නිවාඩුවට හපුතලේ ගියා
අපෙ ඔෆිස් එකේ සෙට් එක කාලෙක ඉඳලා ප්ලෑන් කරා නුවරඑළියේ පැත්තේ ගිහින් බංගලාවක් අරන් දවසක් දෙකක් ඉඳලා ෆන් එකක් අරන් එන්න. ප්ලෑන් කරන්න පටන්ගන්නකොට නම් හැටහුට හමාරක් ආව ලොකේෂන් කියාගෙනයි කරන්න තියෙන දේවල් කියාගෙනයි. කොහොමහරි අන්තිම දවස් වෙද්දි ගමන යන්න ඉතුරු වුණේ වෙනදා වගේම එළියට බැහැලා සමාජගත වෙලා ඉන්න කොල්ලො කෙල්ලො ටික විතරයි. ගමනට කොල්ලො 3යි කෙල්ලො 2යි සෙට් වුණා, ඔක්කොම කතාවෙලා මාර්තු 17, 18 වීකෙන්ඩ් එකට යමු කියලා කන්ෆර්ම් කරගත්තට පස්සේ තමයි යන්නේ කොහෙද කියලා බැලුවේ.
නුවරඑළියේ අපි යන්න ආස වුණාට හැම එකාම කලින් ගිහින් තිබුණා. පොඩි වෙනසක් කරන්න බණ්ඩාරවෙල පැත්තට යමු කියලා යෝජනාවක් ආවෙ ඔය අතරෙ තමයි. ඒත් බණ්ඩාරවෙල ගිහින් මොනව බලන්නද? එලෝලු තමයි (ඒත් ක්ලයිමේට් එක පට්ට). පොඩ්ඩක් ගූගල් කරාම අපිට තේරුණා බණ්ඩාරවෙලට මෙහා තියෙන හපුතලේ ට්‍රැවල් කරන්න සිරා ඩෙස්ටිනේෂන් එකක් කියලා. බලන්න තැන්, ඇවිදින්න තැන් සෑහෙන්න තියෙනවා. ලිප්ටන් සීට් එකටයි ඇඩිෂම් බංගලාවට යන ගමනයි ප්ලෑන් කරලා අපි හපුතලේ යන්න සෙන්ටිමෙන්ටල් වුණා. කොල්ලො කෙල්ලො ටික ඕකේ වුණොත් එහෙමම ඇල්ලට යන්නත් හිතාගෙනයි ගියේ, හපුතලෙන් ට්‍රේන් එක ගත්තම ඇල්ලට විනාඩි 30 - 45ක් වගේ දුර, අනික සීනරි එක පට්ට.
දැන් කොහෙද නවතින්නේ?
හපුතලේ පැත්තේ එච්චර ජනප්‍රිය හෝටල් නෑ, එච්චර නෙවේ එකක්වත් නැති තරම්. තියෙන්නේ පොඩි පොඩි කොටේජස්. අපි පොඩ්ඩක් හොයලා බැලුවම බෑංක් එකේ කස්ටමර් කෙනෙක්ගෙන් කන්ටැක්ට් එකක් සෙට් වුණා ළඟදි හදපු කොටේජ් එකකට. මේකෙ නම බෙන්ජමින් කොටේජ් හපුතලේ. 99 පාරේ හපුතලේ පැත්තට යනකොට බෙරගල හන්දියෙන් පස්සේ හම්බෙන 187 හැතැම්ම කනුවෙන් හැරිලා කන්ද පැත්තට තියෙන පාරේ මීටර් 300ක් විතර ගියාම ප්ලේස් එක තියෙනවා. අපෙ සෙට් එකට ගාණටම ගැලපෙන්න ලොකු රූම්ස් දෙකක් එක්ක (කොල්ලන්ට එකයි කෙල්ලන්ට එකයි) සෑහෙන ලිවින් ඒරියා එකක් එහෙම තියෙන මේ කොටේජ් එකට කට්ටියම එක පයින් කැමති වුණා.
කොටේජ් එක තට්ටු දෙකක වික්ටෝරියන් ස්ටයිල් එක ගෑවුණු මොඩර්න් විදියට හදපු ගෙයක්. මේක තියෙන්නෙ තේ වත්තක් මැද නිසා අහල පහල ගෙවල් මුකුත් නෑ, කැලේම තමයි, ප්‍රයිවසි උපරිමයි. අපෙ උන් ටික රෑ එළිවෙනකම් බාබකිව් එකක් දාගෙන නස්පුක් වෙනකම් බීලා නටලා සිංදු කියලා ආතල් ගත්තට කාගෙන්වත් කිසිම කේස් එකක් වුණේ නෑ. (බාබකිව් එක අපි අරන් ගිය එකක්, කොටේජ් එක ළඟදි හදපු එකක් නිසා තවම බාබකිව් ග්‍රිල් එකක් දාලා නෑ කියලා එතන හිටපු පොර කලින්ම කිව්වා).
ඒක නිවාඩුවට යන උන්ටම හදපු කොටේජ් එකක් නිසා කෑම බීම දෙන්නේ නෑ, අපිට කැමති දෙයක් අරන් ගිහින් කිචන් එකෙන් හදාගන්න පුළුවන් (ඒකට තමයි කෙල්ලො දෙන්න එක්ක ගියේ, උන් ගිය වෙලාවෙ ඉඳන් කුස්සියේ, මොන හොලිඩේ ද).
උදේ නැගිටපු ගමන් 7ට විතර කට්ටියම තේ වත්තේ පොඩි වෝක් එකක් ගියා, මං හිතන්නේ අපෙ ට්‍රිප් එකේ පට්ටම කොටස ඒ ටික. කොටේජ් එක ළඟිම එස්ටේට් එකේ පොඩි ප්‍රයිවට් නාන ඒරියා එකක් තියෙනවා දිය ඇල්ලක් එක්ක, බීලා කුඩු වෙලා හිටපු අපෙ උන්ට රජ සැප.
කොහොමද බජට්?
නිවාඩුවකට ගිය නිසා බජට් එක ප්ලෑන් කරද්දි අපි කට්ටිය ඉන්න තැනට 30,000ක් වගේ හිතලා තිබුණා, යන තැන වොෂ්රූම් අරවා මේවා පිළිවෙලට ඕනේ කියලා කෙල්ලො බරබරේ දැම්ම නිසා කොහොමත් ටිකක් පිළිවෙලකට ඉන්න පුළුවන් තැනකට ඒ වගේ ගානක් යනවා. කොටේජ් එකේ නයිටක් ගහන්න ගාන වුණේ රුපියල් 25,000යි. කට්ටිය අතරේ බෙදිලා ගියාම එකෙක්ට 5,000යි, පාඩුවක් නෑ.
යනකොට ගමන කොළඹ බදුල්ල 99 ඉන්ටර්සිටි බස් එකේ, එකෙක්ට 700යි ටිකට් එක. එනකොට ආවෙ කෝච්චියේ, එකෙක්ට 350ක් වගේ මතක.
කෑම බීම ටිකට බඩු ගන්න ගියේ 5,000ක් වගේ, බොන්න බෝතල් ටික කොල්ලො කලින්ම සෙට් කරගෙන තිබුණ නිසා කොස්ට් එකක් නෑ.
කොහොම හරි අන්තිමේට කියන්න තියෙන්නේ ගෙවපු ගානට හරියන්න සුපිරිම එක්ස්පීරියන්ස් එකක් ගත්තා. හැමෝම යන නුවරඑළියට වඩා හපුතලේ ගිහින් ගත්ත එක වෙනම වෙනම වෙනමම ආතල් එකක්. වීකෙන්ඩ් එකකදි ලේසියෙන්ම යන්න පුළුවන් ලොකේෂන්ස් කීපයක්ම තියෙන නිසා ගමනත් අවුලක් නෑ. අපේ යක්කු බීපු නිසා ඇල්ල ගමන හරි ගියේ නෑ. නැත්නම් උදේම නැගිටලා වොෂ් එකක් දාලා ඒ ගැම්මෙන්ම ඇල්ලත් කවර් කරන්න පුළුවන්.
කාට හරි බෙන්ජමින් කොටේජ් එකේ නම්බර් එක ඕනේ නම් ඔන්න දැම්මා 0712835995
අපෙ ඊළඟ ට්‍රිප් එක යාපනේ පැත්තට යන්න තමයි හිතාගෙන ඉන්නේ, ජය!

Thread closed