කතාවක් කියල.

    මහ පොළොවෙ ජීවිතය තමයි නිවන හෝ වෙන එකක් වෙන්නෙ. ඒ මිසක මේ චක්‍රයන් වලින් එලියට යනවා. පරම ශුන්‍යත්වයක් හොයනව වගේ කතා වල අවසානෙ කවුරුත් දෙන්නෙ ඔය උත්තරම තමයි මචන්. ආයෙමත් කියනවා - හරියටම පෙන්නන්න බැරි මලගිය ප්‍රාණකාරයො වගේ.

    තෙරුවන් සරණින් උඹලටත්, දේවල් හොයන ගවේෂනය කරන තව මිනිස්සුන්ට පේනව වගේ ඇත්ත නිවන, පොත් පත් වලින්, කටපාඩම් කරගත්ත මිනිස්සුන්ගෙන් එලියෙදි පෙනේවා. සම්ප්‍රදායෙන්, අධිකාරීත්වයෙන්, දේව කතා, සෝවාන් මාර්ග ඵල කතා වලින් එලියෙදි පෙනේවා.

    තෙරුවන් සරණයි මගේ ප්‍රඥාවන්ත කල්‍යාන මිත්‍රයිනි!
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,419
    1,894
    113
    මෙන්න තියෙනවා මචන් ප්‍රශ්නෙට උත්තරේ. කාලාම නියමට අනුව මෙන්න උඹේ තර්කය බිඳ වැටෙන තැන. හරියටම මලගිය ප්‍රාණකාරයො හින්ද කරපු වැඩේ හරි ගියෙ නෑ කියන තැනට ඇවිල්ලා හිරවෙන්න උඹටත් උඹේ ඉහලින් උගන්නල තියෙන ගුරුවරු උදව් කරල තියෙනවා

    කාලාම සූත්‍රයෙයි මන් කියපු දේවල් වලයි නොගැලපීම මොකක්ද?

    රහත් වෙන්න, මගඵල ලබන්නත් කලින් ආදි බ්‍රහ්මචරියාවට, ලෞකික සම්මා දිට්ටියට කෙනෙක් එන්නේ *ලෞකික මට්ටමෙන්* සසරෙ අවුල දැකලා. මේක අවබෝධ කරන් දේශනා කරන උත්මන්ගේ ගුණයට, ධර්මයේ ගුණයට, ශාස්තෘන් වහන්සේගේ ගුණයට පැහැදිලා. නිකන් නෙමෙයි.

    තෙරැවන් සරණ යන්න කලින් ආර්ය පර්යේෂණය යෙදෙන විදිහ තමයි කාලාම සූත්‍රයේ දක්වන්නේ. තෙරුවන් සරණ ගිහිනුත්, ලෞකික සම්මා දිට්ටියේ ඉදනුත් ආයේ ආර්යපර්යේශනයේම තමයි යෙදෙන්නේ. ඊට පස්සේ තමයි බෝධිපාක්ෂික ධර්ම වඩන් ලෝකෝත්තර සම්මා දිට්ටියට (සෝවාන්) එන්නේ.

    බුද්ධ වචනය කට පාඩමින් ගෙනෙද්දි වෙන්න පුළුවන් වැරදි, වෙලා තියෙන දොරටුපාල ක්‍රියාවලියම උඹ ඇතුලෙ අති නහුතරයකට වෙලා තියෙනවා මචන්.

    ධර්මය කියන්නේ තියරි එකක්වත් ලෝකෙට අයිති දෙයක් වත් නෙමෙයි. වස්තු, පුද්ගල සංඤාවෙන් ගන්න තැනම වරදිනවා. ධර්මය ජීවමාන වීම පඨවි.. ධාතුවෙන් පනවන්න බැහැ කියලා දේශනා කරනවා බුදුන් එක තැනක. ඒක තමයි කලින් කියපු ලෞකික සම්මා දිට්ටිය, ආදි බ්‍රහ්මචර්යාව වැදගත් වෙන්නේ. ඒ මට්ටමේ වත් හිටියොත් තමයි ධර්මය ජීවමාන වෙන්නේ තමන්ට. නැතූව බුදුන් ඉස්සරහා ඉදන් බන කිවවත් වැඩක් නැ.

    දවසක උඹල ඔය ඉහලින් බන විදියට හරි වචන ගොඩාක් විදියට හරි උඹලගෙ ඔලුවට පොඩි කාලෙ ඉඳල දාන්න උත්සාහ ගන්න මාර්ග ඵල සෝවාන් වගේ කතා වලින් එලියට ඇවිල්ල හිතන්න පටන් ගනීවි. එතනින් නියම කතාව අවබෝද කරගන්න පාර පෙනෙයි.

    මන් එලියක ඉදන්ද, ඇතුලක ඉදන්ද කියන්නේ කියලා ඔයාට පේන්න විදිහක් නැහැ. අර අවුල් කන්නාඩි දෙකෙන් තමයි එහෙම පේන්නේ. මෙතනම තියෙනවා අවුල, අල්ලගන්නවනම්.

    එලිය, ඇතුල දෙකම ඔයාගේ. ඔයා එලිය කියන්නේ තව රාමුවකටම තමයි. සීමාව වැඩි වුනාට, කුඩුවම තමයි. කූඩුවෙන් කූඩුව මාරු වෙන එක තමයි කණ්ණාඩිය ප්‍රශ්න නොකර, පේන දේ බාර ගන්න එකෙන් වෙන්නේ.

    නැත්තන් කියන්නෙ වෙන්නෙ, උඹ උඩින් කියල තියෙනව වගේ, මේ මහ පොළොවෙ වෙච්ච දේ අපි මවාගත්ත කතාවක් කියල - හරියට බුදු හාමුදුරුවන්ට වෙච්ච දේත් උඹ ඔය උඩින් කියල තියෙන්නෙ අපි මවාගත්ත කතාවක් කියල.

    අපි මවාගන්න.. කියලා යෙදෙන්නැහැ. මෙය, මෙය පමනින්ම වෙනවා සියල්ල.
    ------ Post added on Jan 17, 2026 at 11:23 PM
     
    • Like
    Reactions: Yeezus

    nidarsha91

    Well-known member
  • කාලාම සූත්‍රයෙයි මන් කියපු දේවල් වලයි නොගැලපීම මොකක්ද?

    රහත් වෙන්න, මගඵල ලබන්නත් කලින් ආදි බ්‍රහ්මචරියාවට, ලෞකික සම්මා දිට්ටියට කෙනෙක් එන්නේ *ලෞකික මට්ටමෙන්* සසරෙ අවුල දැකලා. මේක අවබෝධ කරන් දේශනා කරන උත්මන්ගේ ගුණයට, ධර්මයේ ගුණයට, ශාස්තෘන් වහන්සේගේ ගුණයට පැහැදිලා. නිකන් නෙමෙයි.

    තෙරැවන් සරණ යන්න කලින් ආර්ය පර්යේෂණය යෙදෙන විදිහ තමයි කාලාම සූත්‍රයේ දක්වන්නේ. තෙරුවන් සරණ ගිහිනුත්, ලෞකික සම්මා දිට්ටියේ ඉදනුත් ආයේ ආර්යපර්යේශනයේම තමයි යෙදෙන්නේ. ඊට පස්සේ තමයි බෝධිපාක්ෂික ධර්ම වඩන් ලෝකෝත්තර සම්මා දිට්ටියට (සෝවාන්) එන්නේ.

    ධර්මය කියන්නේ තියරි එකක්වත් ලෝකෙට අයිති දෙයක් වත් නෙමෙයි. වස්තු, පුද්ගල සංඤාවෙන් ගන්න තැනම වරදිනවා. ධර්මය ජීවමාන වීම පඨවි.. ධාතුවෙන් පනවන්න බැහැ කියලා දේශනා කරනවා බුදුන් එක තැනක. ඒක තමයි කලින් කියපු ලෞකික සම්මා දිට්ටිය, ආදි බ්‍රහ්මචර්යාව වැදගත් වෙන්නේ. ඒ මට්ටමේ වත් හිටියොත් තමයි ධර්මය ජීවමාන වෙන්නේ තමන්ට. නැතූව බුදුන් ඉස්සරහා ඉදන් බන කිවවත් වැඩක් නැ.

    මන් එලියක ඉදන්ද, ඇතුලක ඉදන්ද කියන්නේ කියලා ඔයාට පේන්න විදිහක් නැහැ. අර අවුල් කන්නාඩි දෙකෙන් තමයි එහෙම පේන්නේ. මෙතනම තියෙනවා අවුල, අල්ලගන්නවනම්.

    එලිය, ඇතුල දෙකම ඔයාගේ. ඔයා එලිය කියන්නේ තව රාමුවකටම තමයි. සීමාව වැඩි වුනාට, කුඩුවම තමයි. කූඩුවෙන් කූඩුව මාරු වෙන එක තමයි කණ්ණාඩිය ප්‍රශ්න නොකර, පේන දේ බාර ගන්න එකෙන් වෙන්නේ.

    අපි මවාගන්න.. කියලා යෙදෙන්නැහැ. මෙය, මෙය පමනින්ම වෙනවා සියල්ල.
    ------ Post added on Jan 17, 2026 at 11:23 PM
    වචන ගොඩාක් ගොඩාක් ගොඩාක් එකතු කරල එක එක විදියෙ කතා කියන්න උත්සාහ ගත්තට මාගේ උගත් මිත්‍රයා - මගෙ එකම එක ප්‍රශ්නයට ඔබගේ සහ, ඔබ වගේ වාග්මාලා වලින් කතා කියන අතී බහුතරයගේ අවසාන පිළිතුර: "තමන්ට දැනගන්න වෙන්නේ රහත් වෙලා."

    කල්‍යාණ මිත්‍ර පිරිසත් රහත් කියන සංකල්පය විශ්වාස කරන පිරිසක් වුණාම ඒ අය තමන්ගෙ මනසින් හිතල එහෙම දෙයක් මවාගන්නවා. හරියටම ප්‍රේත මලගිය ප්‍රාණියො ගැන විශ්වාස කරන අතී බහුතරයක් වගේ. හැබැයි ඒ මිනිස්සු හැම කෙනෙක්ම මේ සිස්ටම් එක යටතෙ ඉන්න අනු කොටස්. තමන් කියන කාරණය අභව්‍යයි කියල එක මට්ටමකට එනව කියලත් තමන්ම හිතන්න පුරුදු කරගත්ත. ඉතින්... ඔවුන් නැවත භවයක් නෑ කියල ඔප්පු කරල නෑ වගේම, ඒ යාන්ත්‍රණය තේරුම් ගන්නව වෙනුවට තමන්ගෙම ස්ටේටස් එකක් හදාගෙන ජීවත් වෙලා විතරනෙ මිත්‍රයා.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,224
    2,076
    113
    වචන ගොඩාක් ගොඩාක් ගොඩාක් එකතු කරල එක එක විදියෙ කතා කියන්න උත්සාහ ගත්තට මාගේ උගත් මිත්‍රයා - මගෙ එකම එක ප්‍රශ්නයට ඔබගේ සහ, ඔබ වගේ වාග්මාලා වලින් කතා කියන අතී බහුතරයගේ අවසාන පිළිතුර: "තමන්ට දැනගන්න වෙන්නේ රහත් වෙලා."

    ඉතින් බන් ඒකේ අවුල මොකක්ද? අන්ද්යට කිරිවල පාට සුදු කියල ඌගේ අනිත් ඉන්ද්‍රිය වලින් කොච්චර දත කැවත් බලන්න පුලුවන් ද?..බලන්න පුලුවන් වෙන්නෙම ඌට ඇස් පෙනීම ලැබුන දාට විතරමනෙ...

    දැන් ඉතින් ඒක තව අන්දයෙකුට කිව්වාම ඌ කියනව අනේ පලයන් බන් යන්න සුදුපාට කියල එකක් නැ...උබල ඔක්කොටම කියන්න පුලුවන් ඇසි ලබුන දාට බලන්න පුලුවන් කියල බයිලයක් නෙ කියල...

    සන්කත ගෝචර වෙන පෘතක්ජන ඉන්ඩ්‍රහියවලට...අසන්කතයක් ගොචර වෙන්නෙ කොහොමද බන්?...ඒක කරන්න ඉන්දියක් තියෙන්නෙ එපේ...ඒක ඩෙවෙල්ප් උන කෙනාට තමයි රහතන් වහන්සෙ කියන්නෙ...
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,419
    1,894
    113
    කල්‍යාණ මිත්‍ර පිරිසත් රහත් කියන සංකල්පය විශ්වාස කරන පිරිසක් වුණාම ඒ අය තමන්ගෙ මනසින් හිතල එහෙම දෙයක් මවාගන්නවා.

    ඒම අය ඉන්නවා. ඒකට තමයි ත්‍රිපිටක රත්නය හොදම කළ්‍යාණ මිත්‍රයා වෙන්නේ. වැටෙන්න පුලුවන් වලවල් ඔක්කොම පෙන්නලා තියෙනවා. වලවල් වල වැටිලා ඉන්න අය කියන කතා අදුරගෙන, වල බේරලා ඉස්සරහට යන්න පුලුවන්. වළ පෙන්නලා දෙන කළ්‍යාණ මිත්‍රයොත් හම්බෙනවා හොයන් යද්දි.

    ආර්ය පර්යේෂණය කොහොමත් විවෘතව කරන්න ඕනේ. ගුරුවරයා කිව්ව පමණින් පිළිගන්න කියලා නැහැනේ.

    උදා: tt එකේ එක්කෙනෙක් කියනවා, යාලුවෝ 3 දෙනෙක් උදා අරන්. එක්කෙනෙක් හොදම යාලුවලු. අනිත් එක්කෙනා අප්‍රිය යාලුවලු. තව කෙනෙක් ඉන්නවලු විශේෂ කැමැත්තම්/ අකමැත්තක් නැති. හොස්පිටල් ඉද්දි අර කලින් කියපු හොදම යාලුවා බලන්න ආවේ නැත්තම් දුකයිලු. අප්‍රිය එක්කෙනා බලන්න ආවොත් ඒත් දුකයිලු. අනිත් එක්කෙනා ආවා, නැතා ගානක් නැහැලු. සැප, දුක ඔහොමලු එන්නේ.. පුද්ගල, වස්තු වලට තියෙන බැදීම නැවැත්තුවොත් හරිලු ඒ නිසා.
    ත්‍රිපිටකය පරිශීලනය කරන කෙනෙක් දන්නවා ඔය කියන්නේ උපේක්ෂාව, නිවන නෙමෙයි කියලා. බුදුන් දුක්ඛ ආර්ය සත්‍ය විදිහට පෙන්නුවේ සංඛාර දුක මිසක් මානසිකව, කායිකව දැනෙන දැනීම් විතරක් නෙමෙයි කියලා. එතන තමන් හොයන ධර්මය නැහැ කියලා.
     
    nidarsha91

    Well-known member
  • ඉතින් බන් ඒකේ අවුල මොකක්ද? අන්ද්යට කිරිවල පාට සුදු කියල ඌගේ අනිත් ඉන්ද්‍රිය වලින් කොච්චර දත කැවත් බලන්න පුලුවන් ද?..බලන්න පුලුවන් වෙන්නෙම ඌට ඇස් පෙනීම ලැබුන දාට විතරමනෙ...

    දැන් ඉතින් ඒක තව අන්දයෙකුට කිව්වාම ඌ කියනව අනේ පලයන් බන් යන්න සුදුපාට කියල එකක් නැ...උබල ඔක්කොටම කියන්න පුලුවන් ඇසි ලබුන දාට බලන්න පුලුවන් කියල බයිලයක් නෙ කියල...

    සන්කත ගෝචර වෙන පෘතක්ජන ඉන්ඩ්‍රහියවලට...අසන්කතයක් ගොචර වෙන්නෙ කොහොමද බන්?...ඒක කරන්න ඉන්දියක් තියෙන්නෙ එපේ...ඒක ඩෙවෙල්ප් උන කෙනාට තමයි රහතන් වහන්සෙ කියන්නෙ...
    උඹත් පොතක ලියල තියෙන ටිකම කියනවනෙ මචන්. ඒ කියන්නෙ එහෙම එකක් ඩිවලප් වුණා කියල හිතන්න පුරුදු කරල නේද? ඔප්පු කරන්න ඒ මනුස්සයට පුළුවන්ද? උඹට පුළුවන්ද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,224
    2,076
    113
    උඹත් පොතක ලියල තියෙන ටිකම කියනවනෙ මචන්. ඒ කියන්නෙ එහෙම එකක් ඩිවලප් වුණා කියල හිතන්න පුරුදු කරල නේද? ඔප්පු කරන්න ඒ මනුස්සයට පුළුවන්ද? උඹට පුළුවන්ද?

    අන්දයට පුලුවන්ද...වෙනෙ කෙනෙක් කිරිවල සුදුපාටයි කිව්වම ඌට ඔප්පු කරගන්න ඒක හරිද වැරදි ද කියල?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,419
    1,894
    113
    උඹත් පොතක ලියල තියෙන ටිකම කියනවනෙ මචන්. ඒ කියන්නෙ එහෙම එකක් ඩිවලප් වුණා කියල හිතන්න පුරුදු කරල නේද? ඔප්පු කරන්න ඒ මනුස්සයට පුළුවන්ද? උඹට පුළුවන්ද?

    ලෞකික සම්මා දිට්ටියවත් නැතුව නිවන් දකින්න බැහැ කිව්වේ ඒක තමයි මුලින්ම. ඔක්කොම බොරු කියලා උච්ඡේදයට වෙලා ඉදලා ලබන නිවනක් නැහැ.

    මුලින් බන අහපන්. සසරේ අවුල ලෞකික මට්ට්මකින් හරි අල්ලගන්න පුලුවන්ද බලපන්. එතකොට තමයි සසර බිය දැනිලා, තෙරුවණ් කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙලා, තිසරණ සරණ යන්න පුලුවන් වෙන්නේ. ලෞකික සම්මා දිට්ටියේ නිකන්ම පිහිටයි එතෙන්දි.
     
    nidarsha91

    Well-known member
  • ඒම අය ඉන්නවා. ඒකට තමයි ත්‍රිපිටක රත්නය හොදම කළ්‍යාණ මිත්‍රයා වෙන්නේ. වැටෙන්න පුලුවන් වලවල් ඔක්කොම පෙන්නලා තියෙනවා. වලවල් වල වැටිලා ඉන්න අය කියන කතා අදුරගෙන, වල බේරලා ඉස්සරහට යන්න පුලුවන්. වළ පෙන්නලා දෙන කළ්‍යාණ මිත්‍රයොත් හම්බෙනවා හොයන් යද්දි.

    ආර්ය පර්යේෂණය කොහොමත් විවෘතව කරන්න ඕනේ. ගුරුවරයා කිව්ව පමණින් පිළිගන්න කියලා නැහැනේ.

    උදා: tt එකේ එක්කෙනෙක් කියනවා, යාලුවෝ 3 දෙනෙක් උදා අරන්. එක්කෙනෙක් හොදම යාලුවලු. අනිත් එක්කෙනා අප්‍රිය යාලුවලු. තව කෙනෙක් ඉන්නවලු විශේෂ කැමැත්තම්/ අකමැත්තක් නැති. හොස්පිටල් ඉද්දි අර කලින් කියපු හොදම යාලුවා බලන්න ආවේ නැත්තම් දුකයිලු. අප්‍රිය එක්කෙනා බලන්න ආවොත් ඒත් දුකයිලු. අනිත් එක්කෙනා ආවා, නැතා ගානක් නැහැලු. සැප, දුක ඔහොමලු එන්නේ.. පුද්ගල, වස්තු වලට තියෙන බැදීම නැවැත්තුවොත් හරිලු ඒ නිසා.
    ත්‍රිපිටකය පරිශීලනය කරන කෙනෙක් දන්නවා ඔය කියන්නේ උපේක්ෂාව, නිවන නෙමෙයි කියලා. බුදුන් දුක්ඛ ආර්ය සත්‍ය විදිහට පෙන්නුවේ සංඛාර දුක මිසක් මානසිකව, කායිකව දැනෙන දැනීම් නෙමෙයි කියලා. එතන තමන් හොයන ධර්මය නැහැ කියලා.
    හරි ඔය එන්නෙ නියම තැනට. සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය, සමග විනය පිටකය. ඕක බෞද්ධ සාහිත්‍යය. ඔය වගේම තියෙනව වෙනත් ආගම් වලත්. කතෝළිකයොත් ප්‍රකාශිත බයිබලය අස්සෙ ඔය වගේම සෑහෙන්න බඩ පිනුම් ගහනව මචන්. ඒවටම ප්‍රධාන පූජකවරු ඉන්නවා බයිබලේ තියෙන කරුණු පැහැදිලි කරල දෙන්න. අන්න එහෙම එවුන් තමයි බයිබලේ නෙමෙයි වැඩේ මිනිස්සුන්ට මිනිස්සුන්ට විදියට සළකන්න කිව්ව ජීසස්ව අල්ලල මරල දාල පස්සෙ පල්ලියෙ පැවැත්මට පල්ලියෙ ඉස්සරහින්ම ගෙනල්ල එල්ලන්නෙ.

    ඒ වගේම, රාමුවෙන් එලියට ඇවිල්ලා ජීවිතේ දකින්න කියල බුදු-වරයෙක් ඇවිල්ලා පහදල දෙන ඉතාම වටිනා අදහස් විකෘති කරලා හැම එකාටම අත් හරින්න අත හරින්න ශුන්‍යත්වයකට යන්න කියල කොහෙවත් නැති එකක් ඔලුවට දාල ඔලු විකාර කරල උන්ගෙ ගමන විනාශ කරනවා. ඒ කියන්නෙ එක එක මනුස්සයට යෙදෙන එක එක විදියෙ කාරණා ගැන කතා කිරීම නවත්තල අනවශ්‍ය කාරණා කන්දක් ඔලුවට දානවා. පැය 24 ඇතුලෙ ජීවිතේ තමන්ට පැවරෙන කාර්‍යය මග ඇරගෙන මිනිස්සු විකල් වෙනවා.

    ත්‍රිපිටකය ලියවෙන්නෙ හෙන ලොකු වටිනාකමකින්, ඒක පිටිපස්සෙ හිටිය අය මෙහෙම පරම්පරා වලින් ආව කියන කතා නිසා බහුතරය ඒක ප්‍රශ්න නොකර පිළිගන්න පොළඹවනවා.

    ටෙලිෆෝන් ගේම් වගේ වෙච්ච දේවල් පිළිගන්න බහුතරය අකමැති වෙලා ඇබ්බැහි වෙලා සාධු කියනවා. හැබැයි බුදුන් වහන්සේ කිව්ව ප්‍රශ්න කිරීම අමතක කරනවා.

    අන්දයට පුලුවන්ද...වෙනෙ කෙනෙක් කිරිවල සුදුපාටයි කිව්වම ඌට ඔප්පු කරගන්න ඒක හරිද වැරදි ද කියල?
    හරිම සරලවම පුළුවන් නෙහ් මචන්. වර්ණය කියන එකක් අන්ධයට දකින්න බෑ කියන්න තරම් අනුවණ වුණේ කොහොමද මචන්? මනුස්සයෙක් බිහි වෙන්නෙ ශුන්‍යත්වයකින් එක පාරට එඬරු වගේ නෙමෙයි. ඒක චක්‍රීය ගමන් මගක එක ස්ථානයක්. කලින් අත් නොදැකපු දෙයක්ද වර්ණයක් කියන්නෙ?

    අනිත් දේ තමයි අන්ධ මනුස්සයන්ට වර්ණ හඳුන්වා දෙන ක්‍රම හොයල බලපන්. සුදු පාට කොහොමද? රතු පාට කොහොමද කියල අඳුන්වල දෙන්නෙ කොහොමද කියල හොයල බලපන්.

    හැබැයි, මනෝ ව්‍යාධි වලින් පෙළෙන කෙනෙක්ට තමන් දකින්නෙ මනෝ ව්‍යාධියක් කියල තේරෙන්නෙ නෑ. ආන්න තමන් රහත් කියල කියනවා. දෙවියො දකිනවා කියනවා. ඔය වගේ රහත් සෙට් පිටින් ඉන්නවා මානසික රෝහල් වල ගිහිල්ලා බලපන්. හම්බෙයි. ඇත්තට මූණ දීල බලන්න ඒ අයට දෙනවා භින්නෝන්මාද ප්‍රතිකාර. සමහරුන්ගෙ නං බ්‍රේන් සර්කිට්ස් ඩැමේජ් වෙලා. ආන්න ඔරිමජිනල් රහත්.
    ------ Post added on Jan 18, 2026 at 12:42 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,419
    1,894
    113
    හරි ඔය එන්නෙ නියම තැනට. සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය, සමග විනය පිටකය. ඕක බෞද්ධ සාහිත්‍යය. ඔය වගේම තියෙනව වෙනත් ආගම් වලත්. කතෝළිකයොත් ප්‍රකාශිත බයිබලය අස්සෙ ඔය වගේම සෑහෙන්න බඩ පිනුම් ගහනව මචන්. ඒවටම ප්‍රධාන පූජකවරු ඉන්නවා බයිබලේ තියෙන කරුණු පැහැදිලි කරල දෙන්න. අන්න එහෙම එවුන් තමයි බයිබලේ නෙමෙයි වැඩේ මිනිස්සුන්ට මිනිස්සුන්ට විදියට සළකන්න කිව්ව ජීසස්ව අල්ලල මරල දාල පස්සෙ පල්ලියෙ පැවැත්මට පල්ලියෙ ඉස්සරහින්ම ගෙනල්ල එල්ලන්නෙ.

    කියන දේ විශ්වාස කරලා, පිළිපැද්දොත්, මැරුනාම මෙහෙම වෙයි.. කියලනේ අනිත් ආගම් වල තියෙන්නේ.

    ත්‍රිපිටකයේ තියෙන්නේ ජීවත් වෙලා ඉද්දි පිළිපැදලා, නිවන් දකින්න පුලුවන් මාර්ගයක්. මැරුනහම වෙන කතා නැහැ, මැරෙන්න කළින් මේක අවබෝධ කර ගන්න, නොපමාව කුසල් වඩන්න කියන දේශනාව තමයි සියලු බුදුවරු කරන්නේ.

    බුද්ධ ශාසනයේ කෙනෙක්ට වෙන්න පුලුවන් අභාග්‍යසම්පන්නම දේ සෝවාන්වත් නොවී මැරෙන එක.

    වගේම, රාමුවෙන් එලියට ඇවිල්ලා ජීවිතේ දකින්න කියල බුදු-වරයෙක් ඇවිල්ලා පහදල දෙන ඉතාම වටිනා අදහස් විකෘති කරලා හැම එකාටම අත් හරින්න අත හරින්න ශුන්‍යත්වයකට යන්න කියල කොහෙවත් නැති එකක් ඔලුවට දාල ඔලු විකාර කරල උන්ගෙ ගමන විනාශ කරනවා. ඒ කියන්නෙ එක එක මනුස්සයට යෙදෙන එක එක විදියෙ කාරණා ගැන කතා කිරීම නවත්තල අනවශ්‍ය කාරණා කන්දක් ඔලුවට දානවා. පැය 24 ඇතුලෙ ජීවිතේ තමන්ට පැවරෙන කාර්‍යය මග ඇරගෙන මිනිස්සු විකල් වෙනවා.

    ත්‍රිපිටකය ලියවෙන්නෙ හෙන ලොකු වටිනාකමකින්, ඒක පිටිපස්සෙ හිටිය අය මෙහෙම පරම්පරා වලින් ආව කියන කතා නිසා බහුතරය ඒක ප්‍රශ්න නොකර පිළිගන්න පොළඹවනවා.

    ටෙලිෆෝන් ගේම් වගේ වෙච්ච දේවල් පිළිගන්න බහුතරය අකමැති වෙලා ඇබ්බැහි වෙලා සාධු කියනවා.

    පෘථග්ජන මිනිස්සු එහෙම තමයි. සබ්බේ පෘථග්ජනා උන්මත්තකා. මඩ වලෙන්ම තමයි උඩට යන ඉනිමග හොයාගන්න වෙන්නේ. ඉනිමග හම්බුනත්, ඉනිමග කරේ තියන් යන අයයි, ඉනිමග දැක්ක ගමන් පයින් ගහන අයයි බහුතරය ඉන්නේ. ඒකතමයි කිව්වේ උඩ ධර්මය ජීවමාන වීම සතර මහා ධාතුවෙන් පනවන්න බැහැ කියලා.

    ඉනිමග පාවිච්චි කරන පුලුවන් වෙන කුසලතා වඩාගන්නත් ඕනේ, ඉනිමග හොයාගන්නත් ඕනේ, පාවිච්චි කරලා උඩට යන්නත් ඕනේ.
     
    nidarsha91

    Well-known member
  • ලෞකික සම්මා දිට්ටියවත් නැතුව නිවන් දකින්න බැහැ කිව්වේ ඒක තමයි මුලින්ම. ඔක්කොම බොරු කියලා උච්ඡේදයට වෙලා ඉදලා ලබන නිවනක් නැහැ.

    මුලින් බන අහපන්. සසරේ අවුල ලෞකික මට්ට්මකින් හරි අල්ලගන්න පුලුවන්ද බලපන්. එතකොට තමයි සසර බිය දැනිලා, තෙරුවණ් කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙලා, තිසරණ සරණ යන්න පුලුවන් වෙන්නේ. ලෞකික සම්මා දිට්ටියේ නිකන්ම පිහිටයි එතෙන්දි.
    තෙරුවන් සරණ යන කෙනෙක් විදියට තමයි මචන් මම කතා කරන්නෙ. නැත්තන් මම කතා කරන්නෙ නෑ නොදන්න දෙයක් නම්. වැරදියට කපාපු පාරක ගියාම ඒ පාර වැරදියට කපල දුන්න කෙනාට කැමති තැනට අපි යනවා. හැබැයි තමන්ගෙ පාර හරියට කපාගෙන යන්න මහන්සි ගන්න එවුන් අවසානෙට, එක එකාට හරියන විදියට තියෙන පාර හොයාගෙන වරෙල්ලා කියපු අය පෙන්නන්න උත්සාහ ගත්ත එලිය දකිනවා!

    තෙරුවන් සරණයි මාගෙ ප්‍රඥාවන්ත කල්‍යාන මිත්‍රයනි!
     
    • Like
    Reactions: Blair Solari

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,224
    2,076
    113
    හරිම සරලවම පුළුවන් නෙහ් මචන්. වර්ණය කියන එකක් අන්ධයට දකින්න බෑ කියන්න තරම් අනුවණ වුණේ කොහොමද මචන්? මනුස්සයෙක් බිහි වෙන්නෙ ශුන්‍යත්වයකින් එක පාරට එඬරු වගේ නෙමෙයි. ඒක චක්‍රීය ගමන් මගක එක ස්ථානයක්. කලින් අත් නොදැකපු දෙයක්ද වර්ණයක් කියන්නෙ?

    ජාති අන්දයෙක් කොහොමද බන්..කලින් වර්න් අත් දැකල තියෙන්නෙ?

    අනිත් දේ තමයි අන්ධ මනුස්සයන්ට වර්ණ හඳුන්වා දෙන ක්‍රම හොයල බලපන්. සුදු පාට කොහොමද? රතු පාට කොහොමද කියල අඳුන්වල දෙන්නෙ කොහොමද කියල හොයල බලපන්.

    කොහොමද බන් සුදු පාට අන්දයට හදුන්නල දෙන්නෙ...පොඩ්ඩක් කියපන්කො බලන්න?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,599
    1
    6,422
    113
    තෙරුවන් සරණ යන කෙනෙක් විදියට තමයි මචන් මම කතා කරන්නෙ. නැත්තන් මම කතා කරන්නෙ නෑ නොදන්න දෙයක් නම්. වැරදියට කපාපු පාරක ගියාම ඒ පාර වැරදියට කපල දුන්න කෙනාට කැමති තැනට අපි යනවා. හැබැයි තමන්ගෙ පාර හරියට කපාගෙන යන්න මහන්සි ගන්න එවුන් අවසානෙට, එක එකාට හරියන විදියට තියෙන පාර හොයාගෙන වරෙල්ලා කියපු අය පෙන්නන්න උත්සාහ ගත්ත එලිය දකිනවා!

    තෙරුවන් සරණයි මාගෙ ප්‍රඥාවන්ත කල්‍යාන මිත්‍රයනි!
    Dear ඔයාගේ අවුල ඔයා මාර Dogmatic approach එකක් ගන්නේ මේ සංවාදයේදී.
    ඔයාගේ මතය ඔයා දිවි හිමියෙන් ආරක්ෂා කරනවා, ඒක ගැන විමසන්නේ නැතුව, අනිත් අයගේ අදහස්හ අදස් වලින් ඒක ගැන තක්සේරුවක් කරන්නෙ නැතුව.

    ඔය විදියට කොහොමද "සත්‍යය" සොයන්නේ ...

    තමාගේ අවබෝධය සෑම විටම සැක කරන්න ඕනි, ප්‍රශ්න කරන්න ඕනේ, විමසන්න ඕනේ.

    මගේ මතයම හරි
    කියලා එල්බ ගෙන හිටියොත්, ඒක නිකං දිට්ඨියක් විතරයි.

    මොකද අපි යන්නේ හරි මාර්ගයද වැරදි මාර්ගයේද කියලා කියන්න රහතන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේලා නෑ අද

    අවබෝධය සංවාද කිරීමෙනුයි හොයාගන්න පුළුවන් මොකක්ද හරි වැරැද්ද කියලා.
    ටිකක් විවෘත වෙන්න !
     
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • Dear ඔයාගේ අවුල ඔයා මාර Dogmatic approach එකක් ගන්නේ මේ සංවාදයේදී.
    ඔයාගේ මතය ඔයා දිවි හිමියෙන් ආරක්ෂා කරනවා, ඒක ගැන විමසන්නේ නැතුව, අනිත් අයගේ අදහස්හ අදස් වලින් ඒක ගැන තක්සේරුවක් කරන්නෙ නැතුව.

    ඔය විදියට කොහොමද "සත්‍යය" සොයන්නේ ...

    තමාගේ අවබෝධය සෑම විටම සැක කරන්න ඕනි, ප්‍රශ්න කරන්න ඕනේ, විමසන්න ඕනේ.

    මගේ මතයම හරි
    කියලා එල්බ ගෙන හිටියොත්, ඒක නිකං දිට්ඨියක් විතරයි.

    මොකද අපි යන්නේ හරි මාර්ගයද වැරදි මාර්ගයේද කියලා කියන්න රහතන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේලා නෑ අද

    අවබෝධය සංවාද කිරීමෙනුයි හොයාගන්න පුළුවන් මොකක්ද හරි වැරැද්ද කියලා.
    ටිකක් විවෘත වෙන්න !
    ඔව් මිත්‍රයා. කවුරුත් කියන දේ ඉස් මුදුනින් පිළිගන්න කියල හැකියාවක් මට නැහැ. අවුරුදු ගණන් කරුණු කාරණා නිරීක්ෂනය කර කර, ඒවා එක එක ලෙවල්ස් වල මිනිස්සුන්ගෙ ජීවිත වලට ඇප්ලයි කර කර, බහුතරය කියන ඔය සාහිත්‍ය කතා පොත් පත් වල කරුණු කොයිතරම් ගැළපෙනවද, ඒවගෙන් කොයිතරම් විසඳුම් ලැබෙනවද, එතනින් එහාට ඒවගෙ තියෙන මුසාව කොයි වගේද කියල එන නිගමන වලින් තමයි මේ කතා කරන්නෙ. මට මම කියන දෙයක් කියල නැහැ මිත්‍රයා.

    ඒකයි මම මේ ඉහත හැම කෙනාගෙන්ම ප්‍රශ්න කළේ. බලන්න විමසල ඒ අයගෙ පිළිතුරු. ඒව මම දුන්න පිළිතුරු නෙමෙයි ඒ අය දුන්නු පිළිතුරු. ඉතින්.... අවසානයෙදි හිතල බලන්න පුළුවන් විමසන කෙනෙක්ට. කොයි දේද ප්‍රායෝගීක කියල. නැතුව මට පොරක් වෙන්න වුවමනා නැහැ මිත්‍රයා. ඒක තමයි මායාව. මායාවෙන් එලියට ඇවිල්ල බලන තැන තමයි ප්‍රායෝගීක ඇත්ත පේන්න ගන්නෙ.

    පුංචි උදාහරණයක් ගන්නම්. අති බහුතරය පොතේ තියෙන ආකාරයට දිව්‍ය - දෙවියො - ප්‍රේතයො - භූතයො කියන කතා එක්ක හිතන්න පුරුදු කරපුවාම, අහසෙ එලියක් ගියාම ඒකත් දේව කේස් එකක්. කවුරුහරි ණයෙක් ආව කිව්වම ඒකත් දේව කේස් එකක්. කොටින්ම දැන් දිව්‍ය තල වල ඉන්න දෙවියො ගැන කතා කරද්දි අති බහුතරය සාදු සාදු. හැබැයි ඒ කාරණා ඇත්තද?

    මම උඩින් අහපුවාම කෙනෙක් කියල තියෙන්නෙ, රහත් වුණා කියල දැනෙන්නෙ තමන්ටමලු. නැත්තන් කල්‍යාණ මිත්‍රයෙක්ටලු. ඊලඟට ඒ කල්‍යාණ මිත්‍රයා ත්‍රිපිටකයලු. ඔය වගේ කතා ප්‍රායෝගීකව හිතල බලන්නෙ නැත්තෙ ඇයි කියන එක විචාරන මනසකට දැනෙනවා. මොකද හැලුසිනේශන්ස් ඩිලූශන්ස් වලින් කෙනෙක් දකින්නෙ ඇත්ත නෙවෙන නිසා. ඉතින් ඔප්පු කරවන්න බැරි බොරුවක් ජනගත කරන එක යහපතක් කියල හිතනව නම්... ඒක ඔබලා ඒ විදියට කරගෙන යන්න. හැබැයි ඒ නිවන කියල හිතනවා නම්, ඔබලාට කුමන හෝ භවයක ඒ සැබෑ නිවන අවබෝද වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.

    ජාති අන්දයෙක් කොහොමද බන්..කලින් වර්න් අත් දැකල තියෙන්නෙ?

    කොහොමද බන් සුදු පාට අන්දයට හදුන්නල දෙන්නෙ...පොඩ්ඩක් කියපන්කො බලන්න?
    උඹට පොඩි කාලෙ රතු පාටින් පොතේ ඇඳල පෙන්නනවා මෙන්න රතු පාට කියල නේද? ආහ් ඒ විදියටම අන්ධ මනුස්සයන්ට ගින්දර රශ්නය දැනෙන්න සලස්වලා කියල දෙනවා මේ දැනෙන්නෙ රතු පාට කියල. උඹ රතු පාට කියල එකකට රතු පාට කියල හඳුන්වනවා වගේම තමයි ඒකත්. පුද්ගලානුබද්ධයි. නැතුව හැම කෙනාටම ඕන්න මෙහෙම කළාම නිවන යන්න පුළුවන් , සෝවාන් වෙන්න පුළුවන් මාරග ඵල ලැබෙනවා කියනවාට වඩා ප්‍රායෝගීකයි. පැවිද්දොයි ගිහියොයි රට පටලවගෙන ඉන්නවට වඩා ඒක ප්‍රායෝගීකයි. මොකද අද සෙට් පිටින් සෝවාන් වෙන්න ට්‍රයි කරනවා රැල්ලට. හැබැයි තමන්ට කරන්න නියමිත මොකක්ද කියල නොදැන.

    හරියටම අන්ධයෙක්ට සුදු පාට පෙන්නල දෙන්න පුළුවන්ද වගේ ප්‍රායෝගීක නොවෙන ප්‍රශ්නයක් අහනවා වගේ. පැවිද්දෙක්ට බන කියල හික්මවන්න ඕනෙ වෙන දෙයක් හින්ද නෙමෙයි. මේ ලෝකෙ තියෙන ලිංග බේද ඩිෆෝල්ට් හදල තියෙන්නෙ ප්‍රජනනයට. එතකොට ඒ දෙකට අයිති නොවෙන මානසික රෝග තත්වෙ අයව ලෝකෙ කල්ලි ගැහීගෙන පිස්සු කෙලින එක නවත්තන්න ගත්ත උත්සාහය තමයි පැවිද්ද. නැතුව වෙන දෙයක් නෙමෙයි. මොකද කලින් භවයක කරපු මෝඩ වැඩක ප්‍රතිඵලේකට එහෙම වෙලා. ඉතින් ආයෙ ලබන භවයකදි නියම කෙලින් ගැහැණියෙක් හරි පිරිමියෙක් වෙන්න හරි තමයි ඔය ට්‍රේන් කරවන්නෙ. ඕක තේරුම් ගන්න බැරි ඔස්තාර්ල රට පටලවනව.

    IMG_2972.jpg

    ------ Post added on Jan 18, 2026 at 9:55 PM
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,599
    1
    6,422
    113
    කොටින්ම දැන් දිව්‍ය තල වල ඉන්න දෙවියො ගැන කතා කරද්දි අති බහුතරය සාදු සාදු. හැබැයි ඒ කාරණා ඇත්තද?
    ධර්මය සන්දිට්ඨිකයි.

    ඇත්තද බොරුද කියලා අනිත් අයකින විමසන්නේ නැතුව, ඔබම පෙන්වා ඇති මාර්ගය ගොස් අත්විඳින්න, ප්‍රත්‍යක්ෂ කරගන්න.

    විශුද්ධි මාර්ගය අනුව, චතුර්ථධ්‍යාන වැඩීමෙන් ප්‍රඥා ඇසේ ජනිත වන ආලෝකයෙන් පංචස්කන්ධයෙන් නො සැදුණු වෙනත් තලවල ජීවත්වන ජීවීන් සමග ගනුදෙනු කරන්න පුළුවන් කියලා දැක්වෙනවා.
     
    nidarsha91

    Well-known member
  • ධර්මය සන්දිට්ඨිකයි.

    මෙහෙම කළා කියල කියන, ඒක පිළිගන්වන්න ගන්න ගත්ත උත්සාහ ගානක් - කේසස් ගානක් ඇඳවල් උඩ ඉන්නවා පල්ස් අල්ල අල්ල. පොතේ තියෙන කරුණු ඇයි ඔබතුමා ප්‍රායෝගීකව හිතල බලන්නෙ නැත්තෙ? හොයල බලන්නෙ නැත්තෙ ඇයි?
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,419
    1,894
    113
    ඔව් මිත්‍රයා. කවුරුත් කියන දේ ඉස් මුදුනින් පිළිගන්න කියල හැකියාවක් මට නැහැ. අවුරුදු ගණන් කරුණු කාරණා නිරීක්ෂනය කර කර, ඒවා එක එක ලෙවල්ස් වල මිනිස්සුන්ගෙ ජීවිත වලට ඇප්ලයි කර කර, බහුතරය කියන ඔය සාහිත්‍ය කතා පොත් පත් වල කරුණු කොයිතරම් ගැළපෙනවද, ඒවගෙන් කොයිතරම් විසඳුම් ලැබෙනවද, එතනින් එහාට ඒවගෙ තියෙන මුසාව කොයි වගේද කියල එන නිගමන වලින් තමයි මේ කතා කරන්නෙ. මට මම කියන දෙයක් කියල නැහැ මිත්‍රයා.

    නිරීක්ෂණය, නිරීක්ෂණය මට්ටමෙන් ඇත්තමයි කියන assumption එක උඩනේ මේ කතායි, මේතනින් යටටයි ඔක්කොම. සරලව, බයිලා.

    බුදු දහමේ කතා කරන්නේ පේන, ඇහෙන, දැනෙන මට්ටමේ fundamental වැරැද්ද ගැන.

    මෙහෙම කළා කියල කියන, ඒක පිළිගන්වන්න ගන්න ගත්ත උත්සාහ ගානක් - කේසස් ගානක් ඇඳවල් උඩ ඉන්නවා පල්ස් අල්ල අල්ල.

    මිනිස්සු ලෙඩ වෙනවා කොහොමත්. රහත් වුනත් එච්චරයි.
    ------ Post added on Jan 18, 2026 at 10:20 PM

    හැබැයි තමන්ට කරන්න නියමිත මොකක්ද කියල නොදැන.

    කොහෙද තියෙන්නේ තමන්ට කරන්න නියමිත දේ මේකයි.. කියලා? කොහොමද දැනගන්නේ?
    ------ Post added on Jan 18, 2026 at 10:22 PM
     
    nidarsha91

    Well-known member
  • නිරීක්ෂණය, නිරීක්ෂණය මට්ටමෙන් ඇත්තමයි කියන assumption එක උඩනේ මේ කතායි, මේතනින් යටටයි ඔක්කොම. සරලව, බයිලා.

    බුදු දහමේ කතා කරන්නේ පේන, ඇහෙන, දැනෙන මට්ටමේ fundamental වැරැද්ද ගැන.

    මිනිස්සු ලෙඩ වෙනවා කොහොමත්. රහත් වුනත් එච්චරයි.
    ------ Post added on Jan 18, 2026 at 10:20 PM

    කොහෙද තියෙන්නේ තමන්ට කරන්න නියමිත දේ මේකයි.. කියලා? කොහොමද දැනගන්නේ?
    ------ Post added on Jan 18, 2026 at 10:22 PM
    ප්‍රායොගීකව ජීවියෙක් අත් දකින ජීවිතය බයිලාවක් කියල කියල තියෙන්නෙම ඇයි? එතනින් තමයි අවිද්‍යාව, නොපෙනෙන ලෝකයේ කතා, ඇසට නොපෙනෙන මනසට දැනෙන ලෙස විග්‍රහ කරන ලද මානසික රෝග හට ගන්නෙ.

    තමන් කවුද?
    තමන් කරන්න වුවමනා මොනවාද?
    ඊටත් වඩා නොකර ඉන්න ඕන මොනවද?

    ඕන්න ඔය දේ තමයි නිවනට මාර්ගය වෙන්නෙ. ඒක වහල තියන්න තමයි මේ ඔක්කොම වටේ යැවිලි කරන්නෙ.

    ඒක මම වචනයෙන් කිව්වට තේරුම් ගන්න තරම් මානසික මට්ටමක නෙමෙයි මාගේ ප්‍රඥාවන්ත මිත්‍රයා ඔබ ඉන්නෙ. හොයන්න. තව හොයන්න. එතකොට හම්බවෙයි. පොතක ලියල තියෙන දෙයින් එහාට ගිහින් හොයන්න.

    මොකද කෙනෙක් කීවොත් කාල තරණය කරල එන මනුස්සයෙක් 2040න් පස්සෙ ලංකාව මෙහෙමයි තියෙන්නෙ කිව්වා කියල කවුද ඒක පිළිගන්නෙ? මේ කියන දේ තනිකරම දැනට හඳුනාගෙන තියෙන විද්‍යාවෙන් පැහැදිලි කළ හැකි දෙයක්. හැබැයි ඒක පිළිගන්නවද ඔබලා? නෑ. අන්න ඒ වගේ තමයි. සම්ප්‍රදායට, අධිකාරීත්වයට, දේවත්වයට අනුගත වෙලා ඉන්න ඔබලාට ඒ ක්‍රමය ගැන කිව්වාට තේරුම් ගන්න තරම් ජීවන අවස්ථා ලැබිලා නෑ. හරියටම සිද්ධාර්ථ කුමාරයට කමටහන් ලැබෙන්න පෙර කාලෙ වගේ. කෘත්‍රිම ව ගොඩ නගපු ලෝකෙක වෙන කෙනෙක්ට වුවමනා ෆැන්ටසියක් තමන්ගෙ වගේ විඳිමින් උන්නා. හැබැයි, ඒකට වෙලාව ආවම.....

    වෙලාව එයි. ඔය විදියට ප්‍රශ්න කරමින් තව ඉස්සරහට එන්න මිත්‍රයා. ඔබලාට තෙරුවන් සරණයි!